TechWire

Tag - new tech

2016 වසරේ විස්මිත විස්කම්

තාක්ෂණය දිනෙන් දින දියුණුවන ලෝකයේ  2016 අවුරුද්දෙ ලෝකෙට ලැබුණු අලුත් සොයාගැනීම් මොන වගේද කියල බලමු.

1.Flyte

මෙය විදුලි බුබුලක්. නමුත් මෙහි විශේෂත්වය තමයි මේ බල්බය පත්තුවෙන්නේ විද්‍යුත් චුම්බකත්වය උපයෝගී කරගෙන. අඩු වොටියතාවකින් දල්වන්න පුළුවන් LED බල්බයක් මෙය. මෙහි ආයු කාලය ඉතා වැඩි. දිනකට පැය 11ක් බැගින් වසර 11ක් පමණ භාවිත කරන්න පුළුවන් කියල තමයි සදහන් වෙන්නෙ. විද්‍යුත් දුම්රිවල භාවිතාවන විද්‍යුත් චුම්බකත්ව ආචරණය තමයි මෙහිත් සිද්ධාන්තය වෙලා තියෙන්නෙ. මෙහි බල්බය හා විද්‍යුත් චුම්බකය සහිත පෙට්ටිය වෙන වෙනම තමයි තියෙන්නෙ. බල්බය දැල්වී තියෙන අවස්ථාවෙදි චුම්බකය මත බල්බය පාවෙමින් තමයි තිබෙන්නෙ. එය විද්‍යත්මිකව හදුන්වන්නෙ levitation ලෙස. මෙය amazon හරහා මිලදී ගන්නවනම් රු50,000 පමණ වෙන්ව.

2. Solar roof

වහලක් උඩ සුර්ය පැනල තියෙන එක අද වෙනකොට ලංකාවෙත් සාමාන්‍යකරණය වෙලා. නමුත් මුළු වහලම සුර්ය පැනලයක් විදියට කටයුතු කරන එක නුහුරු ඇති. ඒ තාක්ෂණය ලොවට ආවේ 2016 අවුරුද්දේ. Tesla හා Solarcity සමාගම් එකතු වෙලා තමයි Solar roof කියන දෙය ලොවට ගෙනාවේ. මේකෙදි වෙන්නේ වෙන වෙනම සුර්ය පැනල සවි කරන්නැතුව වහලට දාන උළු කැට වෙනුවට සුර්ය පැනල උළු කැට හදුන්වා දීම. එකෙන් මුළු වහලේම වර්ගපලය විදුලිය නිපදවන්න ගන්න පුළුවන්. එය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහල ක්‍රියාවලියක්. වහලට යන පිරිවැයත් ඉතිරි කරගන්න පුළුවන්. මෙය තමන්ට කැමති මෝස්තරයකින් කරගන්න පුළුවන්. මේකෙන් වහල මත සුර්ය පැනල තිබෙන බවක් කිසිවිටෙකත් හැගෙන්නෙ නෑ.

3. Nike Hyperadapt

සපත්තු දාද්දි අපිට කම්මැලි වැඩක් තමයි පහත වෙලා ලේස් දෙක දාන එක. ඒකට විසදුමක් දීල තියෙනව Nike සමගම විසින්. සපත්තුව දාල button එකක් එබුවම තමන්ගේ වරළුකරට හරියන විදියට ලේස් දෙක තද වෙන එක තමයි මේකෙ තිබෙන විශේෂත්වය. මේක වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ ආබාධිත පුද්ගලයන්ට තමයි. මෙය සැකසීමට ඔවුන් ඩිජිටල්, විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඔස්සේ පර්යේෂණ කරලා තිබෙනවා.

4. Hello Sense

ඔබේ නින්ද ගැන ඔබ අවධානයෙන්ද? ඇත්තටම අපිට නිදා ගන්න ඕන පැය ගානවත් නිදා ගන්නවද කියල අපි දන්නේ නෑ. අපි නිදා ගන්න වෙලාව, හොද නින්දක් ගන්නවද නැද්ද කියල හොයන පොඩි gadget එකක් තමයි hello sense කියන්නෙ. මේකෙදි sleep pill කියන කොටස තමන් නිදා ගන්න කොට්ටයේ අලවල තියෙනවා. අනිත් ප්‍රධාන අංගය කාමරයේ වෙන තැනක තියන්න පුළුවන්. මෙය ක්‍රියාත්මකව තිබෙන විට වාතයේ තත්ත්වය, CO2, උෂ්ණත්වය, ආර්ධතාවය, ආලෝකය, UV එළිය හා ශබ්ද ආදී ගොඩක් නිර්නායක මේ gadget එකෙන් හොයනවා. ඒ වගේම pill එක මගින් තමන්ගේ නින්ද ගැන විස්තර වාර්තා කරනවා. අපිට හැම දවසෙම කොච්චර නින්දක් ගත්තද, නින්දේදි ඇහැරුනාද නැද්ද වගේ නින්ද ගැන report එකක් ගන්න පුළුවන්. ඒ වගේම කාලයක් දත්ත එකතු කිරීම මගින් හොද නින්දකට අවශ්‍ය suggestions දෙනවා. මේක $150කට පමණ මිලදී ගන්න පුළුවන් ඔබට.

5. Dji Mavic Pro

Drones කියන්නෙ අද ලොකු දෙයක් නෙමෙයි. තාක්ෂණයත් එක්ක ඉන්න අයට ගොඩක් සමීප දෙයක් තමයි drones කියන්නෙ. මෙහි කැමරා 5ක්, ultrasonic range finders 2ක් වගේම computing cores 24ක් තිබෙනවා. මෙහි කැමරාවල 12MP වගේම 4k තාක්ෂණය තිබෙනවා. මෙහි වේගය පැ.කි. 65 පමණ වේගයෙන් පැය භාගයක් පමණ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මෙහි තවත් විශේෂයක් තමයි 7km පමණ දුරක් දක්වා විහිදුවන්න පුළුවන්. බාධක මැඩගෙන යන්න පුළුවන් drone එකක් වගේම යම් නිශ්චිත දුරක් පොළව එකක් තියාගෙන මෙය ධාවනය කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් තාක්ෂනය දියුණු කරපු drone එකක් තමයි Mavic pro කියන්නෙ.

6. Apple Airpods

ඇපල් සමගම විසින් 2016 වසරම අාමන්දානන්දයට පත් කරමින් හදුන්වාදීපු දෙයක් තමයි Apple Airpods කියන්නෙ. අලුතෙන් හදුන්වාදීපු iPhone 7 හි 3.5mm headphone jack එක ඔවුන් විසින් ඉවත් කරනවා. මේ වෙනුවට ශබ්දය එලියට දෙන ක්‍රමය සදහා ඔවුන් දීපු විසඳුම තමයි මේක. මෙය Bluetooth හරහා තමයි ක්‍රියා කරන්නේ.

7. Google Home

IoT කියන දෙයත් එක්ක තමයි Google Home කියන දෙය අාවේ. ගෙදරක සිදු වෙන ගොඩක් දේවල් automate කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ. උදේ නින්දෙන් නැගිට්ට වෙලාවෙ ඉදන් රෑ නිදාගන්නකම් හුගක් දේවල් කට වචනයෙන් කරගන්න පුළුවන් මේක නිසා. Artificial intelligence තමයි මෙහි ගැබ් වෙලා තියෙන්නේ. AIවල ගොඩක් ලොකු පිම්මක් තමයි Google Home වලින් එළි දුටුවෙ.

මේවා තමයි 2016 වසරේ හඳුන්වා දුන් නව සොයා ගැනීම් විදියට අපි දකින්නේ. අපිට මොනවා හරි මග හැරුණා නම්, පහලින් comment එකක් දාලා හැමෝම එක්ක ඒ දැනුම බෙදා ගනිමු.