TechWire

Tag - Tesla

Model 3 තාක්‍ෂණයෙන් බල ගැන්වෙන Tesla Ventilators

TESLA යනු විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවීම සදහා විශේෂ වුණු සමාගමක්. ඔවුන්ගේ අලුත්ම නිමැවුමක් ගැන මෑතකදී ප්‍රකාශයට පත් කර තිබුණා.  ඔවුන්ගේ Model 3 තාක්ෂණයෙන් බලගැන්වෙන ventilators තමා මේ විදියට පෙරදසුන් කර තිබුණේ. COVID-19 වසංගතය නිසා ඇති වී ඇති අධික හිඟය හේතුවෙන් තමා ඔවුන් මෙලෙස ventilators නිපදවීමට යොමුවී තිබෙන්නේ. සමාගමේ YouTube නාලිකාවේ පළ කරන ලද නව වීඩියෝවක, Teslaහි ඉංජිනේරුවන් Ventilatorsහි අනුවාද දෙකක් පළකර තිබෙනවා. නිව් යෝර්ක් නගරයේ නගරාධිපතිගේ ඉල්ලීමකට අනුව Teslaහි හිමිකරු Elon Musk විසින් මෙලෙස ventilators නිපදවා දීමට කැමැත්ත ලබා දී තිබෙනවා.


TESLA Ventilator හි භාවිතා වන තාක්ෂණය

නමුත් පවත්නා සැලසුමක් භාවිතා කරනවාට වඩා නව Ventilators නිපදවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් Tesla විවේචනයට ලක්වී තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් ඔවුන්ගේ ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් හොදින්ම දන්නා, විශ්වාසවන්ත කොටස් මෙහිදී ඔවුන් භාවිතයට ගන්නා බවයි. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ඔවුන් සතුව එම කොටස් ඇති බවද ප්‍රකාශ කර තිබුණා.සමාගමේ Ventilatorහි සැලසුමෙහි එහි මෝටර් රථ වලින් Model 3 හි තොරතුරු තිරය සහ පරිගණකය මෙන්ම Model Sහි අත්හිටුවීමේ පද්ධතියේ කොටසක් ද ඇතුළත් කර තිබෙනවා. මෙලෙස මෙම කොටස් භාවිතා කිරීම යන්ත්‍රවල සංවර්ධන හා නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන බවට සදහන් වේ.

කෙසේවෙතත් මෙලෙස ventilators නිපදවීමට ආරම්භ කල  සමාගම Tesla පමණක් නොවේ. තවත් බ්‍රිතාන්‍ය සමාගම් තමන්ගේම Ventilators නිර්මාණය කරමින් සිටින බැවින් සම්පත් රැස්කර ගන්නා බවටද තොරතුරු වාර්ථා වී තිබුණා. Dyson සමාගම ඔවුන්ට බ්‍රිතාන්‍ය රජයෙන් Ventilators 10,000 ක් සඳහා ඇණවුමක් ලැබුණු බවට The Guardian වෙබ් අඩවියට සදහන් කර තිබුණා. එලෙසම එක්සත් ජනපදයේ සෙසු මෝටර් රථ නිෂ්පාදකයින් වන Ford සහ General Motors වෛද්‍ය ප්‍රජාව සඳහා Ventilators සහ වෙනත් අත්‍යවශ්‍ය උපකරණ නිපදවීමට සැලසුම් කර තිබේ. Ford සමාගම වඩාත් සරල Ventilator අනුවාදයක් නිපදවීමට GE Healthcare සමාගම සමග කටයුතු කරන අතරතුර General Motors, Ventec Life Systems සමාගමට එහි යන්ත්‍ර නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වන බවට වාර්ථා වනවා.

තමන්ගේම Ventilators නිර්මාණය කිරීම මෙන්ම Elon Musk පවසන්නේ ඔහු FDA විසින් අනුමත කරන ලද Ventilators මිලදී ගෙන ඒවා අවශ්‍ය සංවිධාන වෙත නැව්ගත කරන බවයි. කෙසේවෙතත් කොරෝනා වයිරස් වසංගතය පිළිබඳ ඔහු දැක්වූ ප්‍රතිචාරයන් නිසා ඔහු විවේචන රැල්ලකට මුහුණ දී ඇති අතර, එහි බරපතලකම අවතක්සේරු කිරීම, ළමයින්ට වෛරසයෙන් ප්‍රතිශක්තීකරණයක් ඇති බව Twitter පණිවුඩයක් මගින් යෝජනා කිරීම සහ Teslaහි කැලිෆෝනියා කර්මාන්ත ශාලාව විවෘතව තැබීමට උත්සාහ කිරීම එලෙස විවේචනය වීමට හේතු වී තිබෙනවා. මෙලෙස ඔහු විවේචනයට ලක්වී තිබුනත් Teslaහි නවතම වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ සමාගමේ Ventilators පිළිබඳ වැඩ කටයුතු ප්‍රගතියක් ලබන බවයි.

2020 Tesla Model X

2020 Tesla Model X featured image

Tesla ආයතනය, ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් ඇති කරමින්, මෝටර් රථ කිහිපයක්ම ලොවට හඳුන්වා දී ඇත. ඉන් එකක් වන Tesla Model X මෝටර් රථයේ විශේෂත්වය නම්, මෙය රියදුරන් රහිතව ධාවනය කිරීමට හැකි වීම සහ සම්පුර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කිරීමයි.

2020 Tesla Model X image 1

Tesla Model X මෝටර් රථය වඩාත් පරිසර හිතකාමී සහ වේගවත්ම, මිනිසුන් 7 දෙනෙකුව ප්‍රවාහනය කල හැකි මෝටර් රථය ලෙස හැඳින්විය හැක. එමෙන්ම මෝටර් දෙකක් මගින්  All-wheel drive හෙවත් සියළු රෝද වලින් ධාවනය කල හැකි වේ. එමෙන්ම සැතපුම් 300ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් සහ බැටරිය මෝටර් රථයේ යට පිහිටා තිබීම නිසා ස්ථායි වීමත් මෙහි විශේෂත්වයන් වේ., තවද Falcon Wings නමැති උඩට විවෘත කල හැකි දොරවල් තිබීමත් වැනි කරුණු නිසා මෙය ඉතා ප්‍රායෝගික මෝටර් රථයක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් බොහෝමයක් නව තාක්ෂණයන් මේ සඳහා යොදාගෙන ඇත. Tesla Model X පවුලේ නවතම සාමාජිකයා ලෙස 2020 Tesla Model X මෝටර් රථය හඳුන්වා දිය හැක.

නවතම 2020 Tesla Model X

2020 Tesla Model X මෝටර් රථය සඳහා වඩාත් කාර්යක්ෂම මෝටර් භාවිත කර ඇත. එමෙන්ම පෙරට වඩා වැඩි වේගයෙන් මෝටර් රථයේ බැටරිය ආරෝපණය කල හැක. Long Range සහ Performance ලෙස මෙහි වර්ග දෙකකි. 

  • Long Range: $86,190
  • Performance: $106,190

Performance මෝටර් රථයේ ජවය තරමක් වැඩි අතර සැතපුම් 305 ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් ඇත. Long Range මෝටර් රථයේ ජවය සාපේක්ෂව අඩු වුවද සැතපුම් 325 ක් ධාවනය කල හැකි බැටරි ධාරිතාවක් පවතී.

2020 Tesla Model X image 2

2020 Tesla Model X හි හැකියාවන්

සියළුම Model X මෝටර් රථ වල විදුලි මෝටර් දෙකක් පවතින අතර එමගින් සියළු රෝද වලින් ධාවනය කිරීමේ හැකියාව ලැබී ඇත. Long Range මෝටර් රථයට තත්පර 4.4 කදී පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබාගත හැකි අතර Performance මෝටර් රථයට ඒ සඳහා ගත වන්නේ තත්පර 2.7කි.

එමෙන්ම Fast Charging හෙවත් අධි වේගයෙන් බැටරිය ආරෝපණය කල හැක. අනෙකුත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වලට සාපේක්ෂව වඩාත් කාර්යක්ෂම මෝටර් රථය ලෙස මෙය හැඳින්විය හැක.

ඇතුලත සැප පහසුව

නවීන තාක්ෂණයෙන් පිරුණු 2020 Tesla Model X හි ඇතුලත අනාගත ලෝකයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඉදිරිපස වීදුරුව වහලය තෙක් යොදා ඇති නිසා ගමන් කරන්නන් හට ඉදිරිය සහ ඉහල එකවර දර්ශනය වේ. තවද Dashboard ස්පර්ශ සංවේදී තිර මගින් මෝටර් රථයේ සියළුම ක්‍රියාවන් සිදු කල හැක.

තවද රියදුරන් රහිත ධාවනය නිසා පදවන්නාට කිසිදු මහන්සියකින් තොරව ගමන් කල හැක.

2020 Tesla Model X image 3

අනාගතයෙන් පැමිණි Tesla Cybertruck

Cybertruck Featured image

මේ දින වල හැමෝගෙම කතා බහට ලක්වන මාතෘකාවක් බවට, Tesla ආයතනය විසින් හඳුන්වා දුන් Cybertruck මෝටර් රථය පත්ව ඇත. මෙය Pickup Truck කාණ්ඩයට අයත් වන මෝටර් රථයක් වන අතර, මෙතෙක් ලොව බිහි වූ ඉතා ජවසම්පන්න ඉන්ධන දහනයෙන් ක්‍රියා කරන Pickup Truck වලට පවා අභියෝග කරන පුර්ණ වශයෙන් විදුලියෙන් ක්‍රියා කරන Pickup Truck රථයකි. Tesla නම ඇසු පමණින් අපට මතක් වන්නේ, Tesla ආයතනයේ නිර්මාතෘ Elon Musk ය. Elon Musk ගේ SpaceX හා අනෙකුත් හඳුන්වා දීම් මෙන්ම, මෙම Cybertruck එකද ඉදිරි දින වලදී මහත් පෙරලියක් ඇති කරන බව නොඅනුමානයකි.

Tesla Cybertruck හි විශේෂතා විශාල ප්‍රමාණයක් ඇත. පෙර සඳහන් කල පරිදි මෙහි ප්‍රධානම විශේෂත්වය වන්නේ, මෙය සම්පුර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකිරීමයි. අධි බලැති විදුලි මෝටර් එකක් හෝ දෙකක් හෝ තුනක් ආධාරයෙන් බල ගැන්වෙන ලෙස නිපදවා ඇති Cybertruck වර්ග තුනකින් මිලදී ගැනීමට හැකියාව ඇත. නිෂ්පාදකයන් පවසන ආකාරයට ඉන්ධන දහන එන්ජින් වලට වඩා වැඩි ජවයක් මෙම මෝටර් සතුව ඇත.

විශේෂාංග

Single Motor RWD යනු තනි විදුලි මෝටරක් සහිතව එන Cybertruck රථයයි. මෙය පසුපස රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 3400 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇත. එමෙන්ම තත්පර 6.5 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. තවද එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 400 කට අධික දුරක් ධාවනය කල හැක. Single Motor RWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

Dual Motor AWD යනු මෝටර් දෙකක් සහිතව එන Cybertruck රථයයි. මෙය සියලු රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 4500 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇති අතර තත්පර 4.5 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. එමෙන්ම එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 480 කට අධික දුරක් ධාවනය කල හැක. Dual Motor AWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

Tri Motor AWD යනු මෝටර් තුනක් සහිතව එන Cybertruck රථයයි. මෙයද සියලු රෝද වලින් ධාවනය කෙරෙන අතර කිලෝග්‍රෑම් 6300 කට අධික ඇදගෙන යාමේ ධාරිතාවක් ඇති අතර තත්පර 2.9 ට අඩු කාලයකදී, පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගත හැක. එමෙන්ම එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර 800 කට අධික දුරක් ධාවනය කල හැක. Tri Motor AWD Cybertruck පිලිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

අසාමාන්‍ය පෙනුම

ඉතාමත් වෙනස් අකාරයේ හැඩයක් සහිතව නිර්මාණය කර තිබීම Cybertruck හි තවත් සුවිශේෂී තාවකි. මිනිසුන් හය දෙනෙකුට ඉතා සැප පහසුවට ගමන් කිරීමට ඉඩකඩ සපුරා තිබෙන මෙම රථයේ බඳ සකස්කොට තිබෙන්නේ SpaceX හි Starship නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ඉතාමත් ශක්තිමත් අපාරගම්‍ය ලෝහයකිනි. මේ ලෝහය නිසා රථයේ බඳ කඩතොළු වීම, ගෙවී යෑම, මළකඩකෑම හා හදිසි අනතුරකදී රථයේ ඇතුලත සිටින මගීන්ට වන හානිය අවම වේ. මෙහි බඳ මෙන්ම ජනෙල් වීදුරුද උණ්ඩ ප්‍රතිරෝධී වේ. මෙහි පවතින අසාමාන්‍ය හැඩය ශක්තිමත් බව ආරක්ෂා කිරීමටත් වායු ප්‍රතිරෝධය අවම කිරීමටත් ඇතුලත ඉඩ ප්‍රමාණය මනාව කළමනාකරණය කිරීමටත් උපකාරී වේ.

තවද Tesla ආයතයේ අනෙකුත් මෝටර් රථ මෙන්ම මෙහිද Self-Driving නැත්නම් රියදුරන් රහිතව ධාවනය කිරීමේ හැකියාවද අමතර විශේෂාංගයක් ලෙස ලබාගත හැක. කෙසේ වෙතත්, අනෙකුත් Pickup Truck වලට සාපේක්ෂව වඩා වැඩි විශේෂාංග ප්‍රමාණයක් Cybertruck හි පැවතියද, මිල ඇදහිය නොහැකි තරම් අඩුය. මිල ගණන් පහත දැක්වේ

2021 වර්ෂයේ සිට මෙම විශිෂ්ට නිර්මාණය වෙළඳපලට නිකුත් කරන බව නිෂ්පාදකයන් පවසා ඇත. මේ වනවිට Tesla සමාගම වෙත Cybertruck ඇනවුම් 146,000ක් පමණ ලැබී ඇති අතර එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වේ.

ලොව සුපතල Tesla මෝටර් රථ සමාගමට නඩු වැටෙයි…

                             Tesla සමාගම කියන්නෙ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක්. වඩා සුඛෝපභෝගී සහ උසස් තත්ත්වයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීමෙහිලා Tesla ආයතනය ලොව පුරා නම් දරා සිටිනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් තම පාරිභෝගිකයන්ට ඉහල පහසුකම් වලින් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීම පිළිබඳව Tesla ආයතනයට ලැබී ඇත්තේ සුවිශේෂී පිළිගැනීම්ක්. ඔවුන් නිරතුරුවම විවිධ නව නිර්මාණ සහ පහසුකම්වලින් යුතු මෝටර් රථ මාදිලි වෙළෙඳපොළ වෙනුවෙන් හඳුන්වාදෙනවා. ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉහළ නම් දරා සිටින BMW, Mercedes සහ Volvo වැනි සමාගම් අතරට තම සම සමාගම ගෙන ඒමට Tesla ආයතනයට හැකියාව ලැබුණා. Read More

හිරු එලිය අල්ලන Tesla උළු කැට

tesla-solar

වර්තමානය යනු  බලශක්ති අර්බුදය මිනිසාට තදින්ම දැනී ඇති කාල වකවානුවකි. බලශක්ති ප්‍රභවයන් හීන වීමත් සමඟ විකල්ප සෙවීමට බොහෝ දෙනා පර්යේෂණ අරඹා ඇති අතර එසේ සාර්ථක වී ඇති එක් විකල්ප ක්‍රමයක් ලෙස සුර්ය බලශක්ති භාවිතය පෙන්වා දිය  හැක. කෙසේ වුවද මෙම ක්‍රමය යම් යම් කරුණු කාරණා ගණනාවක්‌ නිසාවෙන් සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වීමේ වේගයේ යම් අඩුවක් ඇති බව අප සැවොම දන්නා කරුණකි. Read More