TechWire

Google Auto Draw – ඔබත් දැන් චිත්‍ර ශිල්පියෙක්

මොකද්ද මේ Google Auto Draw

අපිට චිත්‍රයක් අතින් ඇඳගන්න ගියොත් ගොඩක් වෙලාවට අපිට ඕන දේ ඇඳගන්න ටිකක් අමාරුයි. එහෙම පුළුවන් වෙන්නෙ හොඳ චිත්‍ර හැකියාවක් තිබ්බොත් තමයි. මේක නිසා හදිසියකට චිත්‍රයක් ඇඳගන්න යාළුවන්ට  කියන්න වෙනව. එහෙමත් නැත්තම් කියක් හරි වියදම් කරලා චිත්‍ර අඳින කෙනෙක්ට කියල අන්දවගන්න ඕන. මේ  ප්‍රයෝගික නැති අවස්ථා අපිට ඕනෑම තරම් වෙලා ඇති. මේ වගේ තනියම චිත්‍ර ඇඳගන්න බැරි අයට හොඳ tool එකක් Google සමාගමෙන් ලඟදි අන්තර්ජාලයට මුදාහැරියා. ඒ තමයි Google Auto Draw කියන්නෙ.

Auto Draw Logo

Google Auto Draw එන්න කලින් Quick Draw කියල tool එකක් Google විසින් මුදාහැරියා. ඊට වඩා වැඩිදියුණු කරපු tool එකක් තමා Google Auto Draw කියන්නෙ. මේක පදනම් වෙලා තියෙන්නෙ machine learning කියන සංකල්පය මතින්. Google Auto Draw වල තියෙන්නෙ canvas එකක් උඩ අඳින්න. ඒක mouse එකකින් හෝ touchpad එකකින් හෝ touch pencil එකකින් හෝ අඳින්න පුළුවන්. අපි අඳින්න පටන් ගන්න වෙලාවෙ ඉඳන් Google Auto Draw මගින් අපිට suggestions ලබා දෙන්න පටන් ගන්නවා. එහෙම suggestions විදියට එන්නෙ  ලෝකේ ඉන්න හොඳම artists ලා ඇදපු චිත්‍ර කොටස්. මේකෙදි අපි අඳින දෙය අඳුන ගෙන analyze කරලා වඩාත් ගැලපෙන පිළිවෙලට අපිට පෙන්වනවා. මේක ගොඩක් වේගවත් ක්‍රියාවලියක්. ඒක නිසා Google Auto Draw tool එක, “fast drawing for everyone” කියල හඳුන්වාදීලා තියෙනවා.

Auto Draw Sample

කොහොමද මේක භාවිත කරන්නේ?

මේ අපි අඳින චිත්‍රයට ඉරි, අකුරු, තීන්ත, පෙර අඳින ළද හැඩතල වුනත් යොදා ගන්න පුළුවන්. අපිට දළ වශයෙන් ඇඳපු චිත්‍රය හොඳ කළාත්මක බවක් දෙන්න නම්, Google Auto Draw මගින් ලබාදෙන චිත්‍ර කොටස් භාවිත කරන පුළුවන්. එහෙම ඇඳලා ඉවර චිත්‍රයක් share කරන්න වගේම png format එකෙන් download කරන්නත් පුළුවන්.

මුලදී කිව්වා වගේ machine learning භාවිත කරල අපි අඳින object එක අඳුරගන්න image dataset වලට train කරවනවා. එහෙම තමයි machine learning කියන තාක්ෂණය Google Auto Draw සඳහා භාවිත කරන්නෙ. මේක Google විසින පවත්වාගෙන යන artificial intelligence එහෙම නැත්තම් කෘත්‍රිම බුද්ධිය භාවිත වන වැඩසටහනක කොටසක්. මිට කලින් AI experiment මඟින් විවිධ games නිකුත් කරනු ලැබුවා. Google Auto Draw කියන්නෙ එහෙම release කරපු අලුත්ම machine learning භාවිත වන project එක.

Auto Draw Sample

මේක තව විදියකට කිව්වොත් වචනවලට auto correction තියෙනවා වගේ doodle වලට තියෙන auto correction ක්‍රමයක් තමයි Google Auto Draw කියන්නේ. Google Auto Draw කියන tool එක free and open source එකක්. මොකද මේක web tool එකක් නිසා කිසිම download කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ . ඒක නිසා phone, computer වගේම tablet එකකින් වුණත් අවශ්‍ය drawing එක කරගන්න පුළුවන්.

පිටුපස සිටි අය

අවසාන වශයෙන් Google Auto Draw නිර්මාණයේදී පිටිපස්සේ හිටපු අයව මතක් කරන්න ඕන.

HAWRAF, Design Studio
Erin Butner, Designer
Julia Melograna, Illustrator
Pei Liew, Designer
Simone Noronha, Designer
Tori Hinn, Designer
Selman Design, Creative Studio

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *