TechWire

අයියෝ.. ආවේ නැද්ද? – Google IO Extended 2017 Sri Lanka

Google සමාගම විසින් වාර්ෂිකව පවත්වන Google IO සමුළුවේ  keynote speech එක ගැන මිට පෙර ලිපියක් පළවුණා. ඊට සමගාමීව ලංකාවෙත් සමුළු දෙකක් පැවැත්වුණා. මේ event එක නම් කරල තිබුණේ  Google IO Extended 2017 කියල. මේ වගේ extended events ගොඩක් තියෙනවා ලෝකේ පුරා. එත් ලංකාවේ තියෙන event වැඩි සහභාගිත්වයක් තියෙනවා. මෙවර Dialog සහ GDG Sri Lanka එකතුවෙලා කරපු event එක ගැන තමයි මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Registration වුනේ මෙහෙමයි

මෙවර සිංහල දෙමල අලුත් අවුරුදු දවසෙ වැඩ අල්ලන්න තමයි Google IO Extended 2017 Sri Lanka එකට registration open කරේ. ගිය අවුරුද්දේ වගේ මේ පාරත් rsvp.lk තමයි registration partner විදියට ඒ වැඩේට අත ගැහුවෙ. හැබැයි මීට කලින් TimeTrek කියල puzzle එකක් release කරා. ඒක සාර්ථකව ඉවර කරපු අයට කලින්ම invitation ලැබුණා.

Bot Challenge අලුත් වැඩක්

පසුගිය අවුරුදු වල Extended event වල hackathon තමයි feature competition එක වුණේ. නමුත් මෙවර ඒක වෙනස් මුහුණුවරක් ගත්ත. මෙවර තිබ්බෙ Bot Challenge එකක්. ලංකාවට නම් මේක ටිකක් අලුත් අත්දැකීමක්. Chromium Collision කියල තමයි මේ competition එක නම් කරලා තිබ්බෙ. Google IO Extended event එක දවසේ දවල් තමයි competition පටන් ගත්තෙ. BMICH එකේ සිරිමාවෝ පරිශ්‍රයේ තමයි bot challenge එක තිබ්බෙ. මේකෙදි කරන්න තිබ්බේ team එක විසින් හදපු රොබෝව මගින් තවත් ප්‍රතිවාදී රොබෝ කෙනෙක් එක්ක fight කරන එක. අපි දන්න කියන wrestling පොර පිටියක් වගේ තමයි මේකත්. ලොකු රවුම් stage එකක් උඩ robot දෙන්නට  fight කරන්න තියෙන්නෙ. මේ සඳහා විනාඩි 3ක කාලයක් දුන්නා. මුලින්ම ප්‍රතිවාදී රොබෝව එළියට වට්ටන රොබෝ තමයි තරගයේ ජයග්‍රාහකයා වුණේ.


ඊට අමතරව එම පරිශ්‍රයේ IT ලෝකය හා සම්බන්ධ ආයතනවල stoles තිබ්බ. එමගින් එම ආයතනවල විස්තර ඕන කෙනෙක්ට අහල දැනගන්න අවස්ථාව ලැබුණ. IT ක්ෂේත්‍රය ගැන සෙවිල්ලෙන් ඉන්න අයට නම් ඒ අවස්ථාව ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති.

Main conference එක

Main conference එක පටන් ගන්න කලින් නම් දිග පෝලිමක් පටන් ගත්ත. මේ පාර queue හදල තිබ්බෙ t shirt size එක අනුව. ඒක නිසා වැඩි වෙලාවක් නැතුව ඉක්මනට ඇතුලට යන්න පුලුවන් වුණා. 7ට විතර තමයි event එක පටන් ගත්තෙ Electro doctorsලගෙ අලුත් music එකකින්. ඒ melody එක Google IO Extended 2017 Sri Lanka event එකටම හදපු එකක්. ඉන්පසු Dialog වෙනුවෙන් රොෂාන්ත ගඩිආරච්චි මහතා විසින් ආරම්භක කතාව පැවැත්වුවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ Google හි අලෙවි උපදේශක ප්‍රශාන්ත බාලක්‍රිශ්නම් මහතා  විසින් Google හා ලංකාව ගැන අපි නොදත් තොරතුරු හෙලිකලා.

මෙතෙක් කල් GDG Sri Lanka විසින් කරපු වැඩ ගැන කතා කලේ තාරක සහ මිකෙලා. ගිය අවුරුද්දේ ඉදන් මේ වෙනකන් ලංකාවේ IT දැනුම වැඩි කරන්න ඔවුන් විසින් විශ්ව විද්‍යාල මට්ටමින් හා පාසල් මට්ටමින් ගත්ත උත්සාහය සහ කරපු වැඩ කටයුතු ගැන තමයි ඔවුන් කතා කරේ.

Ballerina

ලංකාවේ Software Enginnersල ගැන කතා කරාම මුලින්ම මතක් වෙන නම් අතරින් කියවෙන WSO2 ආයතනයෙහි සම නිර්මාතෘ ආචාර්ය සංජීව විරවර්ණගේ කතාව තමයි tech talks වලින් තිබ්බ පළමු කතාව. එහි මාතෘකාව වුණේ ඔවුන්ගේම අලුත් නිෂ්පාදනයක් වන රටටම ආඩම්බරයක් ගෙන දුන් අලුත් පරිගණක ක්‍රමලේඛ භාෂාවක් වන බැලරිනා ගැන. එහි සිංහලෙන් වගේම දමිළ භාෂාවෙන් code කරන්න තිබෙන හැකියාව අහල හැම කෙනාම අමන්දානන්දයට පත් වුණා. ඒ වගේම එහි තිබෙන සුවිශේෂී අංග ගැන හැමෝටම දැනගන්න ලැබුන. WSO2 වෙනුවෙන් සමීර ජයසොමත් මෙහිදී twitter query ගන්න program එකක් වගේ තවත් දේවල් කීපයක් ඉදිරපත් කරා.

ඉන් පසු තිබ්බෙ විනෝදාත්මක විශේෂාංගයක්. රටම අඳුරන සිරිල් අයියගේ විශේෂාංගයක් තමයි ඊළගට තිබ්බෙ. ඒකත් එක්කම රාත්‍රී භෝජනය තමයි ඊළගට තිබුනෙ. ඒ අවස්ථාවේ Electro doctorsලගෙ Dj එකකට කන් දෙන්නත් හැමෝටම හැකි වුණා.

කංඡායුධ හා Arimac Lanka

ලංකාවේ හැමෝම කතා වුණු කන්ඡායුධ ගැන කතා කරන්න තමයි ඊළගට වේදිකාව විවෘත වුණේ. Arimac Lanka හි ප්‍රධාන විධායක චමීර ජයසිංහ තමයි කන්ඡායුධ කතාව කිව්වෙ. ඊට අමතරව ඔවුන් කරන project ගැනත්, ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැනත් ඇවිත් හිටපු අය දැනුවත් කරා. අවසානයේදී ඔහු කියපු දෙයක් ගැන මේ ලිපියෙත් සටහනක් තබන්න හිතුව. “ රට ගිහින් ඉන්න හැමෝම ලංකාවට ඇවිත් අපේ රට දියුණු කරන්න එකතු වෙන්න.”


GSMA Ecosystem Accelerator Fund එක කියන්නෙ අප්‍රිකාව සහ ආසියාව තුළ start up වලට මුදල් ලබා දෙන වැඩසටහනක්. ඒ ගැන විස්තර කියන්න Google IO Extended 2017 Sri Lanka event එකට මැක්සිම් බැයෙන් එකතු වුණා.

Keynote livestream එක

Google IO Extended 2017 Sri Lanka event එකේ ප්‍රධානම අංගය වුණ Google IO 2017 keynote එක livestream කරන වෙලාව තමයි ඊළගට එළඹුණේ. රාත්‍රී 10.30ට වගේ තමයි Google සමාගමේ CEO සුන්දර පිචායි මහතා විසින් keynote එක පටන් ගත්තෙ. ඒ ගැන විස්තරයක් පෙර ලිපියකින් දැනුවත් කරා.
පැය දෙකක දීර්ඝ කතාවකින් පස්සේ හෙම්බත් වෙලා හිටපු අයට විනෝදජනක අවස්ථාවක් දෙන්න තමයි ඉරාජ් ඇතුළු පිරිස වේදිකාවට ආවේ. නමුත් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම්වලට ප්‍රේක්ෂකයන්ගෙන් නම් වැඩි කැමැත්තක් තිබ්බ බවක් පෙනුනේ නෑ.

Chromium Collision bot challenge එකේ ජයග්‍රාහකයින්ගේ අවස්ථාව තමයි ඊළගට තිබුණේ. ඔවුන් වෙනුවෙන් මුදල් ත්‍යාග තමයි පිරිනැමුණේ.

ඉතුරු techtalks

Google Cloud Platform කියන්නෙ developersල අතර බොහොම ජනප්‍රිය platform එකක්. මේ ගැන අලුත් දේවල් කියලා දෙන්න තමයි මිකා ඉගරාශී වේදිකාවට ආවේ. ඉන් පස්සේ වේදිකාව විවෘත වුණේ Ideamart හි Shafraz Rahimට. Start up වගේම Idemart හි සාර්ථකත්වය ගැන කතා කරන්න ඊළගට වේදිකාවට අවේ කසුන් විතානාරච්චි.

මේ සේරම කතා ඉවර වුනාට පස්සෙ හැමෝගෙම නිදිමත නැති කරන්න ලොකු අකුණක් ගැහුවා. ඒ තමයි අකුණු බෑන්ඩ් එක ඇවිත් කරපු අලුත් දේවල් ටික. එකටනම් ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු උනන්දුවක් තිබ්බ බවක් පෙනුණා.

Dialog විසින් හඳුන්වා  දුන් අලුත්ම mobile application එක, Yonder Music මහජනතාවට හඳුන්වා  දීම තමයි ඊලග අංගය වුණේ. අලුතින් කරලියට ආපු Cake Labs ආයතනය මගින් තමයි ඊලග techtalk එක තිබ්බෙ. Full stack engineering ගැන සහ ඔවුන්ගේ system ගැන හඳුන්වාදීමක් තමයි වුණේ. හසිත ලියනගේ තමයි ඒ speech එක කරේ. ඊට පස්සේ SLASSCOM වෙනුවෙන් ශෙවාන් තමයි අදහස් දැක්වුවේ.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් Google IO Extended 2017 Sri Lanka eventදී වුණා. ඒ තමයි  භාෂා  වෙනුවෙන් ලබාදුන් අවස්ථාවේදී “හෙළකුරේ පරිගණකාගමනය”, එහෙම නැත්තම් හෙළකුරු Google Chrome සඳහාද හඳුන්වාදීම. මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක් වුණා.

ඒ වගේම අපේ රටේ නිර්මාණයක් වුණු Pick Me ගැන කියන්නත් Google IO Extended 2017 Sri Lanka වේදිකාව වෙන්වුණා.

මේ වගේ ගොඩක් වටින techtalks ගොඩක් තිබ්බ සාර්ථක event එකක් විදියට කියන්න පුළුවන්. කෑම බීම ගැන නම් ආපු අයගේ එච්චර හොඳ පැහැදීමක් තිබ්බෙ නෑ. කන බොන දේ ගැන වැඩිය නොහිත ආව වැඩේ ගැන හිතපු අයට නම් Google IO Extended 2017 Sri Lanka event එක ගොඩක් දැනුම, තෑගි වගේම tech world එකට ලොකු motivation එකක් ලැබුණු event එකක් කියල කියන්න පුළුවන්.

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *