TechWire

Tag - metallic hydrogen

ලාංකිකයෙකුගේ දායකත්වයෙන් නිර්මාණය වුණ ලෝහමය හයිඩ්‍රජන්

සුපිරි සන්නායක පිළිබද ඔබ දන්නවාද? යම්කිසි උෂ්ණත්වයක් තුලදී ප්‍රතිරෝධයක් රහිතව විද්‍යුතය සන්නයනය කරන අන්තර් මිශ්‍ර ලෝහයක්, මුලද්‍රව්‍යක් ,සංයෝගයක් සුපිරි සන්නායකයක් ලෙස හදුන්වන්න පුළුවන්.

කාමර උෂ්ණත්වයේ පවතින සුපිරි සන්නායක වල භාවිතයෙන් අපගේ එදිනෙදා ජීවිතය පහසු කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් චුම්බක ක්ෂේත්‍ර භාවිතයෙන් අධිවේගී දුම්රිය සේවාවන් ඉතාමත් කාර්යක්ෂම කල හැකියි.එමෙන්ම වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී විද්‍යුත් වාහන නිපදවිය හැකියි. එමෙන්ම ශක්ති ජනනයේදී සහ ශක්තිය ගබඩාකිරීමේදී සුපිරි සන්නායක වලට විශේෂ කාර්යයක් කල හැකියි. සුපිරි සන්නයක වල ප්‍රතිරෝධයක් නොමැති වීම සහ සුපිරි සන්නායක දඟර වල වැඩිපුර ශක්තිය ගබඩා කිරීමේ හැකියාව නිසා අපට ගබඩා කල ශක්තිය වෙනත් අවශ්‍යය විටෙක භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා.

ඔබ මෙතෙක් අසා නොතිබුණු නමුත්  මෑත කාලීන සොයාගැනීම් වලින් බිහිවූ පරමාණුක ලෝහමය හයිඩ්‍රජන්(atomic metallic hydrogen) කාමර උෂ්ණත්වය යටතේදී සුපිරි සන්නායක් වන බවට විශ්වාස කරනවා. සියවසකට ආසන්න කාල වකවානුවක් න්‍යායක්ව පැවති මෙම අපූර්ව සොයාගැනීම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තෝමස් ඩී.කැබොට් (Thomas D. Cabot), අයිසැක් සිල්වේරා (Isaac Silvera) සහ රංග ඩයස් (Ranga Dias) යන පිරිසගේ දීර්ඝ උත්සහයක ප්‍රතිපලයක්. හාවර්ඩ් විද්‍යාඥයන් පවසන අයුරින් ලෝහමය හයිඩ්‍රජන් ලොව දුර්වලම සංඝඨකයකි.

Source : https://www.newscientist.com/article/2119442-metallic-hydrogen-finally-made-in-lab-at-mind-boggling-pressure/

ඔවුන්ගේ පරීක්ෂණයේදී, ඉතාමත් කුඩා හයිඩ්‍රජන් නියැදියක් ගිගාපැස්කල් 495 ක පීඩන තත්වයකට පත්කරනු ලැබුවා. එම පීඩන තත්වය පෘතුවි අභ්‍යන්තරයේ පීඩන තත්වයටත් වඩා වැඩි ප්‍රමාණයක් වනවා. සිල්වේරා පවසන අන්දමට එම අධි පීඩන තත්වයේදී දැලිස් ලෙස පවතින ඝන අණුක හයිඩ්රජන් බිදී පරමාණුක හයිඩ්රජන් බවට පත්වෙනවා. එයයි ලෝහමය හයිඩ්රජන් යනුවෙන් හදුනාගත්තේ.

සිල්වේරා පවසන අයුරින් මෙය අධි පීඩන භෞතික විද්‍යාවේ ප්‍රතිපලයක්. දියමන්ති හා සමානවම ලෝහමය හයිඩ්‍රජන්ද පීඩන තත්වයෙන් ඉවත්කළ විට ලෝහමය තත්වයට පැමිණෙනවා. දශක 4 ක උත්සහයකින් පසු, සියවසකට ආසන්නව න්‍යායක්ව පැවතුනු ලෝහමය හයිඩ්රජන් මේ වනවිට සත්‍යක් බවට පත්වෙලා තියනවා. පරීක්ෂණය මෙහෙය වූ රංගගේ සහයෝගයෙන් අවසානයේ දිලිසෙන නියැදියක් ලැබුණු පසු ඔවුන් එය වැඩිදුර පරීක්ෂණ වලට භාජනය කොට එය ලෝහමය හයිඩ්රජන් බව තහවුරු කරගෙන තිබෙනවා.

විද්‍යාඥයින් වැඩි දුරටත් පහදා දෙමින් කියා සිටියේ ලෝහමය හයිඩ්රජන් වල නිර්මාණය ලොවට ඉතාමත් ඉහල කාර්යක්ෂමතාවයකින් යුත් නිපැයුම් බොහාමයක් කිරීමට මාර්ගය විවර කරන බවයි.

ලෝහමය හයිඩ්රජන් ඉන්ධනයක් ලෙසින් භාවිතා කොට රොකට් යානා අභ්‍යවකාශයේ වැඩි දුරක් යැවීමට හැකි බව ඔවුන් පවසා සිටිනවා. එය වැඩිදුර පහදාදෙමින් ඔවුන් පවසන්නේ ලෝහමය හයිඩ්රජන් නිපදවීමේදී විශාල ශක්තියක් ලබා දුන් අතර නැවතත් ලෝහමය හයිඩ්රජන් අණුක හයිඩ්රජන් බවට පත්වද්දී එම විශාල වූ ශක්තිය නිදහස් කරන නිසා එය රොකට් තාක්ෂණයේ පෙරලියක් කිරීමට සමත් වනු ඇති බවයි. ලොව භාවිතා කරන ඉන්ධන වල විශේෂ ලක්ෂණයක් ලෙස හදුනා ගන්නේ “විශේෂිත ආවේගය” (specific impulse) නම් ලක්ෂණයක්. දැනට භාවිතා වන ප්‍රබලම ඉන්ධන වල එම අගය තත්ත්පර 450 ක් පමණ වෙනවා. ලෝහමය හයිඩ්රජන් වල එම අගය 1700 ක් තරම් වන බවට විද්යාඥයින් විශ්වාස කරනවා.

තවත් කරුණු පහදා දෙමින් ඔවුන් පවසන්නේ විදුලි බල පද්ධතියේ භාවිතා වන වයර් (wire) සදහාද මෙම ලෝහමය හයිඩ්රජන් ඉතාමත් සුදුසු බවය.