TechWire

Tag - GPS

ඔබේ smartphone එකේ GPS වැඩ කරන හැටි දන්නවාද?

gps

GPS කියන්නේ smartphone භාවිතා කරන හැම කෙනෙක්ම දන්නා දෙයක්. අද කියන්න හදන්නේ කොහොමද මේ GPS ඔබේ smartphone එකේ වැඩ කරන්නෙ කියල. Smartphone එකක GPS වලින් කරන්නෙ තමන් ඉන්න තැන එහෙම නැත්තම් phone එක තියන තැන පිහිටීම පෙන්වන එක. Smartphoneවල වගේම නවීන මෝටර් රථවල වගේ තවත් උපාංග බොහොමයක මේ GPS තාක්ෂණය යොදා ගැනෙනවා. මෙය තමන් භාවිත කරන්නෙ කුමන phone එකක් වුණත් එකම විදියට භාවිත වෙන තාක්ෂණික යෙදුමක්.

GPS හි අයිතිකරු කවුද?

GPS කියන වචනය කෙටියෙදුමක් විදියට තමා භාවිත වෙන්නෙ. Global Positioning System කියන එක තමා GPS කියන එකෙන් කියවෙන්නෙ. මෙම තාක්ෂණය ලෝකය පුරා හැමතැනම භාවිත වනවා. මෙම තාක්ෂණයේ නියම හිමිකරුවා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔව් පුදුම හිතෙන කරුණක් වුණත් එහි අයිතිය පවතින්නේ ඇමරිකානු රජයට තමයි. නමුත් මෙහි මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කරන්නෙ ඇමරිකානු ගුවන් හමුදාව විසින්. නමුත් මෙහි විශේෂත්වය තමයි මෙය ඕනෑම කෙනෙක්ට නොමිලයේ භාවිත කිරීමේ හැකියාව. මුලින්ම GPS තාක්ෂණය භාවිතය ආරම්භ වුණේ 1978 වසරේ පෙබරවාරි මාසයේදීය.

GPS වැඩ කරන්නෙ කොහොමද?

GPS කියන්නේ radio navigation ක්‍රමයක්. සරලවම කියනවා නම් GPS වැඩ කරන්නෙ satellite හා receiver එකක් අතර රේඩියෝ තරංග හුවමාරුවෙන්. Smartphone එකක් නම්, එහි GPS receiver එක මගින්, smartphone එකේ අදාල software එකට ඉන්න තැන දත්ත සහ වෙලාව පිළිබද දත්ත ලබාදෙනවා. එහෙම දත්ත ලබාගත්ත කියල පෙරලා ඔබ විසින් කිසිවක් යැවීමක් මෙහිදී සිදුවන්නෙ නෑ. ඔබේ smartphone එකෙන් අදාල දත්ත ග්‍රහණය කරගැනීමට හැකිවීම පමණයි අවශ්‍ය වන්නෙ. මේ සඳහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් (නමුත් 4ක් ලෙස සලකනවා. එයට හේතුව ඉදිරියට දැනගන්න පුළුවන්) සමග smartphone එක සම්බන්ධ විය යුතුයි. මේ කාර්යය සඳහා අභ්‍යවකාශයේ චන්ද්‍රිකා 33ක් පමණ භ්‍රමණය වෙමින් පවතිනවා. මේ වනවිට චන්ද්‍රිකා 31ක් කක්ෂගත කරලා තිබෙනවා. මෙම චන්ද්‍රිකා 20,180km පමණ ඉහලින් තමා කක්ෂගත කරලා තිබෙන්නෙ.

GPS මගින් location එකකට අදාල දත්ත ලබාගැනීම නිරවද්‍යතාව අතින් ඉතා ඉහළයි. එහි නිරවද්‍යතාව 500-30cm ලෙස සැළකෙනවා. නමුත් මේ ක්‍රමයෙන් location එකක් සොයා ගැනීම අධික ශක්තියක් වැයවෙන ක්‍රමයක්. මේ සෑම චන්ද්‍රිකාවකම atomic clock එකක් තිබෙනවා. මෙහිදී අදාල smartphone එකට යවන තරංගයේ time-coded තරංගයක් යම් සංඛ්‍යාතයකින් යැවීම සිදු කරනවා. Smartphone එක විසින් දත්ත ලබාගැනීමට හොදින් ග්‍රහණය කරගන්න පුළුවන් චන්ද්‍රිකාවන් සොයාගැනීම සිදු කරනවා. මේ සඳහා බාධාවන් පවතින චන්ද්‍රිකාවන් යොදා ගන්නේ නැහැ. මෙහි බාධාවන් ලෙස හැඳින්වුයේ තරංග ලබාගැනීමට වන බාධාවන්. මෙම GPS දත්ත ඉතා සෙමින් තමයි ලබාගන්නෙ. මෙම චන්ද්‍රිකා rechargeable battery මගින් තමයි අවශ්‍ය බලශක්ති ලබාගන්නෙ. ඉතා විශාල දුරකට තරංග යවන්න විශාල ශක්ති ප්‍රමාණයක් වගේම සැලකියයුතු කාලයක් ගත වෙනවා. එම නිසා location එකක් පිළිබඳ දත්ත ඔබේ smartphone එකට එන්න විනාඩියක් පමණ ගත වෙන්න පුළුවන්.

Smartphone එකේ GPS ග්‍රහකය චන්ද්‍රිකා තුනක දත්ත මගින් ඔබේ location එක සොයා ගන්නවා. මෙයට තාක්ෂණිකව කියන්නෙ location එක triangulate කරනවා කියල. ඉහත සඳහන් කරා වගේ 4වන චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත වලින් කරන්නෙ altitude එක (උන්නතාංශය) ලබාගන්න එක. කලින් සඳහන් කරා වගේ බාධක තිබෙනවා නම් මෙම ක්‍රියාවලිය කරගන්න GPS තාක්ෂණයට හැකියාවක් නැහැ. දැන් ඔබ සිතනවා ඇති මෙතරම් කාලයක් සහ ශක්තියක් ගන්නවා නම් සහ බාධක ඇතුවත් තමන්ගේ smartphone එක කොහොමද හරියටම location එක ගන්නෙ කියල. මේ සඳහා තමයි AGPS කියන තාක්ෂණය තිබෙන්නෙ.

මොකද්ද මේ APGS?

AGPS කියන එකේ තේරුම තමයි Assisted Global Positioning System. GPSවල තිබෙන ප්‍රශ්න මගහරවමින් තමයි මෙම ක්‍රමය භාවිත වෙන්නෙ. විශේෂයෙන්ම නිතරම location එක update කරන වැඩකට නම් AGPS තමයි අවශ්‍ය වෙන්නෙ. උදාහරණයක් විදියට Google Maps ආධාරයෙන් navigation කිරීම කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නෙ cellular location එකත් යොදාගැනීමයි. ඔබේ දුරකථන සම්පාදක (carrier) නිතරම අසල කුළුණ සමග සම්බන්ධ වන නිසා (ping) ඔබේ smartphone එකට ඔබේ location එක ගැන අදහසක් ලබාගත හැකි. ඔබ කුළුණු 3කට මැදිව ඉන්න අවස්ථාවක ඔබේ දුරකථන සම්පාදකට පුළුවන ඔබේ location එක traingulate කරන්න. මෙම ක්‍රමයේදීත් signal වල strength එක වගේම කුළුණු වලට ඇති දුර බලපානවා. නමුත් පවතින කුළුණු ප්‍රමාණයත් එක්ක මෙම ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. මෙහිදී cellular location විතරක් නෙමේ භාවිත වෙන්නෙ. ඉතා නිවැරදි location එකක් ලබාගැනීමට ඔබේ GPS ග්‍රාහක චිපය GPS data සහ cellular location එක අතර switch වෙමින් තමයි මේ කටයුත්ත කරන්නෙ. GPS වල සිදු නොවුනත් AGPS වලදී ඔබේ phone එකෙන් යම් දත්ත කුළුණ වෙත යැවීම සිදුකරනවා. මේ සඳහා වලංගු mobile connection එකක් අවශ්‍ය වනවා. ඒ වගේම mobile data on කර තිබීමත් අවශ්‍ යවනවා.

මොකද්ද වැඩියෙන් හොඳ?

අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ඉතා ඉක්මනින් හා real time update වෙන අවස්ථාවකට නම් AGPS තමයි ඉතා සුදසු වන්නේ. නමුත් ඒ සඳහා mobile data අවශ්‍ය වීම යම් අවාසියක්. හේතුව mobile data connection එකක් නැති තැනකට එම ක්‍රමය යොදාගත නොහැකි වනවා. ඒවගේම GPS තරම් එහි නිරවද්‍යතාව නැහැ. ඔබ අත්දැකීමෙන් දන්නව ඇති, ඉතා දුෂ්කර පැත්තක Google Maps දැම්මම ඔබේ location එක dot එකකින් පෙන්වනවා. ඒ GPS භාවිතයෙන් තමයි සිදු වෙන්නෙ. නමුත් එවැනි වෙලාවක mobile connection දුර්වල නිසා navigation කිරීම සිදු කරන්න අමාරුයි. ඒ, GPS realtime වැඩ නොකරන නිසා. මේ ලිපියෙන් GPS හා AGPS වෙනස්කම හා ඔබේ smartphone එක location එක detect කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියල හිතනවා.

How maps are made!

Have you ever thought of how maps are made into a flat surface? Can you cut a ball and show me the surface of the ball as a plane? No, you can’t. Then, you may have to make some amendments to do so.

The surface of the sphere cannot be represented as a plane without any distortion. Carl Friedrich Gauss has mathematically proven this. So, long time ago mathematicians have implemented algorithms to achieve this. For that, they used a process called Projection.

Popular rectangular maps are created with cylinder core projections. That is by putting the globe into a cylinder and projecting each point of the globe to the cylinder surface.

You can project the globe also to other objects, and that will affect the way the map looks.

All these projection methods come with trade-offs such as distance, direction, and land area. Those different maps can be used for different kind of purposes.

Read More