TechWire

Tag - garbage

ප්ලාස්ටික් ජීර්ණය කලහැකි කෘමියෙක් සොයා ගැනේ!

Galleria mellonella

ඔබ සොබාදම් මාතාවට කෙතරම් එරෙහි වුවත් ඔබේ වැරැද්ද, නිවැරදි කරගැනීමට අවස්ථාවක් ලබා දෙන්න තරම් ඇය සැමවිටම කාරුණික වෙනවා. කාර්මික විප්ලවයත් සමඟ ඇතිවුණු දියුණුව මිනිසා භුක්ති විඳින්නේ සාගරයට තෙල් අපද්‍රවය බැහැර කරමින්, හානිකර වායුන් මුදා හරිමින්, දුලභ ගණයේ සතුන්ගේ ජිවිත උදුරාගනිමින්, හානිකර නොදිරන අපද්‍රව්‍ය මිහිතලයට එකතු කරමින් වැනි අපරාද රාශියක් සිදුකරමින්. මෙසේ සමස්ථ මිනිස් සංහතිය විසින් තමා හට කරන අපරාධ ඉවසාගැනිමට නොහැකිවූ කල ඇය රුදුරු වන්නේ මිනිසාට හිතගැනීමටවත් ඉඩක් නොතබිමින්. මෙයට හොඳම උදාහරණය තමයි, මෑතකදී අප දුටු මීතොටුමුල්ල කුණු කන්දේ නාය යෑම.

ප්ලාස්ටික් යනු මිනිසා විසින් සොයාගන්න ලද තවත් එක් විශ්මිත එනමුත් හානිදායි අවියක් යයි කිවොත් නිවැරදි. විද්‍යාඥයන් පවසන විදිහට පොදුවේ ඉවත දැමිය හැකි බෑග්, බෝතල්, හා බහාලුම් වැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය පවා ස්වභාවිකව දිරාපත් වීමට වසර 400 ත් 1,000 ත් අතර කාලයක් ගත වෙනව. මේ හේතුවෙන් ප්ලාස්ටික් උග්‍ර පාරිසරික ගැටළුවක් බවට අද වන විට පත් වී හමාරයි. නමුත් ඒ සෑම විනාශයක් අවසනයේදී ඇයත් වැලපෙනවා ඇති, ඒ නිසා වෙන්න ඇති මේ නොදිරන කුණු ප්‍රශ්නෙටත් ඇය විසඳුමක් ලබා දී තිබෙන්නේ.

අද අපි කියන්නට යන්නේ එසේ සොබාහදම විසින් මිනිසා වෙත කාරුණික වූ තවත් අවස්ථාවක් ගැනයි. මෑතකදී ප්ලාස්ටික් ආහාරයට ගනිමින් එය දිරාපත් කිරීමට හැකි කෘමියෙක් පිලිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.

Galleria mellonella

Wax Moth

මේ ප්ලාස්ටික් ජීර්ණය කිරීමට සමත් මේ කෘමියාගේ ආගමනය බොහෝ පරිසර වේදියන්ට අස්වැසිල්ලක් වූනේ මේ නිසාමයි. Galleria mellonella නමැති සත්ව ගණයට අයත් මේ කෘමි වර්ගය, පොදුවේ “ඉටි සලබයා” ලෙස හැඳින්වෙනවා.

Cambridge විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම සත්වයා පිලිබඳ වැඩිදුර අධ්‍යනයන් සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ මෙම සලබ විශේෂය ප්ලාස්ටික් ආහාරයට ගෙන එය මී ඉටි (bee wax) බවට පරිවර්තනය කරන බවයි. මේ සලබයන්ගේ සාමාන්‍ය ආහාරය වෙන්නෙත්, මී ඉටි. මේ කාර්ය කිරීමට ඔවුන්ගේ අහාර ජීරණ පද්ධතිය ප්ලාස්ටික් බන්ධන බිඳීමට හැකිවෙන අයුරින් සකස් වී තිබෙනවා.

එනමුත් තවමත් මේ සත්වය ගෙනගොස් කුණු කන්දට අතහැර කුණු ප්‍රශ්නෙන් ලෙහෙසියෙන් ගැලවී යාමට තවමත් අපට හැකියාවක් නැහැ. විද්‍යාඥයින් මේ සම්බන්ධව තවමත් නිශ්චිතවම තහවුරු නොකීරීම මීට හේතුවයි. එනමුත් ඔවුන්ගේ පරියේෂණ අවසානයේ සුභදායි පිළිතුරක් හමුවුවහොත් එය ඔබ අප සියලුදෙනාගේ හිත සුව පිණිසම හේතු වනවා නිසැකයි!

Source : http://bgr.com/2017/04/24/plastic-eating-bugs-wax-moth-pollution/

තමන්ගේ කුණු ගැන මුලින්ම බලා ගමු

meethotamulla

මෑතකදී ලංකාවේ මීතොටමුල්ලේ සිදුවූ ව්‍යසනයෙන් පසු බොහෝ දෙනා කසල ප්‍රතිචක්‍රීකරණය ගැන කතා බහ වන කරුණකි. මෙවැනි විපත් හිදී අන් අයට ඇඟිලි දිගු කරනවා වෙනුවට, ඒවා මින් මතු සිදු නොවීමට වග බලා ගත යුතුය.

කසල යනු කොතරම් දියුණු රටකට වුවද මඟ හැරිය නොහැකි ගැටළුවකි.  ඉතිරි වන ආහාර, කැඩුණු බිඳුණු උපකරණ වැනි දේ බැහැර කලයුතු බව සැබෑවකි. අපට කලහැක්කේ ඒවා අවම කිරීම පමණකි.

කසල වල වැඩිම තර්ජනයක් ඇති කරන්නේ පොලිතීන් මගිනි. ශ්‍රී ලංකාවට වාර්ෂිකව පොලිතින් මෙට්‍රික් ටොන් 500,000 ක් ආනයනය කරන අතර ඉන් 30% පමණ නැවත අපනයන සඳහා භාවිතා වී 70% ක්ම රට තුල ඉතිරි වේ. එය මෙට්‍රික් ටොන් 350,000 ක් පමණ අධික ප්‍රමාණයකි. ඒවායින් 40% පමණ ප්‍රතිචක්‍රීකරණයට ලක් කරණ අතර ඉතිරි 60% ම කසල වශයෙන් බැහැර වේ. එනම් සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ඇවෑමෙන් මෙට්‍රික් ටොන් 200,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව පරිසරයට මුදා හරින බවයි. මෙහි සැලකිය යුතු ප්‍රමාණක් බත් කොල (lunch sheets) සහ පොලිතීන් උර (shopping bags) වන අතර සමීක්ෂණ වලට අනුව ශ්‍රි ලාංකිකයන් දෛනිකව බත් කොල මිලියන 15ක් ද පොලිතීන් කවර මිලියන 20ක් ද පරිබෝජනය කරන බව පසක් වී ඇත.

Read More