TechWire

Tag - creatorsUpdate

Windows 10 Creators Update ගැන ඔබ දැනුවත්ද?

windows10Update

ඇත්තටම මොකද්ද මේ Creators Update කියන්නෙ? Microsoft සමාගම විසින් මෑත කාලයේදී නිකුත් කළ වැදගත්ම සහ අලුත් විශේෂාංග රැසකින් සමන්විත වූ Windows update එක Creators Update කියලා හඳුන්වනවා. මෙය නිකුත්වුණේ මේ වසරේ අප්‍රේල් මාසයේදී. මේ update එකට කලින් අත් විඳින්න නොලැබුණ සුවිශේෂී විශේෂාංග කීපයක් Microsoft සමාගම විසින් එකතු කර ඇති අතර ඒ අතරින් කීපයක් පිළිබඳව මෙම ලිපිය හරහා විස්තර කෙරෙනවා.

windows10Update

Cortana setup

අලුත් update එක සමග පැමිණි Cortana ක්‍රියාත්මක කර ගැනීමට setup එකට පිවිසුනාම Cortana විසින්ම අපිට vocal guide එකක් සපයනවා. සරලවම කිව්වොත් අපි විසින් කරන්න ඕනෙ පියවර සියල්ල sound output එකක් ලෙස අප වෙත ලබා දෙනවා. සුපුරුදු පරිදිම අප විසින් දෙන ප්‍රතිචාර input වශයෙන් අරගෙන පරිශීලකයා සමග හොඳ සම්බන්ධතාවක් ගොඩ නගාගෙන Cortana පරිගණකයට install වෙනවා.

Game Mode

පරිගණක ක්‍රීඩා කරන පුද්ගලයින් වෙනුවෙන් මෙම විශේෂාංගය වැදගත් වේ. Xbox ඇප් එක සමග මෙය භාවිතා කරන්න හැකියාව තියෙනවා. අලුත් mode එකේ වැදගත්කම වෙන්නේ, පරිගණක ක්‍රීඩා වල යෙදෙන විට අවම විදියට පරිගණකයේ resources භාවිතා කරල හොඳම අත්දැකීමක් ක්‍රීඩා කරන පුද්ගලයට ලබා දීමයි. ක්‍රීඩා කරන කාලය ඇතුළත CPU සහ GPU performance වැඩි කරමින් background apps සීමා කර ක්‍රියා කිරීමට හැකි අයුරින් update එක සකස් කර තියෙනවා.

Picture-in-picture

picture-in-picture

මේ විශේෂාංගය මගින් සිදු වෙන්නේ මෙයයි. Movies & TV app එක භාවිතා කරල අපි video එකක් බලන විට වෙනත් වැඩක් කරන්න අවශ්‍ය නම් අපිට දැනට කරමින්  සිටින application එක minimize කරන්න සිද්ධ වෙනවා. මේ විශේෂාංගය හරහා අපි බලන video එක pop-up window එකක් ලෙස පරිගණක තිරයේ එක කෙළවරක පෙන්වනවා. Video එක play වෙන අතරතුර වෙනත් වැඩක් පරගණකයෙන් සිදු කළත් කලින් සඳහන් කළ, video එක පෙන්වන කුඩා window එක පසුපසට නොයන අතර එය නිතරම පරිගණක තිරයේ උඩම layer එකේ තියාගන්නවා. කෙසේ වුවත් මෙම විශේෂාංගය තවම Microsoft apps කීපයක පමණයි අන්තර්ගත වෙලා තියෙන්නේ.

Dynamic Lock

මෙය අලුතින් එකතු වුණ විශේෂාංග වලින් වැදගත්ම ස්ථානයක් හිමි කරගන්න සමත් වුණ විශේෂාංගයක්. පොදු ස්ථානයක laptop පරිගණකය භාවිතා කරන පුද්ගලයින් වෙනුවෙන් මෙය විශේෂයි. තමන්ගෙ ජංගම දුරකථනය මගින් bluetooth හරහා  පරිගණකය සමග සම්බන්ධ වෙලා laptop  එක lock  කිරීමට හැකියාව තියෙනවා. ජංගම දුරකථනය පරිගණකයේ bluetooth පරාසයෙන් පිටතට ගිය මොහොතෙ සිට තත්පර 30ක් පසු වූ විට පරිගණකය ස්වයංක්‍රීයව lock වෙනවා. වඩා හොඳ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සලකන්න පුලුවන්.

Paint 3D

සාමාන්‍ය Paint වලින් ඔබ්බට ගිය 3D version එකක් ලෙස Paint 3D හඳුන්වනවා. ත්‍රිමාණ වස්තු නිර්මාණය කරන්නත් ඒ වගේම Remix 3D භාවිතා කර එහි සාමාජිකයින් විසින් දැනටමත් නිර්මාණය කර ඇති ත්‍රිමාණ වස්තු යොදාගන්නත් පුලුවන්.

paint3D

Microsoft Edge performance

Windows 10 මෙහෙයුම් පද්ධතියේ එන web browser එක වන Microsoft Edge භාවිතා කරන අතරතුර පරිගණකයේ බැටරි ධාරිතාව අඩු කරන ප්‍රමාණය අවම වෙන පරිදි වැඩි දියුණු කරල තියෙනවා. එකම කාලයක් තුළ සමාන පරිගණක 3ක Microsoft Edge, Mozila Firefox සහ Google Chrome web browsers භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසීම පමණක් සිදු කර පරීක්ෂා කළහොත් Microsoft Edge සහිත පරිගණකය වැඩි කාලයක් පවතිනවා.

මෙහි තවත් විශේෂාංගයක් ලෙස Tab Preview Bar එක හැඳින්විය හැකියි. අපි එකම web site එකේ tabs ගොඩක් විවෘත කරල වැඩ කරන වෙලාවට අපි නිවැරදි හා අවශ්‍ය tab එක හොයා ගැනීමේ අපහසුතාවයකට පත්වෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ විශේෂාංගය හඳුන්වා දුන්නා. අපිට මෙමගින් අපිට දැනට විවෘත කරල තිබෙන tabs වල කුඩා preview එකක් සපයනවා, අදාළ tab එක මතට cursor එක ගෙන ගියාම. එනිසා අපිට tabs වල අඩංගු වෙන්නෙ මොනවද කියල නිවැරදිවම දැනගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා දැනට වැඩ කරමින් සිටින tab එකෙන් ඉවත් වීමට අවශ්‍ය නැත.

Better controls on updates

Creators update එක සමග windows updates පාලනය කිරීමේ යම් හැකියාවක් windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පුද්ගලයාට ලබා දීල තියෙනවා. මෙමගින් අපිට update එක සතියක් හෝ අවශ්‍ය පැය ගණනක් ප්‍රමාද කරන්න පුලුවන්. මේ නිසා update වීමෙන් පසුව ස්වයංක්‍රීයව reboot වෙන ගැටලුවට යම් විසඳුමක් ලැබිල තියෙනවා.

සාරාංශය :

Microsoft ආයතනය විසින් නිකුත් කළ මෙම Creators update එක නිසා Windows පරිශීලකයින් සෑහෙන දුරට තෘප්තිමත් වෙලා තියෙනව කියල කියන්න පුලුවන්. Update එකේ සියලුම විශේෂාංග පිළිබඳව මෙහි සඳහන් නොවන අතර වැඩි දුර සොයා බලන විට ඔබට තවත් අලුත් විශේෂාංග හමුවිය හැක.