TechWire

Tag - Health

Google සමාගම විසින් මිලට ගත් Senosis Health

Senosis Health කියලා හඳුන්වන්නේ මෑතකදී Google සමාගම විසින් මිලට ගත් startup company එකක්. මෙම ආයතනයෙන් කරන්නේ විවිධ සෞඛ්‍යය තොරතුරු එකතු කරගෙන android smart phones මිනිසෙක්ගේ සෞඛ්‍යය තත්වය නිර්ණය කරගැනීමේ හැකියාවක් ඇති උපාංග බවට පරිවර්තනය කිරීමයි. Senosis ආයතනයෙන් නිර්මාණය කළ apps වලට පෙනහළු වල සෞඛ්‍යය තත්වය සහ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැනි දේ නිර්ණය කරගන්න පුලුවන්. මේ සඳහා ජංගම දුරකථන වල අන්තර්ගත විශේෂාංග වන accelerometer, flash, කැමරාව සහ මයික්‍රෆෝනය වැනි දේ භාවිතා කරනු ලබනවා. උදාහරණයක් වශයෙන් හිමොග්ලොබින් මට්ටම මැන ගැනීම සඳහා දුරකතනයේ flash භාවිතයෙන් අදාළ පුද්ගලයාගේ ඇඟිල්ල පරීක්ෂා කර දත්ත සපයන්න මේ ඇප් එකට පුලුවන්.

ආයතනයේ ඉතිහාසයෙන් බිඳක්

ඇමෙරිකානු ජාතික Shwetak Patel විසින් මෙම Senosis ආයතනය ආරම්භ කරනු ලැබුවේ වොෂිංටන් සරසවියේ සිටි තවත් සිව් දෙනෙකුගේ සහය ඇතුවයි. මෙය මොහුගේ ආයතනයේ නිෂ්පාදන මිලට ගනු ලැබූ පළමු අවස්ථාව නොවේ. 2015දී ඔහු නිර්මාණය කළ පරිසරයේ තෙතමනය, ආර්ද්‍රතාව සහ උෂ්ණත්වය හඳුනාගත හැකි වන පරිදි සැකසූ WallyHome sensor තාක්ෂණය Sears Holdings ආයතනය විසින් මිලට ගනු ලැබුවා. මෙම ආයතනයෙන් මීට පෙර ද මෙවැනි නිෂ්පාදන කර තිබෙන අතර උදාහරණ වශයෙන්  SpiroSmart and SpiroCall, HemaApp සහ OsteoApp යන apps හඳුන්වන්න පුළුවන්.

Geekwire වෙබ් අඩවිය පවසන පරිදි Senosis කණ්ඩායම  Google සමාගම  රැඳෙනු ඇති අතර ඩිජිටල් සෞඛ්‍යය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැක. මෙම වෙබ් අඩවියට Shwetak Patel පවසා ඇති පරිදි දැනටමත් ජංගම දුරකතනයේ තිබෙන සංවේදක(sensors) නවීන ආකාරයෙන් වෙනස් කර ගත හැකි අතර, සමහර රෝග වර්ගයන් හඳුනා ගැනීම සඳහා ඒවා භාවිතා කළ හැක. Senosis කියන්නේ කුමන ආකාරයේ නිෂ්පාදන කරන සමාගමක් ද කියලා මේ video එකෙන් අදහසක් ගන්න පුළුවන්. මේක Hema app එක ගැන නිර්මාණය වුණ video එකක්.

මෙම අත් පත් කරගැනීම සිදුවුණේ Google සමාගම සෞඛ්‍යය සම්බන්ධයෙන් බිහිවන තාක්ෂණික නිපැයුම් වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනයට යොමු වෙමින් සිටින අතරතුරදීයි. පසුගිය වසරේදී Google සමාගම විසින් ඇපල් ජංගම දුරකථන සඳහා දියත් කළ ව්‍යාපෘතියක් වූ DeepMind Health ඇප් එක හඳුන්වා දෙනු ලැබුවා. දැන් Google සමාග කෘතිම බුද්ධිය(AI) සහ machine learning යන තාක්ෂණයන් පාදක කරගෙන වෛද්‍ය සැපයුම්කරුවන් සඳහා විවිධ නිර්මාණ කිරීමට වැඩි පෙළඹීමක් දකින්න පුලුවන්. ඔවුන්ගේ ඉදිරි සැලසුම් සමග වඩාත්ම සමීපව යන නිසා Senosis Health ආයතනය මිලට ගැනීමට යොමු වෙලා තියෙනවා.

AI-equipped Apple Watch can detect the signs of a stroke

Apple AI watch

Apple has initiated the task of saving human lives through its AI-equipped Apple watch. A group of researchers from the University of San Francisco and Heart Health App Cardiogram have identified that the AI-equipped Apple watch can be used to detect unusual heart rhythms (strokes) such as arrhythmia and atrial fibrillation(AF) with 97 percent accuracy and 98 percent sensitivity.

Apple AI watch

Read More