TechWire

Introduction to Nano Technology – Part 2නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු – දෙවන කොටස

නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු – පළමුවන කොටස

හරිත නැණෝ තාක්‍ෂණය (green nano technology) ඔස්සේ සිදු කෙරී ඇති පර්යේෂණ මගින් හෙට ලොවට යහපත් පරිසරයක් බිහි කිරීමේ මාවත උදා වී තිබේ.

නිෂ්පාදන කි‍්‍රයාවලියන් උදෙසා අවම බලශක්තියක් යෙදවීම සහ සැමවිටම පාවිච්චියට ගැනීමෙන් පසු ඉවතලන දෑ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම, පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතය වැඩි වර්ධනය කිරීම සේම, බිලියන සංඛ්‍යාත වූ ලෝක ජනතාවට, නැණෝ තාක්‍ෂණ ක‍්‍රමවේද භාවිතයෙන් විෂබීජ, අපිරිසුදු දෑ ඉවත්කොට පෙරා, පිරිසිදු කළ පානීය ජලය ලබා දීම, ලෝකයේ මීලඟ කර්මාන්ත විප්ලවය වේ.
ද පැසිෆික් නොර්ත් වෙස්ට් නැෂනල් ලැබොරටරි (The Pacific North West Laboratory) මගින් සිදු කළ පර්යේෂණයක දී ආදේශක සිලිකා අංශු මගින් ජලයට මුසු වී ඇති විෂ කොටස් ඇඳගැනීම නිසා ජල මූලාශ‍්‍ර අපවිත‍්‍රවීමෙන් සිදුවන හානිය හා ජල දූෂණය වලක්වා ගැනීමට හැකි වී තිබේ.

මේ අනුව බලන කල වත්මන් සමාජ ප‍්‍රගමණය උදෙසා නැණෝ තාක්‍ෂණ ක‍්‍රමවේදයන් භාවිතා කිරීම තුළින් පරිසරය, සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට, සුවිශාල වූ ඉඩහසරක් ඇති කෙරෙමින් පවතින බව පිළිගැනීමට අප මැලිවිය යුතු නැත.

කාර්මික විප්ලවය ලෝකයටම ලබා දුන් එක් භයානක අතුරුඵලයක් වූයේ පිළිකා රෝගයයි. සාමාන්‍යයෙන් විවිධ රෝග පීඩා, අතුරු අන්තරා යනාදිය හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 58-65 අතර ප‍්‍රමාණයක් එක් වසරක දී මිය යති. සාමාන්‍යයෙන් මෙම මරණ අතුරෙන් 13% – 15% අතර ප‍්‍රමාණයකටම මරණ වරෙන්තුව වූයේ පිළිකා රෝගයයි. වර්ෂ 2015 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 09 ක් පිළිකාවෙන් මිය යන බවත්, වර්ෂ 2030 දී එම සංඛ්‍යාව මිලියන 11.4 දක්වා ඉහළ යන බවත් පෙන්වා දී ඇත්තේ 2006 ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුවය.

පිළිකා වර්ග හඳුනාගැනීම, නිරීක්‍ෂණය, නිවැරදි ඉලක්කයට ප‍්‍රතිකාර කිරීම නැණෝ තාක්‍ෂණ ක‍්‍රම හරහා පහසු වී තිබේ. වසරකට 15,000 පමණ පිරිසක් පිළිකා රෝගීන් බවට පත්වන අපේ රටට ද මෙම සොයා ගැනීම් හෙට දවසේ දී ආශිර්වාදයක් වනු ඇත.

පිළිකා වර්ග විශේෂයෙන්ම පිරිමින්ගේ, ෆොස්ටේ‍්‍රට් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකා හඳුනා ගැනීමට ප්‍රෝටීන් ආස්තරණය කළ (protein coated nano wires) නැනෝ වයර් යොදා ගැනේ. සාමාන්‍ය වෛරසයකට වඩා පස් ගුණයකින් කුඩා වූද ඉතා ශක්තිමත් සේද නූලක් බදු දීප්තිමත් සිලිකා විශේෂයකින් මෙම නැනෝ වයර් නිපදවා තිබේ.
පිළිකා ෙසෙලම ඉලක්ක කොට, අනෙකුත් ෙසෙල හා පටක වලට හානි නොවන පරිදි පහර දීමටත්, විනාශ කිරීමටත් හැකියාව ඇති, නැනෝ ෂෙල්ස් (nano shells) නමැති පිළිකා ෙසෙල ඉලක්ක කොට විනාශ කර දැමීම නූතන ක‍්‍රමවේදය වර්තමානයේ අප අත්දකින තවත් එක් නැණෝ හාස්කමකි.

nanotubes

මීට අමතරව පිළිකා මර්ධන ප‍්‍රතිකාර ක‍්‍රමයේ දී විශිෂ්ඨතම නැණෝ තාක්‍ෂණික භාවිතය බවට පත් වී ඇත්තේ කාබන් නැණෝ ටියුබ්ස් (carbon nano tubes) ඇසුරෙන් සිදු කරනු ලබන ප‍්‍රතිකර්මයයි. කාබන් නැණෝ ටියුබ්ස් වර්ග තුනකි. එකක් තනි බිත්තියේ කාබන් නැණෝ ටියුබ්ස් ය. (single wall carbon tubes) අනෙක් වර්ග ද්විත්ව සහ බහු ස්ථර කාබන් නැණෝ ටියුබ්ස් ය. (multi walled carbon tubes) සිලින්ඩාකාර හැඩැති මේවා සුවිශේෂි විද්‍යුත් හා තාප සන්නායක ගුණාංගයන්ගෙන් හෙබි ඉතා ශක්තිමත් නැණෝ කාබන් ටියුබ්ස් වීම නිසා, නිවැරදිව පිළිකා ෙසෙලයටම පහර දී ඒවා විනාශ කිරීම සඳහා පාවිච්චි කරනු ලබයි. පිළිකා නාශක ඖෂධ වර්ග ඒ කරා රැුගෙන යෑමට වර්තමානයේ දී නැණෝ කාබන් ටියුබ්ස් භාවිත කෙරේ.

Image Credits

http://upload.wikimedia.org/wikipedia/commons/5/53/Types_of_Carbon_Nanotubes.png, Juan Lobo

About author View all posts

Jayantha Wijesinghe

Course Director, Institute of Supply and Materials Management.

2 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.