TechWire

Google Earth Engine

මොකද්ද මේ Google Earth Engine

ලෝකයේ භෞතික ස්වභාවය අධ්‍යනය කරන්න Google විසින් හඳුන්වාදීපු platform එකක් තමයි Google Earth Engine කියන්නෙ. අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවලින් ගන්න දත්ත ගබඩා කරල ඒව යම් අධ්‍යන කටයුතුවලට හෝ පර්යේෂණ කටයුතුවලට දෙනව Google Earth Engine එකෙන්. මෙහි ප්‍රයෝජනය පොදු ජනතාවට, රජයන්ට වගේම පෞද්ගලික අංශයට වුණත් ගන්න පුළුවන් විදියට තමයි Google විසින් අවස්ථාව සලසලා තියෙන්නෙ. මොවුන් මේක හදුන්වා දෙන්නේ පෙටා බයිට් ප්‍රමාණයේ විද්‍යාත්මික විශ්ලේෂණ කටයුතු කල හැකි platform එකක් විදියටයි.

මෙහි විශේෂත්වයක් වන්නෙ වසර 35ක පමණ සිට චන්ද්‍රික මගින් ලබා ගත්ත ඡායාරුප එකතුවක් මෙහි තිබෙනවා. වර්තමානයේ නම් එදිනෙදා ලැබෙන සියලු වාර්තා හා ඡායාරුප ඔවුන් සතු වෙනවා. ඒ වගේම Google Earth Engine මගින් JavaScript හා python සඳහා API ලබා දෙනවා විශ්ලේෂණ කටයුතු මෙහෙයවන්න.

Google Earth Engine හා Google Maps කියන්නෙ හාත්පසින් වෙනස් භාවිතයන් දෙකක්. Maps වලින් කරන්නෙ ලෝකය virtually පෙන්වන එක. නමුත් Google Earth Engine මගින් වෙන්නෙ ලෝකයේ භූ ස්වභාවය හා ඒ ආශ්‍රිත දේවල් විශ්ලේෂණය සදහා අවස්ථාවක් ලබාදීම.

Google Earth Engine Platform එක ගැන

මේ platform එක භාවිත කරන්න පුළුවන් අාකර කීපයක් තියෙනවා.

Code Editor එක කියන්නෙ අපිට ඕන scripts ලියල run කරන්න පුළුවන් web based IDE එකක්. ඒක JavaScript වලින් තමයි වැඩ කරන්නෙ.

Interface of Code Editor

Explorer එකෙන් web interface එකක් දීල තියෙනව අපිට ලබාදීලා තියෙන data හා images දෘෂ්‍යකරණය කරන්න. ලියාපදිංචි සාමාජිකයන්ට වෙනත් දත්ත import කරන්න, විශ්ලේෂණ කටයුතු වගේම ප්‍රතිඵල සමලෝචනය කරන්න වගේ දේවල් කරන්න පුළුවන්.

Client Libraries වලින් තමන්ට ඕන විදියේ application එකක් හදන්න පුළුවන්. ඒ සදහා python හෝ JS භාවිත කරන්න පුළුවන්. Google Earth Engine API එකට wrapper functions භාවිත කරන්න පුළුවන් මේ වැඩේට.

Customizing according to need

Time-lapse

Timelapse කියන්නෙ අවුරුදු 32ක ඉදන් ලෝක ගෝලයෙ වුන දේවල් බලන්න පුළුවන් zoom-able video එකක්. මේක හදන්න වාර්ෂික විචිත්‍ර (annual mosaics) වර්ෂයට එක ගානේ භාවිත කරල තියෙනව. ඒවා හදල තියෙන්නෙ Carnegie Mellon විශ්ව විද්‍යාලයේ CREATE පර්යේෂණාගාරයෙන්.
චන්ද්‍රිකා මගින් සපයාදුන් ඡායාරුප මිලියන 5ක් පමණ මෙහි භාවිත වෙලා තියෙනවා. Landsat කියන නිරීක්ෂණාගාරය වගේම සෙන්ටිනෙල්-2A හා Copernicus කියන යුරෝපානු නිරීක්ෂණ වැඩසටහනත් මේකට උපයෝගී කරගෙන තියෙනවා.

Timelapse Interface

මෙහි search, pan හා zoom කියන පහසුකම් timelapse එක තුල කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ website එකක embed කරන්න වගේම Timelapse Tour Editor මගින් පොඩි clip එකක් හදන්නත් පුළුවන්.

Datasets

මෙහිදී අපිට භවිත කරන්න පුළුවන් දත්ත ගොනු විශාල ප්‍රමණයක් තිබෙනවා. ඡයරුපමය වශයෙන් Landsat, Sentinel, MODIS, NAIP හා DMSP-OLS වගේ විවිධ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්.

Landsat dataset එකෙන් බහු වර්ණාවලි දත්ත හා තාපමය දත්ත ලබාගන්න පුළුවන්.මෙය නාසා ආයතනයෙන් තමයි ලබාගන්නේ. කාලගුණය සම්බන්ධ දත්ත ලබාගන්න පුළුවන් Sentinel dataset එකෙන්. MODIS මගින් වෘක්ෂලතා ඝනත්වය හා හිම ඝනත්වය සම්බන්ධ දත්ත ගන්න පුළුවන්. එයත් නාසා ආයතනය මගින් තමයි සපයන්නෙ. භූ භෞතික වශයෙන දත්ත ගන්නත් විවිධ dataset ලබාදීලා තියෙනවා. භුමි පෙදෙස් ගැන, වන ඝහනය, වගා බිම්, උෂ්ණත්වය වගේ දත්ත ඒ හරහා ලබා ගන්න පුළුවන්. දේශගුණ හා කාලගුණ තොරතුරු යටතේ වායුගෝලය, දේශගුණය හා කාලගුණ ගැන දත්ත ගන්න පුළුවන්. Ozon තට්ටුවේ දත්ත ලබාගන්න හොදම තැන තමයි මෙම දත්ත ගොනුව. මිට අමතරව ලෝක ජනගහණය, විවිධ වසංගත රෝග පිළිබද ලෝක ස්වභාවය පැවතුනු හැටි, ලෝකය පුර පැතිරුණු හැටි වැනි දත්ත සොයා ගන්න පුළුවන්.

අපි උදාහරණයක් විදියට බලමු image visualization එකක් කරන්නේ කොහොමද කියල.
අපිට යම් චන්ද්‍රිකා ඡායාරුපයක වර්ණ දෙකකින් විශ්ලේෂණය කරන්න ඕන නම් code editor එකේ JS script එකක් ලියල run කරන්න පුළුවන්.

// Load an image.
  var image = ee.Image('LANDSAT/LC8_L1T_TOA/LC80440342014077LGN00');

// Create an NDWI image, define visualization parameters and display.
  var ndwi = image.normalizedDifference(['B3', 'B5']);
  var ndwiViz = {min: 0.5, max: 1, palette: ['00FFFF', '0000FF']};
  Map.addLayer(ndwi, ndwiViz, 'NDWI', false);

මේකෙදි කරලා තියෙන්නෙ cyan හා blue කියන පාට දෙකෙන් විශ්ලේෂණය කිරීමක් මෙගි ප්‍රතිඵලයක් විදියට අපිට මේ වගේ image එකක් process කරගන්න පුළුවන්.

Landsat 8 NDWI, San Francisco bay area, USA. Cyan are low values, blue are high values.

මේ දුන්නෙ සරල උදාහරණයක්. මිට වඩා ගොඩක් ලොකු image processing වැඩ මේකෙන් කරලා විශ්ලේෂණ කටයුතු කරගන්න පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර earthengine.google.com මගින් දැන ගන්න ඔබට පුළුවන්.

      

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *