TechWire

Microsoft Surface Laptop – උසස් අධ්‍යාපනය අවසන් කල ඔබ සදහාමයි

මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් ඔවුන්ගේ නවතම Surface Laptop පරිගණකය පසුගිය සතියේදී එළිදැක්වීමට කටයුතු කරන ලදී. මෙම පරිගණකය ඔවුන්ගේ නවතම Windows 10 S මෙහෙයුම් පද්ධතිය සමග කටයුතු කිරීමට හැකි වන සේ නිර්මාණය කර ඇත.

මෙම පරිගණකය හදුන්වා දීමේ අවස්ථාවට එම සමාගමේ ප්‍රධානියෙක් වූ Panos Panay මහතා සම්බන්ධ විය. ඔහු එහිදී ප්‍රකාශ කලේ මෙම පරිගණකය නිපදවීමේදී එය උසස් අධ්‍යාපනය අවසන් වූ සිසුන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන පරිදි නිර්මාණය කල බවයි.

Image of Microsoft Surface Laptop

Surface Laptop පරිගණකයේ විශේෂාංග

මෙම Surface Laptop පරිගණකය අඟල් 13.5 ප්‍රමාණයෙන් යුක්ත වන අතර එහි යතුරු පුවරුව විශේෂිත වර්ගයේ Alcantara නමින් හදුන්වන අමුද්‍රව්‍යයක් භාවිතා කර නිෂ්පාදනය කර තිබේ. එමෙන්ම speakers සදහා වෙනම සිදුරු යොදා ගැනීමක් සිදු නොකර ඇති අතර ඒවා යතුරු පුවරුවට යටින් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. මෙහි මතුපිට සිසිල්ව තබා ගැනීමට උපාංගය පිටුපස ඇලුමිනියම් වාෂ්ප කුටි ඒකාබද්ධ කර ඇත. මෙම ලැප්ටොප් පරිගණකය වර්ණ හතරකින් එළිදැක්වීමට කටයුතු කර ඇති අතර එම වර්ණයන් වන්නේ platinum, burgundy, cobalt blue සහ graphite gold යන ඒවායි. මෙහි බර රාත්තල් තුනක් පමණ වේ.

මෙහෙයුම් පද්ධතිය

මෙම Surface Laptop පරිගණකය පරිගණකය සදහා ඔවුන්ගේ නවතම Windows 10 S මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම මගින් එම මෙහෙයුම් පද්ධතිය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. එහි Windows Store තුල අන්තර්ගත applications පමණක් දක්නට ලැබෙන අතර පරිශීලකයාට වෙනත් applications භාවිතා කිරීමට අවශ්‍ය නම් එය Windows 10 Pro මෙහෙයුම් පද්ධතිය කරා upgrade කිරීමට සිදු වේ.

තිරය

මෙහි තිරය අඟල් 13.5 ප්‍රමාණයෙන් PixelSense තිරයක් වන අතර එය 3:2 aspect ratio සමන්විතයි. තවද එය තුල pixels මිලියන 3.4 අන්තර්ගතයි.මෙම තිරය Microsoft’s Surface Pen උපාංගය සමග භාවිතා කල හැකි අතර එමගින් තිරය මතුපිට ඇදීමෙන් අවශ්‍ය රූප පහසුවෙන් ඇද ගැනීමට හැකි වේ.

ප්‍රොසෙසරය

මෙම Surface Laptop පරිගණකය තුල මයික්‍රෝසොෆ්ට් සමාගමේ නවතම Intel Core i5 සහ i7 ප්‍රොසෙසරය භාවිතා කිරීමෙන් එහි බැටරි ආයු කාලය පැය 14.5 පමණ වැඩි කාලයක් සදහා දීර්ඝ කර ගැනීමට සමත්ව තිබේ. තවද ඔවුන් පවසන ආකාරයට මෙම පරිගණකය MacBook i7 වලට වඩා වැඩි වේගයකින් සමන්විත වන අතර ඕනෑම MacBook පරිගණකයකට වඩා බැටරි ආයු කාලයකින් යුතුයි.

මෙම පරිගණකය Intel Core i5 ප්‍රොසෙසරය, 4GB RAM, 128GB SSD සමග ඩොලර් 999 කට මිලදී ගත හැකි වේ.

      

About author View all posts

Kaveesha Baddage

I'm a third-year undergraduate, reading for the Bachelor's degree in Computer Science. I am keen in programming and passionate towards the field of DevOps. I am a team player with abilities to adapt to changing environments. I am a tech enthusiast and like to share my knowledge with others.

6 CommentsLeave a comment

  • ඉතා ප්‍රයෝජනවත් ලිපියක්! මයික්‍රොසොෆ්ට් සමාගම ආකර්ෂණීය නිමාවන්ට මුල්තැනදී අයිතම නිපැදවීම ප්‍රසංසනීයයි, නමුත් එහි ක්‍රියාකාරීත්වය නම් කිසි ලෙසකින් ඇපල් සමාගමේ නිෂ්පාදන ව්‍යුහහයට සමපාත වන්නේ නැහැ! නමුත් වැයවන මුදලට සාපේක්ෂව තම පරිගනකයේ ක්‍රියාකාරීත්වය කැප (compromise) කිරීමට ඔබ සූදානම් නම් මෙය ඔබගේ තේරීම විය හැකියි!

    • ස්තුතියි. ඔබගේ අදහස් මෙහි අනෙකුත් පරිශීලකයන්ට උපකාරී වේයයි විශ්වාස කරන අතර ඉදිරියට එන ලිපිත් සමග අප හා සම්බන්ධ වී සිටින ලෙස ආරාධනා කරනවා.

  • ඉතා ප්‍රයෝජනවත් ලිපියක්! තවත් මෙවැනි ලිපි පලකරන්න!

    • ස්තුතියි.ඉදිරියට එන ලිපිත් සමග අප හා සම්බන්ධ වී සිටින ලෙස ආරාධනා කරනවා.

    • ස්තුතියි.ඉදිරියට එන ලිපිත් සමග අප හා සම්බන්ධ වී සිටින ලෙස ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *