TechWire

Microsoft Flow ගැන දැනගනිමු

Microsoft Flow, අපි කව්රුත් දන්න Microsoft සමාගමේ අලුතෙන් නිර්මාණය කරපු මෘදුකාංගයක්. මේකේ තියන Features, User-friendliness වගේ දේවල් නිසාම ඉක්මනින් ජනප්‍රිය උනා. ඒ වගේම සමාන මෘදුකාංග අතරිනුත් MS Flow වලට ප්‍රධාන තැනක් ලැබෙනවා. Flow කියන නමේම තියන විදියට මේ මෘදුකාංගයෙන් කරන්නේ ගලා යාමක් නිර්මාණය කරන එක. තවත් විස්තර කරනවා නම් Automated Flow නිර්මාණය කරන එක. ඒ කියන්නේ අපි කලින් සකස් කරලා තියන විදියට යම් ක්‍රියාවලියක් අපේ මැදිහත්වීමකින් තොරව කරන්න පුළුවන්.

දැන් බලමු මොනවද මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.

flow4

කලිනුත් විස්තර කරපු විදියට මේකෙන් කරන්නේ Automated Flow, එහෙමත් නැත්තන් පෙර සකස් කරන ලද ගලායාම් නිර්මාණය කරන එක. උදාහරණයක් විදියට අපිට ඕන අවශ්‍ය වුණොත් OneDrive වලට Files upload කරද්දී ඒවා DropBox එකටත් automatically upload වෙන්න, ඒක කරගන්න ලේසිම විදිය තමයි Microsoft Flow.

මේ උදාහරණයේ විස්තර වෙන්නේ OneDrive, Dropbox කියන සේවාවන් දෙක විතරක් භාවිතා කරපු Flow එකක්. නමුත් මේ වගේ සේවාවක් කීපයක් එකතු කරලා උනත් අපි කැමති Flow නිර්මාණය කරගන්න පුළුවන්. ඒ සඳහා දැනට Office 365, OneDrive, Twitter, Slack, MailChimp, GitHub ඇතුළුව විවිධ සේවාවන් 44ක් මේ වෙනකොට එකතු කරලා තියනවා.

flow1

 

මේ සේවාවන් එකතු කරගෙන අපි කැමති විදියේ Flow නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම Flow Team එකෙන් නිර්මාණය කරලා තියන Templates තියනවා. ඒවා අවශ්‍ය විදියට සකස් කරලා භාවිතා කරන්නත් පුළුවන්.

flow3

 

මේ වගේ Flow Templates ප්‍රධාන වර්ග 4කට වෙන් කරලා දක්වලා තියනවා.

flow2

  1. Get Notifications – දැනුවත් කිරීම් ලබා ගැනීම
  2. Synchronize Files – Files හුවමාරු කිරීම
  3. Organize Data – දත්ත එකතු කිරීම සහ සකස්කිරීම
  4. Automate Approvals – සකස්කරන ලද අවසර ඉල්ලීම්

මේ Template එකට අදාල Connection (Account integration) නිර්මාණය කරලා භාවිතා කරන්න පුළුවන්. දැනට නිර්මාණය කරලා තියන Template මෙතනින් බලන්න පුළුවන්. නොමිලේ ඕනෑම කෙනෙකුට Account එකක් create කරගන්නත් පුළුවන්. මෙතනින් ගිහින් දකුණු පැත්තේ උඩ තියන Sign up Free click කරන්න.

flow5

දැන් තියන Template එකක් භාවිතා කරලා හෝ, අලුතෙන්ම හෝ කැමති විදියේ Flow එකක් නිර්මාණය කරගන්න පුළුවන්.

      

About author View all posts

Dhanushka Chandana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.