TechWire

Google I/O 2017 Keynote

keynote

Google IO Keynote එක කියන්නෙ වාර්ෂිකව Google විසින් පවත්වන conference එකක්. ඒකෙදි තමයි ඉදිරි දේවල් ගැන ලෝකයට එළිදක්වන්නේ. Google එකේ CEO සුන්දර් පිචායි ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මෙහි අදහස් දැක්වීම හා අලුත් දේවල් ගැන කියන්නෙ. මෙහි දී Google ගැන අලුත් දේවල් රැසක් එළි වුණා වගේම අලුත් තොරතුරු කියවුණා.

Google Drive සඳහා මිලියන 800ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Photo සඳහා මිලියන 500ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Assistant සඳහා මිලියන 100ක පරිශීලක ප්‍රමාණයක් ඇති බව හෙළි වුණා. ඊට අමතරව දිනකට බිලියන 1.2ක් ඡායාරුප upload වන අතර Google Maps මගින් දිනකට සැතපුම් බිලිනයක් පමණ navigation කරන බවත් දිනකට YouTube මගින් පැය බිලියනයක video බැලීමක් සිදුවෙනවා.
දැන් අපි බලමු google විසින් මෙවර හඳුන්වාදෙන අලුත් දේවල්.

Smart Replies

smart-repliesAI එහෙම නැත්තම් Artificial Intelligence භාවිත කරලා තමයි මේ පහසුකම Gmail සඳහා ලබාදෙන්න හදන්නෙ. මේකෙදි වෙන්නෙ Gmail එකට එන email එක analyze කරලා එකට ගැලපෙන reply කීපයක් ලබාදෙන එක. ඉන් එකක් තෝරන්න තමයි userට තියෙන්නෙ. මෙයින් userගෙ කාලය ඉතුරු කර දෙන එක තමයි බලාපොරොත්තුව වෙන්නෙ.

Google Lens

google-lens

2017 Google Keynote එකේදී කියවුණු සුවිශේෂී අංගයක් තමයි Lens කියන්නෙ. Camera එකෙන් ලබාගන්න image එක analyze කරලා වැදගත් තොරතුරු ලබාදෙන්න Google Lensට පුළුවන්. Wifi router එකක details තියෙන තැනට camera එක ඇල්ලුවම network එකට ඉබේ connect වෙන්න පුලවන් මේ app එකෙන්. ඒ වගේම restaurant එකක ඉස්සරහ scan කලාම එහි විස්තර ගන්න වුණත් පුළුවන්. Google Lens කියන app එක Google Assistant සහ Google Photo එක්ක integrate කරලා තියෙන්නෙ. එකෙන් තවත් වාසි ගොඩක් userට ලැබෙනවා.

TPU upgrade සහ Google.ai

TPU

TPU එහෙම නැත්තම Tensor Processing Unit කියන්නෙ Artificial Intelligence සම්බන්ද වැඩවලට Google විසින් නිර්මාණය කරපු processor එකක්. මේක හඳුන්වදුන්නේ ගිය අවුරුද්දෙ. මේ අවුරුද්ද වෙනකොට තවත් වැඩිදියුණු කරලා මේ TPU. මෙවර ඔවුන් හඳුන්වාදීලා තියෙන්නෙ Cloud TPU chips. මේ සමගම machine learning modelවල වැඩ කරද්දී පෙටා ෆ්ලොප් 11.5ක පමණ අධික අගණන හැකියාවක් ලබාදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතා අසීරු AI ඇල්ගොරිතම ධාවනයට මෙමගින් පහසුව සැලසෙනවා. TensorFlow කියන machine learning library එකත් එක්ක වැඩ කරන්න මේ නවතම දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වන බව තමයි අදහස.

Google විසින් කරන machine learning හා AI පරීක්ෂණ සම්බන්ද කරමින් තමයි google.ai හඳුන්වාදෙන්නේ. මෙහිදී සුන්දර් පිචායි විසින් හෙළි කරපු දෙයක් තමයි ඉදිරියේදී මේ තාක්ෂණ සියල්ල කැටි කර වෛද්‍ය විද්‍යාවට නව පණක් ලබාදෙන බව. විශේෂයෙන්ම digital pathology (ව්‍යධිවිද්‍යාව) සඳහා machine learning භාවිතය. DNA sequencing වල නිරවද්‍යතාව වැඩි කිරීමත් මෙහි ප්‍රධාන කරුණක්. එමගින් ජානමය වශයෙන් පැවත එන රෝග හඳුනාගැනීමත්, පිළිකා හඳුනාගැනීමත් විශේෂ වෙනවා.

 Google Assistant

මෙහිදී කියවුණු සුවිශේෂී දෙයක් වුණේ iPhone සඳහා google assistant හඳුන්වාදීමයි. අලුතින් හඳුන්වාදුන් Google Lens සමග නොදන්නා භාෂාවක sign එකක් තිබ්බොත් එය හඳුනාගෙන ඒ ගැන විස්තර ලබාදීමත් සිදුවේවි. එකම device එකේ විවිධ පුද්ගලයන්ගේ හඩ හඳුනාගෙන වැඩ කරන්නත් පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි Google Assistant SDK එක ඕනෑම නිෂ්පාදන සමාගමකට විවෘත කරලා තිබෙනවා ඔවුන්ගේ නිෂ්පදන සමග ක්‍රියාකරවන්න. ඉදිරියේදී තවත් භාෂා කීපයකින් හඳුන්වාදෙන බවත් මෙහිදී කියවුණා.

Google Home

අලුත් features විදියට userගේ calendar එක අනුව user ඊළගට යන්න තියෙන තැන්වල traffic alert එකක් දෙන්න Google Home ට පුළුවන්. ඊලඟ අලුත්ම හඳුන්වාදීම තමයි phone calls. මෙය දැනට ඇමරිකාව හා කැනඩාවට නොමිලේ ලබාදෙන බව තමයි කියවුණේ. Soundcloud වගේ සංගීතමය සේවාවන් ළඟදීම මෙයට අන්තර්ගත කරන බවත් මෙහිදී කියවුණා.

Google Photos

Google photos සඳහා අලුත් features 3ක් ඇතුලත් වෙලා තිබෙනවා. මෙහි පළමු feature එක තමයි Suggested Sharing කියන පහසුකම. මෙහිදී collection එකෙන් හොඳම photos වෙන්කරගන්නවා. මෙයට අදාල වෙන්නෙ share කිරීම සිදු කරන friend ඉන්න photo. ඊට අමතරව එකම event එකට තව යාලුවෙක් සහභාගී වෙලා නම් ඒහා සම්බන්ද photos පවා share කරන්න කියල suggest වෙනවා.

ඊළඟ feature එක තමයි Shared Libraries කියන්නෙ. වෙන කෙනෙක්ගේ photos ඔබ ගව තිබෙනවා නම් ඉබේටම ඒවා එම පුද්ගලයට share කරන්න කියල google photos මගින් කියනවා .

අවසන් feature එක තමයි Photo Books කියන එක. එමගින් ඔබේ photo album එකේ තියෙන හොඳම photos එකතු කරලා album එකක් හදල දෙනවා.මෙය print කරලා ගෙදරට ගෙන්න ගන්නත් පුලවන්. හැබැයි දැනට ඇමරිකාවට පමණක් සිමා වුනත් ළඟදීම ලෝකයටම එය විවර වෙයි. ඒ වගේම machine learning භාවිතය මගින් photo book හදන්න ඉදිරියේදී පියවර ගන්න බවත් කියවුණා.

google-photos

YouTube 360 and Super Chats

මෙහිදී YouTube userට 360 videos එකක් ගන්න පුළුවන්. මේ සඳහා YouTube app එක හා gaming console හෝ smart tv එක භාවිත කරන්න පුළුවන්. Video එක play කරලා remote එකෙන් ඕන දිශාවට navigate වෙන එක තමයි කරන්න තියෙන්නෙ.

Super chat කියල හඳුවදිල තියෙන්නෙ commercial වැඩක්. Celebritiesල හරි YouTube content creator කෙනෙක් හරි livestream එකක් කරද්දී තමන්ගෙ message එක comments වල උඩටම යවන්න ඕන නම් යම් මුදලක් ගෙවල ඒ දේ කරන්න පුළුවන්. එතකොට livestreamer ට ඔබේ message එක miss වෙන එකක් නෑ.super-chats

Android O

Android විසින් හඳුවදීමට නියමිත අලුත් සංස්කරණය ගැනත් ඉඟියක් පළවුණා. ඒ තමයි Android O. මෙහි O කියන්නේ Oreo හෝ Oatmeal ලෙස මත පළ වුණත්, තවම ඒ ගැන නිල ප්‍රකාශයක් වෙලා නැහැ. මෙය beta version එකක් විදියට release කරල තිබෙන්නෙ. මෙහිදී ඔවුන් හඳුන්වාදෙන අලුත් features දෙකක් තියෙනවා. ඒ fluid experience හා vitals.

Fluid Experience

මෙහිදී වෙන්නෙ වෙන app එකක් භාවිත කරන ගමන් YouTube video එකක් බලන්න පුළුවන් වීම. එකෙන් screen එකේ පොඩි කොටුවක් විදියට video එක play වෙන්න දාන්න පුළුවන්.

picture-on-picture

Vitals

අලුත් feature එකක් විදියට play store එකටම Google Play Protect කියන එක add වෙනවා. එමගින් play store එකට ගියාම apps වල virus හෝ වෙන අවුලක් හෝ තියෙද කියල දන්වනවා. හැමදාම හැම app එකම Google විසින් scan කිරීම මේ හරහා වෙනවා.protect

Android Go

අලුත් device එකක් තමයි Android Go කියන්නේ. මෙය වෙළඳපොළට 2018දී පමණ තමයි එන්න නියමිත. මෙහිදී අඩංගු වෙන්නෙ Android O OS එක, අඩුවෙන් data use වෙන apps, හා play store app එක. මෙය 1GB ට අඩු memory එකක් සහ 512MB සිට 1GB දක්වා වන RAM එකකින් යුක්ත වේවි. මෙහි data management හා saving ක්‍රමවේදයක්ද ඇතුලත් වේවි. By default chrome data saver option එකති මෙහි අන්තර්ගතයි.

Google Go

Google for Jobs

මේ අලුත්ම service එක පටන් ගන්න වෙනම cloud API එකක් පටන් අරන් තියෙනවා. මෙම feature එක Google Search එක්ක තමයි එන්නෙ. තමන්ට ගැලපෙන job එකක් සහිත list එකක් ලබාදීම සිදු වෙනව. එය තමන් ඉන්න ප්‍රදේශයේ පමණක් තමයි සිද්ධ වෙන්නෙ. එය job එකක් සොයන කෙනෙක්ට ගොඩක් වාසිසහගත වෙයි. Machine learning භාවිතයෙන් තමයි මෙහිදි jobs cluster කිරීම සිදුවෙන්නෙ.

Kotlin

Katalin

Kotlin කියන්නේ Google විසින් Android සඳහා හඳුන්වදීපු අලුත් coding language එක. මෙමගින් අලුත් programming features එකතුවේවි. මෙය JVM එක මත හෝ java source code එකට compile වීමක් සිදු වෙනවා. Runtime එකේද වෙන exceptions වලට improvements තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

source: http://www.androidauthority.com/google-io/

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *