TechWire

Tag - Google Pixel

Google Pixel 3A

Google Pixel 3A Featured Image

Google I/O 2019 Keynote හිදී හඳුන්වාදුන් Google Pixel Smartphones Series එකේ, අලුත්ම සාමාජිකයන් දෙදෙනා Google Pixel 3A සහ Pixel 3A XL. Google සමාගමේ නවතම තාක්ෂණයත් සමඟ විශේෂාංග රැසක් මේ smartphones දෙකේ අන්තර්ගත වෙලා තියනවා.

Google Pixel 3A Image 1

High-End phone පහසු මිලට

Google Pixel, Flagship කාණ්ඩයට අයත් Smartphone මාලාවක් වුවද Google Pixel 3A සහ Pixel 3A XL Smartphones, Mid-range price devices විදිහට තමයි හදුන්වාදෙන්නේ. තොරතුරු වලට අනුව විශේෂාංග සහ පහසුකම් පෙර Google Pixel වලට වඩා තරමක් අඩු නමුත් ආවේනික ප්‍රධාන විශේෂාංග සහ පහසුකම් මෙන්ම නව විශේෂාංග එක් කොට තිබේ. High-End smartphones වලට නොදෙවනි Google Pixel 3A සහ Pixel 3A XL, $399 වැනි අඩු මුදලක සිට ඉහලට මිලදී ගැනීමට හැකියාව ඇත. අපේක්ෂා කල ආකාරයට Google Pixel Smartphones විකුණුම් නොමැති වීම හේතුවෙන්, Google සමාගම ගත් පියවරක් ලෙස මෙය සැලකිය හැක.

බාහිර පෙනුමේ වෙනස්කම්

Google Pixel 3A සහ Pixel 3A XL Smartphones වල පිටුපස ආවරණය, වීදුරු වෙනුවට polycarbonate plastic වලින් නිර්මාණය කර ඇත. එමෙන්ම 3.5mm headphone jack එක නැවතත් මේ smartphones දෙකේම දැකගැනීමට හැක. Just Black, Clearly White සහ Purple-ish ලෙස පාට තුනකින් Google Pixel 3A සහ Pixel 3A XL හඳුන්වා දී ඇත. එමෙන්ම Google Pixel 3A හි අඟල් 5.6ක 2220 x 1080 resolution එකක් සහිත FULL HD, OLED තිරයක් සහ Google Pixel 3A XL හි අඟල් 6ක 2160 x 1080 resolution එකක් තියන FULL HD, OLED තිරයක් දැකගැනීමට හැක. තවද dual stereo speakers සහ USB-C port අඩංගුවේ. කෙසේ නමුත් Water resistant හැකියාව පිලිබඳ සඳහන් කර නොමැත.

Google Pixel 3A  Image 2

හොඳම Camera එක

Google Pixel 3 හි තිබු අද්විතීය කැමරාවම Google Pixel 3A සහ Pixel 3A XL සඳහා ද ලබාදී ඇත. Google Pixel හි ප්‍රධානම විශේෂාංගය එහි කැමරාවයි. 12MP, F/1.8 පිටුපස කැමරාවක් සහ 8MP, F/2 front කැමරාවක් දැකගත හැක. බොහෝ Smartphones වල පිටුපස කැමරා දෙක තුනකින් සිදුකරන සෑම කාර්යක්ම වාගේ Google Pixel හි තනි කැමරාවකින් සිදුකිරීමට Google සමාගමට හැකිව ඇත. එමෙන්ම Night Sight, Super Res Zoom, optical + electronic image Stabilizer, auto focus with dual-pixel phase detection, 84-degrees field-of-view වගේ අද්විතීය විශේෂාංග මෙහි අඩංගු වේ.

Google Pixel 3A  Image 3

අභ්‍යන්තරයේත් වෙනස්කම් රාශියක්

Google Pixel 3A සහ Pixel 3A XL හි 2.0GHz octa-core Snapdragon 670 processor එකකින් සමන්විත වන අතර 4 GB RAM සහ Storage එක 64 GB වලට සීමා කර ඇත. එමෙන්ම Active Edge, Proximity, Ambient light, Accelerometer, Gyrometer, Magnetometer, Barometer යන සංවේදක සහ Titan M Security Processor එකද අඩංගු වේ.

Google Pixel 3A හි 3000mAh සහ Google Pixel 3A XL හි 3700mAh Battery ධාරිතාවක් සහ 18W USB-PD fast charging හැකියාවෙන් සමන්විතයි. එමෙන්ම Google සමාගමේ AI තාක්ෂණයෙන් Battery ආයුකාලය පෙරට වඩා වැඩි කර ඇත. නමුත් Wireless charging නොමැත.

Android Pie වලින් බලගැන්වේ

මෘදුකාංගමය අතින් ගත් විට, Android Pie මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වන අතර AR in Google Maps, Call screening වගේ විශේෂාංග පවතී. Mid-range smartphones සමඟ සසඳන විට Google Pixel 3A සහ Pixel 3A XL බොහෝ ඉදිරියෙන් ඇත.

Google Pixel 3A සහ Pixel 3A XL, Google I/O 2019 Keynote හිදී හඳුන්වාදුන් ආකාරය පහත වීඩියෝවෙන් බලාගත හැක.