TechWire

ජනප්‍රියම PHP Frameworks

Backend development කිව්වම ගොඩක් අයට මුලින්ම මතකයට නැගෙන්නේ PHP language එක. Java, .Net, Ruby වගේ ගොඩක් languages අතරින් ඉගෙන ගන්න වගේම භාවිතය පහසු නිසා PHP ගොඩක් ජනප්‍රියයි. නමුත් Node.js හි ආගමනය එක්ක PHP වලට තිබුණ තැන යන්තම් අඩුවෙලා වගෙත් පේන්න තිබෙනවා. නමුත් PHP development කරන developers ලා තාමත් ඕන තරම් ඉන්නවා.

ඔබ මේ වගේ දැන්වීම් ඕන තරම් දැකල ඇති. ඒත් හැමෝම pure PHP වලින්ම ද code කරන්නෙ?

ගොඩක් ලොකු projects කරද්දි PHP වලින්ම විතරක් code කරන එක ගොඩක් අපහසු වැඩක්. පොඩි project එකක් වුණත් PHP වලින්ම code කරන එක සාමාන්‍යයෙන් කරනව ගොඩක් අඩුයි. Developer ගේ පහසුව පිණිස PHP frameworks බිහිවෙලා තිබෙනවා.

Development වලට ගැලපෙන විදියට framework එකක් කියන්නේ code කරන්න ලේසි වෙන්න විවිධ libraries, classes වගේ ගොඩක් දේවල් එකතු කරල හදපු blueprint එකක්. ඒක භාවිත කරලා තමන්ට ඕන විදියට වෙනස් කරලා භාවිත කරන එක තම developer කෙනෙක් කරන්නේ. ඕන නම් තමන්ට අවශ්‍ය තව කොටස් එකතු කරන්න වුනත් පුලුවන්. ගොඩක් frameworks තිබෙන්නෙ open source ආකාරයට.

දැන් අපි බලමු මොනවද PHP සඳහා තිබෙන frameworks කියල. මේ පහත දක්වල තියෙන්නේ Google Trends මගින් ප්‍රධාන PHP framework සම්බන්ධව දී ඇති දත්ත.

Laravel

PHP frameworks කිව්වම ගොඩක් දෙනෙක් කතා කරන්නේ Laravel ගැන. ඉතා විශාල community එකක් Laravel වටා ඉන්නවා. Laravel කියන්නේ MVC architecture එක භවිත කරන framework එකක්. මෙය මෙතරම් ජනප්‍රිය වෙන්න Laravel හි තිබෙන packages, ඉතා සැහැල්ලු Blade කියන template engine එක (view එක සඳහා), unit testing හැකියාව, ORM (Eloquent කියන object relational mapping හැකියාව), routing, RESTful controllers වගේ ඉතා වැදගත් අංගයන් වගේම dependency managing, encrpytion (Bcrypt Hashing Algorithm එක) සහ security features අංගයන් Laravel හි අඩංගු වෙනවා. ඒ වගේම උදාහරණ සහිත හොඳ documentation එකක් එයට තිබෙනවා .

මෙහි තිබෙන Artisan command line tool එක development වලට ඉතා පහසුවක් සපයනවා. අලුත් classes, controllers, models වගේ බොහෝ දේ එක command එකකින් generate කිරීමේ හැකියාව artisan නිසා පුලුවන්. Database management සඳහාද මෙය යොදා ගතහැකි වීම ලොකු පහසුවක්. Database එකේ table වල blueprints ලිය තබන්න පුලුවන් නිසා එමගින් එක table එකක වෙනසක් සිදුවුවත් මුලු database එකටම වන හානිය වලක්වගන්න පුලුවන්. ඒ වගේම fake/dummy data generation පහසුකමද මෙහි තිබෙනවා.

Artisan Commands

එෙමන්ම Laravel framework එක මතම පදනම් වුණු, නමුත් එතරම් features ෙනාමැති වුණත් ෙව්ගය අතින් ඉදිරිෙයන් සිටින Lumen කියන framework එකත් කුඩා පරිමාණ projects වලට ෙයාදා ගන්නවා.

Symfony

Symfony ත් Laravel වගේ ගොඩක් features තියෙන framework එකක්. එ්ක ඉතා stable framework එකක් වගේම documentation අතින් ගොඩක් හොඳ framework එකක්. Symfony API මගින් 3rd party apps integration ඉතා පහසු කරනවා. ඒ වගේම Symfony, frontend frameworks එක්ක integrate කරන එකත් ඉතා පහසුයි. බොහෝ දුරට REST API හදන එක සඳහා Symfony භාවිත වෙනවා. PHPUnit library එක යොදා ගනිමින් unit test කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.

Fuel PHP

මෙය highly modular, extensible framework එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙයත් MVC architecture එක අනුව තමයි හදල තියෙන්නේ. ඒ වගේම මෙය HMVC architecture එකත් අනුගමනය කරනවා. තවද lightweight සහ powerful ORM support එකක්, template parsing වගේම විවිධ ආරක්‍ෂිත උපක්‍රම යොදල තිබෙනවා ෙම් framework එක ඇතුලේ. Laravel වගේම මෙයට අවේනික authentication mechanisms මෙහි ඇතුලත් කරලා තිබෙනවා. ඒ වගේම විවිධ package අඩංගු කරල තිබෙනවා. ඉදිරියේදී පුර්ණ OOP framework එකක් වගේම composer ආධාරයෙන් framework එක install කරන මට්ටමට ගෙන්න තමයි මෙහි නිර්මාණකරුවන් උත්සහ කරන්නෙ.

Phalcon

Phalcon framework එකත් ගොඩක් features තියෙන REST API හදන්න වගේම පුර්ණ ක්‍රියාකාරී වෙබ් application හදන්න යොදාගන්න framework එකක්. C language එකේ extension එකක් විදියට හදල තියෙන framework එකක් නිසා මෙහි වේගවත්බව ඉතා වැඩි. තත්පරයකට handle කල හැකි request response ගණන අනිත් framework එක්ක සංසන්දය කල විට ඉතා ඉහල අගයක තිබෙනවා. මෙය MVC, ORM, caching , component auto loading වැනි පහසුකම්වලින් සමන්විතයි. SQL data storage dialect එකක් විදියට PHQL ලබාදෙන අතර MongoDB සඳහා වන ODM ( Object Document Mapping) එකක්ද සපයා තිබෙනවා. ඊට අමතරව template engine භාවිතය, form builders වැනි පහසුකම් Phalcon framework හි පවතිනවා.

Code Igniter

Deploy කිරීමේදී ඉතා පහසු ආකාරයට නිපදවා ඇති මේ framework එක ඉතා සැහැල්ලු PHP framework එකක් වනවා. මෙතක් කතා කළ framework තරම් දියුණු features නොතිබුනත් සරල web application සැදීමේදී ඉතා පහසු framework විදියටයි Code Igniter හැදින්වෙන්නේ. මෙහිදී ද unit testing, form validation, email මෙන්ම session handling, localization, pagination, error logging සඳහා අවශ්‍ය libraries සපයා තිබෙනවා. තවද helper functions විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මෙහි ඇති සරල බව නිසා MVC යොදා web application සැදීම ඉගෙනීමට ඉතා හොඳ framework එකක් ලෙස පෙන්වා දෙන්නන් පුලුවන්.

Cake PHP

මෙයත් ආධුනිකයන්ට ඉගෙනගන්න භාවිත කරන්න පුළුවන් framework එකක්. මෙහි code generation පහසුකම තිබෙනවා. MVC භාවිත වන framework සහ මෙහි security features විදියට XSS, SQL injection, වැලැක්වීම සහ CSRF පහසුකම, form validation සහ තවත් බොහෝ දේ මෙමෙ framework තුල ලබාදී තිබෙනවා.

ෙම්වා තමයි දැනට වැඩිපුර ම භාවිතා වන PHP backend frameworks. මීට අමතරව තවත් සරල සහ භාවිතයට පහසු එ්වා ඔයාලා දන්නවා නම් comment එකක් විදියට අනිත් අයටත් දැනගන්න share කරන්න.

               

About author View all posts Author website

Pramodya Abeysinghe

2 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.