TechWire

Category - Science

කෘත්‍රිම බුද්ධියට වහල් වීම

2013 වර්ෂයේදී තිරගතවූ “Her” චිත්‍රපටියේදී හුදකලා ලේඛකයෙක් තමාගේ ඩිජිටල් සහකාරිය සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා. ඇය ඔහුගේ සියලු කටයුතු සඳහා උදව් වෙනවා වගේම ඔහුට පෞද්ගලික උපදෙස් පවා ලබා දෙනවා. අවසානයේ ඔහු ඇයව පෙම්වතිය බවට පත් කරගන්නවා . Samantha නම් වෙන මේ ඩිජිටල් සහකාරිය විශ්මයජනක වේගයකින් අළුත් දේ ඉගෙනගන්නා  A.I. මෘදුකාංගයක්.

Samantha අවම වශයෙන් තවත් දශකයක් පමණ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසම පවතීවි. කෙසේවුවත් bots [1] (රොබෝ ) නම්වූ අඩු-ක්‍රියාකාරී ඩිජිටල් සහායකයින් දැනටමත් අප අතරට ඇවිත්. මේවා අපගේ නිවෙස් වල 2017 දී දැකිය හැකි තවත් එක් විශ්මයජනක තාක්ෂණික දියුණුවීමක් වේවි.

Read More

Google Earth Engine

මොකද්ද මේ Google Earth Engine

ලෝකයේ භෞතික ස්වභාවය අධ්‍යනය කරන්න Google විසින් හඳුන්වාදීපු platform එකක් තමයි Google Earth Engine කියන්නෙ. අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවලින් ගන්න දත්ත ගබඩා කරල ඒව යම් අධ්‍යන කටයුතුවලට හෝ පර්යේෂණ කටයුතුවලට දෙනව Google Earth Engine එකෙන්. මෙහි ප්‍රයෝජනය පොදු ජනතාවට, රජයන්ට වගේම පෞද්ගලික අංශයට වුණත් ගන්න පුළුවන් විදියට තමයි Google විසින් අවස්ථාව සලසලා තියෙන්නෙ. මොවුන් මේක හදුන්වා දෙන්නේ පෙටා බයිට් ප්‍රමාණයේ විද්‍යාත්මික විශ්ලේෂණ කටයුතු කල හැකි platform එකක් විදියටයි.

මෙහි විශේෂත්වයක් වන්නෙ වසර 35ක පමණ සිට චන්ද්‍රික මගින් ලබා ගත්ත ඡායාරුප එකතුවක් මෙහි තිබෙනවා. වර්තමානයේ නම් එදිනෙදා ලැබෙන සියලු වාර්තා හා ඡායාරුප ඔවුන් සතු වෙනවා. ඒ වගේම Google Earth Engine මගින් JavaScript හා python සඳහා API ලබා දෙනවා විශ්ලේෂණ කටයුතු මෙහෙයවන්න.

Google Earth Engine හා Google Maps කියන්නෙ හාත්පසින් වෙනස් භාවිතයන් දෙකක්. Maps වලින් කරන්නෙ ලෝකය virtually පෙන්වන එක. නමුත් Google Earth Engine මගින් වෙන්නෙ ලෝකයේ භූ ස්වභාවය හා ඒ ආශ්‍රිත දේවල් විශ්ලේෂණය සදහා අවස්ථාවක් ලබාදීම.

Read More

An unprecedented 3D view of CO2 spread by NASA

NASA utilized satellite measurements of carbon dioxide to make a startling new 3D video that shows how the greenhouse gas travels through Earth’s atmosphere.


 

The information was originated from NASA’s Orbiting Carbon Observatory-2 (OCO-2) satellite, which was sent in 2014 in order to measure atmospheric CO2 at the regional level. The conclusions gathered over one year (from September 2014 to September 2015) were then fused with a high-resolution weather model to provide an unprecedented 3D view.

Read More

Top 20 Brain Twisting movies

There are millions of movies out there under different genres. But there are some movies which we make our brain hurt after watching them, and most of such movies only can be understood just before a few minutes from the end. In some cases, you might need to re-watch it to understand what really happened. There is no defined genre for these type of movies, however these can be tagged as “Psychological Thriller” in most cases.

Here are the Top 20* brain twisting movies that you might need to watch.
(* These movies are selected from the preference of the author, and you are mostly welcome to suggest movies to the list.)

Note : The movies are ordered in the alphabetical order, and I haven’t added much description to some movies because I don’t want to spoil. And also I have added a rating (out of 5) under each movie, so you can decide which movie to watch first.

Read More

Hack Your Brain

http://www.lifestylebypoliquin.com/Portals/0/brain.jpg

The brain is an amazing organ functioning inside the living organisms. It is an organ of soft nervous tissue contained in the skull of vertebrates, functioning as the control center of emotions  and intellectual and nervous activity [1]. The brain acts on the rest of the body both by generating patterns of muscle activity and by driving the flow of chemicals called hormones. Moreover, neurotransmitters aka chemical messengers help to transmit neuro-signals from one neuron to another. The combination of these two agents moderates our feelings of well-being, and lifestyle factors affect them. Hence, it will be beneficial for us, as living beings, to know how these can affect our day-to-day activities. Most importantly, it will be more helpful to know the ways we can manipulate the presence of them to improve our productivity.

Read More

කිලෝග්‍රෑමයට නව අර්ථදැක්වීමක්?

ජාතික තාක්ෂණ සහ ප්‍රමිතීන් ආයතනය (NIST) කියන්නේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ පිහිටලා තියෙන මිනුම් ප්‍රමිතිකරණ රසායනාගාරයක්. එතන සේවය කරන භෞතික විද්‍යාඥයින්ට මෑතකදී පුළුවන් වෙලා ප්ලාන්ක් නියතයට (h) ඉතාමත් නිවැරදි පාඨාංකයක් ලබාගන්න. මේක තමයි ඕනෑම ආකාරයක ස්කන්ධයක් මනින්නට තියෙන ලෝක සම්මත අන්තර්ජාතික ඒකකය වන “කිලෝග්‍රෑමය”ට තියෙන නිළ අර්ථදැක්වීම වර්ධනය කරන්න විද්‍යාඥයින් අරන් තියෙන අළුත්ම පියවර. Read More

අන්තර්ජාලය හරහා ගමන්කළ ගුරුත්වාකර්ෂණ තරංග

ගතවූ දින කීපයේම සියළු  දෙනා කතා කරන ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳව ඔබට යම් අවබෝධයක් ඇතැයි අපි සිතමු. මේ අවධානය සමාජ ජාල සහ වෙනත් වෙබ්අඩවි තුළ ගුරුත්වාකර්ෂණ තරංග ගැන සිදුවූ කතාබහ වෙතටයි.

This is how LIGO solved a century old mystery!https://youtu.be/qnTug9sxnJE

Posted by TechTrack on Friday, 12 February 2016

Scientists just confirmed the detection of gravitational waves. This is one of the biggest discoveries of modern…

Posted by Mark Zuckerberg on Thursday, 11 February 2016

My congratulations to the LIGO team on their discovery of gravitational waves. It is a result that is at least as…

Posted by Stephen Hawking on Thursday, 11 February 2016

ගුරුත්වජ තරංග වල පැවැත්ම තහවුරු වේ!

සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්වී දැනට වසර 100ක් ගතවී ඇති අතර, ඇල්බට් අයින්ස්ටයින් විසින් සිය සිද්ධාන්තයේ කොටසක් ලෙස අනාවැකි පලකළ ගුරුත්වජ තරංග වල පැවැත්ම මේ වනවිට තහවුරු වී ඇත.

“අපිට ගුරුත්වාකර්ෂණ තරංග අහුවුණා. අපි ඒක කළා,” LIGO හි විධායක අධ්‍යක්‍ෂක David Reitze පැවසීය. LIGO යනු Reitze පැවසූ ක්‍රියාව වෙනුවෙන්ම සාදන ලද නිරීක්‍ෂණාගාරයකි.

Reitzeට අනුව, කාල අවකාශයේ රැළිති ලෙස හැඳින්විය හැකි මෙම ගුරුත්වජ තරංග නිර්මාණය වී ඇත්තේ කළු කුහර දෙකක එකතුවකිනි. එක් කළු කුහරයකට සූර්යයන් 29ක ස්කන්ධයක් තිබී ඇති අතර; අනෙක සූර්යයන් 36ක ස්කන්ධයකින් සමන්විත වී ඇත. යුගලයටම බොහෝවිට කිලෝමීටර 50ක පමණ විෂ්කම්භයක් තිබී ඇත.

වසර බිලියනකට පමණ පෙරාතුව (LIGOට අනුව බිලියන 1.3) මෙම කළු කුහර යුගලය ආලෝකයේ වේගය මෙන් අඩක වේගයකින් ඝට්ටනය වී ඇත. ගුරුත්වජ තරංග සියලු දේ හරහා ගමන්කරයි. එබැවින් එම ඝට්ටනයේ ප්‍රතිඵලය පෘථිවියට ළඟාවීමට පෙර එවන් කාලයක් විශ්වය හරහා ගමන්කර ඇත.


 

කළු කුහර ඝට්ටනයේ කුරුළු නාදය

Reitze පැවසූ ලෙස, ගුරුත්වජ තරංග විසින් පෘථිවිය වටා ඇති අවකාශය “ජෙලි කුට්ටියක්” මෙන් සංකෝචනය සහ විස්තාරණය කරවයි. එසේ වුවද මෙම තරංග නිරීක්‍ෂණය කළහැක්කේ LIGO වැනි ප්‍රෝටෝනයකින් දහසකින් එකක් පමණ පරිමාණයේ විකෘති වීම් පවා මැනිය හැකි නිරීක්‍ෂකයකට පමණි. මෙම තරංග 2015 සැප්තැම්බර් 14 දින නිරීක්‍ෂණය කරන ලදී.

කළු කුහර ගැටෙන හඬ විද්‍යාඥයින් හට ශ්‍රවණය වී ඇත්තේ තත්පරයෙන් පහෙන්-එකක් පමණ පැවතුණු කුරුළු නාදයක් ලෙසිනි. ගුරුත්වජ තරංග යනු ධ්වනි තරංග වර්ගයක් නොවුණ ද, ඝට්ටනයේ අවසන් මිලිතත්පර කිහිපය (කළු කුහර අතර පරතරය කිලෝමීටර කිහිපයක් පමණක් වූ අවස්ථාව) තුළ එහි සංඛ්‍යාතයේ සිදුවූ වර්ධනය, අපට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත මට්ටමක් බව LIGO හි සේවය කරන ජෝර්ජියානු භෞතීයවේදිනී Deirdre Shoemaker පැවසුවාය.

LIGO යන්න විස්තර කර ඇත්තේ “තමා හරහා යන ගුරුත්වජ තරංග වල අතිශය කුඩා කම්පන නිරීක්‍ෂණය කිරීම සඳහා සියුම්ව නිර්මාණය කළ සර්වසම නිරීක්‍ෂක දෙකකින් යුතු පද්ධතියක්” ලෙසිනි (එක් නිරීක්‍ෂකයක් ලුසියානා ප්‍රාන්තයේ ලිවිංස්ටන්හි ද අනෙක වොෂින්ටන් ප්‍රාන්තයේ හැන්ෆර්ඩ්හි ද පිහිටා ඇත). මෙම ව්‍යාපෘතිය නිර්මාණය කළේ Caltech සහ MIT හි සිටින විද්‍යාඥයින් වන අතර අනුග්‍රහය දැක්වූයේ National Science Foundation විසිනි. කොලොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන Szabolcs Marka පැවසූ පරිදි මෙය “අන්තරීක්‍ෂ මයික්‍රොෆෝනයක්” ලෙස සැළකිය හැකිය.


 

අයින්ස්ටයින්ගේ සංකල්ප

Albert Einstein

ඇල්බට් අයින්ස්ටයින්

ගුරුත්වජ තරංග පිළිබඳව අයින්ස්ටයින් අනාවැකි පළකළේ 1915දී ඔහුගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාද සිද්ධාන්තයේදී ය. ඔහුට අනුව අවකාශ-කාලය යනු ‘කාලය’ ද තවත් එක් මානයක් පමණක් වන සිව්මානමය අවකාශයකි. ගුරුත්වජ තරංග යනු මෙකී අවකාශ-කාලයේ සිදුවන විකෘත වීම්/ කැලැතීම් ය.

කෙසේ වුවද, ඒම තරංග නිරීක්‍ෂණයට නම්, ඒවා (කළු කුහර දෙකක ගැටුමක් වැනි) යම් සුවිසල් සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය විය යුතුය.

කළු කුහර යනු ගුරුත්වාකර්ෂණ තරංග සංකල්පයේ මුදුන් මල්කඩකි. අද වනතුරු අපට දැකගත හැකිව තිබුණේ ඒවායේ පසු-විපාක පමණකි. කොටින්ම කළු කුහරය යනු උපග්‍රහණයක් පමණක් විය.

“ඒවයෙ පැවැත්ම ගැන වක්‍රාකාරව ලැබුණු සාක්‍ෂි ගොඩක් අපිට තිබුණා,” Shoemaker පවසයි. “ඒත් මේක තමයි කළු කුහර දෙකක් එකතුවීම අපි නිරීක්‍ෂණය කරන පළමු වතාව! අනික අපි දන්නවා එහෙම කළු කුහර යුග්මයක එකතුවක් ගැන අනාවැකි කියන්න පුළුවන් එකම ක්‍රමය ගුරුත්වාකර්ෂණ විකිරණය විතරයි කියලා. ගුරුත්වජව නැතුව වෙන කිසිම විදිහකට අපිට ඒක බලාගන්න බෑ.”

“අපිට දැන් විශ්වයට සවන්දෙන්න පුළුවන්”

LIGO ඇත්තටම නිවැරදි ද? අපිට සත්‍යලෙසම ගුරුත්වජ තරංග නිරීක්‍ෂණය වුණා ද?

විද්‍යාඥයින් සතුව five-sigma නැමැති සත්‍යාපන සම්මතයක් ඇත. LIGOහි සමීක්‍ෂකයන්ට අනුව මෙම තරංග සොයාගැනීම එම සම්මතයන් ද ඉක්මවා යයි!

“හොඳම කොටස ඒක නෙවෙයි,” මාධ්‍ය ප්‍රකාශයේ දී Reitze පැවසීය. “මම හිතන්නෙ අපි විශ්වයට අලුත් දොරකඩක් විවෘත කරනවා. ඒක තමයි ගුරුත්වජ තරංග තාරකා විද්‍යාව.”

“ඒක නිවැරදියි කියලා අපිවම පොළඹවගන්න අපිට මාස හයක් විතර ගියා,” Shoemaker කියයි. “අපේ යන්ත්‍ර වල සටහන් වෙච්ච සේරම දේවල් තේරුම්ගන්න පුළුවන් දේවල් බවට අර five-sigma සංකල්පෙටත් එපිටින් ගිහින් ඔප්පුවෙනවා.”

“අපිට දැන් පුළුවන් මේ විශ්වයෙ අපිට ඇහෙන්නෙ නැතුව තිබ්බ ප්‍රදේශ වලට ඇහුම්කන් දෙන්න. මේක (විද්‍යුත් චුම්භක වර්ණාවලියට වඩා වෙනස් වන) වෙනමම වර්ණාවලියක්. මේක අපි කලින් නිරීක්‍ෂණය කරපු කිසිම දෙයක් වගේ නෙවෙයි!”


 

අයින්ස්ටයිනුත් පුදුමවෙන්න තිබුණා

දශකයකට අධික කාලයක් ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි, කොලොම්බියානු විශ්වවිද්‍යාල භෞතීයවේදී Marka පැවසුවේ, මෙම සොයාගැනීම අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සිද්ධාන්තයේ ඍජු අත්හදාබැලීම් වැනි දේට මුල පුරනු ඇති බවයි.

“භෞතික විද්‍යාඥයෙක් හැමතිස්සෙම බලන්නෙ යම් සිද්ධාන්තයක තියෙන අඩුපාඩුවක්. එහෙම අඩුපාඩු හොයන්න තියෙන එකම ක්‍රමය ඒක අත්හදාබලන එක,” Marka එසේ CNN වෙත පවසා ඇත. “අයින්ස්ටයින්ගෙ සිද්ධාන්තයෙ තවමත් අපිට කිසිම අඩුපාඩුවක් පේන්න නැහැ, සහ ඒක හරිම භයානකයි. භෞතිකවේදීන් අඩුපාඩු නැති සිද්ධාන්ත ගැන විශ්වාස කරන්නෙ නැතිතරම්, මොකද එතකොට අපිට කරන්න දෙයක් නැති වෙනවනෙ!”

හාස්‍යජනක කරුණ නම්, ගුරුත්වජ තරංග නිරීක්‍ෂණය කරනු ඇතැයි අයින්ස්ටයින් කිසිදා නොසිතීමයි.

“එයා හිතුවෙ ගුරුත්වජ තරංග කියන්නෙ අලංකාර නිමැවුමක්, ඒත් කාටවත් කිසිම දවසක නිරීක්‍ෂණය කරන්න බැරි තරම් ඉතා කුඩා තරංග වර්ගයක් කියලා,” Marka කීය.

First Dog On The Moon

ප්‍රභවය: The Guardian (First Dog On The Moon)

මූලාශ්‍ර: CNN

විද්‍යාව ඔප්පුකිරීමට ජීවිතය අවදානමේ හෙළීම

භෞතිකවේදීන්, සහ පොදුවේ ගත් කල විද්‍යාඥයින්, යනු බොහෝ විට අවදානම් සහිත ක්‍රියා වල නිරතවන පිරිසක් නොවේ. විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ පුද්ගලයින් නැතුවාම නොවේ. එහෙත් අධ්‍යයන සහ පර්යේෂණ ක්‍ෂේත්‍ර වල කටයුතු කරන බොහෝ විද්‍යාඥයින්ගේ එදිනෙදා වැඩකටයුතු සැළකිය යුතු ලෙස භයානක ඒවා නොවේ.

එනමුදු හෞතිකවේදී Andreas Wahl විසින් භෞතික විද්‍යා නියමයක් ඔප්පු කිරීමට තරමක් අසාමාන්‍ය උත්සාහයක පසුගියදා නිරත වී තිබුණි. මෙහි ඇතුළත් වන සලරුවෙහි ඇත්තේ, මෙම නෝවීජියානු විද්‍යාඥයා විසින් ‘සිය වලිත කේන්ද්‍රය වෙත ළඟාවෙමින් වෘත්ත වලිතයේ යෙදෙන වස්තුවක කෝණික ප්‍රවේගය ක්‍රමයෙන් වැඩිවේ’ යන ප්‍රකාශය සත්‍යාපනයට දැරූ වෑයමකි. මෙම සංසිද්ධිය විද්‍යාත්මකව පැහැදිලි කර තිබෙන බැවින් මොහුගේ ජීවිතය අනතුරක නොතිබුණු බව ඔබට සිතිය හැක. එහෙත් මෙවන් ක්‍රියාවන් කිසි ලෙසකවත් නිවසේදී අත්හදා නොබැලිය යුතුය!

ක්වන්ටම් පරිගණනය සහ තාක්‍ෂණයේ අනාගතය

Silicon Valley ප්‍රදේශයේ ඇති NASA ආයතනයට අයත් පර්යේෂණාගාරයක, Google සමාගම ක්වන්ටම් පරිගණකයක් අත්හදාබලමින් සිටී. ක්වන්ටම් පරිගණක යනු ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන විස්මයජනක නියමයන් මත හෙවත් පරමාණු, ඉලෙක්ට්‍රෝන සහ ෆෝටෝන වල භෞතිකත්වය මත පදනම් වූ යන්ත්‍ර වර්යකි. D-Wave ලෙස හඳුන්වන මෙම පරිගණකය මත ඇමරිකානු ඩොලර් මිලියන 10ක මිලක් පවතින අතර, සාම්ප්‍රදායික භෞතික විද්‍යා මූලධර්ම මත ගොඩනැඟුනු පරිගණක වලට වඩා මෙම යන්ත්‍රයට ඇතැම් කාර්යයන් සුපිරි වේගයකින් සිදුකළ හැක.

මෙහිදී මතුවූ ගැටලුව නම්, මෙම D-Wave යන්ත්‍රයට එදිනෙදා ජීවිතයේ හමුවන සත්‍ය ලෙසම ප්‍රයෝජනවත් කෘත්‍යයන් (විද්‍යාගාර පරීක්‍ෂණ නොව) සඳහා මෙම තාක්‍ෂණික පිම්ම පැනීමට හැකිද යන්න ලොව ඉහළතම ක්වන්ටම් පරිගණක පර්යේෂකයින්ට පවා ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි වීමයි. නමුත් සිය D-Wave පරිගණකය මාස කිහිපයක් පරිහරණය කළ Google සමාගමෙහි විශ්වාසය මෙම යන්ත්‍රය ඉතාමත් ප්‍රයෝජනවත් එකක් වියහැකි බවයි.

D-Wave යන්ත්‍රය සමග Google සමාගම සිදුකරන පරීක්‍ෂණ පිළිබඳව සොයා බලන Harmut Neven මහතා පවසන්නේ, අනාගතයේදී, යාන්ත්‍රික ඉගෙනීම සැළකියයුතු ලෙස වර්ධනය වනු ඇති බවයි. (යාන්ත්‍රික ඉගෙනීම යනු ඡායාරූප හඳුනාගැනීම, පවසන වචන හඳුනාගැනීම, ස්වභාවික භාෂාව තේරුම්ගැනීම යනාදිය සඳහා පරිගණක විසින් භාවිතා කෙරෙන ක්‍රමවේදයයි. අනාගතයේ යම් දිනෙක සාමාන්‍ය දැනීම අනුකරණයට පවා අවශ්‍ය විශාල දත්ත ගොනු විශ්ලේෂණයට පරිගණක විසින් භාවිතා කෙරෙනු ඇත්තේ මෙම ක්‍රමයයි.)

සිය සමාගමේ අත්හදාබැලීම් විස්තර කරමින් මෑතකදී Google සමාගම විසින් නිකුත් කළ පර්යේෂණාත්මක පත්‍රිකාව සැකසීමේ දී ද සහය දැක්වූ Neven මහතා, D-Wave යන්ත්‍රය සැසඳුවේ 1903 වසරේ Kitty Hawkහිදී Wright සොයුරන් පියාසර කළ මුල්ම ගුවන් යානය සමගයි. එම යානය පොළොවෙන් ඉහළට එසවුණේ සුළු මොහොතකට පමණක් වුවද, එය විප්ලවයක ඇරඹුමක් විය. “ඔවුන්ගෙ යානය වාතය හරහා ප්‍රක්‍ෂේපණය වුණා,” ඔහු කීය. “ඒකයි මූලිකම දේ!”. ඒ අයුරින්ම, ඔහුට අනුව, සාම්ප්‍රදායික භෞතික විද්‍යා නියමයන් පරයා යමින් යම් යම් ගැටලු විසඳීමට D-Wave හට හැකිවී ඇත.

ඇතුළත කතාව

ක්වන්ටම් පරිගණකය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍ය ජාතික David Deutsch නැමැති භෞතික විද්‍යාඥයා ය. මෙම ලිපිය කියවීමට ඔබ භාවිත කරනා වර්ගයේ සාම්ප්‍රදායික පරිගණකයක දත්ත ගබඩාකිරීම සිදුවන්නේ කුඩා ට්‍රාන්සිස්ටර තුළ ය. ඕනෑම ට්‍රාන්සිස්ටරයක දත්ත ‘බිට්’ (bit) එකක් ගබඩා කළ හැක. ට්‍රාන්සිස්ටරය සක්‍රිය නම් එහි “1” ද, අක්‍රිය නම් එහි “0” ද ගබඩා වී ඇත. නමුත් Deutsch යෝජනා කළ යන්ත්‍රයේ දත්ත ගබඩා වන්නේ ක්වන්ටම් ක්‍රමවේදයකට අනුවය, හෙවත් ‘ක්‍යුබිට්’ (qubit) ලෙසය. ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන අධිස්ථාපන මූලධර්මයට පින් සිදුවන්නට, මෙම ක්‍යුබිට් එකක් තුළ “0”ක් සහ “1”ක් එකවිටම ගබඩා කොට තැබිය හැකිය. ඒ අයුරින් ක්‍යුබිට් දෙකකට අගයන් හතරක් එකවර රඳවාගත හැක (00, 01. 10 සහ 11). තව තවත් ක්‍යුබිට් එක්කිරීම මගින්, සෛද්ධාන්තිකව, ඔබට සාම්ප්‍රදායික පරිගණක වලට වඩා ඝාතීයව බලය වැඩිවන යන්ත්‍ර නිර්මාණය කළ හැකිය.

ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන අධිස්ථාපන මූලධර්මයට පින් සිදුවන්නට, මෙම ක්‍යුබිට් එකක් තුළ “0”ක් සහ “1”ක් එකවිටම ගබඩා කොට තැබිය හැකිය.

එය එක්වරම සිතාගැනීමට ඔබට අපහසු ද? සත්‍ය ලෙසම ක්‍රියා කරන ක්වන්ටම් පරිගණකයක් තැනීම ඊටත් වඩා අතිශය දුෂ්කර ය. මෙහි ඇති ගැටලුව නම් ඔබ ක්වන්ටම් පද්ධතියක් නිරීක්‍ෂණය කරන විට එය ප්‍රතිසංසක්ත (decohere) වීමයි. එනම් එක් අගයක් පමණක් ගබඩා කළ හැකි සාමාන්‍ය බිට් එකක් බවට හැරීමයි. අගයන් දෙකක් එකවිට ගබඩාකර තබාගතහැකි වුවද, අගයන් දෙකක් එකවර නිරූපණය කළ නොහැකි වීම  ප්‍රතිසංසක්ත වීමට හේතුවයි. එවිට එය තවදුරටත් ක්වන්ටම් පද්ධතියක් ලෙස ක්‍රියා නොකරයි.

2007 වර්ෂයේදී, කොලොම්බියානු සමාගමක් වන D-Wave සමාගම, බිට්-16 ක්වන්ටම් පරිගණකයකැයි හැඳින්වූ යන්ත්‍රයක් වෙළඳපොළට හඳුන්වා දුනි. එදා සිට අද දක්වා මෙම යන්ත්‍රය ක්‍යුබිට් 1000කටත් වඩා ඇති තත්ත්වයකට සංවර්ධනය වී ඇතැයි පැවසේ. නමුත් මෙම ප්‍රකාශ විවාදාත්මකය. D-Wave යනු “විශ්වීය ක්වන්ටම් පරිගණකයක්” නොවේ; එනම් සියළුම ආකාරයේ ගණනය කිරීම් සඳහා එය ගැලපෙන්නේ නැත. එය නිර්මාණය කර ඇත්තේ “සංයුක්තක ප්‍රශස්තීකරණ ගැටලු (combinatorial optimization problems)”—විකල්ප සිය දහස් ගණනක් ඇති විට ඒ සියල්ල අතරින් හොඳම විකල්පය තේරීමේ ගැටලු—මෙහෙයවීමටයි. එවන් ගැටලු විසඳීම මිනිස් ජාන විශ්ලේෂණයේ සිට යාන්ත්‍රික ඉගෙනීම දක්වාම ඇති සියලුම ක්‍ෂේත්‍ර වල කොටසකි. නමුදු තවමත් මෙම යන්ත්‍රයට එම ගැටලු සාම්ප්‍රදායික පරිගණක වලට වඩා හොඳින් විසඳිය හැකි බවට සාක්‍ෂියක් නොමැත.

d-wave_exterior

නවතම D-Wave නිමැවුම, D-Wave 2X, සතුව සුපිරි සන්නායක පරිපථ 1000ක් පමණ ඇත. යන්ත්‍රය තුළදී මෙම පරිපථ නිරපේක්‍ෂ ශුන්‍යයට ඉතා ආසන්න උෂ්ණත්වයක් දක්වා සිසිල් කෙරේ. එම උෂ්ණත්වයේදී, පරිපථ ක්වන්ටම් අවස්ථාවකට පත්වන අතර එවිට පරිපථ හරහා දක්‍ෂිණාවර්තව සහ වාමාවර්තව එකම අවස්ථාවක විදුලිය ගමන් කරයි. එවිට යන්ත්‍රය මෙම ක්‍යුබිට මගින් යම් යම් ගණනය කිරීම් සිදුකිරීමට විවිධාකාර ඇල්ගොරිතම භාවිතා කරයි. මූලිකවම, මෙම ඇල්ගොරිතම අදාළ ගණනය කිරීම් සම්පූර්ණ කරන්නේ, පද්ධතිය එහි පරිපථ වල උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ නංවද්දී කිසියම් අවස්ථාවකදී යම් පරිපථ ප්‍රමාණයක් එක් අගයක් ලබාගැනීමේ සම්භාවිතාව තීරණය කිරීමෙනි.

යන්ත්‍රය තුළදී මෙම පරිපථ නිරපේක්‍ෂ ශුන්‍යයට ඉතා ආසන්න උෂ්ණත්වයක් දක්වා සිසිල් කෙරේ. එම උෂ්ණත්වයේදී, පරිපථ ක්වන්ටම් අවස්ථාවකට පත්වන අතර එවිට පරිපථ හරහා දක්‍ෂිණාවර්තව සහ වාමාවර්තව එකම අවස්ථාවක විදුලිය ගමන් කරයි.

මෙහි අරමුණ ක්වන්ටම් මෘදුකරණය (quantum annealing) නම් තත්ත්වය උදාකර ගැනීමයි. මෙය සාම්ප්‍රදායික මවාපෑම් මෘදුකරණය (simulated annealing) නම් සාමාන්‍ය අවස්ථාව අභිබවා ගිය තත්ත්වයකි. මවාපෑම් මෘදුකරණය (simulated annealing) යනු ගණිතමය විසඳුමක් සෙවීමේ එක්තරා ක්‍රමයකි. එය කඳු පන්ති වලින් සමන්විත වූ විශාල ප්‍රදේශයක පහතම ලක්‍ෂ්‍යය සෙවීම වැනි කාර්යයකි. එය සිදුකිරීමට ඔබට ගැඹුරුම නිම්නය හමුවන තුරු, කඳු නගිමින් බහිමින් ගමන්කිරීමට සිදුවේ. නමුත් ක්වන්ටම් මෘදුකරණය (quantum annealing) සමගින්, ඔබට කඳු හරහා ගමන්කරමින් එම නිම්නය සොයාගත හැක—සෛද්ධාන්තිකව.

“සාම්ප්‍රදායික පද්ධති වල ඔයාට ලැබෙන්නෙ එක් පිටවීමේ මාර්ගයක් විතරයි. ඔයා ඊළඟ කන්දත් නැගලා ඒක බැස්සම තමයි දැන් ඉන්න තැනින් පිටවෙන්න පුළුවන්,” Neven කියයි, “ඒත් ක්වන්ටම් යාන්ත්‍රණයට පුළුවන් ඔයාට තව පිටවීමේ මාර්ගයක් හදලා දෙන්න. ඒ තමයි කඳු ගැටය හරහා—බාධකය හරහා ගමන් කිරීම.”

කාලයක් යනතුරු පර්යේෂකයින්ට තිබූ ගැටලුවක් වූයේ D-Wave හට සත්‍ය ලෙසම ක්වන්ටම් මෘදුකරණය සිදුකළ හැකිද යන්නයි. නමුත් දැන් Google හට ඒ ගැන සැකයක් නොමැත; අන් අයද එය ස්ථිර කරයි. “ක්වන්ටම් මෘදුකරණය කියන ක්‍රියාවලිය සිදුවෙන බවට අපිට හොඳ—ශක්තිමත්—සාක්‍ෂි ලැබිලා තියෙනවා,” Lidar කියයි. “ඇත්තටම ක්වන්ටම් ශක්තීන් වැඩකරන බවට සහ ඒවා අර්ථාන්විත පරිගණන කාර්යයක් ඉටුකරන බවට අපට දැන් තියෙන සැකය ඉතාමත් අල්පයි.” ඇතැම් අවස්ථා වලදී, Google පවසන පරිදි, මෙම ක්වන්ටම් මෘදුකරණයට සාම්ප්‍රදායික තනි-හර ප්‍රොසෙසරයක (single-core processor)  මවාපෑම් මෘදුකරණය අභිබවනය කළහැකි අතර, 108 ගුණයක වැඩි වේගයකින් ගණනය කිරීම් සිදුකළ හැක. නමුත් ඔබ හමුවේ ඇත්තේ පොඩි කඳුගැට ගණනක් නම්, ක්වන්ටම් සහ මවාපෑම් මෘදුකරණ දෙකෙහි විශාල වෙනසක් ඔබට නොපෙනෙනු ඇත.

ක්වන්ටම් නියුරෝනමය දැල්

නියුරෝනමය ජාල ලෙස මෙහි හැඳින්වෙන්නේ මිනිස් මොළයේ ඇති නියුරෝන ජාලය අනුකරණය කරමින් ක්‍රියා කරන අතිවිශාල පරිගණක ජාල යි. බල්ලෙකුගේ ප්‍රමාණවත් ඡායාරූප ගණනක් ලබාදුනහොත්, ඉන්පසුව එම බල්ලාව හඳුනාගැනීමට මෙම නියුරෝනමය  දැල් වලට ඉගෙනගත හැක. ප්‍රමාණවත් දෙබස් ගණනක් ලබාදුනහොත්, කතාබහක් දිගටම පවත්වාගෙන යාමට මේවාට ඉගෙනගත හැක. මේවා හුදෙක් සංකල්ප පමණක් නොවේ. Google searching, Siri, Facebook photo tagging වැනි සේවා පරිහරණය කර ඇති ඔබට එය යම් දුරකට වැටහෙනු ඇත. එවන් ඉහළ දැනුම් මට්ටමකට ළඟාවීමට අවශ්‍ය ශක්තිය D-Wave සතුවන බව Neven ගේ විශ්වාසයයි. ක්වන්ටම් මෘදුකරණය සමගින් නියුරෝනමය ජාල වලට දැනට වඩා අතිශය විශාල දත්ත ප්‍රමාණයක් ඉතා කුඩා කාලයකදී විශ්ලේෂණය කළ හැකිවනු ඇත.

එවන් පද්ධතියක් නිමවීමට දිගු කලක් ගතවේවි. එය ගැටලුවක් වියයුතු නැත. සාර්ථක ජෙට්ලයිනර් යානයක් ගොඩනැඟුනෙ Kitty Hawk හිදී වූ පළමු ගුවන් ගමනින් කොපමණ පසුවද!

මූලාශ්‍ර: WIRED

iHelmet වෙනුවෙන් ගනිඳු හට ඇමරිකානු ඩොලර් 500,000ක ජයක්!

ගනිඳු නානායක්කාර යනු නව නිර්මාණ ශිල්පියෙකු සහ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. SLIIT ආයතනයේ ඉගෙනුම ලබා ඇති මහු ආදි ආනන්දීයයෙකු ද වේ. මෙම වසරේ Verizon ආයතනය මගින් පැවැත්වූ Powerful Answers තරඟයේ ප්‍රවාහන අංශයේ දෙවන ස්ථානය ලබාගැනීමට ගනිඳුගේ iHelmet නිර්මාණයට හැකිවූ අතර, ඔහුට හිමිවූ ජයග්‍රාහී ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 500,000ක් විය.

Powerful Answers යනු Verizon ආයතනය විසින් සංවිධානය කරනු ලබන තරඟාවලියකි. මෙය ප්‍රධාන අංශ තුනක් (Transportation, Emergency Response සහ Internet of Things) යටතේ පැවැත්වෙන අතර එක් අංශයකින් ජයග්‍රාහකයින් 4 දෙනෙක් තෝරාගනු ලැබේ. ප්‍රථමයාට ඇමරිකානු ඩොලර් 1,000,000ක් ද, දෙවැනියාට ඇමරිකානු ඩොලර් 500,000ක් ද, ඉතිරි දෙදෙනාට ඇමරිකානු ඩොලර් 250,000 බැගින් ද ත්‍යාග මුදල් හිමිවේ. මෙවර මෙම තරඟය සඳහා 1,400කට අධික තරඟකරුවන් සහභාගී වූ අතර අවසන් සම්මාන ප්‍රදානය පසුගිය දෙසැම්බර් 9 වන දා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වුණි.

iHelmet (intelligentHelmet) සතුව විශේෂාංග ගණනාවක් ඇත. මෙම විශේෂිත හිස්වැස්ම පාලනය කිරීමට ගනිඳු ඉදිරිපත් කරන්නේ Android අයදුමකි. හිස්වැස්මේ ඇති උපාංගය නිරතුරුව සංවේදනය කරගන්නා දත්ත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය වන්නේ බ්ලූටූත් සංඥා ඇසුරෙනි. ඊට අමතරව හුරුබුහුටි දුරස්ථ-පාලකයක් ද මේ සමග ලැබෙන අතර ස්මාට්ෆෝන් භාවිතය නුපුරුදු අයට එය පහසුවක් වනු ඇත. iPhone පරිශීලකයින් හට ද iHelmet භාවිත කිරීමේ පහසුකම නුදුරු දිනෙකම හඳුන්වාදෙනු ඇතැයි අපි උදක්ම අපේක්‍ෂා කරමු.

iHelmet

සේයාරුව: http://recode.net

මේ උපකරණය හා Android අයදුම සමඟ හිස්වැස්මක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Android අයදුම පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.
යතුරුපැදි අනතුරු වලින් නිමක් නැති රටක් වන අපට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් උපාංගයක් වනු ඇත. මෙවන් නව නිර්මාණ ශ්‍රී ලංකාව කොතෙකුත් බිහිවුවද අපගේ අවාසනාවට මෙන් එයින් වෙළඳපලට එක්වන්නේ ඉතාම අතළොස්සකි. මෙයට විවිධ හේතු තිබුණද, රජය සහ මහජනයා මෙම නිමැවුම් වෙත යොමන අඩු අවධානය එයට ප්‍රධාන හේතුවකි. TechWire අපගේ පැතුම කිසියම් අනුග්‍රාහක භවතෙකුගේ මැදිහත්වීමකින් මෙම ප්‍රයෝජනවත් හිස්වැස්ම, සාමාන්‍ය ජනයාට ආර්ථිකමයව පහසුදායක අයුරකින්, වෙළඳ භාණ්ඩයක් ලෙස ඉක්මණින්ම අප අතරට පැමිණේවා කියා ය.

Powerful Answers Awards 2015 තරඟයේ ජයග්‍රාහකයන් පහත පරිදිය.

$1,000,000 – Bounce Imaging

$500,000 – EmergenSee®

$250,000 – Disaster Mesh, Lifeguard Drone

$1,000,000 – Zizmos Technology

$500,000 – CityTaps

$250,000 – Owlet, Smart Barn

$1,000,000 – Pogo

$500,000 – iHelmet

$250,000 – i4drive, Swiftmile

Wi-Fi ට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi තාක්‍ෂණය

අපගේ මේ සූදානම Li-Fi හට සත්‍ය ලෙසම අපගේ අන්තර්ජාල වේගය අධිබලගැන්වීමට අවශ්‍ය කරුණු කාරණා තිබේදැයි සොයා බැලීමටයි. ඊට ප්‍රථමයෙන් Li-Fi පිළිබඳ නොදන්නා අය සඳහා ඒ ගැන සුළු හැඳින්වීමක් කරමු.

Li-Fi යනු Light Fidelity යන පෙළ සඳහා වන කෙටි යෙදුමකි. Wi-Fi (Wireless Fidelity) තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගයට ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර යන තරංග වර්ග දෙක අතර සංඛ්‍යාතයක් ඇත. එසේ භාවිතයට හේතුව ද ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර තරංග වලින් සිදුවිය හැකි බලපෑමයි. කෙසේ වුවද මෙම Li-Fi තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගය නම් සරලවම දෘෂ්‍ය ආලෝකයයි. දෘෂ්‍ය තරංග පරාසය තෝරාගැනීමට, ගුවන්විදුලි තරංග පරාසයේ ඇති තදබදය ද හේතුවක් වූවා විය හැක. එහෙත් Li-Fi තාක්‍ෂණයේ ප්‍රබලම වාසිය එහි සුපිරි වේගයයි. නවතම සොයාගැනීම් වලට අනුව පෙනීගොස් ඇත්තේ මෙම Li-Fi හට Wi-Fi ව ද ප්‍රතිස්ථාපනයට තරම් බලයක් ඇති බවයි. මේ සියල්ල ඇරමුනේ Vemenni නම් සමාගමක් Li-Fi තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ විදුලි බල්බයක් නිර්මාණය කිරීමත් සමගයි. Read More