TechWire

Tag - iOS

iPhone 11, iPhone 11 Pro සහ Pro Max

iPhone 11 Featured image

2019 සැප්තැම්බර් 20 වන දින Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 11, smart phones මාලාව ලෙස iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max ලෙස smart phones තුනක් හඳුන්වා දෙන ලදී. iPhone XR හි ඊළඟ අනුවාදය ලෙස iPhone 11 මෙන්ම iPhone XS සහ XS Max හි ඊළඟ අනුවාද ලෙස iPhone 11 Pro සහ Pro Max ද හදුන්වා දී ඇත. iPad සහ Mac සඳහා තිබූ Pro නාමය මෙවර iPhone 11 සඳහා ද භාවිත කර තිබීම විශේෂත්වයකි. iPhone 11 හි මිල $699 සිට ඉහලට මෙන්ම iPhone 11 Pro සහ Pro Max හි මිල පිලිවෙලින් $999 සහ $1099 සිට ඉහලට වේ.

iPhone 11 Image 1

නිමාව

iPhone 11 හි පිටුපස දිලිසෙන සුළු වීදුරු මුහුණතක් සහ වටේ දාරය ඇලුමිනියම් ලෝහයෙන් නිපදවා ඇත. මෙය කළු, කහ, සුදු, රතු, දම් සහ කොල ලෙස වර්ණ හයකින් හදුන්වාදී ඇත. iPhone 11 Pro සහ Pro Max දෙකෙහිම පිටුපස නොදිලිසෙන (matte) වීදුරු මුහුණතක් සහ වටේ දාරය ශක්තිමත් වානේ වලින් නිපදවා ඇත. මෙය Midnight Green, Space Gray, Silver and Gold ලෙස වර්ණ හතරකින් හඳුන්වා දී ඇත.

iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max තුනෙහිම Camera ප්‍රදේශය තරමක් ඉදිරියට නෙරා ආ ස්වභාවයකින් යුක්තවේ. පෙර පරිදිම ඉදිරිපස පුර්ණ තිරයක් සහ ඉහල කොටසේ Notch එක පිහිටා ඇති අතර Headphones port එකක් නැත. එමෙන්ම දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී වේ.

තිරය

iPhone 11 හි අඟල් 6.1 ක Liquid Retina HD LCD තිරයකින් සමන්විත වන අතර 1792 x 828 ක පික්සල් විභේදනයක් ඇත. iPhone 11 Pro හි අඟල් 5.8 ක Super Retina XDR OLED, 2436 x 1125 ක් පික්සල් විභේදනයක් සහිත තිරයකින් සමන්විත වේ. iPhone 11 Pro Max හි අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් අඩංගු වන අතර 2688 x 1242 ක පික්සල් විභේදනයකින් යුක්ත වේ.

සාපේක්ෂව iPhone 11 හි තිරයට වඩා අතිශය සුපැහැදිලි සහ ආලෝකමත් තිරයක් iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඇත. තවද පෙර පැවති 3D Touch නොහොත් ස්පර්ශ පීඩනයට සංවේදී තිරයක් වෙනුවට Haptic Touch නොහොත් තිරය ස්පර්ශ කරගෙන සිටින කාලය අනුව ක්‍රියාකිරීමට තිරය නිර්මාණය කර ඇත.

කැමරා

කැමරාවෙහි පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැක. iPhone 11 හි කැමරා දෙකක් ඇත. ඉන් එකක් මෙගා පික්සල් 12ක wide angle lense කැමරාව වන අතර අනෙක මෙගා පික්සල් 12 ක ultra wide angle lense කැමරාව වේ. මෙමගින් අංශක 120ක ද්‍රශ්‍ය පරාසයක් ලබා දෙන අතර එමගින් පෙරට වඩා පුළුල් ප්‍රදේශයක් කැමරා කාචයට ග්‍රහණය කරගැනීමට හැකිවේ. මෙම ද්විත්ව කැමරා පද්ධතිය මගින් 2x optical zoom හැකියාවද ලැබී ඇත.

එමෙන්ම  iPhone 11 Pro සහ iPhone 11 Pro Max සඳහා ඉහත සඳහන් කල කැමරා දෙකට අමතරව තෙවන කැමරාවක් ලෙස මෙගා පික්සල් 12 ක telephoto lense එකක්ද අඩංගු වේ. මෙය වඩාත් ආලෝකයට සංවේදී වන අතර පෙරට වඩා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරයි. මෙම තෙවන කැමරාව portrait ජායාරුප ගැනීමට උපකාරී වේ.

තවද අලුතෙන් හදුන්වා දෙන Night Mode විශේෂාංගය මගින් අඩු ආලෝකයේ වඩාත් පැහැදිලි ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. Quick Take විශේෂාංගය මගින් රූපගතකිරීමක් අතර තුර ජායාරුප ලබාගැනීමට හැකියාව ඇත. 4K රුගත කිරීම් කිරීමේ හැකියාවද මෙම කැමරා පද්ධති මගින් ලැබී ඇත.

එමෙන්ම iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම මෙගා පික්සල් 12ක ඉදිරිපස කැමරාවක් අඩංගුවේ. මෙහි විශේෂත්වය නම්, තත්පරයට රාමු 60ක සංඛ්‍යාතයෙන් 4K රුගත කිරීම් කිරීමේ හැකියාව ඉදිරිපස කැමරා වලටද ඇත. එමෙන්ම slow-motion රුගත කිරීමේ හැකියාවද මෙයට අඩංගු වේ. එය Slofie ලෙස නම්කොට ඇත.

iPhone 11 Image 4

Performance

Apple සමාගම විසින් හදුන්වාදුන් නවතම A13 Bionic processor, iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම අන්තර්ගත කොට ඇත. මෙමගින් පෙරට වඩා 20%ක කාර්යක්ෂමතාවක් ලැබෙන අතර ශක්ති පරිභෝජනය 40% කින් අවම වන බව සඳහන් වේ. මෙම තුනම 64GB, 256GB සහ 512GB ලෙස මතක ධාරිතා ප්‍රමාණ තුනකින් මිලදී ගත හැක.

එමෙන්ම බැටරි ආයු කාලය පෙරට වඩා වැඩි දියුණු කර ඇත. ආසන්න වශයෙන් පැය 11 පමණ ක්‍රියා කරවීමට හැකියාව ඇත. iPhone 11, iPhone 11 Pro සහ Pro Max තුනෙහිම fast charging විශේෂාංගය ඇති අතර iPhone 11 Pro සහ Pro Max සඳහා වොට් 18 ක fast charger එකක් ලැබෙන අතර iPhone 11 සඳහා fast charger එක වෙනම මිලදී ගැනීමට සිදුවේ.

iPhone XR, iPhone XS සහ XS Max තුනට සාපේක්ෂව iPhone 11, iPhone 11 Pro සහ Pro Max හි යම් දියුණුවක් දක්නට හැක. මෙහි වාසි මෙන්ම අවාසිද නැතුවාම නොවේ. කෙසේ නමුත් මුදලට සරිලන වටිනාකමක් තිබේද නැද්ද යන තීරණය ඔබ සතුය. නැවතත් මෙවැනි තාක්ෂණික පුවතකින් හමුවෙමු.

නවතම විශේෂාංග රැසක් ලොවට හදුන්වා දෙන WWDC 2019

WWDC 2019 Featured Image

Apple සමාගම මගින් සංවිධානය කරනු ලබන Worldwide Developers Conference නැතහොත් WWDC 2019 සම්මේලනය, 2019 ජූනි 3 සිට ජූනි 7 දක්වා San Francisco හිදී පැවැත්වීය. මෙහිදී Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංග, මෙහෙයුම් පද්ධති, උපාංග ඇතුළු නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දෙන ලදි. එහිදී වඩාත් අවධානය යොමු වූ නිෂ්පාදන කිහිපයක් මෙහි දැක්වේ.

iOS 13

iOS යනු Apple iPhone, iPad or iPod touch සඳහා එන මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම අනුවාදය iOS 13 වේ. iOS 12 සහ ඊට පෙර අනුවාදයන්හි නොතිබුණු විශේෂාංග කිහිපයක් මෙන්ම ගුණාංග ද iOS 13 හි වැඩි දියුණු කර ඇත.

බලාපොරොත්තු වූ ආකාරයටම iOS 13 සඳහා Dark Mode හඳුන්වා දෙන ලදි. එසේම QuickPath Keyboard මගින් යතුරු පුවරුවේ අකුරු යාකර වචන ලිවීමේ හැකියාවත්, Find My Friend සහ Find My iPhone එක් කොට සෑදු Find My යෙදුමත්, Sign in with Apple ඇතුළු නව විශේෂාංග රැසක් iOS 13 හි අපට දැක ගැනීමට හැක. එමෙන්ම Photos App, Memoji, Siri, Maps සහ තවත් පෙර පැවති විශේෂාංග වල වෙනස්කම් කිහිපයක්ද සිදු වී ඇත.

තවද iOS යෙදුම් විවෘත වීමේ වේගය දෙගුණයකින් වැඩි කිරීමටත්, Face ID භාවිත වේගය 30% කින් වැඩි කිරීමටත් සමත්ව ඇත. එමෙන්ම යෙදුම් භාගත කරගැනීමේදී එහි ප්‍රමාණය 60% කින් කුඩා කිරීමටත් හැකිව තිබේ.

iPad OS

මෙතෙක් කල් iPad සඳහා පැවතියේ iOS මෙහෙයුම් පද්ධතියම වේ. නමුත් WWDC 2019 දී iPad සඳහා iPad OS ලෙස නව මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන ලදි. මෙය iOS 13 මත පදනම් වී නිර්මාණය කර ඇති අතර iPad සඳහාම විශේෂිත වූ විශේෂාංග කිහිපයක් එක් කොට ඇත.

iOS 13 හි එන Dark Mode ඇතුළු අනෙකුත් විශේෂාංග සියල්ල iPad OS හි අඩංගු වේ. ඊට අමතරව swipe gestures මගින් කාර්යයන් පහසු කරගැනීමේ හැකියාව, Split-Screen මගින් එකම යෙදුම, එක් වර කිහිප වතාවක් විවෘත කරගනිමින් ක්‍රියා කිරීමේ හැකියාව, Download Manager වැනි විශේෂාංග ද iPad OS හි අඩංගු වේ. iPad OS හි Multi-tasking හැකියාව වඩා ප්‍රශස්ථ මට්ටමක පවතින නිසා, සාමාන්‍ය පරිගණකයකින් කරන බොහෝමයක් කාර්යයන් iPad මගින් සිදු කරගැනීමට හැකි වේ.

macOS Catalina

macOS යනු Mac සහ MackBook සඳහා ලබාදෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංගයයි. මෙහි නවතම අනුවාදය macOS Catalina වේ.

macOS Catalina හි iTunes ඉවත්කර Apple Music, Apple Podcasts, Apple TV ලෙස යෙදුම් තුනක් ලබාදී ඇත. macOS Catalina හි Sidecar බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් විශේෂාංගයක් විය. මෙමගින් iPad tablet පරිගණකයක්, Mac හෝ MackBook හි දෙවන තිරයක් ලෙස භාවිතා කල හැක.

Mac යෙදුම් නිර්මාණකරුවන්ට වඩාත් සතුටුදායක පුවත වුයේ, Project Catalyst මගින් iOS, iPad OS සහ macOS සඳහා එකම යෙදුම, එක වර නිර්මාණය කිරීමට පහසුවීමයි.

watchOS 6

watchOS යනු Apple Watch සඳහා Apple සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියයි. WWDC 2019 දී හදුන්වාදුන් watchOS 6 එහි නවතම අනුවාදයයි.

watchOS 6 හි ආන්දෝලනාත්මක නව විශේෂාංගය වුයේ on-watch App Store වේ. මෙමගින් Apple Watch සඳහා අවශ්‍ය යෙදුම්, පහසුවෙන් භාගත කර ගැනීමට හැක. මේ නිසා iPhone එකක් නොමැතිව Apple Watch එකකට තනිව ක්‍රියා කිරීමට හැකිවේ. තවද නව Noice යෙදුම මගින් අවට ඇති ඝෝෂා ශබ්ද පිලිබඳ ඇඟවීම් සිදු කරයි. එමෙන්ම watchOS 6 නව මුහුණුවරකින් සමන්විත වේ.

tvOS 13

tvOS යනු Apple TV සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතිය වේ. නව tvOS 13 හි ද නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙන ලදී.

පළමුවෙන් home screen හි නව මුහුණුවරක් දැක ගැනීමට හැක. තවද පෙර tvOS සහිත Apple TV සඳහා ක්‍රියා කරේ MFi පාලකයන් පමණි. නමුත් නව tvOS 13 නිසා PS4 සහ Xbox One පාලකයන්ද ක්‍රියා කරයි. එමෙන්ම iOS 13 සහ tvOS 13 දෙකෙහිම Music app මගින් ගීතයක රචනය ලබාගත හැක.

Mac Pro සහ Pro Display XDR

Mac Pro යනු Apple සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම Desktop පරිගණකයයි. නව මුහුණුවරකින් එන Mac Pro ඉතා ප්‍රභල මෙන්ම අනාගතයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද පරිගණකයකි.

මෙහි 28-core දක්වා වර්ධනය කල හැකි Intel Xeon processor, 1.5 TB දක්වා වර්ධනය කල හැකි RAM ධාරිතාවයක් ඇත. තවද 4 TB දක්වා SSD ධාරිතාවක් සහ ලොව ප්‍රබලම graphics card අඩංගු වේ. PCI විවර 8 ලබා දී ඇති නිසා Mac Pro හි ගුණාංග පුළුල් කිරීමට ඇති නිදහස, වැඩි කර ඇත. මේ සියල්ලට බලය සැපයීමට 1.4 kilowatts ජව සැපයුමක් ඇත.

Apple Pro Display XDR යනු Mac Pro සඳහා එන තිරයයි. මෙය 6K resolution සහිත අඟල් 32 ක තිරයකි. මෙය $4999 යේ සිට මිලදී ගැනීමට හැක. තවද මේ සඳහා එන ආධාරකය මගින් තිරය තිරස්ව මෙන්ම සිරස්ව රැඳවිය හැක. හාස්‍යයට කරුණ නම් මෙම ආධාරකය සඳහා වෙනම $999 ක මුදලක් අය කිරීමයි.

WWDC 2019 පිළිබඳ වැඩිදුර තොරතුර කෙටියෙන් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

අළුතෙන් ආපු iOS 12

iOS 12 OS update එක ඇවිත් දැන් දවස් කීපයක් වෙනවා. බොහෝ අය දන්නවා මෙවර update එකෙන් ලොකු features ප්‍රමාණයක් ඇවිත් නැති බව. විශේෂයෙන්ම මේ update එක focus කරලා තියෙන්නෙ iPhone X එක කියල තමා පෙනෙන්නෙ available features එක්ක බැලුවම. මේ update එක iPhone සහ iPad දෙවර්ගයටම අදාලව තමයි release වෙලා තියෙන්නෙ. ඒ වගේම iPod touch 6th generation එකටත් ලබා දීලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ update එක 1.5GB පමණ වෙනවා. Read More

Apple iOS 11.3 තුලින් ලොවට එන නවතම ඩිජිටල් අත්දැකීම්

නවතම iOS 11.3 update එක මගින්  iPhone X හරහා Animoji නමින් animated emoji පෙළක්ද, පහසුවෙන් සෞඛ්‍ය වාර්ථා බැලීමට ඇති හැකියාව සහිත නවතම Health app එකක් සහ ස්වාභාවික පරිසරයන්ට සමාන  වූ තාක්ෂණය මගින් ලබා ගැනීමට (Augmented Reality) හැකි නවතම ක්‍රම රැසක් ඇතුළු අතිවිශිෂ්ට හඳුන්වාදීම් පෙළක් iPhone සහ iPad භාවිතා කරන්නන් වෙත හදුන්වා දී තිබෙනවා. ඒ හඳුන්වා දුන් විශේෂාංග ගැන කෙටියෙන් විස්තරයක් මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්.

නව AR අත්දැකීම

ARKit 1.5 නවම හදුන්වාදීම මගින් මේස පුටු වැනි තිරස් මතුපිට වල ඇති වස්තුන්ට අමතරව, බිත්ති සහ දොරවල් වැනි සිරස් පෘෂ්ඨ මත ඇති සහ වක්‍රාකාර අක්‍රමවත් හැඩැති වස්තූන්වල පවා හැඩයන් වඩාත් නිවැරදිව හදුනා ගැනීම මෙන්ම ඒවායේ ප්‍රමාණ නිර්ණය කිරීම් කල හැකිය. මෙමගින් කෞතුකාගාර වැනි ස්ථානවල සංඥා, පෝස්ටර් සහ කලා කෘති ආදිය ස්ථානගත කිරීමට අවශ්‍ය ප්‍රමාණ ගණනය, අදාළ තීරණයන් ගැනීම පහසු වෙනවා. ඊට අමතරව පෙරට වඩා 50% කට වැඩි කැමරා විභේදනයක් (resolution) ද මෙහි අන්තර්ගත වෙනවා.

 

iSO_Apple_AR_ExperienceAnimoji

Animoji කියල කියන්නේ iPhone X භාවිතා කරන්නන් අතර ඉතා ජනප්‍රිය හඬ සහ මුහුණේ අංගචලන අනුකරණය කළහැකි නවතම හදුන්වාදීපු emoji විශේෂයක්. මේ නවතම update එක හරහා අලුතින් සිංහයයෙකු, වලසෙකු, මකරෙකු හෝ හිස්කබලක් ලෙසින් Animoji පෙළක් හදුන්වලා දෙනවා. iPhone X භාවිතා කරන්නන්ට මුළු Animoji ගණන දැන් 16ක් ලෙසින් වැඩි වෙන නිසා ඔවුන්ට ඒ අතරින් තමන්ට කැමති ආකාරයකට Animoji එදිනෙදා කෙටි පණිවිඩ වලට යොදාගන්න තෝරාගන්න පුළුවන්.

Animoji_Dragon

Animoji_Lion

බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය

තවද iOS 11.3 මගින් බැටරියේ ආයු කාලය මැනීමට මීටරයක් සහිත app එකක් අඩංගු වන අතර මේ හරහා බැටරියේ ආයුකාලය මැනීමට අමතරව අනාරක්ෂිත බැටරි පරික්ෂා කිරීම සඳහා උපදෙස් ලබාදීම් පවා සිදු කරනවා. අනපේක්ෂිත ක්‍රියාවිරහිතවීම් වැලැක්වීම සඳහා උපරිම බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමේ හැකියාවත් මෙහි අන්තර්ගත වෙනවා. මේ පහසුකම් iPhone 6 සහ ඊට පසු දුරකථන වලින් ලබා ගන්න පුළුවන්.

 සෞඛ්‍ය වාර්තා ලබා ගත හැකි Health App එක

මේ අංගය මගින් අදාළ තැනැත්තාගේ විවිධ වෛද්‍යවරුන්ට සහ සායන වලට අදාළ සියලුම සෞඛ්‍ය තොරතුරු එක් ස්ථානයකට, එකතු කිරීමක් සිදුකරන අතර ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල, ඖෂධ, කොන්දේසි සහ වෙනත් නිවේදන නිතිපතා දැනුම් දීමක් සිදු කරනවා. මේ සියුම් තොරතුරු සියල්ල සංකේතාංකනය කර මුරපදයකින් ආරක්ෂා කරල තිබෙනවා (encryption).

 

iPhone_X_Health_Records_screen

තවද  iOS 11.3 හරහා, Business Chat මගින් කෙටි පණිවුඩ හරහා ව්‍යාපාර සමඟ සෘජු ලෙස සම්බන්ද වීමටත්, Apple Music හරහා දැන්වීම් වලින් තොරව අන්තර්ජාලය හරහා සංගීතය රසවිදීමටත් , Apple News මගින් යාවත්කාලීන ප්‍රවෘත්ති ලබා ගැනීමටත්, HomeKit මෘදුකාංගය මගින් ගෘහස්ථ දෘඪාංග නිෂ්පාදකයින්ට අතිරේක ආරක්ෂාවක්ද, Advanced Mobile Location (AML) හරහා අත්‍යවශ්‍ය හදිසි අවස්ථා වලදී ගැලවූම් සේවාවන් වෙත දුරකථන ඇමතුම් ලබා ගත්විට ඒ අදාල ගැලවූම් සේවා ආයතනයට දුරකතනය තිබෙන ස්ථානය දැනුම්දීමටත් හැකියාව උදා කරදීල තිබෙනවා.

 

iPhone_X_Apple_Business_Chat

 

මේ සියල්ල මේ වසර මාර්තු මාසයේ  අවසානයේ සිට  ඔබට iPhone හරහා දැකගන්න හැකිවේ.

මේ ගැන වැඩි විස්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

 

 

Microsoft redesigned Skype again, that looks like Snapchat

Untitled

Skype was a trend before a few years ago. People tend to use Skype to keep in touch with their relatives and friends. But Skype is been in a strange place for the past few years. Since the first release of Skype in 2003 Skype came a long way slowly transforming into different versions and different updates of functionalities. After the acquisition of Skype by Microsoft has been slowly transitioning from a peer-to-peer service to the cloud.

Read More

Here’s everything Apple is rumoured to be launching in 2017

apples-golden-era-whats-new-at-apple-and-how-theyre-revolutionizing-the-tech-world-1-638

The California tech giant, Apple is regarded as the phenomenal technological breakthrough of the 21st century. It has become the dream of some people to own an Apple product. And setting high standards for what users expect, Apple has revealed many upgrades and new products annually. These innovations have been mind-blowing in the past and definitely will be promising in the future.

What does Apple have in store for you in 2017?

We are already 5 months into 2017 and there are many new upgrades yet to arrive. The new releases are secrets which have been mysteriously safeguarded by Apple. However, rumors have been spread. Here’s a glimpse about all the upcoming fascinations by Apple.

Read More

Android, iOS වලට වඩා RAM එක වැඩිපුර පාවිච්චි කරනවාද?

ඔබ iOS දුරකථන පරම්පරාවක specifications සහ එම වසරේම එලි දැක්වුණු හොඳ වර්ගයේ Android දුරකථනයක specifications සංසන්ධනය කලේ නම් ඔබ iPhone හි අඩු RAM ධාරිතාවයක් ඇති බව පෙනෙනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස iOS හි ඇති apps, Android apps වලට වඩා අඩු මතක ධාරිතාවයකින් යුතුව ක්‍රියා කරන බවට  නිගමනය  කරනු ඇත . සැබැවින්ම Android මෙහෙයුම් පද්ධතිය iOS මෙහෙයුම් පද්ධතියට වඩා වැඩි මතක ධාරිතාවයක් භාවිතා කරනවාද?

Read More

Apple සහ FBI ආරවුල ගැන ඔබ දත යුතු සියල්ල

Apple සමාගම සහ FBI ආයතනය අතර ඇතිවී ඇති ආරවුල ගැන ඔබ දැනටමත් අසා ඇති බවට සැක නැත. අපගේ මේ සූදානම එම ගැටලුව පිළිබඳව නැවතත් මුල සිට අවධානය යොමු කිරීමටයි.

පසුගිය වසරේ දෙසැම්බර් 15 දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩීනෝ ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 14o දෙනෙකු මරණයට ලක්වූ අතර 22 ක පිරිසක් බරපතල ලෙස තුවාල ලද හ. මෙම ප්‍රහාරයට වගකිව යුතු යැයි සැළකුණු අය අතර Syed Rizwan Farook නැමැත්තෙකු ද සිටියේය.

පසුගිය පෙබරවාරි 9 වනදා FBI ආයතනය ප්‍රකාශ කර සිටියේ, මෙම ප්‍රහාරයට සම්බන්ධ අයවලුන්ගේ දුරකථනයන් අතර තමන්ට අගුළු ලිහීමට නොහැකි එක් දුරකථනයක් ඇති බවයි. එය මෙම Rizwan Farook භාවිත කළ iPhone 5C වර්ගයේ දුරකථනයයි.

Apple iPhone 5C මාදිලියේ දුරකථනයක්

Apple iPhone 5C මාදිලියේ දුරකථනයක්

FBI ආයතනයට මෙලෙස දුරකථනයට ඇතුල්වීමට නොහැකි වූයේ iPhone දුරකථන වල ඇති ප්‍රධාන ආරක්‍ෂක උපක්‍රම දෙකක් හේතුවෙනි.

ඉන් පළමුවැන්න නම් iPhone වලටම සුවිශේෂී අගුලු තිරය යි. මෙහිදී ඔබට දුරකථනයට පිවිසීමට අවැසි නම් එක්කෝ අදාල මුරපදය නිවැරදිව ඇතුළත් කළයුතුය; නැතහොත් නිවැරදි ඇඟිලි සළකුණ ලබාදිය යුතුය. ඇපල් සමාගම iOS මෙහෙයුම් පද්ධතිය නිමවා ඇත්තේ මෙම මුරපදය පරිගණක මෘදුකාංගයක් ඇසුරෙන් ඇතුළත් කළ නොහැකි වන ලෙසය. සරලව කිවහොත්, එය මිනිස් ස්පර්ශකින්ම ලබාදිය යුතු ය. තව ද, එක් වැරදි මුරපදයකින් පසුව ඊළඟ මුරපදය ඇතුළත් කිරීමේ අවස්ථාව දක්වා මිලි තත්පර 80ක ප්‍රමාදයක් පවතී. මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට සංවේදී නොවුණ ද වේගවත් නූතන පරිගණකයකට මෙය අධික කාලයකි. ඇපල් සමාගම මෙම ආරක්‍ෂණ පිළිවෙත් ගෙන ඇත්තේ brute force නැමැති විකේතන ක්‍රියාවලියෙන් සිය උපාංගයකට ඇතුළුවීමට ඇති හැකියාව ඉවත්කිරීමට ය.

දෙවැනි කරුණ නම් මුරපද ඇතුල්කිරීමේ දී යම්කිසි අසාර්ථක උත්සාහයන් ගණනකට පසුව, දුරකථනය විසින් ස්වයංක්‍රීයව එහි ඇති සියළු දත්ත මකා දැමීමයි. මෙම අසාර්ථක උත්සාහයන් ගණන තීරණය කරන්නේ අදාළ දුරකථනයේ හිමිකරුවා ය. මෙය iOS පද්ධතියට ආවේණික උපක්‍රමයක් නොවුණද, FBI ආයතනයට මෙම දුරකථනය සමග විනෝද වීමට ඇති හැකියාව මෙමගින් නැතිවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස FBI ආයතනය ඇපල් සමාගමෙන් ඉල්ලා සිටියේ මෙම ආරක්‍ෂණ ක්‍රමෝපායන් මඟහැරවිය හැකි සුවිශේෂී iOS මෙහෙයුම් පද්ධතියක් අදාළ iPhone දුරකථනයේ RAM එකෙහි ධාවනය කරවීමට නිෂ්පාදනය කර දෙන ලෙසයි. (මෙම මෙහෙයුම් පද්ධතිය දැන් හැඳින්වෙන්නේ GovtOS ලෙසයි.) ඇපල් සමාගම එයට විරෝධය පෑවේ සිය නිෂ්පාදන සතු ආරක්‍ෂක මෙවලම් තර්ජනයට ලක්වන ලෙස කටයුතු නොකිරීමේ ප්‍රතිපත්තිය මත ය. FBI ආයතනය මෙයට ප්‍රතිචාර දැක්වූයේ අදාළ මෘදුකාංගය නිෂ්පාදනය කරන ලෙස, ෆෙඩරල් විනිසුරුවරයෙකු හරහා ඇපල් සමාගමට උසාවි නියෝගයක් නිකුත් කිරීමෙනි. මෙය සිතාසියක් නොවූ අතර, 1789 දී සම්මත වූ එක්සත් ජනපදයේ සියළු ආඥා පනත යටතේ නිකුත් කරන ලද්දකි.

[mks_pullquote align=”right” width=”300″ size=”24″ bg_color=”#000000″ txt_color=”#ffffff”]මේ වනතුරු කිසිදු ආණ්ඩුවක් මෙවන් ඉල්ලීමක් කර නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.[/mks_pullquote]සිය පාරිභෝගිකයින් වෙත ප්‍රසිද්ධ ලියුමක් ඉදිරිපත් කරමින් ඇපල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Tim Cook පැවසුවේ, එම නියෝගයට අවනත වීමට ඇපල් ආයතනය සූදානම් නැති බවයි. එහිදී ඔහු තවදුරටත් පැහැදිලි කළේ සිය මෙලෙස පසුදොරක් විවර කිරීමෙන් iPhone භාවිත කරන සියලුදෙනාගේම තොරතුරු වල රහස්‍යභාවයට එල්ල වන තර්ජනය යි. මෙවන් බලවත් ආයුධයක් වැරදි අත්වලට නොයෑම පිළිබඳව ගතහැකි හොඳම පියවර එවන් මෙහෙයුම් පද්ධතියක් කිසිදා නිර්මාණය නොකිරීම බව Tim Cook තරයේ අවධාරණය කරයි. මේ වනතුරු කිසිදු ආණ්ඩුවක් මෙවන් ඉල්ලීමක් කර නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇපල් ආයතනයේ විධායක නිළධාරීන් පවසන පරිදි සිය ආයතනය FBI වෙත මෙම ගැටලුවට විසඳුම් ලෙස විකල්ප හතරක් ලබාදී ඇත.

Screen_Shot_2016-02-19_at_6.00.08_PM.0

2015 ඔක්තෝබර් 19 දින සිට මෙම දුරකථනයට අදාළ iCloud ගිණුමේ තොරතුරු ගබඩා වීම ඇණහිට ඇත. එයට පැහැදිලි හේතුවක් තවමත් ඉදිරිපත්වී නැත. FBI අායතනය පවසන්නේ අදාළ ප්‍රාදේශීය නිළධාරීන් විසින් iCloud ගිණුමේ මුරපදය ප්‍රතිසකස් කිරීම හේතුවෙන් ස්වයංක්‍රීය දත්ත ගබඩාව සඳහා ඇති ඉඩකඩද ඇහිරී ඇති බවයි. ඊට පිළිතුරු ලෙස ප්‍රාදේශීය නිළධාරීන් පැවසුවේ, මෙම මුරපද වෙනස්කිරීම සිදුවූයේ FBI හි අනුදැනුම යටතේ බවයි.

කෙසේ වූවද ඇපල් ආයතනයේ මෙම විරෝධතාවට පිළිතුරු ලෙස, පෙබරවාරි 19 දින ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නව අයදුම්පතක් ගොනුකරමින් ෆෙඩරල් විනිසුරන්ගෙන් ඉල්ලා සිටියේ ඇපල් ආයතනය හට නියෝගය සමග එකඟ වන ලෙස විධානය කරන ලෙසයි. එම අයදුම්පතෙහි, ඇපල් ආයතනයට සිය ව්‍යාපාර ස්ථානයේදීම ජංගම දුරකථනයට අදාළ මෘදුකාංගමය වෛරසය ඇතුළත් කළහැකි බවත්, FBI ආයතනය විසින් දුරස්ථ සබඳතාවක් ඔස්සේ ජංගම දුරකථනයට ඇතුල්වී අදාළ තොරතුරු පිටපත් කරගත් පසුව, ඇපල් සමාගමට එම වෛරසය නැවත ඉවත්කර විනාශකර දැමිය හැකි බව සඳහන් විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ Tim Cook පැවසුවේ, GovtOS මෙහෙයුම් පද්ධතිය ඇපල් ආයතන පරිශ්‍රයෙන් පිටතට නොයන ලෙස සුරක්‍ෂිතව නිෂ්පාදනය කළද, එය කේතනය කරන සංවර්ධකවරුන්ගේ මතකයන් තුළින් එය ඉවත්කළ නොහැකි බවයි. ඒ නිසාම බාහිර පාර්ශ්වයන් විසින් අදාළ සේවකයින්ව තර්ජනයට ලක්කර අදාළ තොරතුරු ලබාගැනීමේ අවදානමක් ඇපල් සමාගමට පවතියි.


ප්‍රභවය: ABC Breaking News

ඇපල් සමාගම හට උසාවි නියෝගයට පූර්ණ ප්‍රතිචාරයක් දැක්වීමට පෙබරවාරි 26 දක්වා කල් ලැබුණි.

පසුව, එම උසාවි නියෝගය පිළිබඳව මෝසමක් ඉදිරිපත් කරමින් ඇපල් ආයතනය පවසා සිටියේ “කේතනය යනු අදහස් ප්‍රකාශකිරීමේ ක්‍රමයක්” වන බව සහ, අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය පිළිබඳව ඇති නෛතික තත්ත්වය කේතනය සඳහා ද අදාළ වන බව පැවසීමෙනි.

ඇපල් සමාගම ඉදිරිපත් කළ මෝසමේ සංක්‍ෂිප්තය

ඇතැමුන්ගේ මතය මෙම “කේතනය භාෂාවකි” යන්න ප්‍රයෝගයක් බවත්, එය වත්මන් ගැටලුව හමුවේ ඇපල් ආයතනයට පිහිටක් නොවනු ඇති බවත් ය. මේ පිළිබඳ නවතම තොරතුරු ඉදිරි දිනවලදී ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.