TechWire

Facebook Account එකේ ආරක්ෂාව ගැන සිතුවාද?

අද ගොඩක් අය cyber අවකාශය තුල යන එන ප්‍රධාන තැනක් තමයි Facebook. ඒ වගේම Facebook නිසා පෞද්ගලිකත්වයට හානි වුන බොහෝ පිරිසක් ඉන්නවා කියල අපිට ඕන තරම් ආරංචි ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ ගොඩක් වෙලාවට අපේ තියෙන නොසැලකිලිමත්කම නිසාම තමයි. මේ article එක ලියන්නේ ඒ ප්‍රශ්නවලින් මිදිලා කොහොමද පරිස්සමෙන් Facebook යන්නේ කියල.

Login එකේදි ආරක්ෂා වීම

loginweb browser එකෙන් FB log වෙනවා නම් අපිට හුරුපුරුදු login screen එකක් තමා තියෙන්නෙ. Keep me logged in කියන option එකක් තියෙනවා කියල ඔබට මතක ඇති. තමන්ගේම computer එකක් නෙමේ නම් ඒ option එක භාවිත නොකරන තරමට හොදයි. මොකද තමන් FB ගිහින් ඉවර වෙලා logout වෙන්න අමතක උනොත් account එක බාහිර පුද්ගලයෙක්ට භාවිත කරන්න හරිම ලේසි.

Password එක පෞද්ගලික විය යුතුය.

keep-calm-and-dont-share-passwords-5

අපි ඕනෑම account එකකට password එකක් දන්නේ ආරක්ෂාවට. එහනම් අපි ආරක්ෂාවට දාපු password එක අන්සතු කිරීම දැන දැන කරන මෝඩ වැඩක්. ඒක නිසා තමන්ගෙ password එක කිසි විටෙකත් අන්සතු කරන්න එපා. Facebook account එකේ ආරක්ෂාවට ඒ කාරණය ගොඩක් වැදගත්. ඒ වගේම password ගැන කියන කොට තවත් කරුණු කිපයක් කියන්න ඕන.

password_toothbrush_analogy

password එක අපි දත් බුරුසුව කියල හිතුවොත්, ඒ වගේම password එකට හොද එකක් තෝරාගන්න ඕන. ඒ වගේම වෙන කාත් එක්කවත් share කරන්න එපා. අනිත් කාරණය තමයි විටින් විට password එක මාරු කරන්න ඕන. අඩු ගානේ මාසෙකට වතාවක්වත් කරන්න ඕන. හොද password එකක් දන්නේ කොහොමද කියල මේ link එකේ web site එකෙන් බලන්න වගේම තමුන්ගේ password එක කොයිතරම් දුරට හොදද කියල බලන්න පුළුවන්.

ඒ වගේම password එකකට බොහොම සරල එහෙම නැතිනම් කෙනෙක්ට guess කරන්න පුළුවන් දේවල් දන්නා එපා. විශේෂයෙන් උපන් දින, ගෙදර අයගේ නම් වගේ දේවල්.

3rd Party Apps

අද වෙන කොට FB එකේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තම 3rd party applications. අපි දන්නේ නැතුව ඒ apps වලට permission දීමෙන් නොදැනුවත්වම අපේ private දේවල් ලබා දීමක් තමයි වෙන්නේ. අපේ photos, personal messages වගේ පෞද්ගලික දේවල් අන්සතු වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ apps භාවිත කරනකොට ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. හොද ratings තියෙනවද, මොන වගේ දේවල්ද ඒ app එක use කරන්නේ වගේ දේවල් හොයල බලන්න පුළුවන්.
සමහර apps තියෙනව අපි permission නොදීම අපේ wall එකේ, app එකේ results post වෙනවා. එක පෞද්ගලිකත්වයට හානි වෙන  දෙයක් වෙන්න ගොඩක් ඉඩ තියෙනව. ඒකෙන් වැළකෙන්න නම් කරන්න ඕන, app එක use කරන්න කලින් posts auto share වෙනවද කියල සැක හැර දැන ගන්න ඕන.

Login Alerts & Login Approvals

තමුන්ගේ account එක නොදැනුවත්ව වෙන තැනකින් log වෙලා නම් alert එකක් එහෙම නැත්තම් notification එකක් එන විදියට හදන්න පුළුවන්. ඒ සදහා Settings -> Security Settings වල තියෙන Login Alerts enable කරන්න ඕන. ඒක email එකට හෝ/හා mobile phone එකට එන විදියට වෙනස් කරගන්න පුළුවන්.login-approval

අනාරක්ෂිත අවස්ථාවක් දැනුම් දෙන්න තම ඒ ක්‍රමය තියෙන්න. ඒ වගේම අනාරක්ෂිත බවෙන් මිදෙන්න login approvals කියල විශේෂාංගයක් FB වල තියෙනවා. එකත් කලින් කිව්වා Security Settings වලම තියෙනවා. එකෙන් වෙන්න අපි username හා password ගහල account එකට log වෙන්න හදන කොට අපේ mobile එකට text එකකින් යම් කේතයක් එවනවා FB එකෙන්. එක enter කරාම තමයි අපිට log වෙන්න පුළුවන්. මේක automatically generate වෙන කේත ක්‍රමයක්.

Trusted Contacts

FB account එක යම් වැරදීමකින් තමන්ට log වෙන්න බැරි දෙයක් වුනොත්, ඒ සදහා FB ඉන්න තමන්ට විශ්වාස යාළුවෙක් හරහා නැවත ලබා ගන්න පුළුවන්. ඒකට අපිට විශ්වාස FB friendsල නම් කරන්න පුළුවන්.

Privacy එක ආරක්ෂා කිරීම

privacyFacebook කියන්නේ ගොඩක් වෙලාවට privacy පැත්ත ගැන දෙසැරයක් හිතන්න ඕන තැනක්. මොකද FB එකේ අපේ අදහස්, සිතුවිලි, photos, videos share කරන තැනක්. ඒවා බලන්න ඕන නැත්තේ කවුද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් තියෙනව. එකට ගොඩක් ලොකු අවසථාවක් FB එකෙන් අපිට ලබා දීල තියෙනවා.
Settings -> Privacy Settings වලට යන්න, එතනින් අපේ timeline එකේ තියෙන දේවල් බලන්න පුළුවන් කාටද කියන එක වගේම, තමන්ගේ account එකට friend request එවන්න පුළුවන් කාටද, තමන්ව contact කරන්න පුළුවන් කාටද වගේ, privacy එකට බලපාන දේවල් customize කරන්න පුළුවන්.

Blocking haters

blockedඅපිට කරදරයක් වෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ accounts block කරන්න පුළුවන් අපිට. එතකොට ඒ account එක කිසිම විදියකින් අපිට පේන්නෙ නෑ වගේම ඒ පුද්ගලයාටත් අපිව පේන්නෙ නෑ. ඒක කරන්න settings වල තියෙන Blocking කියන තැනට යන්න පුළුවන්. මේකෙන් තමන්ගේ privacy එකට හානි කරන අයව block කරන්න පුළුවන්. මේකෙදි පුද්ගලයෝ විතරක් නෙමේ, කරදරකාර page invitations, app invitations වගේම event invitations වුනත් block කරන්න පුළුවන්.

Who to add as friends ?

Facebook කියන්නේ social media එකක්. ඉතින් මෙතන අපිට අලුත් යාලුවෝ හද ගන්න හොද තැනක්. හැබැයි මිතුරු වේශයෙන් එන හතුරෝ ගොඩක් ඉන්න තැනක් තමයි FB කියන්නේ. ඒක නිසා අලුත් යාලුවෝ ඇති කර ගන්න කලින් අපි දෙසැරයක් හිතන්න ඕන. තමුන් දන්නේ නැති අය add කර නොගන්න තරමට තම නුවණට හුරු. තමුන් දන්නේ නැති අයට් friend request නොයවනවා වගේම දන්නේ නැති අයාගෙන request අවම accept නොකර ඉන්න තරමටම හොදයි. මොකද දන්නේ නැති අය අපේ timeline එක බැලීමෙන් privacy පිළිබද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

friends

Spams & Malware

Facebook හරහා ගොඩක් spam messages එහෙමෙහෙ යනවා. emailවලට එන spams  වගේම තමයි. බොරු විස්තර දාල අපේ වටිනා කාලය නාස්ති කරනවා වගේම, අපිව මුළා කරන එක මේ spam වලින් වෙනවා. විශේෂයෙන් දැන් හදුන්වා දීල තියෙන message request පහසුකම නිසා දන්නැති අයගෙන් එන messages සීමා කරන්න පුළුවන්.
මේ ළගදි FB එක පුරාවටම malware එකක් සංසරණය වුණා. එක link එකක් click කරාම තමා නොදැනුවත්වම අනිත් friends ලගේ wall වල video එකක් link එකක් share වෙනවා. මේක මුළු fb එක පුරාම පිළිලයක් වගේ ව්‍යාප්ත වුණා. මේ වගේ දන්නේ නැති links click නොකර ඉන්න තරමට තම හොද. නැත්තම් තම නොදැනුවත්ව ගොඩක් වැරදි දේවල් වෙන්න පුළුවන්. එක නිසා FB භාවිතය ගොඩක් ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්.

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.