TechWire

Tag - Google Home

ඔබේ නිවසට එන අමුත්තන් හදුනා ගැනීමට Google Nest Hello

Google සමාගම මගින් 2017 වර්ෂයේදී නිවේදනය කල නමුත් මෑතකදී නිකුත් කරන ලද smart doorbell උපාංගය Google Nest Hello ලෙස හදුන්වයි. මෙම නිෂ්පාදනය Nest Guard සහ Nest Thermostat වැනි නිෂ්පාදන ඇතුළත් විශාල උපාංග පවුලක කොටසක් වන අතර ඒවා Nest Smart Home Platformහි අංගයන් වේ. Nest Hello භාවිතා කිරීමේ වාසිය නම්, එය දැනටමත් පවතින ශක්තිමත් උපාංග පද්ධතියක කොටසක් වීමයි. මෙම උපාංග එකට සම්බන්ධ වූ පසු, ඔබට ඒවා සියල්ලම එකම යෙදුමකින් පාලනය කළ හැකි අතර ස්වයංක්‍රීය යෝජනා ක්‍රම පවා සැකසිය හැකිය.

Google Nest Hello
Google Nest Hello

මේ වනවිට Nest Hello; Yale Lock, Nest Secure සහ Nest Protect සමඟ ක්‍රියා කරයි, එනිසා ඔබට නිවසේ සබැඳි අනෙකුත් සම්බන්ධිත උපාංග සමඟ දොර සීනුව කැමරාව සම්බන්ධ කිරීමට හැකිය.

මෙහි ඇති ප්‍රධානතම අවාසිය නම් මෙය බැටරි බලයෙන් ක්‍රියා නොකිරීමයි. මෙය භාවිතා කිරීමට රැහැන් වලින් විදුලිය ලබා දිය යුතු වනවා. මෙය දොරට සවිකරගත් පසු සරලව යෙදුම භාවිතයෙන් එහි සියලු සැකසුම් සහ පාලනයන් සිදු කල හැකියි.

GOOGLE Nest Hello ක්‍රියාත්මක වන්නේ කෙසේද?

Nest Hello ඔබේ දොර ඉදිරියේ චලිතයක් ඇති විට ඔබේ smart ජංගම දුරකථනයට දැනුම් දීමක් හෝ යම්කිසි තෝරාගත් ශබ්දයක් නිකුත් කිරීම සිදුකරයි. එවිට ඔබට යෙදුම භාවිතයෙන් එයට අවශ්‍ය ප්‍රතිචාර ලබා දිය හැකියි. එයට සම්බන්ධව ඇති උපාංග මගින් කතාකිරීම, පෙර පටිගත කරන ලද හඩපටයක් ක්‍රියාත්මක කිරීම හෝ ජංගම දුරකථනයෙන් අදාල දර්ශණ නැරඹීම වැනි දෑ එයට ඇතුලත් වේ.

Google Nest Hello Preview
Google Nest Hello Preview

නමුත් මෙහි ඇති අවාසියට කරුණනම් මෙය ගසක කොළයක් වැටීම වැනි චලනයන් සදහාද සංවේදී වීමයි. මෙය අවම කර ගැනීමට  යෙදුම මගින් හඳුනාගැනීමේ කලාපයක් සැකසිය හැකිය. තවද කැමරාවට මුහුණු දකින විට පමණක් දැනුම් දීමට විකල්පයක් ඇත. Google Nest hello හි විශේෂත්වයක් ලෙස මෙහි Machine Learning අන්තර්ගත වීම දැක්විය හැකිය. එමනිසා හුරුපුරුදු මුහුණු හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇත. එවිට ඔබට ඔබ ගැන, ඔබේ පවුලේ සාමාජිකයින්ගේ සහ යන්ත්‍රය දැන ගැනීම සඳහා අදාළ පුද්ගලයින්ගේ රූපයක් ගබඩා කළ හැකිය.

මෙහි විශේෂත්වයන්

Nest Hello හි තවත් විශේෂත්වයක් ලෙස උසස් තත්ත්වයේ වීඩියෝ මාදිලිය දැක්විය හැක. තත්පරයට frames 15 බැගින් 1600 x 1200 resolution යුක්තව ලබා දේ. එයට පිටත වර්ණ නිවැරදිවම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නමුත් අවශ්‍ය පරිදි මෙම වීඩියෝ මාදිලියන් වෙනස් කර ගැනීමටද හැකියාව පවතී. රාත්‍රී දර්ශනය අළු පාට වේ.

Google Nest Hello with App

$299වැනි මුදලකට මිලකර ඇති මෙය සතුව High-resolution වීඩියෝ ගුණාත්මකභාවයක් පවතී. එමෙන්ම Google සහායක සමඟ  ඒකාබද්ධ වීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි. තවද පෙර පටිගත කල හැකි හඩ විමසීම් අන්තර්ගත නිසා මෙය භාවිතා කරන විට ඔබට කතා කිරීමට අවශ්‍ය වන්නේද නැත.

Nest Helloහි Cloud storage සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. කෙසේවෙතත් Nest Hello පැය තුනක වීඩියෝ දර්ශන සහ අසීමිත දැනුම්දීම් ලබා දේ. මේ සදහා මසකට  $10 මුදලක් හෝ වසරකට $100 ලෙස ගෙවීම් සිදුකල හැකිය. අමතර විශේෂාංග එකතු කරගැනීමේදී තවත් මිල ඉහල යා හැක.

සියළුම දුරස්ථ පාලක වෙනුවට Broadlink RM Mini 3

rm mini 3

එදිනෙදා කටයුතු උදෙසා ඔබ දුරස්ථ පාලක එහෙම නැත්තම් remote controller බොහෝ සෙයින් භාවිත කරනවා ඇති. මෙහි පහසුවක් තිබුණද විවිධ උපාංග සඳහා විවිධ දුරස්ථ පාලක භාවිත කිරීමට ඔබට සිදු වෙනවා. ඒවගේම නිතරම බැටරි මාරු කිරීමටත්, දුරස්ථ පාලක කිහිපයක් තැබීමට යම් ඉඩකඩකුත් වෙන් කරන්න සිදු වෙනවා. නමුත් ඒ කරදරකාරී බව අවම කරගෙන ඔබේ smart දුරකතනයෙන් දුරස්ථ පාලක කටයුතු කරන උපාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 

Broadlink RM Mini 3

සියලුම දුරස්ථ පාලක භාවිත කරන්නෙ IR එහෙම නැත්තම් Infrared කිරණ. මෙම කිරණ නිකුත් කිරීම මගින් අවශ්‍ය signal එක යොමු කිරීම තමයි දුරස්ථ පාලකයකින් සිදු කරන්නෙ. මෙම ක්‍රියාවලිය IR නොමැතිව කළ හැකි උපාංගයක් තමයි මේ Broadlink RM Mini 3 ලෙස හැඳින්වෙන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ මෙම උපාංගය wifi හෝ එවැනි අන්තර්ජාල පහසුකමක් ඔස්සේ ලබාගන්නා signal, IR කිරණයක් විදියට අවශ්‍ය විද්‍යුත් උපකරණය වෙත යොමු කිරීමයි. මේ සඳහා මෙම උපාංගය අත්‍යවශ්‍යයෙන්ම wifi router හා සම්බන්ධ කර තිබිය යුතුයි. Smart ජංගම දුරකථන සඳහා ලැබෙන යෙදුමක් ඔස්සේ ඔබට සියලුම දුරස්ථ පාලක වර්ග පෙර පුහුණු කරන්න පුළුවන්.

කොහෙන්ද මිලදී ගන්නේ?

මෙය දැනට ශ්‍රී ලංකාවේ වෙළඳ පොළක තිබෙන බවට සොයා ගත නොහැකි වුණත් online storeවල සොයා ගන්න පුළුවන්. ඒ වගේම amazon වගේ online shop එකකින් වුනත් ඇනවුම් කරන්න පුළුවන්. මෙය රු. 3000 සිට විවිධ මිළ ගණන්වලින් මිලදී ගන්න පුළුවන්. (මිල සැපයුම්කරු අනුව වෙනස් වේ). 

භාවිත කරන්නෙ කොහොමද?

මෙය setup කරගැනීම ඉතා පහසුයි. සරළ පියවර කිහිපයකින් මෙය භාවිත කරන්න පුළුවන්. උපාංගයට විදුලි බලය ලබාදීමෙන් පසු, smartphone එකේ ස්ථාපිත කරගත් IHC app එකෙහි අදාල උපාංගය තෝරාගෙන තිරයේ පරිදි උපදෙස් අනුගමනය කරන්න තිබෙන්නෙ. ඉන් පසු දුරස්ථ පාලක මෙම app එකට පුරුදු කිරීම කළ යුතුයි. නමුත් වෙළඳ පොළේ තිබෙන බොහෝ විද්‍යුත් උපකරණවල දුරස්ථ පාලක මෙම app එකෙහි ගබඩා කරලා තිබෙන නිසා අලුතෙන් එය කිරීම අත්‍යවශ්‍ය වන්නෙ නැහැ. නමුත් පළමු වර භාවිතයේදී, එම button නිවැරදිදැයි ඔබට බලන්න පුළුවන්. මෙසේ ඔබ ළඟ තිබෙන ඕනෑම දුරස්ථ පාලක මගින් පාලනය වන විද්‍යුත් උපකරණයක් මෙයට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මෙය IR කිරණ භාවිත කරන නිසා, බිත්ති අතර කිරණ සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය එක් කාමරයක සිට තවත් කාමරයක පාලනය සිදු කරන්න බැහැ.

උදාහරණයක් ලෙස වායුසමීකරණ යන්ත්‍රයක් ගතහොත්, එහි ඇති බොහෝ කටයුතු මේ උපාංගය හා app එක හරහා කරන්න පුළුවන්. On/Off, timers, fan speed වගේ බොහෝ දේ පාලනය කිරීම කල හැක. පෙර සකසා  නැති, උපාංගයක් නම් user defined appliance මෙනුව ඔස්සේ නව උපාංගයක් එකතු කළහැක. 

මිට අමතරව Scene එකතු කිරීමත් කල හැක. ඉන් අදහස් වෙන්නෙ, යම් අවස්ථාවකදී උපාංග කිහිපයක් එක වර ක්‍රියා කරවන ලෙස උපදෙස් දීමයි. උදාහරණයක් විදියට එම අවස්ථාවේ වායුසමීකරණය 20°C  හා රුපවාහිනී යන්ත්‍රය on වීම සිදු වීම එක කාර්යයක් විදියට දක්වන්න පුළුවන්. 

Scene එකක් ක්‍රියාත්මක කිරීම

ඒ වගේම timers මගින් උපාංග ක්‍රියාත්මක කරන්න පුලවන්. එනම්, යම් කාලයක් සඳහා උපාංගයක් ක්‍රියාත්මක වීමත් එම කාලයට පසු ඉබේ උපාංගය ක්‍රියා විරහිත වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම IFTTT සේවාව () ඔස්සේ, යම් දෙයක් සිදුවුවිට යම් කාර්යයයක් සිදු කිරීමට අපිට පුළුවන්. උදාහරණයක් විදියට උෂ්ණත්වය 25°C ට වඩා වැඩි වනවිට වායුසමීකරණය යම් උෂ්ණත්වයකට පත්වන තෙක් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ වගේ එදිනෙදා කාර්යයන් ඉතා පහසු කරන්න මෙම කුඩා උපාංගයට පුළුවන්. 

Voice command මගින් පාලනය

අද වනවිට ජංගම දුරකථන අතින් හසුරුවන්නේ නැතිව, voice command එකකින් හසුරුවන්න පුළුවන් තරමටම තාක්ෂණය අලුත් වෙලා. Google Home හෝ Alexa වැනි voice assistant කෙනෙකු හරහාද අපිට මෙම උපාංග හසුරුවන්න පුළුවන්. ඒ සඳහා IHC හි ගිණුමක් සාදාගත යුතු වෙනවා. එය Google Home app එකට සම්බන්ධ කිරීම මගින් ඔබටත් කටහඩ මගින් ඔබේ නිවසේ දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන ඕනෑම උපකරණයක් මෙහෙයවන්න පුළුවන්. 

අවාසි

මෙහි අවාසි කිහිපයක් තිබෙනවා. මුලින් සඳහන් කරා වගේ, IR කිරණ භාවිතය නිසා ඔබේ නිවසේ එක් එක් කාමර සඳහා වෙන වෙනම උපාංගයක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. ඒ වගේම නිතරම router එක ක්‍රියාත්මකව තිබිය යුතුයි. මොකද ඔබේ mobile phone එකෙන් ලබාදෙන signal මෙම උපාංගයට ලැබෙන්නෙ router එක හරහා. ඒවගේම IR පමණක් compatible නිසා RF (radio frequency) මගින් පාලනය වන උපකරණ භාවිත කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා Broadlink RM Pro ලෙස IR හා RF දෙකම භාවිත කල හැකි උපාංගයක් තිබෙනවා. 

Google සමාගමේ නවතම පෙරළිකාර උපාංග එකතුව

තාක්ෂණ ලොවේ පෙරලිකාරකම්  කිරීමේ පුරෝගාමියෙකු වන Google සමාගම ඔවුන්ගේ තවත් සන්ධිස්ථානයක් පසුගිය ඔක්තෝබර් 4  වන දින සාර්ථක ලෙස පසු කලා. ඒ ඔවුන්ගේ නවතම උපාංග එකතුව San Francisco නුවරදී  නිල වශයෙන් එලි දැක්වීමෙනි. මෙම උපාංග අතර smartphone 2ක්, Google home උපාංගයේ  ලොකු කුඩා සංස්කරණ 2ක්, laptop පරිගණකයක්, wireless headphone එකක්ද, කුඩා ජේත්තුකාර කැමරාව හා virtual reality headset එකක්ද වනවා. මෙම ලිපිය එම උපාංග පිලිබඳ කුඩා හඳුන්වාදීමකි.

Pixel 2

ප්‍රමාණයෙන් සහ හැඩයෙන් කලින් Pixel ජංගම දුරකථනය ආකාරයේම වන අතර මෙය මාදිලි 2 කින් හා වර්ණ 3 කින් නිකුත් කර ඇත. මාදිලි දෙක නම් 64GB හා 128GB යන දෙකයි. වර්ණ 3 නම් clearly white, just black, හා Kinda blue වේ. මෙය අඟල් 5 කින් යුතු AMOLED තිරයකින් යුක්ත වන අතර තවත් විශේෂ අංගයක් නම් මෙහි ඇති  “Active edge “ තාක්ෂණයයි. මෙමඟින් දුරකතනයේ දාර කොටස තද කිරීමෙන් (මිරිකීමෙන්) දුරකතනයට විවිධ විධාන දීමේ හැකියාවක් එයට ඇත. මෙහි මිල පිලිබඳ සලකා  බැලීමේදී මෙහි 64GB මාදිලිය $649 වන අතර 128GB මාදිලිය $749 ක් වනවා. මෙය පෙර ඇනවුම් කිරීමට දැන් ඉඩ ලබා දී ඇත.

Pixel 2 XL

Pixel 2  ජංගම දුරකථනය හා සමාන එහෙත් විශාලයෙන් වැඩි හා තවත් ගුණාංග කිහිපයක් එකතු වී ඇති මෙම මාදිලිය අඟල් 6 ක් තිරයකින් හා POLED තිරයකින් සමන්විත වනවා.  සෑම විටම ක්‍රියාත්මක(Always on) තිරය හා ඉතා හොඳ තත්වයේ කැමරාවකින් යුක්ත වනවා. මෙය වර්ණ දෙකකින් නිකුත් වී ඇති අතර ඒවා නම් black හා two-toned black-and-white වේ. මෙහි මිල නම් $849 ක සිට ඉහලට වේ.

 

Google Home mini

මෙය Google Home හි කුඩා සංස්කරණය වේ. මෙම smart speaker එක සමග එන එහි අන්තර්ගත Google සහායක යෙදුම මෙහි ප්‍රධාන විශේෂාංගයි. මෙය වර්ණ 3 කින් නිකුත් වී ඇති අතර ඒවා නම් coral, fog හා charcoal වේ. මෙහි මිල $49 ක් වන අතර එය පෙර ඇනවුම් සඳහා නිකුත් කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් 19 සිට දැකිය හැක.

Google Home max

Google Home mini, Google home හි කුඩා සංස්කරණය වන අතර Google home max යනු එහි වැඩි දියුණු කල සංස්කරණයි. මෙයට  විනෝදාශ්වාදය සඳහා ගැලපෙන්නා  වූ මනා ශබ්ද නිකුත් කිරීමේ හැකියාවක් ඇති අතර අඟල් 4.5 කින් යුක්ත වූ විශාල ශබ්ද විකාශන යන්ත්‍ර (Woofers)  2ක් හා කුඩා ශබ්ද විකාශන යන්ත්‍ර (tweeters) කිහිපයකින්ම යුක්ත වනවා. google සමාගම පවසන ආකාරයට මෙය google home මෙන් 20 ගුණයක් බල සම්පන්න වේ. මෙහි මිල  $400 කි. එය එළඹෙන දෙසැම්බර් මාසයේ දැකගත හැක.

Pixelbook

Google සමාගමේ නවතම laptop පරිගණකය වන මෙය 2 in 1 අකාරයේ එකකි. එනම් මෙය laptop පරිගණයක් මෙන්ම tablet උපාංගයක් ලෙසද භාවිතා කල හැක.  මෙයට අඟල් 12.3 ක විශාලත්වයෙන් යුතු තිරයක් ඇති අතර 10 mm තරම් වූ සිහින් නිමාවකින් යුක්ත වේ.  මෙහි බර 1 kg පමණ ඉතා සැහැල්ලු බරකින් යුක්ත වේ. මෙහි මෙහෙයුම් පද්ධතිය Google chrome OS  වන අතර මෙයට පැය 10 ක පමණ බැටරි ආයු කාලයක් ඇත. මෙහි මිල $999 ක් පමණ වන අතර මෙය දැනට පෙර ඇනවුම් කිරීමට හැකියාව ඇත.  තවද මෙය Pixelbook pen සඳහා සහාය දක්වන අතර $99 ක් වැනි මුදලක් වැඩි පුර ගෙවා මෙය මිල දී ගත හැක. තවද මෙය Google සහායක (Google Assistant ) සඳහා සහාය දක්වන අතර එමඟින් මෙහි කාර්යයයන් ඉතා පහසුවෙන් කර ගත හැක.

Pixel Buds

මෙය Apple AirPod සඳහා පිළිතුරු ලෙස google විසින් නිර්මාණය කර එළිදැක්වූ නවතම උපාංගයයි. මෙය Wireless මාදිළියේ  headphone එකක් වන අතර මෙයට  google සහායක සමඟ එක් වී ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත. තවද සුවිශේෂී විශේෂාංගයක් වන්නේ මෙයට යථාකාලි භාෂා පරිවර්තනය (real-time language translation) කිරීමේ හැකියාව පවතින අතර මෙය භාෂා 40 ක් පමණ ප්‍රමාණයකට සහාය දක්වයි. මෙය වර්ණ 3 කින් එළිදක්වා ඇති අතර ඒවා නම් just black, clearly white, හා kinda blue වේ. මෙහි මිල $160 ක් පමණ වන අතර මෙය ඉදිරි නොවැම්බර්  මාසයේ එළිදැක්වීමට නියමිතව ඇත.


Google Clips

මෙය Google සාමාගම  විසින් නිර්මාණය කල නවතම රැහැන් රහිත කැමරාවයි (Wireless camera). මෙය ඉතා සුවිශේෂී විශේෂාංග රැසකින් යුතු වේ. අපගේ එදිනෙදා ජීවිතයේ සුවිශේෂී සිදුවීම් හඳුනාගෙන ඉබේම ඒවාගේ ඡායාරුප ගැනීමේ හැකියාවක් මෙයට ඇත. මෙය machine learning හා විවිධ algorithm  භාවිතා කරමින් භාවිතා කරන්නාගේ මෙන්ම ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයගේ මුහුණු හඳුනාගනිමින් ඒවාගේ  හැගීම්  වෙනස් වීම් හඳුනාගනිමින් ස්වයන්ක්‍රියව  ඡායාරුප ගැනීම හා සුවිශේෂී අවස්ථා පටිගත කරගැනීම සිදු කරයි. මෙයට 16 GB මතකයක් ඇති අතර අංශක 130 ක පරාසයක් හසු කරගැනීමේ හැකියාව ඇත.  මෙහි මිල $249 ක් වන අතර නුදුරු අනාගතයේ වෙළඳපොළට පැමිණීමට නියමිතය.

Daydream view

මෙය Virtual reality headset එකක්  වන අතර කලින් නිකුත් වී තිබුණු ඒවාගේ වැඩිදියුණු කල සංස්කරණයකි. මෙය නව වර්ණ 3 කින් නිකුත් වී ඇති අතර ඒවා නම් fog, charcoal හා coral වේ. මෙහි මිල $99 ක් පමණ වේ.

 

Google I/O 2017 Keynote

io17-social

keynote

Google IO Keynote එක කියන්නෙ වාර්ෂිකව Google විසින් පවත්වන conference එකක්. ඒකෙදි තමයි ඉදිරි දේවල් ගැන ලෝකයට එළිදක්වන්නේ. Google එකේ CEO සුන්දර් පිචායි ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මෙහි අදහස් දැක්වීම හා අලුත් දේවල් ගැන කියන්නෙ. මෙහි දී Google ගැන අලුත් දේවල් රැසක් එළි වුණා වගේම අලුත් තොරතුරු කියවුණා.

Google Drive සඳහා මිලියන 800ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Photo සඳහා මිලියන 500ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Assistant සඳහා මිලියන 100ක පරිශීලක ප්‍රමාණයක් ඇති බව හෙළි වුණා. ඊට අමතරව දිනකට බිලියන 1.2ක් ඡායාරුප upload වන අතර Google Maps මගින් දිනකට සැතපුම් බිලිනයක් පමණ navigation කරන බවත් දිනකට YouTube මගින් පැය බිලියනයක video බැලීමක් සිදුවෙනවා.
දැන් අපි බලමු google විසින් මෙවර හඳුන්වාදෙන අලුත් දේවල්.

Read More

කෘත්‍රිම බුද්ධියට වහල් වීම

2013 වර්ෂයේදී තිරගතවූ “Her” චිත්‍රපටියේදී හුදකලා ලේඛකයෙක් තමාගේ ඩිජිටල් සහකාරිය සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා. ඇය ඔහුගේ සියලු කටයුතු සඳහා උදව් වෙනවා වගේම ඔහුට පෞද්ගලික උපදෙස් පවා ලබා දෙනවා. අවසානයේ ඔහු ඇයව පෙම්වතිය බවට පත් කරගන්නවා . Samantha නම් වෙන මේ ඩිජිටල් සහකාරිය විශ්මයජනක වේගයකින් අළුත් දේ ඉගෙනගන්නා  A.I. මෘදුකාංගයක්.

Samantha අවම වශයෙන් තවත් දශකයක් පමණ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසම පවතීවි. කෙසේවුවත් bots [1] (රොබෝ ) නම්වූ අඩු-ක්‍රියාකාරී ඩිජිටල් සහායකයින් දැනටමත් අප අතරට ඇවිත්. මේවා අපගේ නිවෙස් වල 2017 දී දැකිය හැකි තවත් එක් විශ්මයජනක තාක්ෂණික දියුණුවීමක් වේවි.

Read More