අන්තර්ජාලය කියන්නේ විශ්වීය දැනුම් සම්භාරයක් කිව්වොත් නිවැරදියි. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් පිලිබඳව තොරතුරු අන්තර්ජාලය තුළින් සොයා ගන්නට අද අපිට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් අධිවේගී අන්තර්ජාල සබඳතා නිසාත් ඕනෑම තොරතුරක් සොයා ගැනීමට අපිට ගත වන්නේ තප්පර කිහිපයක් වැනි සුළු කාලයක්.
අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයා ගැනීමට අපිට උපකාරී වෙන්නේ සෙවුම් යන්ත්‍ර හෙවත් search engines. විවිධ සෙවුම් යන්ත්‍ර අතරින් Google කියන්නේ අද අපි හැමෝම භාවිතා කරන සෙවුම් යන්ත්‍රයක්. Google කොච්චර ජනප්‍රිය ද කියනවා නම් Internet search කරනවා කියනවා වෙනුවට Google කරනවා කියලත් අපි කියන්න පුරුදු වෙලා ඉන්නවා.
කලිනුත් මම සඳහන් කළා වගේ අන්තර්ජාලය කියන්නේ තොරතුරු රාශියක එකතුවක්. එත් සමහර වෙලාවට අපිට හරියටම අවශ්‍ය දේ සොයා ගන්න අපිට ටික වෙලාවක් ගත වෙනවා. අන්තර්ජාලයේ ඒ පිලිබඳ තොරතුරු ඕනෑ තරම් තිබුනත් අපි search කරන ආකාරය අනුව ඒ සඳහා වැයවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ Google search engine එක මගින් අපිට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සහ වඩාත් ඵලදායි විදිහට සොයා ගන්න භාවිතා කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් ගැන.