TechWire

Introduction to Microcontrollers

ඔබගේ නිවසේ මේ වන විට පරිගණක(Computers) කීයක් තියෙනවද? එහෙම නැත්නම්, ඔබ එදිනෙදා ජීවිතයේදී පරිගණක කීයක් භාවිතා කරනවාද? මම මේ ප්‍රශ්නය ඔබෙන් ඇහුවොත් ඔබේ උත්තරය මොකක්ද?

ඔබ ඇතැම් විට පිළිතුරු දෙයි, මම භාවිතා කරන්නේ Laptop එක විතරයි. එහෙම නැත්නම් Laptop එක සහ Desktop Computer එක විතරයි යනුවෙන්. නමුත් මම ඉතාම විශ්වාසයෙන් කියන්නේ, ඔබේ පිළිතුර වැරදියි. ඔබ නොදන්නවා වුනත් ඔබ අතේ බඳින Digital ඔරලෝසුව පරිගණකයක්. ඔබ නොදන්නව වුනත් ඔබේ දුරකථනය, ගණක යන්ත්‍රය(Calculator), නිවසේ ඇති WiFi Router එක ආදී බෙහොමයක් ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක.

ඔබ සාමාන්‍ය ජීවිතයේදී පරිගණක ලෙස හඳුන්වන උපකරණ වන Desktop පරිගණක, Laptop පරිගණක වගේම Notebook, Smart Phone, Tablets වලට කියන්නේ පොදු කාර්‍ය පරිගණක (General Purpose Computers) කියලා. මම මීට පෙර සඳහන් කරපු අනෙක් පරිගණක හඳුන්වන්නේ Embedded Systems(නිහිත පද්ධති) කියලා. පොදු කාර්‍ය පරිගණක සහ Embedded Systems අතර තිබෙන ප්‍රධානම වෙනස ඔබට හිතන්න පුලුවන්ද? ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පෙර Embedded Systems ඔබේ ජීවිතයට කොතරම් සමීපද යන්න පැහැදිලි වෙන්න පහත රූපය ඉදිරිපත් කරන්නම්. මේ රූපයෙන් පෙන්වන්නේ නවීන මෝටර් රථයක Embedded Systems භාවිතා වන කොටස් කිහිපයක්.

නවීන මෝටර් රථයක Embedded Systems භාවිතා වන අවස්ථා.

නවීන මෝටර් රථයක Embedded Systems භාවිතා වන අවස්ථා.

මේ පරිගණක වර්ග දෙක අතර තිබෙන ප්‍රධානම වෙනස තමයි, පොදු කාර්‍ය පරිගණක වලින් පරිශීලකයාට අවශ්‍ය පරිදි අවශ්‍ය කර්‍යය කරගන්න පුලුවන් වීම සහ Embedded Systems යම් නිශ්චිත කාර්‍යයක් සඳහාම නිපදවා තිබීම. අත් ඔරලෝසුවෙන් කරන්නේ වෙලාව පෙන්වන එක විතරයි. ගණක යන්ත්‍රය‍ෙන් කරන්නේ ගණිත කර්ම විතරයි. ඔබට අවශ්‍ය විදිහට ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. සරලවම කියනවනම් ඔබට කරන්න පුළුවන් එම උපකරණ වලට Input එකක් දීම සහ Output එකක් ගැනීම විතරයි. ඒ අතර සිදුවන ක්‍රියාවලිය ඔබට පාලනය කරන්න බැහැ. එහෙත් General Purpose Computers වල අපට ඒ අතර සිදුවන ක්‍රියාවලිය පාලනය කරන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා තමයි C, Java, C++, C#, Python වගේ Programming Languages(ක්‍රමලේඛ භාෂා) භාවිතා කරන්නේ.

විවිධ Programming Languages වර්ග

විවිධ Programming Languages වර්ග

මේ පරිගණක වර්ග දෙකේ ඉහත සඳහන් කරපු වෙනස්කම ඇතිවෙන්න හේතුවන උපාංග දෙකක් තිබෙනවා. General Purpose Computers වල භාවිතා වන Processor එක සහ Embedded Systems වල භාවිතා වන Microcontroller තමයි ඒ උපාංග දෙක. මේ උපාංග දෙකේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහතින් සඳහන් කරන්නම්.

Processors Microcontrollers
මිල ඉතා අධිකයි. මිල ඉතා අඩුයි.
විදුලි පරිභොජනය අධිකයි. සුළු විදුලි පරිභෝජනයක් ඇත.
RAM, ROM, I/O Ports පිටතින් සම්බන්ද කළ යුතුයි. RAM, ROM, I/O ports වෙනම සම්බන්ද කළ යුතු නැත. අභ්‍යන්තරයේම ඇත.
පරිශීලකයාට අවශ්‍ය කාර්‍යයන් ඉටු කර ගැනීමට සකසා ඇත. එක් නිශ්චිත කාර්‍යයක් පමණක් ඉටු කර ගැනීමට සකසා ඇත.

 

RAM, ROM, I/O Ports පිළිබඳව දැනුමක් ඔබට ඇතැම් විට නැති විය හැකියි. ඉදිරි ලිපි වලදී ඒ පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැකියි. ඉහතින් සඳහන් කරපු මූලික දැනුම ඔබට ඉදිරි ලිපි වලදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් ඉතා වැදගත් වේවි.

මින් ඉදිරියට ඇති ලිපි වලදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ Microcontrollers පිළිබඳව පමණයි. ආරම්භයක් ලෙස ඔබට වැඩිදුර අධ්‍යනය සඳහා දැනට ලෝකයේ බහුලවම භාවිතා වන Microcontrollers වර්ග දෙක පහතින් දක්වන්නම්.

  • Atmel
  • PIC
Atmel වර්ගයේ මෛක්‍රොෙකොන්ට්‍රෝලයක්.

Atmel වර්ගයේ මෛක්‍රොෙකොන්ට්‍රෝලයක්.

 

About author View all posts

Lasitha Yapa Bandara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.