TechWire

Tag - Space

අභ්‍යවකාශයේ අවසන් සුසුම් හෙලු ගඟනගාමී විරුවෝ

Astronauts

කලකට පෙර ජාතික රුපවාහිනියේ විකාශනය වූ  Space Cases වැනි රුපවාහිනී කෘති, මේ ලිපිය කියවන ගොඩක් දෙනෙක් තමන්ගේ ළමා කාලයේදී නරඹලා ඇති. එවැනි කථාමාලාවන්ගේ වික්‍රමයන් නරඹපු ඔබට, කවදා හෝ අභ්‍යවකාශය ජයගන්නට ආසාවක් ඇතිවුන බවට සැකයක් නැහැ. මේ ලිපියෙන් ගෙනෙන්නේ එසේ අභ්‍යවකාශය තරණය කිරීමට ගොස් අවාසනාවන්ත අනතුරකට ලක්වූ රුසියානු අභ්‍යවකාශගාමින් තුන්දෙනෙකුගේ කතාවයි.

රුසියාව සහ අභ්‍යවකාශය ගැන කතාකරන විට  අපිට නිසැකවම මතක්වෙන චරිතයක් තමයි යූරි ගගාරීන්, නමුත් ජෝර්ජි ඩෝබ්රෝවොල්ස්කි (Georgy Dobrovolsky), ව්ලඩ්ස්ලව් වොල්කොව් (Vladislav Volkov), සහ වික්ටර් පට්සයෙව් (Viktor Patsayev) කියන නම් අපිට එතරම් හුරු නැහැ. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ අනෙක් බටහිර රටවල් වල පවා මේ අභ්‍යවකාශගාමින් පිලිබදව ඇත්තේ අල්පවූ දැනීමක්. සිය ගණනක් වූ අභ්‍යවකාශගාමින් අතර, මෙම තුන්කට්ටුවගේ නම් ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වෙන්නේ අභ්‍යවකාශයේදී අවසන් සුසුම් හැලූ එකම පිරිස මොවුන් පමණක්ම නිසා.

ඔවුන් පමණයි ද?

දැන් ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති Apollo 1, Challenger සහ Columbia යානාවල සිට ජිවිතක්ෂයට පත්වූ ගඟනගාමීන් ගැන. Apollo 1 යානයේ නැවියන් ජිවිතක්ෂයට පත්වුණේ පෘතුවියේදී කල පුහුණුවක් වැරදීමකින්. Challenger යානය කක්ෂයට ගමන්කරන අතරමගදී විනාශවූ අතර Columbia යානය නැවත අභ්‍යවකාශයේ සිට කක්ෂය පසුකරනවිට විනාශවී ගියා. නමුත් සෙනෙවි ඩෝබ්රෝවොල්ස්කි අණදුන් සෝයුස් 11  (Soyuz 11)  යානයේ සිටි අභ්‍යවකාශගාමින් අවසන් සුසුම් හෙළුවේ පෘතුවියේ සිට කිලෝමීටර 168ක උසකින් ගමන් කරද්දී. අභ්‍යවකාශයේ මායිම ලෙස සැලකෙන්නේ පෘතුවියේ සිට කිලෝමීටර් 100කින් පවතින කාමන් රේඛාවයි (Karman Line).  

සතුට දනවන ආරම්භය

සෝයුස් 11 ගමනේ අපේක්ෂාව වුයේ ලොව ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වූ සැල්යුට් 1 (Salyut 1) වෙත ගමන්කර, දින 22ක් එහි රැදීසිට පර්යේෂණ කටයුතු කිරීමයි. මේ අනුව 1971 ජුනි 6 වෙනිදා බයිකොනුර් අභ්‍යවකාශ තොටුපොලෙන් (වර්තමානයේ මෙය කසකස්ථාන් රාජ්‍යට අයිති බිම් කොටසකි. රුසියාව 2050 දක්වා භුමිය බදුගෙන ඇත) සෝයුස් 11 යානය සුබ මොහොතින් පිටත්වෙනවා. මෙම යානයේ අණදෙන නිලධාරියා වුයේ ජෝර්ජි ඩෝබ්රෝවොල්ස්කි. සෝවියට් රුසියාවේ ඔඩේස්සාවේ (වර්තමාන යුක්රේනයේ) ඉපදුනු ඔහු එකල සෝවියට් ගුවන් හමුදාවේ පොඩ්පොල්කොව්නික් නිලයේ (ලුතිනල් කර්නල්ට සමාන නිලයක්) නිලධාරියෙක් වුණා. හතලිස් තුන්වියැති ඩෝබ්රෝවොල්ස්කිගේ ප්‍රථම අභ්‍යවකාශ ගමනයි සෝයුස් 11 සමග යෙදුනේ. ඩෝබ්රෝවොල්ස්කි සමග ගුවන් ඉංජිනේරු ව්ලඩ්ස්ලව් වොල්කොව් සහ  පරීක්ෂණ ඉංජිනේරු වික්ටර් පට්සයෙව් ගුවන් ගමනට සහභාගී වුණා. ගමනේ සාර්ථකත්වය ඉඟි කරමින් ජුනි 7 වෙනිදා මොවුන් නිරුපද්‍රිතව සැල්යුට් 1 වෙත ඇතුළු වෙන්නේ එවැනි වික්‍රමයක් කල ලොව පළවෙනි පිරිස ලෙසයි.

නැවත පැමිණීම

සැල්යුට්හි රැදෙමින් රුසියානු ගඟනගාමීන් විවිධ පර්යේෂණවල යෙදුනා. ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හැසිරීම පිලිබදව ද, අභ්‍යවකාශයේදී මිනිස් සිරුර කෙසේ පරිසරයට අනුගතවේද යන්න පිලිබදව ද පර්යේෂණ කළා. මේ අතර ඉදිරියට සිදුවීමට ඇති විනාශය ඉඟිකිරිමටදෝ අසුබ දෙයක් 17වන දිනයේ හදිසියේ සිදුවුනා. මධ්‍යස්ථානයේ ඔක්සිජන් ටැංකි අසල ගින්නක් හටගත්තා. නමුත් ගඟනගාමීන් ගින්න මැඩගෙන  මධ්‍යස්ථානය සහ තමන්ගේ ජිවිත බේරගන්න සමත් උනා.

මධ්‍යස්ථානයේ ඇති සාර්ථක දින 22ක් ගෙවා රුසියානුවන් තම නිවෙස් වෙත පැමිණීමේ අරමුණෙන් නැවත සෝයුස් යානයට පැමිණ සැල්යුට් මධ්‍යස්ථානයෙන් ඉවත්වුණා. සෝයුස් යානයේ “නැවත පැමිණෙන කැප්සියුලය” වෙත පැමිණි ගඟනගාමීන් යානයෙන් ඉවත්වීමට පටන්ගත්ම ව්‍යසනය සිදුවුණා. “නැවත පැමිණෙන කැප්සියුලය”, මවු යානයෙන් වෙන්කිරීමට රුසියානුවන් යොදාගත්තේ පුපුරණ ලෙස සැකසු විශේෂ අගුලක්. මෙම අගුල් අනුක්‍රමණයෙන් පිපිරුව යුතු වුනද එදින අවාසනාවට එම අගුල් සියල්ල එකවර පිපිරීම සිදුවුණා. මෙම පිපිරීමෙන් “නැවත පැමිණෙන කැප්සියුලයේ” කපාටයක් හානිවී ඔක්සිජන් අභ්‍යවකාශයට කාන්දු වීමට පටන්ගත්තා. ඩෝබ්රෝවොල්ස්කි  සහ පට්සයෙව් සිදුර සොයා එක පිළිසකර කිරීමට ඉදිරිපත් වුනත් ඒ සදහා ඔවුන්ට තිබුනේ තත්පර 13ක් පමණයි. සිදුර සොයාගන්නට අපොහොසත්වූ මේ විරුවන් තත්පර 110කට පසුව වේදනාකාරී මරණයකට ලක්වූවා.

කදුලෙන් තෙත්වූ බලාපොරොත්තු

පෘතුවියේ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කිසිවෙක් මේ සිදුවිම ගැන දැන සිටියේ නැහැ. ඔවුන් උද්දාමයෙන් “නැවත පැමිණෙන කැප්සියුලය” ගොඩබැසීමට නියත කසකස්ථානයේ කරසාල් ප්‍රදේශයට පැමිණ, ගඟන විරුවන් පිළිගැනීමට නොඉවසිල්ලෙන් පසුවුණා. කැප්සියුලය වෙත පැමිණි ඔවුන් කැප්සියුලයේ ද්වාරය විවෘත කලවිට දැකගතහකිවුයේ කිසිසේත්ම බලාපොරොත්තුවූ නොවූ දෙයක්. අභ්‍යවකාශගාමින්ගේ නිසල දේහයන් දුටු සමහරුන් දෙදන වැටී හඩා වැළපුණු අතර වෛද්‍යවරුන් නිසල සිරුරු වලට කෘතීම ස්වසනය ලබාදීමට කටයුතු කලත්, එවිටත් අභ්‍යවකාශගාමින් මෙලොව හැරගොස් බෙහෝවෙලාවක් ගතවී තිබුනා.

සුසුම්හෙළ පසුව

රුසියාව සහ අභ්‍යවකාශ ගවේෂණය සදහා අපරිමිත කැපවීමක් කල මෙම විරුවන් තිදෙනාම සෝවියට් සමුහාණ්ඩුවේ වීරයන් ලෙස නම් කෙරුවා. පසුකාලීනව චන්ද්‍රයාගේ ආවාට තුනක් සහ කුඩා ග්‍රහයන් තුනක් මොවුන්ගේ නමින් බෞතිස්ම කෙරුණා. මොවුන්ගේ නිර්භීත කැපකිරීමට උපහාරයක් ලෙස දේහයන්ගේ අළු මොස්කව් නුවර ක්රෙමලින් තාප්පයේ ගබඩා කෙරුණා. මෙම අනතුර සිදුවනවිට කිසිදු අභ්‍යවකාශගාමියෙක් පීඩන ඇඳුම් කට්ටලය පැළදගෙන සිටියේ නැහැ. එසේ පැළදගෙන සිටියේ නම් මෙම ව්‍යසනය වලක්වගන්නට තිබුනා. නමුත් මෙම අනතුරට පසුව පීඩන ඇඳුම් කට්ටලය පැළදීම අනිවාර්ය වුණා. අදටත් ඒ නිතිය අභ්‍යවකාශගාමින් පිළිපදිනවා. ඔවුන් අදටත් ඉහළ අහසේ සිට අප දෙස බලාසිටිනවා ඇති, සියලු අභ්‍යවකාශගාමිට ආරක්ෂාව සලසනවා ඇති.    

Space Debris and Satellites – A junkyard above our heads – Infographic

As per data released by NASA, Earths orbit is becoming quite a crowded place with over 500,000 pieces of debris. Most of these debris come about by used rocket stages, old satellites and fragments which have come apart from satellites. About 100 tonnes of debris will fall back to earth this year alone, although there are not many cases where falling debris have caused damages down below.

Apart from the useless 500,000 space debris, we have around 750 satellites orbiting earth and providing various services. Out of the total launched space satellites, Russia have launched the most number, with the US in second.

The below infographic provides more data on the debris and satellites orbiting earth. Infographic credits statista.com

Space debris and Satellites

The Next Step for NASA

To boldly go where no man has gone before….. might be the opener for Star Trek, but in the real world suits more with NASA(National Aeronautics and Space Exploration) who has made strides in space exploration in leaps and bounds. NASA is most famous for the Apollo Moon Landings, the SkyLab space station and the Space Shuttle. As today is the 55th Anniversary of NASA, lets take a look at the future plans of NASA in its space exploration bid, including its major target of landing a man on mars by 2030. Infographic credits to Mashable

NASA next steps