TechWire

Android, iOS වලට වඩා RAM එක වැඩිපුර පාවිච්චි කරනවාද?

ඔබ iOS දුරකථන පරම්පරාවක specifications සහ එම වසරේම එලි දැක්වුණු හොඳ වර්ගයේ Android දුරකථනයක specifications සංසන්ධනය කලේ නම් ඔබ iPhone හි අඩු RAM ධාරිතාවයක් ඇති බව පෙනෙනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස iOS හි ඇති apps, Android apps වලට වඩා අඩු මතක ධාරිතාවයකින් යුතුව ක්‍රියා කරන බවට  නිගමනය  කරනු ඇත . සැබැවින්ම Android මෙහෙයුම් පද්ධතිය iOS මෙහෙයුම් පද්ධතියට වඩා වැඩි මතක ධාරිතාවයක් භාවිතා කරනවාද?

මෙම ලිපිය තුලින් කතා බහ කරන්නේ ජංගම දුරකථනයක RAM එකේ භාවිතය පිලිබඳවයි. එය apps පවත්වාගෙන යාමට හා ක්‍රියාත්මක කිරීම සදහා මධ්‍යම සැකසුම් ඒකකය (CPU) විසින් භාවිත වන මතක ධාරිතාවයයි.
පහත වගුවෙන් දැක්වෙන්නේ නොයෙක් මාදිලියේ ජංගම දුරකථන වල අඩංගු මතක ධාරිතාවයන්ය.

ඉහත දක්වා ඇති පරිදි iPhone සෑම විටම ඊට සමාන වූ Android දුරකථන වලට වඩා අඩු මතක ධාරිතාවයකින්් සමන්විත වේ. එලෙස නොවන එකම අවස්ථාව වන්නේ iPhone 6S හා Nexus 5X දුරකථන දෙකම මතක ධාරිතාවය ලෙස 2GB මතක ධාරිතාවයක් භාවිතා කිරීමයි.

බොහෝ දෙනා පවසන්නේ iPhone ජංගම දුරකථන අඩු මතකයක් භාවිතා කර Android ජංගම දුරකථන වලට සමාන හෝ ඊටත් වඩා හොඳ පරිශීලක අතුරු මුහුණතක් (UI) හා පරිශීලකයාට ඉතා පහසු වටපිටාවක් ලබා දෙන බව ය. මේ පිලිබද සොයා බැලීමේදී එයට හේතුවක් ලෙස පවසන්නේ Android දුරකථන වල භාවිතා වන Java ක්‍රමලේඛන භාෂාවයි. මන්දයත් Java ක්‍රමලේඛන භාෂාව මගින් වැඩි මතක ධාරිතාවයක් භාවිතා කිරීමත් එබැවින් Android ජංගම දුරකථන වල කාර්යක්ෂමතාව අඩු වෙන බවත්ය.

හිස් සසම්භාවී ප්‍රවේශ මතකය( Free RAM) යනු කුමක්ද ?

Android සහ iOS මෙහෙයුම් පද්ධති ඒවා මත ක්‍රියාත්මක කරනු ලබන apps සහ මෙහෙයුම් පද්ධති ක්‍රියාවලීින් සදහා වෙන වෙනම RAM එක බෙදා වෙන් කර ගනු ලබයි. තවද භාවිතා නොකරන RAM එකේ කොටස්ද මේ අතර පවතී. මූලික වශයෙන් එක් එක් app එකට ඊට අදාල RAM අවකාශයක් තුළ run වීමට ඉඩ ලබා දෙනු ලබයි.

සියලු ආදාන හා ප්‍රතිදාන (Input/Output) කටයුතු cache memory හි ගබඩා භාවිතා කරමින් මෙහෙයුම් පද්ධතියක් වේගවත් කළ හැක. මෙහිදී Cache memory වැදගත් තැනක් ගන්නා නමුත් එය ඒ මොහොතේ ධාවනය වන apps තරමටම වැදගත් නොවේ. මෙහෙයුම් පද්ධතීන් RAM එකේ ඇති හිස් ඉඩ Cache memory සදහා ලබා දෙන අතර RAM එකෙන් කොටසක් apps සදහා අවශ්‍ය වන්නේ නම්, එවිට cache සඳහා ලබා දුන් කොටසක් එම apps එක සදහා යොදා ගැනීම සිදු කරයි . මේ සියල්ලම මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනු ලැබේ. මින් අදහස් වන්නේ වඩාත් හොද මෙහෙයුම් පද්ධති වල, RAM එකේ භාවිතා නොකරන කොටස් නොමැති වන තරම් බවයි. එනම් මෙහෙයුම් පද්ධතිය මගින් RAM එක වඩාත් ඵලදායී ලෙස උපරිමයෙන්ම භාවිතා කරන බවයි.

Android මෙහෙයුම් පද්ධති iOS මෙහෙයුම් පද්ධති වලට වඩා වැඩි මතක ධාරිතාවයක් පාවිච්චි කරන්නේද?

iOS සහ Android මෙහෙයුම් පද්ධති අඩංගු iPhone 7 සහ the Nexus 5X restart කිරීමෙන් පසුව Android මෙහෙයුම් පද්ධතියේ භාවිතයට ගත හැකි මතකය ලෙස 840MB ද iOS මෙහෙයුම් පද්ධතියේ භාවිතයට ගත හැකි මතකය ලෙස 730MB ද පැවතුනි. මින් හැඟී යන්නේ Android මෙහෙයුම් පද්ධති iOS මෙහෙයුම් පද්ධති වලට වඩා වඩා අඩු මතකයක් භාවිතා කරන බවයි!

නේවාසික කට්ටල ප්‍රමාණය (RSS – Resident Set Size)

App එකක් මගින් සත්‍ය වශයෙන්ම භාවිතා කරන RAM ධාරිතාව නේවාසික කට්ටල ප්‍රමාණය (RSS) ලෙස හඳුන්වන අතර එය යම් app එකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සත්‍ය RAM ධාරිතාව මැන ගැනීමට යොදා ගනී.
කුමන මෙහෙයුම් පද්ධතියක් මගින් apps සදහා වඩා වැඩි RAM එකක් භාවිතා කරන්නේද යන බව පරීක්ෂා කිරීම සදහා ක්‍රීඩා හා ඵලදායිතා යෙදුම් (productivity apps) install කර ක්‍රියාත්මක කර ඒවායෙන් වැඩි RSS භාවිතා කරන්නේ කුමන මෙහෙයුම් පද්ධතියක්ද යන වග පරීක්ෂා කල හැක.

පහත දැක්වෙන්නේ ඒ ආකාරයට විවිධ යෙදුම් ක්‍රියාත්මක කර ඒවා විසින් භාවිතා කරනු ලැබූ RSS ප්‍රමාණයන් පිළිබද දත්ත වේ.

ඉහත දක්වා ඇති පරිදි විවිධ apps වලදී එකිනෙකට අඩු වැඩි වශයෙන් iOS සහ Android මෙහෙයුම් පද්ධති RSS භාවිතා කර තිබේ. සමස්ථ ප්‍රවණතාවය Android apps, iOS apps වලට වඩා 6% කින් වැඩි මතක ප්‍රමාණයක් භාවිතා කරන බවය. තවද iOS apps, Android apps වලට වඩා ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩාය. මෙම පරීක්ෂාව සදහා යොදා ගත් apps, ප්‍රමාණය අතින් 400 MB ට වඩා කුඩා ඒවා වේ. නමුත් app එකේ ප්‍රමාණය ඊට වඩා විශාල වුවද එම app එක ක්‍රියාත්මක කිරීමට Android හෝ iOS මෙහෙයුම් පද්ධති මත 4GB ප්‍රමාණයේ මතක ධාරිතාවයක්වත් අවශ්‍ය නැති බව පෙන්වා දී ඇත. එමෙන්ම මෙම මෙහෙයුම් පද්ධති දෙකම 700 MB මතක ධාරිතාවයකින් ආරම්භ(boot) කල හැකි බව තහවුරු වී ඇත.

මෙහෙයුම් පද්ධති ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අළුතින් applications open කිරීමටයි. මෙහිදී ප්‍රමාණවත් තරම් මතකයක් නොතිබේ නම් ඒ සඳහා පිලියමක් ලෙස පරිගණක වලදී දෘඩ තැටිය (Hard Disk) තාවකාලික මතක ගබඩාවක් (Virtual Memory) ලෙස භාවිතා කර එහි ගබඩා කර අළුත් applications ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය RAM ධාරිතාව සකසා ගනී. නමුත් මෙම ක්‍රියාව Android මෙහෙයුම් පද්ධති මගින් ජංගම දුරකථන තුලදී ක්‍රියාත්මක නොකරයි. ඊට හේතුව Android flash මතකයට ලියන වේගය ඉතා මන්දගාමී වීමයි. ඒ වෙනුවට Android මෙහෙයුම් පද්ධතිය මගින් RAM එත තුල ඇති දේ compress කර නැවත ගබඩා කර ගැනීම මගින් අවශ්‍ය ඉඩ සකසා ගනී. මීට සමාන ක්‍රමයක් Max OSX මෙහෙයුම් පද්ධති මගින් OSX 10.9 Mavericks පිටපතේ සිට භාවිතා කරනු ලබයි. මේ ක්‍රියාවලිය සදහාද සැලකිය යුතු කාර්්‍ය ප්‍රමාණයක් CPU එකෙන් වෙන් කල යුතු වේ.
තවද එලෙස compress කර නැවත ගබඩා කර ගැනීම මගින් අවශ්‍ය ඉඩ සකසා ගත නොහැකි වුවහොත් කලින් open කර තිබූ apps RAM එකෙන් ඉවත් කිරීමට සිදුවේ. එලෙස ඉවත් කල apps එකක් නැවත ආරම්භ කිරීමට එම app එක RAM එකේ තිබූ තවත් app එකක සිට එම app එකට මාරු වීටම ගත වන කාලයට වඩා සැලකිය යුතු කාලයක් ගත වේ.

iOS මෙහෙයුම් පද්ධති වල apps එකක් මගින් භාවිතා කරන RSS අඩු කර ගැනීම සඳහා ද ක්‍රමවේදයක් තිබුණද ඒ පිළිබද තොරතුරු Apple සමාගම විසින් හෙළි නොකරයි.

සාරාංශය

ඇත්තෙන්ම iOS මෙහෙයුම් පද්ධතිය Android මෙහෙයුම් පද්ධති වලට වඩා අඩු RAM එකක් භාවිතා කිරීමක් සිදු නොවේ. මෙහිදී සිදු වන්නේ iOS මෙහෙයුම් පද්ධතිය මගින් වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් පසුබිම යෙදුම් සමඟ කටයුතු කිරීම සඳහා සහ RAM එක කළමනාකරණය කර ගැනීමට යොදා ගැනීමයි. එමගින් iOS යෙදුම් Android යෙදුම් වලට වඩා වඩා හොඳ UI එකක් හා පරිශීලකයාට ඉතා පහසු වටපිටාවක් ලබාදේ.

Reference – http://www.androidauthority.com/android-ios-ram-memory-usage-744848/

               

About author View all posts

Kaveesha Baddage

I am keen on programming and passionate towards the field of DevOps. I am a tech enthusiast and like to share my knowledge with others.

4 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.