TechWire

‘හෑෂ්ටැග’ සහ ‘සඳහන් කිරීම්’

දිගු නිහැඬියාවකින් පසු මේ උත්සාහය අපගේ සුපුරුදු ප්‍රාදේශීයරණ ලිපි පෙළින් මඳක් බැහැර වී, වෙනස් නමුත් කාලීන මාතෘකාවක් වෙත අවධානය යොමු කිරීමටයි. අද අපගේ බලාපොරොත්තුව අන්තර්ජාලය පරිහරණය කරන ඔබ අප සැවොම නිසැකයෙන්ම දැක ඇති ‘හෑෂ්ටැග’ සහ ‘සඳහන් (mention) කිරීම්’ ගැන කෙටි නමුත් පැහැදිලි විස්තර කිරීමක් ඉදිරිපත් කිරීමටයි. මෙම පහසුකම් දෙකම හඳුන්වාදුන් ප්‍රථම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන්නේ twitter අවකාශයයි. ඉතාමත් සරල මාතෘකාවක් ලෙස බැලු බැල්මට පෙණුනද, තවමත් මෙම විශේෂාංග දෙකෙහි නිවැරදි භාවිතය නොදන්නා ශ්‍රී ලාංකික පරිශීලකයින් අප්‍රමාණව අප දැක ඇත. මේ ලිපිය ඔවුන් වෙනුවෙනි.

twitter ගිණුමක් සහිත ඕනෑම අයෙකුගේ පරිශීලක නාමය (username) ට ඉදිරියෙන් @ ලකුණ යෙදීමෙන් අදාළ පරිශීලකයාව සඳහන් (mention) කළ හැකිය. Facebook ජාලයේ සඳහන් කිරීම ක්‍රියාත්මක වන්නේ @ ලකුණට පසුව අදාළ පුද්ගලයාගේ (හෝ පිටුවේ) නම සඳහන් කිරීමෙන් වන අතර Facebook හි මෙම විශේෂාංගය twitter හිදී ට වඩා තරමක් නම්‍යශීලී ය. Google+ ජාලය තුලදී නම් පරිශීලක නාමය (username) ට ඉදිරියෙන් @ ලකුණ හෝ + ලකුණ යෙදීමෙන් අන් අයෙකුව සඳහන් කළ හැකිය.

එවිට එසේ සඳහන් කිරීමට ලක්වූ පරිශීලකයාට, තමන්ගේ නම අන් තැනක සඳහන් වූ බවට පණිවිඩයක් ලැබේ. සඳහන් (mention) කිරීමේ මූලික පරමාර්ථය ද එසේ පණිවිඩයක් ලැබීමට සැලැස්වීමයි. යම් සඳහන් කිරීමක් එබූ පසු ඔබට සඳහන් කිරීමට ලක්වූ අයගේ ගිණුමට ඍජුවම යා හැකිය. මෙය හෑෂ්ටැගයන් සමග පටලවා ගැනීම සිදු නොකළ යුතුයි.

හෑෂටැගය ඊට වඩා මදක් වෙනස්වන අතර එහි කෘත්‍යය සඳහන් (mention) කිරීමට වඩා සපුරා වෙනස් ය. සමාජ ජාලයක ඔබ පළකරන ඕනෑම ට්වීට් පතක හෝ පෝස්ටුවක, යම් වචනයකට ඉදිරියෙන් # ලකුණ යෙදීමෙන් සරලවම අදාළ වචනය හෑෂ්ටැගයක් බවට පත්කළ හැකිය.

මෙම හෑෂ්ටැගයන්ගේ හැසිරීම, මූලිකවම බ්ලොග් අඩවි වල ඇති ‘ටැග’ වල හැසිරීමටම සමානය. මෙය වර්ගීකරණ මෙවලමකි. යම් හෑෂ්ටැගයක් එබූ පසු ඔබට එම හෑෂ්ටැගය එල්ලා ඇති සියලුම (පොදු) පළකිරීම් දැකගත හැකිය. මෙය ඉතා ප්‍රයෝජනවත් විශේෂාංගයකි. හෑෂ්ටැග භාවිතය ඔබේ ලියමන් වඩාත් හොඳින් බාහිර සමාජයට නිරාවරණය කරවයි. කාලයක් තිස්සේ twitter අඩවිය එහි පරිශීලකයින්ගේ වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකා (trending topics) සෙව්වේ ද මෙම හෑෂ්ටැග උපකාරයෙනි.

ඔබේ පහසුව තකා මෙම විශේෂාංග දෙකට අදාළ මූලික කරුණු ලැයිස්තුවක් ලෙස පහත දක්වා ඇත.

 

සඳහන් කිරීම

  • පරිශීලක නාමයට (හෝ නමට) ඉදිරියෙන් @ ලකුණ (හෝ + ලකුණ) යෙදිය යුතුය.
  • සඳහන් කිරීමට ලක්වූ තැනැත්තා හට ඒ බවට ස්වයංක්‍රීය දැනුම්දීමක් ලැබේ. (විශේෂ අවස්ථා වලදී හැර.)
  • සඳහන් කිරීමේ වචනයක් එබීමෙන් ඔබට සඳහන් කිරීමට ලක්වූ අයගේ පැතිකඩ (profile) වෙතට පිවිසිය හැකිය.

 

 හෑෂ්ටැගය

  • ටැග් කළයුතු වදනට ඉදිරියෙන් පමණක් # ලකුණ යෙදිය යුතුය.
  • විරාම ලකුණු තිබිය නොහැකිය.
  • ටැග දෙකක් අතර හිස්තැනක් තැබිය යුතුය.
  • එකම ලියවිල්ලක එකම හෑෂ්ටැගය දෙවරක් භාවිත කළ නොහැකිය. (එය හෑෂ්ටැගයේ අර්ථදැක්වීමට විරුද්ධ ය.)
  • හෑෂ්ටැගයක් එබීමෙන් ඔබට අදාළ හෑෂ්ටැගය ඇතුළත්වන සියලු පොදු ලිපි/ ට්වීට් පත් දැකගත හැකිය.

 

පුද්ගලික පණිවිඩ වලදී පවා මෙම පහසුකම් දෙක ක්‍රියාත්මක වන්නේ twitter ජාලයේ පමණි.

Screen Shot 2015-12-05 at 7.24.02 AM

මෙම විශේෂාංග දෙකම සමාජ ජාල විසින් හඳුන්වා දී ඇත්තේ පරිශීලකයින්ගේ අත්දැකීම පහසු කරවීමට මිස තම ලියවිලි අලංකරණය සඳහා නොවේ. බොහෝවිට හෑෂ්ටැගය ගණිකා වෘත්තියේ යොදවන්නේ twitter පරිශීලකයන් නොව Facebook ගිණුම් හිමියන් ය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික මිනිස් අයිතීන් ඉහළින් ක්‍රියාත්මක වන අන්තර්ජාලය වැනි පරිසරයක “මෙහෙම ලියන්නට එපා!” යැයි කීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එසේ වුවද, ඉහත ආකාරයේ රචනයන්ගේ අඩංගු වන්නේ හෑෂ්ටැගයේ නියම භාවිතාව නොවන බවට පාඨකයා දත යුතුය.

 අන් තැනක ලියැවුණු උපහාසාත්මක ලිපියක්: ඔපීසියල් කොමෙන්ටුවකි… © කොපි කිරීමෙන් වලකින්න

 

මෙම ලිපිය අනවශ්‍ය ලෙස දික්ගැස්සීමට බලාපොරොත්තු නොවන අතර ඔබට මතුවූ ඕනෑම පැනයකට හෝ අදහසකට ප්‍රතිචාර පෝරමය විවෘතය.

About author View all posts Author website

Chevindu Wickramathilaka

Walking is his favorite mode of travel and, comics are his favorite type of books. He can talk all day if needed and, stay silent all day if needed.
He keeps his friends close, his books closer.

3 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.