TechWire

නැමිය හැකි tablet එකක්?

එදිනෙදා රාජකාරී වැඩ කටයුතු සදහා දැන් බොහෝ දෙනා smartphone වලට අමතරව tablet වැඩි වශයෙන් භාවිතා කරනු ලබනවා. Email, Internet surfing වැනි කටයුතු වලට ගොඩක් දෙනා යොදා ගන්නේ tablets. ඒ වගේම දුරකථන පණිවිඩ, කෙටි පණිවිඩ වැනි කටයුතු සදහා smartphone යොදාගන්නවා. මෙන්න මේ කියන අවශ්‍යතා දෙකම සලකල බලලා එක් අවස්ථාවක Smartphone එකක් ලෙසත් තවත් වරෙක tablet එකක් ලෙසත් භාවිතයට ගන්න පුළුවන් නවතම නිපැයුමක් Microsoft සමාගම විසින් “phone-to-tab” නමින් වෙළදපොලට හදුන්වා දීල තියෙනවා. සරලවම කිව්වොත් මේක නමන්න පුළුවන් tablet එකක්.

Microsoft-Foldable-Tablet

මෙය ක්‍රියාකරන්නේ නම්‍යශීලී joint එකක් අධාරයෙන්. එමගින් ඕනෙම කෙනෙක්ට මේ උපකරණය ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන්කම ලැබෙනවා.

Smartphone එකක සාමාන්‍යයෙන් screen එක තියෙන්නේ එක මුහුණතක පමණයි. මේ නවතම නිපැයුමෙන් tablet එක එක ආකාරවලට නමලා තමන්ට පහසු විදිහකට භාවිතා කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් එක් අක්ෂයක් වටා සිදුකරන ක්‍රමවත් කරකැවීමක් හරහා සිදුවෙන්නේ. නමුත් මොනයම් හෝ ආකාරයක දෝෂයක් වත් screen එකට සිදු වෙන්නේ නම් නැ. මෙහෙම screen එක නමලා තිබුනත් ඒ screen එකේ හැම කොටසක් හරහාම තොරතුරු ලබාගැනීම පහසුවෙන් සිදුකරන්න පුළුවන්.

Microsoft-Foldable-Tablet-4

මෙහි සම්පූර්ණ අයිතිය patent එකක් හරහා Microsoft සමාගම මගින් ලබාගෙන තිබෙන අතර මෙය නිපදවා තියෙන්නේ Surface kickstand සහ Surface camera angle යන Microsoft හි අනගි නිපැයුම් සිදුකල Kabir Siddiqui විසින් වීමත් මෙහි තවත් එක් විශේෂත්වයක්. මේ නිසා “phone-to-tab” ලොව පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය, නැතුවම බැරි උපාංගයක් වෙන්න හැකියාවක් තියෙන උපාංගයක් විදිහට නම් කරන්න පුළුවන්.

Microsoft-Foldable-Tablet-11

About author View all posts

Sanjani Gunathilaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.