TechWire

iPhone 8 වෙනුවට iPhone X?

අතේ සල්ලි තිබ්බත් නැතත් අපේ බොහෝ දෙනෙක්ගේ සිහිනයක් තමයි iPhone එකක ආඩම්බරකාර හිමිකාරයෙක් වීම. අලුත් iPhone එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වගේම smart phone ගැන අවධානයෙන් ඉන්න ගොඩක් අය, සැප්තැම්බර් 12 වෙනිදා වෙනකන් නොඉවසිල්ලෙන් පසුවෙන්නේ. ඒකට හේතුව තමයි Apple සමාගම තම නව iPhone මාදිලිය එදිනට ලොවට හදුන්වා දෙනවා.

Apple Campusහි Steve Jobs  රංග ශාලාවේදී මෙම උත්සවය පවත්වනු ඇතැයි බවට දැනට වාර්තාවී තිබෙනවා. Apple සමාගමට මෙම වර්ෂය ඉතාමත් වැදගත්. එයට හේතුව වෙන්නේ ඔවුන් ප්‍රථමයෙන් iPhone model එකක් හදුන්වා දුන්නේ 2007දී වන නිසා. මේ අනුව iPhone දශක සැමරුම පාරිභෝගිකයාට නැවුම් අත්දැකීමක් ලබාදෙමින් සමරනු ඇතැයි කියා බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් යුතුව බලා සිටිනවා.  

බලාපොරොත්තු

ජංගම දුරකථන නිෂ්පාදනයේදී Apple සමාගමේ ප්‍රබලම ප්‍රතිවාදියා වෙන්නේ Samsung සමාගම. ඊට අමතරව චීන නිෂ්පාදකයන් වන One Plus, Huawei සහ Xiaomi යන සමාගම්  Apple සමාගමට හොඳ තරගයක් දීමට සැරසෙනවා. iPhone වලට එල්ලවන චෝදනාවන් තමයි මිල අධික වීම සහ මිලට සරිලන ලෙස විශේෂාංග  නොමැතිවීම. iPhone එකට වඩා මිලෙන් අඩු චීන නිෂ්පාදන වඩා ආකර්ෂණිය විශේෂාංග සමග පැමිණෙන බව අපිට පසුගිය දවස්වල දකින්න පුළුවන්වුනා. නමුත් ලැබුණු වාර්තාවන්ට අනුව Apple සමාගම නව iPhone එකත් සමග විප්ලවකාරී තාක්ෂණයකට පියමන් කිරීමට උත්සාහ කරනවා. ඒ අනුව සම්ප්‍රදායික lock screen එකකින් එපිටට ගොස්, හිමිකරුගේ මුහුණ හදුනාගැනීමෙන් දුරකථනය unlock කිරීමේ තාක්ෂණය, නව iPhone එක සමග පැමිණේයැයි අපි බලාපොරොත්තු වෙනවා.   

මෙම face recognition තාක්ෂණය Samsung සමාගමද Galaxy S8 මොඩලයට අඩංගු කලත් ජායා රූපයකින් උවද දුරකථනය unlock කිරීමට හැකිවීම නිසා Samsung සමාගම අන්තර්ජාලයේ උපහාසයට ලක්වුණා. Apple සමාගම මෙවැනි ගැටළු විසදන්නේ නව සංවේදක යොදාගෙන. ඒ අනුව ඔවුන් තම නව නිර්මාණයට 3D  face recognition සංවේදක සහ රාත්‍රියේදී ඔබගේ මුහුණ හදුනාගැනීම සදහා විශේෂ අධෝරක්ත සංවේදක එකතු කරගන්නවා. මීට අමතරව අලුත් iPhone එකේ screen එකද වඩා පිළිවෙල OLED screen එකකින් පාරිභෝගිකයාට පැමිණෙවී. මේ නිසා ප්‍රථම iPhone එක සිටම පැමිණි home button එක නව model එක සමග ඉවත්වෙනවා.

iPhone 8 වෙනුවට iPhone X ද එන්නේ?

මෙලෙස iPhone 8 පැමිණෙන කන් අප බලාසිටියදී Apple සමාගමෙන් විශ්මය දැනවෙන තොරතුරක් අද (2) පැමිණියා. ඒ අනුව ඔවුන්ගේ top model එක මේ වසරේදී වෙන්නේ iPhone X (ව්‍යහාරය iPhone ten ලෙස) කියන model එක. Apple සමාගම මෙම model එක හදුන්වාදෙන්නේ ඔවුන්ගේ දශකයක් වන iPhone ගමන සැමරීමට. දැන් ඔබට ප්‍රශ්නයක් ඇතිවෙනවා ඇති එතකොට iPhone 8 කියලා model එකක් එන්නේ නැද්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. iPhone 7 සහ 7s හි අනුගාමී models විදියට iPhone 8 සහ 8s ලෙස model දෙකකුත් නිකුත් වෙනවා. නමුත් ඒ models, entry level models ලෙස වෙළදපොලට පැමිණෙන අතර top model එක වෙන්නේ iPhone X.

අපි ඉහතදී සදහන්කල face recognition තාක්ෂණය iPhone Xට පමණක්ද, නැත්නම් iPhone 8 models වලටත් පැමිණෙයි ද කියලා දැන්ම වර්තාවෙන්නේ නැහැ. ඒ තොරතුරු දැනගන්න අපිට 12වෙනිදා වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ලැබෙන තොරතුරු අනුව අලුත් models වලට pre-orders මේ මාසේ 15 වෙනිදා සිට භාරගන්නවා. 22 වෙනිදා සිට deliveries පටන්ගනිවී, නමුත් අලුත් iPhone වල මිල ගැන නම් දැනට කියන්න බැහැ.    

      

About author View all posts Author website

Vidura Dantanarayana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.