TechWire

මෙය කියවන ඔබ සියල්ලන්ම පාහේ Star Wars චිත්‍රපටි මාලාවෙන් එක් චිත්‍රපටයක් හෝ නරඹා ඇති බවට සැක නැත (නරඹා නැත්තම් ඒ බව අන් අයට නොකිව මනාය). නමුත්, මෑතකදී තිරගත වූ එහි නවතම චිත්‍රපටය ‘Star Wars: The Force Awakens’ සමග චිත්‍රපට මාලාව කලින් නරඹා ඇති/ නැති සියල්ලන්ම නැවතත් මුල සිට Star Wars චිත්‍රපට සියල්ල නැරඹීමට පෙළඹී ඇත; මන්ද චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය නිකුත්වූයේ ද දැනට දශකයකට පෙර බැවිණි! මෑතකදී කොළඹදීද එවන් ‘මැරතන්’ දර්ශනයක් පැවැත්වුණි.

සත්‍ය කතාව නම්, සම්පූර්ණ චිත්‍රපටයක්ම command prompt වින්ඩෝවක් හරහා ප්‍රචාරය කිරීම ප්‍රායෝගික නැත. ඔව්, මේ සම්පූර්ණ චිත්‍රපටයම නොවේ. එහෙත් ඒ නිසාම Star Wars: Episode IV මුල්ම චිත්‍රපටයේ කොටසක් ඔබේ පරිගණකයෙන් දැකගැනීමට ඇති අවස්ථාව මගඅරින්නෙ ඇයි!

Telnet යනු ඉතාමත් ප්‍රාථමික මට්ටමේ ජාලකරණ ප්‍රොටොකෝලයකි (a networking protocol). නමුත් ඒ ගැන කම්මැලි විස්තර කිරීම් වලට නොයා අපි කෙලින්ම වැඩේට බහිමු.

Telnet සබඳතාවක් හරහා command prompt තුළින් Star Wars නරඹන අයුරු:

Windows සඳහා:

නවතම Windows මෙහෙයුම් පද්ධති සතුව ඍජු Telnet පහසුකමක් නොමැති වුවද, ඔබට එය එක් විධානයකින්ම නැවත ලබාගත හැකියි.

  1. ඔබේ පරිගණකයේ command prompt වැඩසටහන විවෘත කර පහත විධානය එහි ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.
    pkgmgr /iu:"TelnetClient"
    පරිගණකය ඔබෙන් පරිපාලක අවසරයක් ඉල්ලුවහොත් මුරපදය ලබාදෙන්න.
  2. Command prompt වසා දමා නැවත විවෘත කර පහත විධානය ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.
    Telnet Towel.blinkenlights.nl

Linux හෝ OS X සඳහා:

Star Wars චිත්‍රපටය ASCII යතුරු හරහා නැරඹීමට සරලවම ඔබේ Terminal අයදුමේ පහත විධානය ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.

telnet towel.blinkenlights.nl

චිත්‍රපටයෙන් ලබාගත් සේයාරූ කිහිපයක්:

මේ සලරුව, command prompt නොමැති ජංගම දුරකථන පරිශීලකයින් වෙනුවෙනි:

      

About author View all posts Author website

Chevindu Wickramathilaka

Walking is his favorite mode of travel and, comics are his favorite type of books. He can talk all day if needed and, stay silent all day if needed.
He keeps his friends close, his books closer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.