TechWire

Category - Tips & Tricks

ඔබ ඊමේල් වංචාවකට හසු වූ විට කුමක් කළ යුතුද?

ඊමේල් වංචාවකට හසු වීම ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි දෙයකි. තතුබෑම් වංචාවක් ලෙසද හැඳින්වෙන ඊමේල් වංචාවකට මුරපද, ක්‍රෙඩිට් කාඩ් අංක, ගිණුම් දත්ත, ලිපින සහ තවත් බොහෝ සංවේදී තොරතුරු සොරකම් කිරීම සඳහා ඊමේල් සහ වංචනික වෙබ් අඩවි භාවිතා කිරීම ඇතුළත් වේ. ඔබේ බැංකුවෙන් ලැබෙන පණිවිඩ හෝ වෙනත් විශ්වාසදායක ප්‍රභවයක් වැනි වංචනික ඊමේල් නීත්‍යානුකූල ලෙස පෙනෙන පරිදි සකසා අපරාධකරුවන් ඔබගේ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින අතර, පසුව අනන්‍යතා සොරකම් සඳහා භාවිතා කරයි.


ඔබ ඊමේල් වංචාවකට ගොදුරු වූවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

මුරපද වෙනස් කරන්න

තතුබෑම් වංචාවකට ප්‍රතිචාර වශයෙන් ඔබ වැරදි සබැඳියක්(Link) කරා ගමන් කර හෝ පුද්ගලික තොරතුරු ලබා දී ඇත්නම්, ඔබගේ මුරපද වහාම වෙනස් කරන්න. මෙය ඊමේල්, බැංකු ගිණුම් සහ PIN අංක ඇතුළුව සියලුම ගිණුම් සඳහා සිදු කරන්න. අංක සහ සංකේත සහිත ශක්තිමත්, සංකීර්ණ, නව මුරපද සාදන්න. එවැනි මුරපද සයිබර් අපරාධකරුවන්ට බිඳ දැමීමට වඩා දුෂ්කර ය.

credentials

මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන්න

හැකි ඉක්මනින් මූල්‍ය ආයතන අමතා ඔබේ ගිණුම වංචාවකට ලක්විය හැකි බව ඔවුන්ට දන්වන්න. ගැටළුව විසඳන තුරු ඔබේ ගිණුමේ වංචා අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කරන්න.

ණය පත් සමාගම් අමතන්න

ණය පත් සමාගම් දැනුවත් කර තත්වය පැහැදිලි කරන්න. ඔබගේ ණය පත් තවමත් භාවිතා කර නොමැති නමුත් අනාගතයේදී අනවසර ලෙස ඔබෙන් මුදල් අය කර ගනී යැයි ඔබට හැඟේ නම්, ඔබගේ කාඩ්පත් අවලංගු කිරීම අත්‍යවශ්‍ය වේ. සිදු වූ දේ ඔබේ බැංකුවට දැනුම් දීම මගින් ඔබේ ණය පත් තවදුරටත් ආරක්ෂා කර ගත හැකිය.

ඔබේ මෘදුකාංග යාවත්කාලීන කරන්න

ඔබේ මෘදුකාංග නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. ඉන්පසුව වෛරස් හෝ වෙනත් අනිෂ්ට මෘදුකාංගයකින් (Malware) ඔබේ පරිගණක පද්ධතියට හානියක් වී ඇතැයි ඔබට සිතෙන්නේ නම් පුළුල් වෛරස් පරිලෝකනයක් ක්‍රියාත්මක කරන්න. මීට අමතරව, ඔබ සංකේතනය (Encryption) භාවිතා කළ යුතුය. ඔබ ෆයර්වෝලයක් සක්‍රීය කර ඇති බවට සහතික විය යුතු අතර බාහිර දෘඩ තැටියක පුද්ගලික තොරතුරු නිතිපතා ගබඩා කරන්න. හැකි සෑම විටම පොදු Wi-Fi ජාල භාවිතා කිරීමෙන් වළකින්න. ඔබ පොදු සම්බන්ධතාවයක් භාවිතා කළ යුතු නම්, අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) වැනි වඩාත්ම ආරක්ෂිත විකල්පය තෝරා ගන්න. එසේම, භාවිතයේ නොමැති විට ඔබේ පරිගණකය ක්‍රියා විරහිත කිරීමට වග බලා ගන්න. එය ක්‍රියා විරහිතව පවතින විට හැකර්වරුන්ට ප්‍රවේශ විය නොහැක.

update your software

ගිණුම් නිතිපතා පරීක්ෂා කරන්න

සැක සහිත ක්‍රියාවක් සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබේ බැංකු සහ ණය පත් ගිණුම් නිරන්තරයෙන් සමාලෝචනය කරන්න. ඔබ වංචාවෙන් 100%ක්‌ ඉවත් වූ බව සහතික වන තුරු ඔබේ ණය වාර්තාවේ වංචා පිළිබඳ අනතුරු ඇඟවීම නිරන්තරයෙන් පරික්ෂා කිරීමට වග බලා ගන්න.

සම්පත් වාර්තා කිරීම

“ජාතික වංචා තොරතුරු මධ්‍යස්ථානය” ඇතුළු ඊමේල් වංචාවක් වාර්තා කිරීම සඳහා බොහෝ සම්පත් තිබේ. මෙම සමාගම ෆෙඩරල් රජයට වංචනික ක්‍රියාකාරකම් වාර්තා කරන අතර වංචා සිදුවීම් පිළිබඳ සවිස්තර වාර්තා පවත්වාගෙන යයි. ආධාර සඳහා ඔබේ ප්‍රාන්තය තුළ ඔබට සම්බන්ධ විය හැකි සම්බන්ධතා පිළිබඳ විස්තරද ඔවුන් සපයයි.

වෙනත් ප්‍රයෝජනවත් සම්පත්

  • අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය: FBI සහ ජාතික වයිට් කරපටි අපරාධ මධ්‍යස්ථානය “අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. ඊමේල් වංචා වළක්වා ගැනීම සහ ඔබ එවැනි දෙයකට ගොදුරු වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳ බොහෝ ඉඟි සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු එහි අඩංගු වේ. ඔබගේ අනන්‍යතාවය සොරකම් කළ හෝ උත්සාහයක් ගත් තෙවන පාර්ශවයකට එරෙහිව හිමිකම් පෑමක් සඳහා එය සබැඳියක් ද ඉදිරිපත් කරයි. 
  • එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව: එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඔබට විද්‍යුත් තැපැල් වංචා පැමිණිලි කිරීමට ඉඩ දෙන වෙබ් අඩවි පවත්වාගෙන යයි. වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් ඉඟි සහ උපදෙස් ද තිබේ. 
  • ජාතික පාරිභෝගික ලීගය: මෙම වෙබ් අඩවියට පැමිණිල්ලක් ගොනු කිරීමට ඔබට හැකි අතර වංචා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි. 
  • වඩා හොඳ ව්‍යාපාරික කාර්යාංශය: ඔබට සිදු වූ දේ පිළිබඳව අන් අය දැනුවත් කිරීමට මේ මඟින් හැකි වන අතර එමඟින් ඔවුන් එකම වංචාවන්ට හසු නොවනු ඇත.
scam

වංචා සම්බන්ධ ගැටළු නිරාකරණය වන තෙක් ඔබ ක්‍රියාශීලීව සිටින්න, අනාගතයේ දී සොයා බැලිය යුතු දේ දැන ගන්න. තතුබෑම් සහ වෙනත් අන්තර්ජාල වංචාවන් පිළිබඳව ඔබ වැඩි වැඩියෙන් දැනුවත් වන තරමට එවැනි ගැටළු ඇතිවීමට ඇති ඉඩකඩ අඩුය.

සියළුම දුරස්ථ පාලක වෙනුවට Broadlink RM Mini 3

rm mini 3

එදිනෙදා කටයුතු උදෙසා ඔබ දුරස්ථ පාලක එහෙම නැත්තම් remote controller බොහෝ සෙයින් භාවිත කරනවා ඇති. මෙහි පහසුවක් තිබුණද විවිධ උපාංග සඳහා විවිධ දුරස්ථ පාලක භාවිත කිරීමට ඔබට සිදු වෙනවා. ඒවගේම නිතරම බැටරි මාරු කිරීමටත්, දුරස්ථ පාලක කිහිපයක් තැබීමට යම් ඉඩකඩකුත් වෙන් කරන්න සිදු වෙනවා. නමුත් ඒ කරදරකාරී බව අවම කරගෙන ඔබේ smart දුරකතනයෙන් දුරස්ථ පාලක කටයුතු කරන උපාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 

Broadlink RM Mini 3

සියලුම දුරස්ථ පාලක භාවිත කරන්නෙ IR එහෙම නැත්තම් Infrared කිරණ. මෙම කිරණ නිකුත් කිරීම මගින් අවශ්‍ය signal එක යොමු කිරීම තමයි දුරස්ථ පාලකයකින් සිදු කරන්නෙ. මෙම ක්‍රියාවලිය IR නොමැතිව කළ හැකි උපාංගයක් තමයි මේ Broadlink RM Mini 3 ලෙස හැඳින්වෙන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ මෙම උපාංගය wifi හෝ එවැනි අන්තර්ජාල පහසුකමක් ඔස්සේ ලබාගන්නා signal, IR කිරණයක් විදියට අවශ්‍ය විද්‍යුත් උපකරණය වෙත යොමු කිරීමයි. මේ සඳහා මෙම උපාංගය අත්‍යවශ්‍යයෙන්ම wifi router හා සම්බන්ධ කර තිබිය යුතුයි. Smart ජංගම දුරකථන සඳහා ලැබෙන යෙදුමක් ඔස්සේ ඔබට සියලුම දුරස්ථ පාලක වර්ග පෙර පුහුණු කරන්න පුළුවන්.

කොහෙන්ද මිලදී ගන්නේ?

මෙය දැනට ශ්‍රී ලංකාවේ වෙළඳ පොළක තිබෙන බවට සොයා ගත නොහැකි වුණත් online storeවල සොයා ගන්න පුළුවන්. ඒ වගේම amazon වගේ online shop එකකින් වුනත් ඇනවුම් කරන්න පුළුවන්. මෙය රු. 3000 සිට විවිධ මිළ ගණන්වලින් මිලදී ගන්න පුළුවන්. (මිල සැපයුම්කරු අනුව වෙනස් වේ). 

භාවිත කරන්නෙ කොහොමද?

මෙය setup කරගැනීම ඉතා පහසුයි. සරළ පියවර කිහිපයකින් මෙය භාවිත කරන්න පුළුවන්. උපාංගයට විදුලි බලය ලබාදීමෙන් පසු, smartphone එකේ ස්ථාපිත කරගත් IHC app එකෙහි අදාල උපාංගය තෝරාගෙන තිරයේ පරිදි උපදෙස් අනුගමනය කරන්න තිබෙන්නෙ. ඉන් පසු දුරස්ථ පාලක මෙම app එකට පුරුදු කිරීම කළ යුතුයි. නමුත් වෙළඳ පොළේ තිබෙන බොහෝ විද්‍යුත් උපකරණවල දුරස්ථ පාලක මෙම app එකෙහි ගබඩා කරලා තිබෙන නිසා අලුතෙන් එය කිරීම අත්‍යවශ්‍ය වන්නෙ නැහැ. නමුත් පළමු වර භාවිතයේදී, එම button නිවැරදිදැයි ඔබට බලන්න පුළුවන්. මෙසේ ඔබ ළඟ තිබෙන ඕනෑම දුරස්ථ පාලක මගින් පාලනය වන විද්‍යුත් උපකරණයක් මෙයට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මෙය IR කිරණ භාවිත කරන නිසා, බිත්ති අතර කිරණ සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය එක් කාමරයක සිට තවත් කාමරයක පාලනය සිදු කරන්න බැහැ.

උදාහරණයක් ලෙස වායුසමීකරණ යන්ත්‍රයක් ගතහොත්, එහි ඇති බොහෝ කටයුතු මේ උපාංගය හා app එක හරහා කරන්න පුළුවන්. On/Off, timers, fan speed වගේ බොහෝ දේ පාලනය කිරීම කල හැක. පෙර සකසා  නැති, උපාංගයක් නම් user defined appliance මෙනුව ඔස්සේ නව උපාංගයක් එකතු කළහැක. 

මිට අමතරව Scene එකතු කිරීමත් කල හැක. ඉන් අදහස් වෙන්නෙ, යම් අවස්ථාවකදී උපාංග කිහිපයක් එක වර ක්‍රියා කරවන ලෙස උපදෙස් දීමයි. උදාහරණයක් විදියට එම අවස්ථාවේ වායුසමීකරණය 20°C  හා රුපවාහිනී යන්ත්‍රය on වීම සිදු වීම එක කාර්යයක් විදියට දක්වන්න පුළුවන්. 

Scene එකක් ක්‍රියාත්මක කිරීම

ඒ වගේම timers මගින් උපාංග ක්‍රියාත්මක කරන්න පුලවන්. එනම්, යම් කාලයක් සඳහා උපාංගයක් ක්‍රියාත්මක වීමත් එම කාලයට පසු ඉබේ උපාංගය ක්‍රියා විරහිත වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම IFTTT සේවාව () ඔස්සේ, යම් දෙයක් සිදුවුවිට යම් කාර්යයයක් සිදු කිරීමට අපිට පුළුවන්. උදාහරණයක් විදියට උෂ්ණත්වය 25°C ට වඩා වැඩි වනවිට වායුසමීකරණය යම් උෂ්ණත්වයකට පත්වන තෙක් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ වගේ එදිනෙදා කාර්යයන් ඉතා පහසු කරන්න මෙම කුඩා උපාංගයට පුළුවන්. 

Voice command මගින් පාලනය

අද වනවිට ජංගම දුරකථන අතින් හසුරුවන්නේ නැතිව, voice command එකකින් හසුරුවන්න පුළුවන් තරමටම තාක්ෂණය අලුත් වෙලා. Google Home හෝ Alexa වැනි voice assistant කෙනෙකු හරහාද අපිට මෙම උපාංග හසුරුවන්න පුළුවන්. ඒ සඳහා IHC හි ගිණුමක් සාදාගත යුතු වෙනවා. එය Google Home app එකට සම්බන්ධ කිරීම මගින් ඔබටත් කටහඩ මගින් ඔබේ නිවසේ දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන ඕනෑම උපකරණයක් මෙහෙයවන්න පුළුවන්. 

අවාසි

මෙහි අවාසි කිහිපයක් තිබෙනවා. මුලින් සඳහන් කරා වගේ, IR කිරණ භාවිතය නිසා ඔබේ නිවසේ එක් එක් කාමර සඳහා වෙන වෙනම උපාංගයක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. ඒ වගේම නිතරම router එක ක්‍රියාත්මකව තිබිය යුතුයි. මොකද ඔබේ mobile phone එකෙන් ලබාදෙන signal මෙම උපාංගයට ලැබෙන්නෙ router එක හරහා. ඒවගේම IR පමණක් compatible නිසා RF (radio frequency) මගින් පාලනය වන උපකරණ භාවිත කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා Broadlink RM Pro ලෙස IR හා RF දෙකම භාවිත කල හැකි උපාංගයක් තිබෙනවා. 

අන්තර්ජාලයේදී ආරක්‍ෂිත වීමට නම්

පසුගිය 5 වන දින ලෝක අන්තර්ජාල ආරක්‍ෂිත දිනය ලෙස තමයි හැඳින්වෙන්නෙ. ඊට සමගාමිව ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන්නෙ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම් අන්තර්ජාලය ඔස්සේම විවිධ ආයතන මගින් සිදුවුණා. තමන්ගේ අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් ආරක්‍ෂිත කරගන්න පහසු පියවර 5ක් ගැන තමයි  ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Recovery (ප්‍රකෘතිමත් කිරීමට) ක්‍රමයක් තබා ගැනීම

මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිත වෙනවා. ඒ ජංගම දුරකථන අංකය ආධාරයෙන් සහ ඊමේල් ලිපිනයක් ආධාරයෙන්. මෙය ගිණුම හදද්දිම ලබාදිය යුතු වෙනවා. එසේ නැත්තම් පසු කාලයකදී වුනත් කරගන්න පුළුවන්. මෙමගින් ඔබේ ප්‍රධාන ගිණුම අන්සතු වුවහොත් හෝ ප්‍රධාන ගිණුමෙ password (මුරපදය) අමතක වුණොත් හෝ එය recover කිරීමට පහසු වෙනවා. එහිදී ඔබේ අනන්‍යතාව වෙනත් ක්‍රමයකින් සොයා ගත හැකියි. ඒ අනුව password reset link එකක් වෙත ඔබව යොමු කිරීමට ඔවුනට පුළුවන්.

Unique passwords

මෙය ඉතාම ප්‍රශ්නකාරී කරුණක්. ඔබ අන්තර්ජාලයේ විවිධ ගිණුම් සැදීම සිදු කරනවා. එම විවිධ ගිණුම්වලට විවිධ මුරපද යොදා ඒවා මතක තබා ගැනීම ඇත්තටම ප්‍රයෝගික නැහැ. ඒ නිසා බොහෝ අය එකම මුරපදය හැම ගිණුමටම යොදන්න පෙළඹෙනවා. නමුත් එයින් සිදු වන්නේ එක ගිණුමක හෝ මුරපදය අන්සතු වුණොත් අනිත් හැම ගිණුමක්ම අන්සතු වීමේ risk එක වැඩි වීමයි. මේ සඳහා ඔබට Password Manager Application එකක් හෝ extension එකක් යොදා ගත හැකි. Google Chromeවල එය built-in option එකක් විදියට ලැබෙනවා. ඒ වගේම Apple devices වලත් keychain පහසුකම ලබාදෙනවා. මේ අනුව ඔබේ password එක තැනකින් manage කිරීමට ඔබට පුළුවන්. ඒ වගේම Password  Biometrics Option එක ලබා දෙනවා නම් එය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම password එකක අවම දිග කේත 8ක් දක්වාත් විවිධ සංකේත සමග සංයෝජනය කිරීම මගිනුත් password එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම guess කරන්න පුළුවන් වචන භාවිත නොකිරීමත් සුදුසු වෙනවා. Password generate කරන සේවාවක් වුණත් භාවිත කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා.

Software යාවත්කාලීන කිරීම

ඔබ භාවිත කරන softwares වගේම මෙහෙයුම් පද්ධතියත් නිතරම up-to-date තබා ගැනීම වැදගත් වෙනවා. එයට හේතුව ඒ හැම patch එකකම හෝ release එකක අලුත්ම vulnerabilities වලට විසදුම් අඩංගු කරල තමයි ඔවුන් update එකක් release කරන්නේ. ඒක නිසා නිතරම update කිරීම වැදගත් වෙනවා threats වලින් ආරක්ෂා වීමට. Google Chrome වැනි සමහර applications ඉබේම යාවත්කාලින වීමට තමයි ඔවුන් කටයුතු කරලා තිබෙන්නෙ.

පහත links වලින් විවිධ OSවල update කරන steps ගැන දැනුවත් වෙන්න පුළුවන්.

2-Factor Authentication

2-Factor Authentication එහෙමත් නැත්තම් 2-Step Verification කියන ක්‍රමය අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් අන්සතු නොවීමට ඉතා මහගු කාර්යක් කරනවා. Google, Facebook වැනි සමාගම් තම පාරිභෝගිකයින්ට මෙම පහසුකම නොමිලේ ලබාදී තිබෙනවා. මෙහිදී ගිණුමට අවතීර්ණ වීමට නම් ඔබ යොදන මුරපදයට අමතරව login වෙන වෙලාවේදී ඔබේ ජංගම දුරකථනය ලැබෙන කෙටි අංකයක් හෝ app එක විසින් ඒ වෙලාවේදී generate කරන code එක වැනි ක්‍රම යොදාගන්නවා. මෙය One Time Password (OTP)ලෙසද හැදින්වෙනවා. Online banking වලදී මෙම ක්‍රමය බහුලව භාවිත වෙනවා. Google ගිණුමේ 2-Factor Authentication ක්‍රියාත්මක කිරීමට මෙමගින් පුළුවන්.

Security Checkup

ඔබ භාවිත කරන ගිණුම අනුව මෙම පහසුකම වෙනම ලබාදීම කරනවා එම ආයතන විසින්. උදාහරණයක් ලෙස Google විසින් ලබාදෙන Security Checkup මගින් ඔබේ ගිණුමේ security එක ගැන බලාගන්න පුළුවන්. Security ප්‍රශ්නයක් තිබෙනවා නම් එතන එය පෙන්වනවා. ඒ අනුව ඔබට අවශ්‍ය වෙනස්කම් කිරීමට අවශ්‍ය කරුණු එහිදී බලාගන්න පුළුවන්. මේ වගේම Facebook මගිනුත් ඔබේ ගිණුමේ ආරක්‍ෂිතබාවය මෙමගින් බලාගන්නත් අවශ්‍ය වෙනස්කම් කිරීමටත් අවස්ථාව තිබෙනවා.

ඔබගේ නිවසේදී/කාර්‍යාලයේදී ඇතිවන අන්තර්ජාල සම්බන්ධතා ගැටළු විසඳ ගන්නා අයුරු

අප බහුතරයක් දෙනා  අන්තර්ජාලය බිඳ වැටීමකදී විමසිලිමත්ව සොයා නොබලා අන්තර්ජාල සේවා සපයන්නා ඇමතීම බොහෝ විට දක්නට ලැබේ. එමෙන්ම ආයතනයක නම් තොරතුරු තාක්ෂණ නිළදාරියා වෙත ගැටළුව යොමු කරයි. නමුත්  පමණක් ගැටළු ඔබටම විසඳා ගත හැකිය. නැතිනම් ඔබේම නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම ගැටළු පැන නැගිය හැක. Read More

ඔබගේ Smart ජංගම දුරකථනය PC Remote Controller එකක් කරගන්නා අයුරු

එදිනෙදා පරිගණකය භාවිතා කිරීමේදී ඔබ හට දුරස්ථ පාලකයක් මගින් පරිගණකය හැසිරවීමට ඇත්නම් කියා සිතුන අවස්ථා බොහොමයක් ඇති.

 අප බොහෝ දෙනෙක් චිත්‍රපටි නැරඹීමේදී හා ගීත ශ්‍රවණය කිරීමේදී පරිගණකය භාවිතා කරනු ලබයි. මේ සඳහා ඔබ හට දුරස්ථ  පාලකයක් (PC Remote Controller) ඇතිනම් කාර්‍ය්ය වඩාත් පහසු වේ.

ඔබට මේ සඳහා E bay මගින් USB PC Remote Controller එකක්ද රු 700 ක් වැනි මුදලකට ලබාගත හැකිය. නමුත් මෙහි යම් සීමාවන් පවතී.

Read More

Google Maps භාවිතයෙන් ඔබගේ දුරකථනය ඇති ස්ථානය සොයාගන්න

find-my-phone

ඔබගේ Phone එක සොයාගැනීම සඳහා ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් Feature එකක් වන මෙය බොහෝ දෙනෙක්  භාවිතා කරන ආකාරය නොදනී.

ඔබගේ Phone එකට කිසිදු Third-party app එකක් install නොකර මෙම පහසුකම භාවිතා කල හැකිය.

. Read More

Chrome Remote Desktop පිළිබඳ දැනුවත්ද?

බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි මේ Google Chrome වෙතින් ලබා දෙන මෙම Feature එක. අපට යම් කිසි Computer එකකට හෝ කිහිපයකට Remotely log වීමට අවශ්‍ය නම් TeamViewer, AnyDesk වැනි Remote Desktop Sharing Software එකක් අවශ්‍ය වනවා. TeamViewer software එකත් කාලයක් ගතවෙද්දී Commercial use කියලා පැමිණෙනවා. AnyDesk හීද යම් යම් අපහසුතා පවතිනවා. නමුදු Chrome Remote Desktop මගින් ඔබට වඩාත් පහසුවෙන් දුරස්ථව ඇති පරිඝනකයක් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා Read More

අත්වැරදීමකින් Delete වුන Files Recover කර ගැනීමට පහසු මගක්

අපේ අතින් බොහෝ වෙලාවට වෙන දෙයක් තමයි අත්වැරදීමකින් Files Delete වීම. නැතිනම් Delete කරන ලද File එකක් පසුව අවශ්‍ය වීම. අප සාමාන්‍ය ආකාරයට Delete කළහොත් Recycle bin මගින් Recover කර ගැනීමට හැකිවේ. නමුත් Permanantly Delete කරන ලද (Shift+Del) files recover කරගැනීමට Software එකක් අවශ්‍ය වනවා.

 

ඒ අතරින් පහසු Software එකක් Recuva කියන්නේ. අපි බලමු Permanant delete කරපු File එකක් Recover කරන්නේ කොහොමද කියල. Read More

WhatsApp Backup එක PC එකට Download කරන්නේ මෙහෙමයි

whatsapp

කවුරුත් නොදන්න දෙයක් තමයි මේ දේ, Google drive එකේ Save වෙලා තියෙන WhatsApp Backup එක සාමාන්‍ය ක්‍රමයට Download කරන්න නොහැකි වුනත්, Download කරන්න ක්‍රමයක් තියෙනවා. මේ මගින් ඔයාගේ WhatsApp Images, Documents හා සියළුම දේ ඔයාගේ PC එකට Download කරගන්න පුළුවන්.

Read More

ඕනෑම Windows Password එකක් Reset කරන්නේ මෙහෙමයි

windows-password-recover

හදිසියකින් වත් Windows password එක අමතක වුනොත් PC එක Format කරන එකද කරන්නේ? අපි අද කියලා දෙන්නේ, Format නොකර Password එක Reset කරගන්න විදිය පිළිබඳව. මේ සඳහා අපි Software එකක් භාවිතා කරනවා. Software එකක් නොමැතිව වුවුද Reset කරන්න පුළුවන්, ඒත් ටිකක් අපහසුයි. අපි ඒ පිළිබඳව පසුව ලිපියකින් දක්වන්නම්. දැන් අපි බලමු කොහොමද මේ දේ කරගන්නේ කියලා. Read More

Mobile Data Save කරගන්න අපෙන් උපදෙස්

mobile phone tips

බහුතරයක් දුරකථන සමාගම් වලට බනින කාරණයක් තමයි, Mobile Data ඉක්මණින් ඉවර වීම. ඒ වගේම භාවිතා නොකරම Data කපනවා කියන එක. ඒත් ඇත්තටම මොකද වෙන්නේ කියලා හොයලා බැලුවද?  නැතිනම් මේ ටිකත් කරලා බලන්න.

 

Read More

වැඩ පහසු කරන Virtual Assistants

Assistant කිව්ව ගමන් ඔබට මතක් වෙන්නෙ කෙනෙක්ගෙ වැඩක් කරල දෙන්න ඉන්න කෙනෙක් විදියටයි. ඇත්තටම ඒ වගේ දෙයක් ගැන තමයි අද මේ කියන්න හදන්නෙ. Google assistant, Siri වගේ නම් ඇහුණ ගමන් ඔබට මතක් වෙන්නෙ කටහඬ මගින් මොනව හරි දෙයක් search කරල දෙන tool එකක් විදියට. මෙහි  නිවැරදි technical term එක වෙන්නෙ Virtual assistant කියන එක. Virtual assistant කෙනෙක් කියන්නේ විවිධ tasks හෝ services කරන්න පුළුවන් software agent කෙනෙක්.

  Read More