TechWire

Category - Gadgets

Huami සමාගම මගින් හදුන්වා දෙන Amazfit

Huami Technology සමාගම ආරම්භ කරන ලද්දේ 2013 දීය. එය එක්සත් ජනපදයේ නිව්යෝක් කොටස් වෙළඳපොලේ (NYSE) ලැයිස්තු ගත කර ඇති සමාගමකි. එය එක්සත් ජනපදයේ ප්‍රාග්ධන වෙළඳපොළට ඇතුළු වූ චීනයේ පළමු ස්මාර්ට් දෘඩාංග නිපදවන සමාගම ද වේ. සමාගමේ මෙහෙවර වන්නේ “සෞඛ්‍යය තාක්ෂණය සමඟ සම්බන්ධ කිරීමයි”. Huami සමාගම විසින් චිප, උපාංග සහ Cloud Computing සේවා සපයන අතර ගෝලීය සෞඛ්‍ය සේවා පරිසර පද්ධතියක් ගොඩනැගීමට ඔවුන් අපේක්ෂා කරයි.

Huami Technology සමාගමේ නිෂ්පාදන

ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙකු ලෙස, Huami හි ප්‍රධාන නිෂ්පාදන වන්නේ ස්මාර්ට් අත් පළඳනා, ස්මාර්ට් ඔරලෝසු වැනි පැළඳිය හැකි උපාංග වන අතර treadmill, බර පරිමාණයන්, සපත්තු සහ ඇඳුම් වැනි ක්‍රීඩා හා සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන ද වේ. සමාගම විසින් ස්වාධීන වෙළඳ නාමයක් වන Amazfit යටතේ ස්මාර්ට් ඔරලෝසු කාණ්ඩ 7 ක් ඉදිරිපත් කර ඇත. උදා : Stratos series, Basic series, Flagship series, Health series, Fashion series, Outdoor series and X series

මීට අමතරව, 2020 දී සමාගම සිය පළමු රැහැන් රහිත sport ear buds සහ ස්මාර්ට් treadmill නිෂ්පාදන එළි දක්වන ලදී. කැපී පෙනෙන නිෂ්පාදන අත්දැකීම් සමඟින්, විවිධ පාරිභෝගික කණ්ඩායම්වල විවිධ අවශ්‍යතා සපුරාලීමේ අභියෝගයට Huami සමාගම සාර්ථකව මුහුණ දෙයි. Huami Technology සමාගම සහ Disney සමාගම විසින් Avengers ,Star Wars සහ වෙනත් තේමාවන් වටා පදනම් වූ අභිරුචි කරන ලද නිෂ්පාදන ගණනාවක් දියත් කළ අතර ඒවා පරිශීලකයින් සහ රසිකයන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇත.

Huami Technology සමාගමේ චිප

Huami සමාගම විසින් ලොව ප්‍රථම ස්මාර්ට් පැළඳිය හැකි චිපය RISC-V නමින් හදුන්වන සම්මත උපදෙස් මාලාවක් පදනම් කර ගෙන “Huangshan 1” ලෙස එළි දක්වා ඇති අතර එය Amazfit ස්මාර්ට් ඔරලෝසු සහ ස්මාර්ට් අත් පළඳනා වල විශාල පරිමාණයේ භාවිතයක් දක්නට ලැබේ. මේවා සැබවින්ම සෞඛ්‍යයට ගැලපෙන AI චිප වන අතර 2020 තුළ මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙන ඊළඟ පරම්පරාවේ “Huangshan 2” සඳහා සමස්ත සැලසුම සම්පූර්ණ කර ඇත.

Amazfit ස්මාර්ට් ඔරලෝසු

Amazfit වේගයෙන් ගෝලීයව ඉදිරියට යමින් තිබේ. එක්සත් ජනපදය, ජර්මනිය සහ ජපානය ඇතුළු රටවල් 70 කට වැඩි ගණනක Amazfit ස්මාර්ට් ඔරලෝසු නිෂ්පාදන අලෙවි කෙරේ. වර්තමානයේදී, චීනයට අමතරව, රුසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ වෙනත් රටවල Amazfit දේශීය ස්මාර්ට් ඔරලෝසු වෙළඳපොලේ ඉහළම සැපයුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකි.

දිගු කලක් තිස්සේ ස්ථාපිත එක්සත් ජනපද ඔරලෝසු සන්නාමය වන Timex සහ එක්සත් ජනපද ඩිජිටල් වෛද්‍ය සමාගමක් වන AliveCor ඇතුළු ලොව පුරා නාලිකා සහ උපායමාර්ගික හවුල්කරුවන් ගණනාවක් සමාගම සතුව ඇත.

Amazfit ස්මාර්ට් ඔරලෝසු අතර Amazfit X වැදගත් තැනක් හිමිකර ගනී. තනි ආරෝපණයකින් දින 7 ක් භාවිතා කිරීමට Amazfit X හට බලය ඇත. එය ඔබගේ හෘද ස්පන්දන වේගය දවසේ පැය 24 පුරාම නිරීක්ෂණය කරයි. Amazfit X සමඟ සෘජු ආලෝකය යටතේ වුවද තියුණු හා දීප්තිමත් සංදර්ශනයක් දැක ගැනීමේ හැකියාව ඇත. මෙය මීටර් 50ක් දක්වා ජල ප්‍රතිරෝධ වේ.

නවෝත්පාදන සමාගමක් ලෙස, Huami Technology චීනයේ සහ විදේශයන්හි සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාල සමඟ පර්යේෂණ හා සංවර්ධන, නිෂ්පාදන සහ අධ්‍යාපනය සඳහා පුළුල් ලෙස සහයෝගයෙන් කටයුතු කරයි. Huami සමාගම විසින් තමන්ගේම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පිහිටුවා ඇති අතර ඔවුන්ගෙන් 90% කට වඩා ශාස්ත්‍රපති උපාධියක් හෝ ආචාර්ය උපාධියක් ලබා ඇත.

ASUS සමාගම VivoBook S14 සහ S15 ලැප්ටොප් පරිගණක හඳුන්වා දේ

ASUS VivoBook Series

ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වගේම අපුර්වත්වය සහ නව්‍යකරණය ගැබ්වූ පෙනුමකින් හෙබි 10th Gen Intel processors සහ  NVIDIA GeForce graphics අඩංගු මේ ලැප්ටොප් පරිගණක ඔබේ පෞර්ෂත්වය ඔප් නන්වමින් කාර්යක්ෂමතාව වැඩි කරන බව අපට විශ්වාසයි.

SUS  VivoBook Series
  • වෙනස් වීමට නිර්භීත වන්න : අපුර්ව හැඩයක් සහ නව්‍යකරණය වූ නිමාවක් සහිත මේ පරිගණක මාදිලි සතුව color-blocking සහිත  Enter key එකක්, diamond-cut chamfered edges වගේම ශක්තිමත් ලෝහ නිමාවක් අන්තර්ගත වෙනවා.
  • රාමුව බිද දමන්න : 1.4 kg තරම් බරින් අඩු, 1.59 mm තරම් සිහින් සංගත නිමාවකින් වගේම slim-bezel NanoEdge සහිත 86% දක්වා ඇති screen-to-body ratio display එකක් මේ උපාංග සතුයි.
  • හොඳම දේ සොයා ගන්න : 10th Gen Intel® Core™ i7 CPU එකක් වගේම බලවත් NVIDIA® GeForce® MX350 graphics උපාංග සමග ක්‍රියාත්මක වීමේ හැකියාව මේ උපාංග සතු වෙනවා.
  • ලැප්ටොප් පරිගණකය ජංගම දුරකථනයට ඒකාබද්ධ කර ගන්න : නවීකරණය කරන ලද MyASUS මෘදුකාංගය හරහා  ලැප්ටොප් පරිගණකය සහ දුරකථනය සම්බන්ධ කිරීම තවත් පහසුයි.

ASUS සමාගම තමන්ගේ නවතම VivoBook S14 (S433) සහ S15 (S533) ලැප්ටොප් පරිගණක යුගලය 2020 ජනවාරි මස නිල වශයෙන් නිවේදනය කළා. අඟල් 14 සහ අඟල් 15 ප්‍රමාණයන්ගෙන් මේ පරිගණක ද්විත්වය සමන්විත වෙනවා. ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසින් නිමවා ඇති මේ පරිගණක යුගලය, අපුර්වත්වය සහ නව්‍යකරණය ගැබ් වූ පෙනුමකින් සමන්විත වෙනවා. පරිශීලකයාගේ පෞර්ෂත්වය ඔප් නැංවීම වගේම පරිගණක වල ඉතා බලවත් ක්‍රියාකාරීත්වය නිසාම මේ උපාංග විශිෂ්ටතම උපාංග ලෙස හඳුන්වන්න පුළුවන්.

VivoBook S14 (S433) සහ S15 (S533) පරිගණක සතුව පවතින සුවිශේෂී Diamond-cut edges, metallic textured නිමාව වගේම පරිශීලක පෞර්ෂත්වය විදහා දැක්වෙන වර්ණ පරාසයන් මේ උපාංගවල කැපී පෙනෙන ලක්ෂණයි. තිරය දිගහැරිය මොහොතේ සිට පරිශීලකයාගේ ඇස ඇද ගන්නා color-blocked edges සහිත Enter යතුරත් මේ පරිගණකය වෙත සපයන්නේ අසම සම අත්දැකීමක්.

අද්විතීය මෝස්තරයක් සහ සිත්කළු පෙනුමක් ඇති මෙම නව VivoBooks බලගන්වන්නේ Intel® Core ™ i7 ප්‍රොසෙසරයක් මගින්. NVIDIA® GeForce® MX 250 දක්වා ඇති discrete graphics සහ 16 GB RAM දක්වා ඇති RAM ධාරිතාව වගේම විශාල ධාරිතාවක් ඇති PCIe® SSD හා Intel Optane™ Memory H10 අධිබලැති සහ වේගවත් දත්ත ගබඩාවක් සපයනවා.

වෙනස් වීමට නිර්භීත වන්න

ASUS VivoBook S මාදිලි වල පරිගණක ලොව පුරා පරිශීලකයන් අතර ඉතාම සුප්‍රකට බව නොරහසක්. මේ නව S14 සහ  S15 මාදිලි ගෙනෙන නව පෙනුම සහ අපූරු වර්ණ වලට ඔබව විශ්මයට පත් කරන්නට නොහැකි වුණොත්, Bold yellow Enter key එක ඒ දේ සිදු කරන බව අපට විශ්වාසයි. Diamond-cut හැඩය ඇති, chamfered edges සිහින් පෙනුමක් එක් කරනවා සේම ඉතා පහසුවෙන් ලැප්ටොප් පරිගණකය විවෘත කරන්නත් හැකියාව ලබා දෙනවා. මේ පරිගණක යුගලය සතුව ඇති නව VivoBook ලාංඡනය මෙම සුන්දර ලැප්ටොප් පරිගණකයේ, සරල නමුත් අසාමාන්‍ය අපුර්වත්වය ඉස්මතු කරනවා.

ASUS  VivoBook Series

VivoBook S නව දශකයක් සැමරීම සඳහා නවතම වර්ණ ගණනාවක් හඳුන්වා දෙනු ලබනවා. Resolute Red වර්ණය ඕනෑම මේසයක් මත කැපී පෙනෙන ආකර්ෂණීය වර්ණයක්. Gaia Green වර්ණය සොබාදහමේ අපුර්වත්වය රැගත් වර්ණයක්. Dreamy White වර්ණය නව්‍යත්වය විදහා දක්වන අතර අවසාන වශයෙන් Indie Black වර්ණය පරිගණකයේ දීප්තිමත් සංදර්ශකය සමඟ බලවත් බව විදහා දක්වනවා. වර්ණය කුමක් වූවත් ඉතා සුක්ෂමවත්, නිවැරදිවත් නිර්මාණය කර ඇති මේ අපුර්වතම උපාංග යුගලය සමග වැඩ කිරීම පමණක් නොව අතට ගැනීමක් සතුට උපදවන අත්දැකීමක් වන බව නොඅනුමානයි. VivoBook S lineup එකෙහි ඇති නව yellow color-blocked Enter යතුර මේ පරිගණයකට සෞන්දර්‍යාත්මය වටිනාකමක් එක් කරනවා.

ASUS  VivoBook Series Stickers

VivoBook S14 සහ S15 එකිනෙකට වෙනස් VivoBook වර්ණ හතරට ගැලපෙන අද්විතීය මෝස්තර සහ වාක්‍ය ඛණ්ඩ ඇතුළත් ස්ටිකර් ද ඇතුළත් වන අතර තරුණ පරිශීලකයින්ට ඔවුන්ගේ VivoBook පරිගණක තව දුරටත් තම අභිප්‍රාය මත පුද්ගලීකරණය කිරීමට එමඟින් ඉඩ සැලසෙනවා.

රාමුව බිද දමන්න

1.4 kg බරකින් සහ 1.59 cm වලින් ආරම්භ වෙන මේ නව ASUS VivoBook S14 සහ S15 මාදිලි දෙකම සිහින් සහ සැහැල්ලු ලෙසින් නිමා කර තිබුණත් මේ උපාංග පරිශීලක කාර්යක්ෂමතාවය කෙරෙහි මුලිකත්වය ලබා දෙන විශ්වාසදායි පරිගණක ලෙස හඳුන්වන්න පුළුවන්. 

Thin-bezel NanoEdge FHD සංදර්ශක තිරය පුළුල් සහ අතිවිශිෂ්ට නැරඹුම් අත්දැකීමක් පරිශීලකයන් වෙත ලබා දීමට සමත් වෙනවා. සංගත ලෙසින් නිමවා ඇති නිසාම බෑගයක හෝ මේසයක් මත ලබා ගන්නෙත් ඉතාම අඩු ඉඩ ප්‍රමාණයක්.

ASUS  VivoBook Series

අඟල් 15.6ක සංදර්ශකය සමඟ හඳුන්වා දෙන මෙය උපරිම තිර අවකාශය ලබා දෙනවා. එබැවින් තිරයේ ක්‍රියාකාරී කවුළු දෙකක් හෝ වැඩි ගණනක් සහිත බහු කාර්යයන් (multitask) කිරීමට නැඹුරු වන අයට එය වඩාත් ප්‍රායෝගික තේරීම බව අපේ අදහසයි. අඟල් 14ක තිරය සහ  1.4 kg බරකින් යුතු VivoBook S14 පරිගණකය පරිශීලකයන් විශාල ප්‍රමාණයකට ගැලපෙනම උපාංගය ලෙස හඳුන්වන්න පුළුවන්.

Numeric keypad (සංඛ්‍යාත්මක යතුරු පෑඩයක්) භාවිතා කිරීමට කැමති පරිශීලකයින් සඳහා VivoBook S14 හි, නව ASUS NumberPad 2.0 ඇතුළත් කර තිබෙනවා. මේ නව LED-illuminated numeric keypad එක ඔස්සේ ඉතා වේගවත්ව දත්ත ඇතුළත් කිරීමට පරිශීලකයන් වෙත අවස්ථාව උදා වෙනවා.

හොඳම දේ සොයා ගන්න

පරිශීලකයන්ගේ දෛනික පරිගණක කටයුතු සියල්ලම සිදු කර ගන්නට අවශ්‍ය බලය සහිත උපාංග දෙකක් ලෙසින් ASUS VivoBook S14 සහ  S15 නම් කරන්නට පුළුවන්. 10th Gen Intel Core processors මඟින් බලගැන්වෙන මේ උපාංග multitasking සහ high-definition entertainment සඳහා ඉතාම උචිත බව කියන්නටම ඕනේ.  Intel integrated graphics හෝ  NVIDIA GeForce MX350 graphics අතුරින් එකක් පරිශීලක අභිමතාර්ථය අනුව තෝරා ගැනීමට හැකි. ඒ වගේම 1 TB PCIe® SSD දක්වා ඇති Storage එක Intel Optane Memory H10, සහ 16 GB දක්වා ඇති RAM ධාරිතාවත් පරිශීලක කැමැත්ත පරිදි වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා.

ASUS  VivoBook Series

Intel-powered WiFi 6 (802.11ax) පහසුකම නිසාම අධි වේගයන් සහිත ජාලකරණ අවස්ථාවන් ඔබට හිමි වෙනවා. මේ තාක්ෂණය WiFi 5 (802.11ac) ට වඩා තුන් ගුණයක් බලවත්. ඒ වගේම සිව් ගුණයක් බලැති network capacity එකට  4K UHD වීඩියෝ දර්ශන හුවමාරු කර ගැනීමට යන කාලය 70% දක්වා අඩු කරන්නටත් හැකියාව තිබෙනවා

ලැප්ටොප් පරිගණකය ජංගම දුරකථනයට ඒකාබද්ධ කර ගන්න

ASUS VivoBook S series හි ඔවුන්ගේ  නවතම MyASUS මෘදුකාංගය ඇතුළත් වෙනවා. මේ ඔස්සේ ඔබේ ජංගම දුරකථනය වෙත ඇතුළත් කර ගත හැකි MyASUS mobile app එක සමඟින් සබඳතා ගොඩනගා ගන්නවා. මේ සමඟම හඳුන්වා දෙන නව විශේෂාංග අතර වේගවත් හා පහසු රැහැන් රහිත මාධ්‍යන් මඟින්  ගොනුවක් හෝ වෙබ් ලිපිනයක්  පරිශීලක පරිගණකය සහ ජංගම දුරකථනය අතර හුවමාරු කර ගැනීමට හැකි වෙනවා. ඊට අමතරව ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ලැප්ටොප් පරිගණකය තුළින් ඔබේ ජංගම උපාංගවල දත්ත වෙත ප්‍රවේශය ලබා ගැනීමට පහසුකම් සපයන දුරස්ථ ගොනු ප්‍රවේශය (Remote File Access) තවත් විශේෂ පහසුකමක්.  Screen mirroring පහසුකම ඔස්සේ පරිශීලකයාගේ තිරය ජංගම දුරකථනය වෙත ලබා ගැනීමට හැකි නිසා අමතර තිරයක් ලෙසින් ජංගම දුරකථනය භාවිත කිරීමට හැකි වෙනවා.

ASUS සමාගම ගැන කෙටියෙන්

ලොව හොඳම මවු පුවරු, පරිගණක මොනිටර, ග්‍රැෆික් කාඩ්පත් සහ රවුටර සඳහා ප්‍රසිද්ධියක් උසුලන බහුජාතික  සමාගම ලෙස සේම තාක්ෂණික ලෝකය වෙත නිරන්තරයෙන් නව්‍යතාවයන්ගෙන් පිරි උපාංග හඳුන්වා දෙන සමාගමක් ලෙස ලෝකය තුළ  සුප්‍රකට නාමකයකට ASUS සමාගම උරුමකම් කියනවා. 5,000 කට අධික පර්යේෂණ හා සංවර්ධන වෘත්තිකයන් ඇතුළත් වන ගෝලීය ශ්‍රම බලකායකින් සමන්විත ASUS සමාගම නවීනතම සැලසුම් සහ නව්‍යකරණයන් තුළින් තාක්ෂණික ලෝකයේ පෙරළිකාරී සමාගමක් බවට පත්ව තිබෙනවා. ASUS 2018 ගෞරවනීය සම්මාන 11 කට වඩා දිනා ඇති අතර, ඒ වගේම Forbes’ Global 2000 Top Regarded Companies , Thomson Reuters’ Top 100 Global Tech Leaders, Fortune’s World’s Most Admired Companies වැනි සුප්‍රකට නාමකරණයන් අතරටත් එක්වීමට ASUS සමාගමට හැකිව තිබෙනවා.

සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය නිපදවිය හැකි නවතම ක්‍රමවේදයක්

සූර්ය පැනල පිළිබඳව සලකා බලන විට ඔබට, පෙළින් පෙළට සුර්ය කෝෂ වලින් ආවරණය වී පවතින, බොහෝ වටිනා ස්‌වාභාවික  ශක්තියක් වන සූර්ය ශක්තිය ගබඩා කරන, විශාල ක්ෂේත්‍රඵලයක පැතිර පවත්නා සූර්ය පැනල වල රූපය මනසේ සිතුවම් වනු ඇත. නමුත් එම සූර්ය ශක්තිය හා සම්බන්ධ මෙම ක්‍රියාවලිය සූර්යයා සහ නිෂ්ක්‍රීය හරිත ශක්තිය වෙතට සම්ප්‍රේෂණය වුවහොත් කුමක් සිදුවේවිද?

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව මෙම අපූරු අත්හදා බැලීම සිදුකොට තිබේ. එමගින් ඔවුහු සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය උත්පාදනය කල හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. එමගින් අන්ධකාරය ආලෝකය බවට පරිවර්තනය කරනු ලබයි. එයින් අදහස් වන්නේ ජනෙල් කවුළුවක සිට ඔබ ඔබේ පසුබිමෙහි තණකොළ බිස්සක් දෙස බැලීමේදී අර්ධ වශයෙන් හිරු එළිය පමණක් දකින අපට වඩාත් තද එනම් වඩාත් අඳුරු අවකාශයන්හි පවා ශක්තිය රැස් කර ගත හැකි බවයි.

සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය තැනීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය

මෙම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශක්ති උත්පාදක යන්ත්‍රය හෙවත් “ජෙනරේටරය ” මගින්, ජනක යන්ත්‍රයේ කොටසක් සෙවනැලි කොටසක තැබීම මගින් ,උපකරණය මත ඇති වන ආලෝකකරණයේ වෙනස සෙවනැලි වාත්තු කිරීම මගින් ඉවත් කර සෘජු ධාරාවක් (DC) ජනනය කරයි. මේ බව පර්යේෂකයින්ගේ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන්ව ඇති බව “බලශක්ති හා පාරිසරික විද්‍යා ” සඟරාව සඳහන් කරයි.

Generating_Electricity_Through_Shadow

සාම්ප්‍රදායික සූර්ය පැනල තාක්ෂණිකව ක්‍රියාත්මක වන්නේ අඳුරේදී හෙවත් සෙවණ ඇති විටෙකදී බව සැබෑවකි. නමුත් එම අවසාන ප්‍රතිදානය ඍජු ධාරාවක් ජනනය නොකරන බැවින්, පැනල ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ගබඩා කර ගැනීම සඳහා පූර්ණ සූර්යාලෝකය අවශ්‍ය වේ. නිදසුනක් ලෙස උස ගස් වලින් අර්ධ වශයෙන් සෙවණ ලබා ගත හැකි කුටුම්භයන්ට මෙය පොදු සංසිද්ධියකි. නමුත් මේ හේතුව නිසාවෙන් ඉංජිනේරුවන් විසින් දෘෂ්ටි-විද්‍යුත් යෙදීම් වල සෙවණැලි ඇතිවීම් මහත් පරිශ්‍රමයකින් යුතුව වළක්වා ඇති බව පර්යේෂකයින් පවසා ඇත.

සෙවණැලි ආචරක බලශක්ති ජනක යන්ත්‍රය තුල නැනෝමීටර 15 ක ඝනකමකින් යුත් ඉතා තුනී රන් ආලේපනයක් සහිත සිලිකන් ස්ථරයක් (සූර්ය කෝෂ සඳහා සුපුරුදු උපස්ථරය) පවතී. (මිනිස් DNA තන්තුව නැනෝමීටර 2.5 ක් පමණ වේ). ආලෝක ධාරා සිලිකන් ස්ථරය සමඟ ස්පර්ශ වූ විට, ෆෝටෝන හෙවත් සැහැල්ලු අංශු සිය පරමාණු තුල අඩංගු ඉලෙක්ට්‍රොන නිදහස් කරයි. එමගින් ශක්ති ධාරාවක් නිර්මාණය වෙයි.

මෙය සාමාන්‍ය සූර්ය කෝෂ වල අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියම වේ. නමුත් මෙහි රන් ආලේපිත ස්ථරය විශේෂයෙන් අවධානයට  ලක්කොට සිතිය යුතුය. මන්දයත් එම රන් ආලේපනය සමඟ උපාංගය සෙවණැල්ලක් මගින් අර්ධ වශයෙන් ආවරණය වන විට වඩා ශක්තිමත් විද්‍යුත් ධාරාවක් ජනනය කිරීමේ හැකියාව පවතියි. මෙය සාමාන්‍ය සූර්ය කෝෂ මෙන් 200% ක කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. මෙහිදී කම්පනයට පත්වූ ඉලෙක්ට්‍රොන සිලිකන් තට්ටුවේ සිට රන් ආලේපිත තට්ටුව මතට පතිත වීමේදී, ආලෝකය සහ අඳුරු කොටස් අතර වෙනසක් ඇති විට ලෝහයේ වෝල්ටීයතාව වැඩිවේ.

Energy_Harvesting_From_Shadow

සාර්ථක වූ අත්හදා බැලීම්

පර්යේෂණ කණ්ඩායම මෙවැනි ජනක යන්ත්‍ර 8ක් භාවිතයෙන් වෝල්ට් 1.2 ක වෝල්ටීයතාවයකින් යුත් ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවක් ආරෝපණය කරන ලදී. තවත් පර්යේෂණයකදී දුරස්ථ පාලක සෙල්ලම් මෝටර් රථයක් උපාංගය පසුකර යාමේදී සෙවණැල්ලක් නිර්මාණය වීමත් සමඟ එයින් ජනනය වූ ශක්තියෙන් පසුව LED එකක් බල ගැන්වීම සිදු කරන ලදී. එම හේතුව නිසාවෙන්ම විද්‍යාඥයින් විශ්වාස කරන්නේ “ස්මාර්ට් සිටි” සංකල්පයක කොටසක් ලෙස ගොඩනැගිලිවලට සවි කර ඇති අඩු ශක්ති සංවේදක බල ගැන්වීම සඳහා ඔවුන්ගේ විදුලි ජනකය සුදුසු වනු ඇති බවයි. එමෙන්ම දිගු සෙවණැලි ඇති දැවැන්ත අහස උසට වැඩෙන නාගරික සූර්ය ශක්ති ජනක මධ්‍යස්ථාන වල පවා ඒවා භාවිතා කළ හැකිය.

ඉදිරියේදී මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂකයන්ට අවශ්‍ය වන්නේ සූර්ය කෝෂ තාක්‍ෂණය වැඩි වශයෙන් ඔවුන්ගේ උපාංගයට ඒකාබද්ධ කිරීම වන අතර එමඟින් කුඩා ආලෝක ප්‍රමාණයක් ලබා ගත හැකි බව ඔවුහු පවසති. එසේම ඔවුන් කුඩා ජනක යන්ත්‍ර ස්මාර්ට් රෙදිපිළි (Smart Textiles) ලෙස ඇඳුම් තුළට කාවැද්දීමට ක්‍රම සොයමින් සිටින අතර එමඟින් අපට ගමනේ දී ශක්තිය රැස් කර ගත හැකිය.

සාරාංශයක් ලෙස

  • සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ බලශක්තිය අස්වැන්න සඳහා නව ක්‍රමයක් ඉදිරිපත් කර ඇත: සෙවණැලි වලින් විදුලිය නිර්මාණය කිරීම.
  • නාමයේ සඳහන් වන ආකාරයටම උපාංගයේ කොටසක් සෙවණැලි වල පවතින විට “සෙවනැලි-ශක්ති ශක්ති උත්පාදක යන්ත්‍රය ”  විද්‍යුත් ධාරාවක් නිපදවයි.
  • ඔවුහු සිය සොයාගැනීම් බලශක්ති හා පාරිසරික විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

ගෘහ නිර්මාණ ශිල්පයට නව පණක්

අපේ ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. එබැවින් අපි අනුවර්තනය වීමට ඉක්මන් විය යුතුය. බොහෝ මිනිසුන් නව ජීවන මාර්ග සොයා ගැනීමට පෙළඹෙන කාලයක පෙර සැකසූ නිවාස තිබිය හැකිද? Turin හි Fabio Vignolo සහ Francesca Turnaturi යන ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව ආරම්භයක් දෙමින් පෙර සැකසූ නිවාස කිහිපයක් පෙන්වා දෙයි. ඔවුන් දෙදෙනා විශ්වාස කරන්නේ මෙසේ පෙර සකසන ලද ලී ව්‍යූහයන් මගින් වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට අවකාශය ලැබෙන බවයි. 

මෙම නම්‍යශීලී පෙර සැකසූ නිවාස ඉදිකර ඇත්තේ රේඛීය ව්‍යූහයන් එකලස් කිරීම මඟින් පහසුවෙන් සාදා ගත හැකි අයුරෙන්ය. මෙය නිපදවීමට භාවිතා කර ඇත්තේ පාරිසරික තිරසාර ද්‍රව්‍යයන් වන අතර මෙම නිවාස 21 වන සියවසේ ජීවත් වීම සඳහා ආකර්ෂණීය ආයෝජනයක් වේ. 

මෙම නිවාස වලට මිනිසුන් ඇලුම් කරයිද ?

පෙර සැකසූ නිවාස කෙරෙහි උනන්දුවක් දැක්වීම සඳහා ආර්ථික හා සමාජයීය සාධක රාශියක් බලපා තිබේ. නව පරම්පරාව දේපළ වෙළඳාම සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් නොවන්නේ එය කිසිඳු සහතිකයක් නොමැති දිගුකාලීන වියදමක් බැවිනි. තරුණ කණ්ඩායම් දැරිය හැකි නිවාස ඒකක සහ හදිසි අවස්ථා වලින් පසු කෙටි කාලීන ජිවන නිවාස ඉදිකිරීම, අත්දැකීම් සහිත සංචාරක කටයුතු සඳහා ඒකක සැලසුම් කිරීම දක්වා විවිධ ක්ෂේත්‍ර හරහා කටයුතු කරයි. යෝග අභ්‍යාස සඳහා සහ මිදි වතු වල සිටම වයින් රස බැලීම සඳහා වන ඒකක ද මේ අතර ප්‍රචලිතය. Plywood panels සහ Plexiglass roofs යන ඒවායින් නිමවා ඇති මෙම ව්‍යූහයන් භූ දර්ශනය සමඟ ඒකාබද්ධ වෙමින් අතිවිශිෂ්ට අත්දැකීමක් ලබා දීමට සමත් වේ.

Ciabot 2.0 කියන්නේ මොකක්ද? 

නවතම නිෂ්පාදනය වන්නේ Piedmont හි Langhe වයින් කලාපය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Ciabot 2.0 ය. ඵෙතිහාසිකව, Ciabot යනු මිදි වතු අතර පිහිටි කුඩා ගඩොල් ගොවිපොළක් වන අතර එය ද්‍රව්‍ය තැන්පත් කර කම්කරුවන්ට නවාතැන් පහසුකම් සපයයි. කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකකරණය කිරීමත් සමඟ, Ciabot අතහැර දමා ඇති නමුත් ඒවා යුනෙස්කෝ ආරක්ෂිත ප්‍රදේශයක ඵෙතිහාසික ව්‍යුහයන් වන බැවින් ඒවා ඉවත් කළ නොහැක. මෙම අතහැර දැමූ ඒකක යථා තත්ත්වයට පත් කර ඒවා නැවත ප්‍රයෝජනයට ගත හැකි නිර්මාණාත්මක ක්‍රමයක් ලෙස Ciabot 2.0 නිපදවා ඇත. එය විනිවිද පෙනෙන නිසා අමුත්තන්ට ඔවුන්ගේ වටපිටාව සමග සම්බන්ධ වීමට ඉඩ සලසයි. 

විශේෂත්වය

පෙර සැකසූ ව්‍යුහයන් එකලස් කිරීම පහසු වන අතර බහු ක්‍රියාකාරී, තිරසාර හා ආපසු වෙනස් කළ හැකි – පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් නොවන බව සහතික කරයි. එය වාරයක් සඳහා සැකසිය හැකිය, අවශ්‍ය විට එය ඉවත් කිරීමට හැකිය. ඔබ ව්‍යුහය වටා අලෙවිකරණ සැලැස්මක් සකස් කරන්නේ නම්, ඔබේ අමුත්තන්ට ලබා දීම සඳහා ඔබට නව සේවා පරාසයක් නිර්මාණය කළ හැකිය. සංචාරක කර්මාන්තයේ දියුණු වීමත් සමඟම, නිර්මාණශීලීත්වයට විශාල ඉඩක් ඇත. සමාජ දුරස්ථභාවයේ වැදගත්කම පිළිබඳව අප විශේෂයෙන් දැන සිටින මේ මොහොතේ, මෙය අපගේ සාම්ප්‍රදායික නිවාසවලින් පිටත පෞද්ගලිකත්වය, හුදකලාව සහ ස්වාභාවික අත්දැකීමක් සහතික කරයි.

සැකැස්ම

මෙම නිවාස ශක්තිමත් වන අතර විනිවිද පෙනෙන Plexiglass දෘඩ තහඩු සහ ශක්තිමත් කරන ලද Birch Plywood වලින් සාදා ඇති අතර සාම්ප්‍රදායික නිවාසවලට වඩා සැලකිය යුතු තරම් ලාභදායී හා ඉක්මන් වේ. මෙය එකලස් කිරීම හා ගැලවීම පහසුය, එයින් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකුගේ නිවසකට අමතර කාමර එකතු කිරීමෙන් පහසුවෙන් පවුලේ නිවසක් බවට පත් කිරීමට හැකි බවයි. පසුව, ඔබට අඩු කිරීමට අවශ්‍ය වූ විට අමතර කොටස් ඉවත් කිරීමෙන් ඔබේ ඉඩ ප්‍රමාණය නැවත සකස් කර ගැනීමට හැකිය.

නවතම නිර්මාණය

ඔවුන්ගේ නවතම නිර්මාණ අතර Floating Diamond, Alpine Hut සහ Nest Box ඇතුළත් වේ. සාමූහික උද්‍යාන හා පොදු ප්‍රදේශ බෙදා ගන්නා ප්‍රජාවන් සංවර්ධනය කිරීම සඳහා ද නිවාස සම්බන්ධ කළ හැකිය. මෙම ඒකක මගින් සංචාරක කර්මාන්තයේ විශාල වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. 

ද්විත්ව තිර සහිත Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක මාලාව ලංකාවේදී එලි දැක්වේ.

අපි සැවොම දන්නා සහ මුළු ලොවම පිළිගත් ආයතනයක් වන ASUS සමාගම, ඔවුන්ගේ නවතම ද්විත්ව තිර වලින් සමන්විත වන නවතම Laptop පරිගණක මාලාව වන Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක මෑතකදි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. සුවිශේෂ ද්විත්ව තිර වලින් සමන්විත Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක  දැන් ඔබට ශ්‍රී ලංකාවේදී මිලදි ගත හැකියි.

පසුගිය වසර මුලදී Computex තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ද්විත්ව තිර වලින් සමන්විත Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙක ගැන ඔබ මේ වන විටත් අසා දැනුවත් වී තිබීමට ඉඩ ඇත. විශාල, ඒකාබද්ධ ද්විත්ව තිර වලින් සමන්විත සහ සියළු දෙනාගේ අවධානයට හා පැසසුමට යොමු වී ඇති ලොව පළමු Laptop පරිගණක දෙක වන්නේ Asus ZenBook Duo සහ Pro Duo යන Laptop පරිගණක දෙකයි.

Asus ZenBook Duo සහ Pro Duo

Desktop පරිගණක භාවිතා කරන විට තිර දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අවස්ථා පවතී. මන්ද අප විසින් සමහර අවස්ථා වල භාවිතා කරන මෘදුකාංග වලදී එකවර වැඩසටහන් කීපයක් දැක බලා ගැනීමට අවශ්‍ය වීමයි. Adobe Premiere Pro, Photoshop, Solidworks  ඒ සදහා උදාහරණ වේ. විශේෂ ඒකාබද්ධ ද්විත්ව තිර වලින් සමන්විත මෙම Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙක එවැනි අවස්ථා වලදී වැඩ පහසු කර ගැනීමට හදුන්වා දුන්  සුවිශේෂී විසදුමක් වේ.

Asus ZenBook Duo සහ Pro Duo හි ඇති විශේෂී වූ ද්විත්ව තිර විශේෂාංගය

මෙම Laptop පරිගණක වල ප්‍රධාන තිර ගැන සලකා බලන විට,  Asus ZenBook Pro Duo හි ප්‍රධාන තිරය අඟල් 15.6 ක OLED ස්පර්ශක තිරයක් වන අතර එහි Pantone මගින් සහතික කරන ලද වර්ණ පරාසයක් ඇති අතර එය DCI-P3 වර්ණාවලියෙන් 100% ක් ආවරණය කරයි. එනම් එයින් අදහස් වන්නේ එය අතිශයින්ම වර්ණ-නිරවද්‍ය බවයි. OLED තිරයක් වන එය අංශක 178 ක පුළුල්  කෝණයක් ඇත.

එසේම Asus ZenBook Duo හි ප්‍රධාන තිරය අඟල් 14 ක IPS Full-HD (1920 x 1080) LCD තිරයකින් සමන්විත වන අතර මෙහි සමස්ථ ප්‍රමාණය හා බර සැලකිය යුතු ලෙස අඩු කරයි. එසේ වුවද, Asus ZenBook Pro Duo  තිරය මෙන්, Asus ZenBook Duo හි  LCD තීරයේද Pantone සහතික කරන ලද වර්ණ පරාසයක් ඇත. එනම් මෙහිද අතිශයින්ම වර්ණ-නිරවද්‍ය වේ.

Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙක ඇති සුවිශේෂී විශේෂාංගය වන්නේ එහි ඇති දෙවැනි තිරයයි. Asus ZenBook Pro Duo Laptop පරිගණකයෙහි දෙවැනි තිරය මූලික වශයෙන් අඩක් උස 4K UHD තීරයකි. එයින් අදහස් වන්නේ එය ප්‍රධාන තිරයේ  දිගට සමාන නමුත් පළලෙන් අඩක් ඇති බවයි. එසේම Asus ZenBook Duo Laptop පරිගණකයෙහි දෙවැනි තීරය මූලික වශයෙන් අඩක් උස 4K FHD තීරයකි. මෙහිද දෙවැනි තිරය, ප්‍රධාන තිරයේ  දිගට සමාන නමුත් පළලෙන් අඩක් විශාල තිරයකින් සමන්විත වේ. Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙකෙහි ප්‍රධාන තිරය මෙන්ම වර්ණතාවයක් දෙවන තිරය ලබා දෙන අතර, තිර දෙක පුරා විහිදෙන රූප පරිමාණයෙන් හෝ විකෘති නොවී විදහා දැක්වීමට ඉඩ දෙයි. මෙහි IPS LCD තිරය විශිෂ්ඨ දෘෂ්ටි කෝණ ලබා දෙයි. තවද එහි පරාවර්තනයන් සහ දීප්තිය අඩු කිරීමට නොදිදුලන මතුපිටකින් මෙය සමන්විත වේ.

තිර දෙක එකට වැඩ කරන ආකාරය

Asus ZenBook Duo සහ Pro Duo Laptop පරිගණක දෙකෙහි ද්විත්ව තිර  එකමුතුව ක්‍රියා කරන්නේ පරිශීලකයන්ට තිර දෙකෙහි ඔවුන්ගේ යෙදුම් නැරඹීමේ වේගවත්, නම්‍යශීලී විකල්ප ලබා දීමටයි.

Action Menu  – පරිශීලකයින් ඕනෑම විවෘතව ඇති යෙදුමක title bar මත  ක්ලික් කර එය ඇදගෙන යාමට පටන් ගත් විට, ක්‍රියා මෙනුව ලෙස හැඳින්වෙන Icon තුනක කට්ටලයක් දිස්වේ.

App Switcher  – ප්‍රතිවිරුද්ධ තිරයේ Window ව උපරිම කරයි.

Add  – ඉදිරියේදී භාවිතා කිරීමට නියමිත යෙදුම් සදහා වේගවත් ප්‍රවේශයක් ලබා දීම  පිණිස ඒවා Launcher මෙනුවට එකතු කරයි.

ViewMax – ප්‍රධාන තිරය සහ දෙවන තිරය භාවිතා කරමින් වැඩි දර්ශන තලයක් ලබා දේ. ලේඛන හෝ සිතියම් වැනි ඔබට හැකි තරම් විශාල නැරඹුම් ප්‍රදේශයක් අවශ්‍ය යෙදුම් බැලීමට මෙය කදිම විශේෂාංගයකි.

Launcher  – Launcher යනු යෙදුම් ඉක්මනින් දියත් කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන යෙදුම් පැනලයකි. එහි අතුරු මුහුණත ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙන් ක්‍රියා කරයි. පරිශීලකයන්ට ඔවුන්ගේ Icon මත දිගු එබීමෙන් යෙදුම් ගෙනයාමට, නැවත සකස් කිරීමට හෝ මකා දැමීමට ඉඩ ලබා දෙයි. යෙදුම් ඔවුන්ගේ Icon Desktop එකෙන් හෝ ආරම්භක මෙනුවෙන් දියත් කිරීම වෙත ඇදගෙන යාමෙන් හෝ ක්‍රියා මෙනුවේ එකතු කිරීමේ ක්‍රියාව භාවිතා කිරීමෙන් සරලව එකතු කළ හැකිය.

Asus ZenBook Pro Duo හි අභ්‍යන්තරය

මෙහි CPU ගැන සලකන විට, ASUS ZenBook Pro Duo Laptop පරිගණකය අද දක්වා ඇති බලවත්ම ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වේ. එය Intel® Core™ i9-9980HK වේ. මෙහි GPU ගැන සලකන විට, මෙය 6GB GDDR6 සමඟ නවතම NVidia GeForce RTX 2060 graphic සමඟ පැමිණේ. ASUS ZenBook Pro Duo නිර්මාණය කල ඉංජිනේරුවන් පවසන්නේ මෙහි යොදා ගෙන ඇති ග්‍රැෆික් සැකසුම් ඒකකය (GPU) උපරිම ක්ෂමතාවයක් ලබාගැනීම සඳහා Laptop පරිගණකයට යොදා ගත හැකි හොදම GPU එක එය බවයි.

Asus ZenBook Duo හි අභ්‍යන්තරය

මෙහි CPU ගැන සලකන විට, ASUS ZenBook  Duo Laptop පරිගණකයට 10th Gen Intel ප්‍රොසෙසරයක් ඇති අතර එය 4.9GHz උපරිම වේගයකින් ධාවනය වන නවතම අංගයන්ගෙන් එකකි.

මෙහි GPU ගැන සලකන විට, මෙය 2GB GDDR5 සහිත නවතම NVidia MX250 ග්‍රැෆික් එන්ජිමට ගැලපේ. NVidia හි ප්‍රබල පැස්කල් හරය මත පදනම්ව, මෙම GPU තුළ NVidia ගේ Optimus තාක්‍ෂණය අන්තර්ගත වන අතර එය විශිෂ්ඨ ක්‍රියාකාරීත්වයක් ලබා දීම සඳහා ඒකාබද්ධ Intel graphics  processor  සමඟ ක්‍රියා කරයි.

එසේම මෙම Asus ZenBook Duo සහ Pro Duo යන පරිගණක දෙක සදහාම ඊට විශේෂිත වූ සිසිලන පද්ධතියක් අඩංගු වේ.

එසේම මෙම Laptop පරිගණක වල මිල ගැන සලකන විට, UX581 MSRP යන මාදිලිය රුපියල් 514,200.00 කින්ද, UX481 MSRP යන මාදිලිය රුපියල් 227,900.00 කින්ද, UX434 MSRP යන මාදිලිය රුපියල් 189900.00 කින්ද ආරම්භ වේ. එසේම මෙම Laptop පරිගණක සදහා අවුරුදු 2 ක ගෝලීය වගකීමක් ඇත.  මේ වන විට මෙම Laptop පරිගණක ලංකාවේ මෙම ස්ථාන සහ Singer වෙළද  මධ්‍යස්ථාන තුලින්ද මිලදී ගත හැක. Asus ZenBook Duo සහ Asus ZenBook Pro Duo යනLaptop පරිගණක දෙක ලංකාවට එලි දැක්වූ මෙම උත්සවයේ විවිධ වැඩසටහන් පැවති අතර භෝජන සංග්‍රහයෙන් අනතුරුව නිමාවට පත් විය.

Apple සමාගමේ නවතම Airpod නිෂ්පාදන

Apple සමාගම සෑම විටම සිය නිෂ්පාදනයන් වලට සෞඛ්‍ය අධීක්ෂණ අංග (Health Monitoring Features) ඇතුලත් කිරීමෙහි ලා ප්‍රමුඛතාවයක් දීමට උනන්දු වෙයි. නවතම වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි ඔවුන් සිය නිෂ්පාදන වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ අනාගත Apple Airpods නිෂ්පාදන වලට සංසරණ ආලෝක සංවේදක (Ambient Light Sensors) සම්බන්ධ කිරීම මගින් රුධිර ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දනය වැනි සෞඛ්‍ය අධීක්ෂණ මිනුම් ලබා ගත හැකි ආකාරයට නිපදවීමට බලාපොරොත්තු වෙයි.

General_Airpod_View

නව Apple Airpods නිෂ්පාදන විශේෂතා

DigiTimes සඟරාව වාර්තා කරන ආකාරයට අනුව ASE Technology ආයතනය මෙම සංසරණ ආලෝක සංවේදක නිෂ්පාදනය සඳහා සම්බන්ධ වනු ඇත. එමනිසා ඉදිරි වසර කිහිපය ඇතුලත මෙම සංවේදක නව Airpod නිෂ්පාදන වලට ඇතුලත් කෙරෙනු ඇති අතර තායිවානයේ ASE Technology ආයතනය මඟින් නව සංරචකය සඳහා පසුබිම් ක්‍රියාවලිය හැසිරවිය හැකිය.

කෙසේ වෙතත් GSMArena වාර්තාවක් පෙන්වා දෙන පරිදි Galaxy S9 නිෂ්පාදනයේහි මීට සමාන තාක්‍ෂණයක් භාවිතා කරන බව පවසයි. එමඟින් ඔවුන්ගේ හෘද ස්පන්දනයේ වෙනස්කම් මැනීම සඳහා පරිශීලකයාගේ සම හරහා ආලෝකය විහිදුවන සංවේදකයක් භාවිතා කරයි.

කෙසේ වෙතත්, Apple Airpods වැනි ප්‍රමාණයෙන් කුඩා නිෂ්පාදනයක් තුළට මෙම සංවේදක තාක්‍ෂණය ඇතුළත් කිරීම කෙලෙස Apple ආයතනය  කළමනාකරණය කරන්නේද යන්න බැලීම සිත්ගන්නා සුළු වනු ඇත. එය යථාර්ථයක් බවට පත් වූ පසු, මෙම සුවිශේෂ අංගය පරිශීලකයින්ට විශාල වශයෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. පුද්ගලයෙකුගේ සෞඛ්‍යය හා ගැබ්ව පවතින තත්වයන් පරීක්ෂා කිරීම සඳහා රුධිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීමට Apple Airpod නිෂ්පාදනය තුල සැහැල්ලු සංවේදක භාවිතා කිරීමට බොහෝ ඉඩකඩක් පවතියි.

නිෂ්පාදන එළිදැක්වීමේ සැලසුම්

කෙසේ වෙතත් DigiTimes සඟරාව වාර්තා කරන පමණින්ම මෙම ප්‍රවෘත්තිය පිළිගන්නවාට වඩා Apple සමාගම හෝ ඊට  අනුබද්ධ අනුග්‍රාහක සමාගමක් විසින් හෝ මෙම නව නිෂ්පාදනයේ මූලික ආකෘතියක් හෝ පරීක්‍ෂාවට ලක් කරන්නේදැයි විමසා බැලීම වටී. කෙසේ වුවත්, අනාගත Airpods හි සෞඛ්‍යයට සම්බන්ධ නව අංගයන් ඇතුළත් කිරීම ගැන අපට අසන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය නොවන බව සලකන විට, ඉදිරි වසර කිහිපය තුළ මෙම අංගය යථාර්ථයක් බවට පත්වීම අපට දැකගත හැකි වනු ඇත.මීට පෙර, Apple සමාගමේ Airpods නිෂ්පාදන පෙළ එක් නිෂ්පාදිතයකට වඩා වැඩි ගණනක් සමඟ පුළුල් කිරීමට සූදානම් වන බව අප අසා ඇත. ටීඑෆ් ජාත්‍යන්තර සුරැකුම්පත් පිළිබඳ ප්‍රකට විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo ඊලඟ පරම්පරාවේ Airpods මාදිලි සහ ඉදිරියට එන over-ear headphones සඳහා Apple සමාගමේ සැලසුම් පිලිබඳ කරන නව ආයෝජක සටහනක් මෑතකදී නිකුත් කර තිබුණි. 2021 මුල් භාගයේදී Airpod 3 මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙන අතර Airpod pro 2 නිෂ්පාදනය 2021 අග භාගයේදී ආරම්භ වනු ඇතැයි Kuo සඳහන් කර තිබේ. Kuo ට අනුව over-ear headphones මෙම ගිම්හානයේදී විශාල නිෂ්පාදනයක් කිරීමට සූදානම් වනු ඇත.

Over-Ear_Headphone_View

ආයෝජකයන් වෙනුවෙන් ඔහු තැබූ සටහනෙහි 2020 මැද භාගයේදී Apple සමාගමේ over-ear headphones මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි Kuo අනාවැකි පළ කරයි. මෙයින් අදහස් කරන්නේ ග්‍රීෂ්ම සෘතුවේ අගභාගයේදී හෝ මෙම වසරේ මුල් භාගය වන විට headphones වෙළඳපල මුදා හැරීමට සූදානම් විය යුතු බවයි. කෙසේ වෙතත්, COVID-19 වසංගතය නිසා මෙයට ඇතිවන බාධා වල බලපෑම පුරෝකථනය සඳහා තක්සේරුවක් තවමත් සිදුකර නොමැත. නමුත් මීට පෙර සඳහන් වූ සමහර කරුණු වලට අනුව Apple සමාගම විසින් Beats සන්නාමය යටතේ අධිමිල පරාසයේ over-ear headphones නිපදවන බවත් එය ප්‍රභේද දෙකකින් ලබා ගත හැකි බවත් නිගමනය වී තිබිණි. කෙසේ නමුත් වර්තමානයේ පවතින ගෝලීය වසංගත තත්ත්වය පහව ගිය පසු අපට Apple සමාගමේ මෙම අලුත්ම නිෂ්පාදන පෙල බලාපොරොත්තු විය හැකිවනු ඇත.

සාරාංශයක් වශයෙන්;

  • අනාගත Apple Airpods මගින් හෘද ස්පන්දන වේගය අධීක්ෂණය සඳහා සංසරණ ආලෝක සංවේදකය ගෙන එනු ඇත
  • මෙම අංගය ඉදිරි වසර 2-3 තුළ Apple Airpods හි ඇතුළත් කළ හැකිය

OPPO Watch

චීන දුරකථන නිෂ්පාදන සමාගමක් වන OPPO ආයතනය මගින් මෑතකදී ඔවුන්ගේ ප්‍රථම  Smartwatch උපාංගය නිකුත් කරනු ලැබුවා. OPPO watch ලෙස නම් කර ඇති මෙය Android මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වනවා.

OPPO watch – Black

පෙනුමෙන් Apple Watch මෙන් සමානකම් දක්වන මෙය මාර්තු මස වෙළදපලට නිකුත් කර තිබෙනවා. OLED තිරයකින් යුක්ත මෙය ප්‍රමාණයෙන් Apple Watch වඩා 2mm විශාල වනවා. තවද මෙහි තිරයේ දාරවල් වක්‍ර කර ඇත. Pixcel ඝනත්වය Apple watch 326ppi ට සමාන වේ. වර්ණ විචිත්‍රවත් වන අතර පිටතදී සුර්යාලෝකය යටතේ වුවද බැලීම පහසුය. OPPO දුරකථන නිශ්පාදනයේදී භාවිතා වන සැකසුම් මේ සදහා භාවිතා කර ඇත. මෙහි crown-style පාලනයක් නොමැති අතර, දකුණු දාරයේ බොත්තම් දෙකක් සහිත වේ. අනෙක් සියල්ල හසුරුවනු ලබන්නේ ස්පර්ශක තිරයෙනි.

ඇලුමිනියම් භාවිතයෙන් නිශ්පාදනය කර ඇති මෙහි  ඔප දැමූ නිල්-කළු නිමාවකට සාදා ඇත. පෙනුමෙන් Apple Watch හා සමාන වීමට එයද හේතුවකි.ඇතුළත් කර ඇති ඔරලෝසු පටිය කළු සහ සුදු පැහැති රබර් වන අතර සුවපහසු ලෙස භාවිතා කල හැකි බව සදහන් වේ

OPPO Watch හි භාවිතා වන තාක්ෂණය

OPPO Watch android 8.1 හි අනුවාදයක් ලෙස සකස් කරන ලද ColorOS Watch නම් මෙහෙයුම් පද්ධතිය සමන්විත වේ. අනෙකුත් ඔරලෝසු මෙහෙයුම් පද්ධති මෙන් නොව මෙය ඉතා සරල මෙහෙයුම් පද්ධතියකි. ඉහළ බොත්තම scrolling app drawer  ගෙන එයි හෝ නැවත ඔරලෝසු මුහුණට ගෙන යයි. පහළ බොත්තම සැකසුම් මෙනුවට ගෙන යයි. මුහුණු වෙනස් කිරීමට ඔබට වමට සහ දකුණට swipe කළ හැකිය. පහළට swipe කිරීමෙන් ක්ෂණිකව සැකසුම් තිරයට යා හැකිය. ඉහළට Swipe කිරීම දැනුම්දීම් වෙත ගෙන යයි. මෙම සෑම දෙයක්ම සුමට හා ප්‍රතිචාරාත්මක ලෙස ක්‍රියාත්මක වන බව පරිශීලක අදහස් වල සදහන් වේ. දැනුම් දීම මඟින් සම්පූර්ණ Facebook messenger පණිවිඩ වැනි බොහෝ අන්තර්ගතයන් පෙන්විය හැකිය.

OPPO Watch-White

Oppo Watch මෘදුකාංගයේ වඩාත්ම සිත්ගන්නා කරුණ වන්නේ එහි අන්තර්ගත යෙදුම් සමූහයයි. දුරකථන ඇමතුම්, යෝග්‍යතා ලුහුබැඳීම, ටයිමරයන් සහ කාලගුණය සඳහා සුපුරුදු යෙදුම් මෙන්ම, ඔරලෝසු යෙදුම් වෙළඳසැලක් සහ Alipay වැනි චීනයට විශේෂිත සේවාවන්ද අන්තර්ගත වේ. මෙහි ඇති මිනිත්තු පහක පූර්ණ ශරීර ව්‍යායාම යෙදුම, වීඩියෝ නිරූපණයන් ඇතුළත් වන අතර ඔබට ව්‍යායාම කිරීමට එය විධාන ලබා දීම සිදු කරයි.

OPPO Watch – Magnetic Charging

430mAh ධාරිතාවයකින් යුතු මෙහි බැටරි ආයුකාලය ආරෝපණයෙන් පසු පැය 40 භාවිතා කල හැකි බව ඔවුන් සදහන් කර තිබුණත් පරිශීලක අදහස් වලින් පෙනී යන්නේ උපරිම දවසක් පමණ භාවිතා කල හැකි බවයි. කාන්දම් ආරෝපණයෙන් සමන්විත මෙය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට විනාඩි 75 ගතවේ. නමුත් විනාඩි 15 වැනි කෙටි කාලයකින් 50% ආරෝපණය කර ගත හැකිය. බලය ඉතිරි කිරීමේ මාදිලියේදී යෙදුම් භාවිතා කිරීම සිදුකල නොහැකි වුවත් තවමත් පියවර නිරීක්ෂණය, දැනුම්දීම් ලබා දීම සහ ඔබේ අත ඔසවන විට තිරය ක්‍රියාත්මක කිරීම වැනි දේ කල හැකි බවට සදහන්‍ වේ. $215 වැනි මිලකට දැන් මෙය මිලදී ගැනීමේ හැකියාව ඇත.

ඔබේ නිවසට එන අමුත්තන් හදුනා ගැනීමට Google Nest Hello

Google සමාගම මගින් 2017 වර්ෂයේදී නිවේදනය කල නමුත් මෑතකදී නිකුත් කරන ලද smart doorbell උපාංගය Google Nest Hello ලෙස හදුන්වයි. මෙම නිෂ්පාදනය Nest Guard සහ Nest Thermostat වැනි නිෂ්පාදන ඇතුළත් විශාල උපාංග පවුලක කොටසක් වන අතර ඒවා Nest Smart Home Platformහි අංගයන් වේ. Nest Hello භාවිතා කිරීමේ වාසිය නම්, එය දැනටමත් පවතින ශක්තිමත් උපාංග පද්ධතියක කොටසක් වීමයි. මෙම උපාංග එකට සම්බන්ධ වූ පසු, ඔබට ඒවා සියල්ලම එකම යෙදුමකින් පාලනය කළ හැකි අතර ස්වයංක්‍රීය යෝජනා ක්‍රම පවා සැකසිය හැකිය.

Google Nest Hello
Google Nest Hello

මේ වනවිට Nest Hello; Yale Lock, Nest Secure සහ Nest Protect සමඟ ක්‍රියා කරයි, එනිසා ඔබට නිවසේ සබැඳි අනෙකුත් සම්බන්ධිත උපාංග සමඟ දොර සීනුව කැමරාව සම්බන්ධ කිරීමට හැකිය.

මෙහි ඇති ප්‍රධානතම අවාසිය නම් මෙය බැටරි බලයෙන් ක්‍රියා නොකිරීමයි. මෙය භාවිතා කිරීමට රැහැන් වලින් විදුලිය ලබා දිය යුතු වනවා. මෙය දොරට සවිකරගත් පසු සරලව යෙදුම භාවිතයෙන් එහි සියලු සැකසුම් සහ පාලනයන් සිදු කල හැකියි.

GOOGLE Nest Hello ක්‍රියාත්මක වන්නේ කෙසේද?

Nest Hello ඔබේ දොර ඉදිරියේ චලිතයක් ඇති විට ඔබේ smart ජංගම දුරකථනයට දැනුම් දීමක් හෝ යම්කිසි තෝරාගත් ශබ්දයක් නිකුත් කිරීම සිදුකරයි. එවිට ඔබට යෙදුම භාවිතයෙන් එයට අවශ්‍ය ප්‍රතිචාර ලබා දිය හැකියි. එයට සම්බන්ධව ඇති උපාංග මගින් කතාකිරීම, පෙර පටිගත කරන ලද හඩපටයක් ක්‍රියාත්මක කිරීම හෝ ජංගම දුරකථනයෙන් අදාල දර්ශණ නැරඹීම වැනි දෑ එයට ඇතුලත් වේ.

Google Nest Hello Preview
Google Nest Hello Preview

නමුත් මෙහි ඇති අවාසියට කරුණනම් මෙය ගසක කොළයක් වැටීම වැනි චලනයන් සදහාද සංවේදී වීමයි. මෙය අවම කර ගැනීමට  යෙදුම මගින් හඳුනාගැනීමේ කලාපයක් සැකසිය හැකිය. තවද කැමරාවට මුහුණු දකින විට පමණක් දැනුම් දීමට විකල්පයක් ඇත. Google Nest hello හි විශේෂත්වයක් ලෙස මෙහි Machine Learning අන්තර්ගත වීම දැක්විය හැකිය. එමනිසා හුරුපුරුදු මුහුණු හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇත. එවිට ඔබට ඔබ ගැන, ඔබේ පවුලේ සාමාජිකයින්ගේ සහ යන්ත්‍රය දැන ගැනීම සඳහා අදාළ පුද්ගලයින්ගේ රූපයක් ගබඩා කළ හැකිය.

මෙහි විශේෂත්වයන්

Nest Hello හි තවත් විශේෂත්වයක් ලෙස උසස් තත්ත්වයේ වීඩියෝ මාදිලිය දැක්විය හැක. තත්පරයට frames 15 බැගින් 1600 x 1200 resolution යුක්තව ලබා දේ. එයට පිටත වර්ණ නිවැරදිවම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නමුත් අවශ්‍ය පරිදි මෙම වීඩියෝ මාදිලියන් වෙනස් කර ගැනීමටද හැකියාව පවතී. රාත්‍රී දර්ශනය අළු පාට වේ.

Google Nest Hello with App

$299වැනි මුදලකට මිලකර ඇති මෙය සතුව High-resolution වීඩියෝ ගුණාත්මකභාවයක් පවතී. එමෙන්ම Google සහායක සමඟ  ඒකාබද්ධ වීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි. තවද පෙර පටිගත කල හැකි හඩ විමසීම් අන්තර්ගත නිසා මෙය භාවිතා කරන විට ඔබට කතා කිරීමට අවශ්‍ය වන්නේද නැත.

Nest Helloහි Cloud storage සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. කෙසේවෙතත් Nest Hello පැය තුනක වීඩියෝ දර්ශන සහ අසීමිත දැනුම්දීම් ලබා දේ. මේ සදහා මසකට  $10 මුදලක් හෝ වසරකට $100 ලෙස ගෙවීම් සිදුකල හැකිය. අමතර විශේෂාංග එකතු කරගැනීමේදී තවත් මිල ඉහල යා හැක.

නව DJI Mavic Air 2 ඩ්‍රෝන කැමරාව නිකුත් වේ

ප්‍රමුඛ පෙළේ කැමරා උපාංග නිෂ්පාදනය කරන ආයතනයක් වන DJIහි නවතම නිෂ්පාදනය වන DJI Mavic Air 2 මේ මස මුලදී වෙළදපලට නිකුත් විය. පෙර මාදිලියට වඩා සෑම ආකාරයකින්ම වැඩිදියුණු කරන ලද මෙයට වඩාත් මිල අධික මාදිලියන් වන DJI Mavic Pro මාදිලියන් මෙන්ම දර්ශන ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. පළමු Mavic Air මාදිලියට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල වන නමුත් තවමත් ඔබගේ කැමරා බෑගයේ පහසුවෙන් රැගෙන යා හැකියි. DJI Mavic Air පිළිබද සදහන් කරනවානම්, එය තරමක් කුඩා කෙටි පියාපත් සහිත වර්ණ තුනකින් නිකුත් වූ මාදිලියක්.

DJI Mavic Air 2හි ඡායාරූපකරණය

නව Mavic Air හි අඟල් 1/2 විශාල සංවේදකයක් ඇති අතර 4K 60fps වීඩියෝ සහ 12- සහ 48 මෙගාපික්සල් රූප රූගත කළ හැකිය. අනෙකුත් සම්මත රූප සංවේදක ප්‍රමාණයන් හා සසඳන විට එය තවමත් කුඩා නමුත් එය මුල් Mavic Airහි අඟල් 1 / 2.3 සංවේදකයට වඩා විශාලය. එයින් අදහස් වන්නේ එය පළමු Mavic Air වඩා හොඳ රූප සහ වීඩියෝ නිපදවිය යුතු වුවත්, එය ඡායාරූපයේ ගුණාත්මක භාවයෙහි විශාල පිම්මක් නොවන බවයි. කෙසේවෙතත් සංවේදකය උපරිම කිරීම සඳහා Mavic Air 2 සතුව වෙනත් උපක්‍රම තිබේ. 48MP ඡායාරූප ගැනීමට ඇති හැකියාව එයින් එකකි.

DJI Mavic Air 2
DJI Mavic Air 2

Mavic Air 2හි SmartPhoto නමින් අලුත් විශේෂාංගයක් හදුන්වා දී ඇති අතර එය මූලික වශයෙන් ස්වයංක්‍රීය දර්ශන හඳුනා ගැනීමට උපකාර වේ. එමගින් ඩ්‍රෝන යානය යොමු කරන ගස්, හිම, හිරු බැස යෑම හෝ නිල් අහස වැනි දේ මත පදනම්ව සැකසුම් සකස් කිරීමේ හැකියාව පවතී. ජංගම දුරකථනයන්හිද මෙයට සමාන විශේෂාංග දැකගත හැකියි. අවාසනාවට, SmartPhoto කරන්නේ කුමක්ද යන්න හෝ ඒ කිසිවක් කරන විට DJI හි යෙදුම ඔබට කිසිදු විස්තරයක් ලබා නොදේ.

ශබ්දය හැසිරවීම ISO 800 පමණ දක්වා අගයක පවතී. ඔබට එය විටින් විට 1600 දක්වා වැඩි කිරීමේ හැකියාවද පවතී. එය මුල් Mavic Air වඩා බෙහෙවින් හොඳ බව විචාරකයන්ගේ අදහසයි. SmartPhoto මාදිලිය ඩ්‍රෝන යානයට ISOහි වැඩි පාලනයක් ලබා දෙයි, ISO 540 දක්වා ආවරණය කරයි, shutter වේගය වැඩි කරයි, පිරිසිදු ශබ්දයක් ලබාදෙයි සහ එමගින් වඩාත් හොද ප්‍රතිපල ලබා දීමද සිදු කරයි. මෙමගින් වන වෙනස්කම් සියුම් නමුත් මෙම මාදිලිය මගින් DJI Mavic Air 2 සදහා වැඩි වටිනාකමක් ලබා දේ.

DJI Mavic Air 2හි වීඩියෝකරණය

වීඩියෝකරණය සැලකීමේදී ද මෙය එහි පෙර මාදිලියට වඩා උසස් වැඩිදියුණු කිරීම් වලින් සමන්විත වේ. එයට 120 Mbps සමඟ 4K 60fps වීඩියෝ ගත කළ හැකිය. එය ප්‍රමුඛතම Mavic 2 Pro පවා අභිබවා යෑමකි. තවද 1080p විභේදනයකදී 240fps දක්වා මන්දගාමී දර්ශන පටිගත කළ හැකි සේම වර්ණ ආකාර තුනකින් චිත්‍රපට ගත කළ හැකිය: standard, Cinelike, සහ HDR.

DJI Mavic Air 2
DJI Mavic Air 2

බොහෝ  ඩ්‍රෝන යානා අඩු ISO අගයකදී පවා රූප ශබ්දය පාලනය කිරීමට වෙහෙසෙන නමුත් Air 2 හි තරමක් විශාල සංවේදකය මෙම කාර්යයේදී සැලකිය යුතු දියුණුවක් ලබා දී ඇත. Dark tone සකස් කිරීමෙන් සංස්කරණය නොකල වීඩියෝ පටවල තිබෙන ශබ්දය පහසුවෙන් ඉවත් කළ හැකිය. තවද Hyperlaps මාදිලියට  8K renderings සිදු කළ හැකි නමුත් Hyperlaps ග්‍රහණයන් සමඟ තවමත් ගැටළු තිබෙන බව අන්තර්ජාලයේ සදහන් වේ.

නව ඩ්‍රෝන කැමරාවේ තාක්ෂණය

Mavic Air 2 බාධක හඳුනා ගැනීම සඳහා ඉදිරිපස, පසුපස සහ පහළ සංවේදක වලින් සමන්විත වේ. තවද බාධක හඳුනා ගැනීමට  improved Advanced Pilot Assistance System (APAS) මෙහි අන්තර්ගත වේ. Mavic Air 2හි බැටරි ආයු කාලය විනාඩි 34 ගුවනේ තබාගැනීමට ප්‍රමාණවත් වේ. එය ආරෝපණය කිරීම සදහා පැය 2 කාලයක් ගතවේ. ඩ්‍රෝන යානය රැහැන් රහිතව පාලනය කිරීම සඳහා. Wi-Fi වෙනුවට DJIහි OccuSync 2.0 තාක්ෂණය භාවිතා කරයි. FollowMe වැනි විශේෂාංගයන්ද මෙහි ඉතා හොදින් ක්‍රියාත්මක වන බවට සදහන්‍ වේ.

DJI Mavic Air 2  Controller
DJI Mavic Air 2 Controller

DJI Mavic Air 2 හි නව පාලකය අනෙකුත් DJI පාලකයන් මෙන් ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වේ. මෙහි තිරයක් අන්තර්ගත නොවන අතර දෘශ්‍යමාන ඇන්ටනාද නොමැත. දුරකථන රදවනය ඉහළට රැගෙන විත් ඇති අතර එම නිසා එය අතෙහි දරා සිටීමද පහසු වේ.

$799 වැනි සාපේක්ෂව අඩු මිලකට නිකුත්වන මෙම Mavic Air 2 දැන් ඔබට පෙර ඇනවුම් සිදුකල හැක.

DJI Osmo Pocket

DJI Osmo Pocket Featured Image

DJI යනු ලොව ප්‍රමුඛපෙළේ කැමරා උපාංග නිෂ්පාදනය කරන ආයතනයකි. DJI Mavic, Phantom වැනි Drone මෙන්ම DJI Ronin වැනි කැමරා උපාංග නිෂ්පාදනය කරන මෙහි Osmo යනු Action Camera එසේත් නැත්තම් දැඩි භාවිතයන් සඳහා යොදාගන්න කැමරා සහ උපාංග වර්ගීකරණයකි. DJI Osmo Pocket යනු මෙම Osmo වර්ගීකරණයේ සාමාජිකයෙක් වන ඉතා කුඩා ප්‍රමාණයේ Action Camera විශේෂයකි. මෙහි විශේෂත්වය නම් කැමරාව අක්ෂ තුනක් ඔස්සේ ස්ථාවරව පවත්වා ගත හැකි stabilizer එසේත් නැත්නම් ස්ථායිකාරකයක් ද අඩංගු වීමයි. DJI සමාගමේ නිෂ්පාදනය කරන කුඩාම කැමරා ස්ථායිකාරකය DJI Osmo Pocket හි අඩංගු වේ.

DJI Osmo Pocket කැමරාව එදිනෙදා ජීවිතයේදී සිදුවන විශේෂ සිදුවීම් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරනවාට වඩා වැඩි ගුණාත්මක බාවයකින් යුතුව වීඩියෝ ගත කිරීමට භාවිතා කල හැක. බොහෝමයක් සමාජ ජාල වල, විශේෂයෙන් traveling, adventure සහ vlog වීඩියෝ නිර්මාණ කරන පිරිස අතර DJI Osmo Pocket කැමරාව වඩාත් ජනප්‍රිය වී ඇත. ප්‍රමාණයෙන් කුඩා වීම, බරින් අඩු වීම සහ පහසුවෙන් හැසිරවීමට හැකි වීම මෙයට හේතු වේ.කෙසේ නමුත් මෙය ජල ප්‍රතිරෝධී නොවේ.

DJI Osmo Pocket Image 1

මෙය ප්‍රමාණයෙන් මිලිමීටර 121.9×36.9×28.6 වන අතර බර ග්‍රෑම් 116 ක් තරම් සැහැල්ලු වේ. Gimbal නැතහොත් කැමරාව ස්ථාවර කරන බඳ කොටස තත්පරයට අංශක 120 ක් තරම් කෝණික වේගයෙන් ඉදිරියට සහ පිටුපසට, දෙපසට සහ කරකැවීමට එනම්, අක්ෂ තුනම ඔස්සේ හැරවීමට හැකියාව ඇත. DJI Osmo Pocket හි අඩංගු ලිතියම් පොලිම බැටරියෙහි ධාරිතාව 875mAh වේ. එක් ආරෝපනයකින් මිනිත්තු 140 ක කාලයක් ක්‍රියා කල හැක. මෙහි බඳ කොටසේ කුඩා ප්‍රමාණයේ ස්පර්ශ සංවේදී තිරයක් ඇති අතර මෙම තිරය මගින් කැමරාවෙන් පෙනෙන දේ නිරීක්ෂණය කිරීමට හා DJI Osmo Pocket හි සැකසුම් වෙනස් කල හැක. මෙම තිරය සහ මෙහි අඩංගු මෘදුකාංගය තනි ඇඟිල්ලකින් ක්‍රියාකිරීමට සකසා ඇත. තවද බඳ කොටසේ ඇති සම්බන්ධකයට smart ජංගම දුරකථනයක් හෝ වෙනත් උපාංග සම්බන්ධ කල හැක.

DJI Osmo Pocket Image 2

DJI Osmo Pocket හි කැමරාව මෙගා පික්සල් 12 ක් වන අතර, පික්සල් 4000×3000 ප්‍රමාණයේ ඡයාරූප ලබාගත හැක. 4K වීඩියෝ ගතකිරීම්, තත්පරයට රාමු 24/25/30/48/50/60 fps ප්‍රමාණ වලින් ලබාගත හැකි අතර, 2.7K වීඩියෝ 1920×1080 24/25/30/48/50/60 fps හා Full HD 1920×1080 වීඩියෝ ගතකිරීම්, තත්පරයට රාමු 24/25/30/48/50/60/120 fps අගයන්ගෙන් ලබාගත හැක. Single Shot, Panorama, Timelapse, Motionlapse, Hyperlapse සහ Slow Motion ආකාර වලින් ඡයාරූප ලබාගැනීමට සහ වීඩියෝ ගත කිරීමට DJI Osmo Pocket හට හැකියාව ඇත. තවද Active Tracker මගින් චලනය වන යමකට කැමරාව එල්ල කර, කැමරාව ස්වයං ක්‍රියව හැරවීමට සකස් කල හැක. NightShot මගින් අඳුරේ ඡායාරූප ගත කිරීම් සිදු කල හැක. එමෙන්ම ගිගාබයිට් 256 ක් වන තෙක් SD මතක පිටතින් සම්බන්ධ කල හැක.

Apple සමාගම හදුන්වා දෙන නවතම location tracking Tags

Appletags

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ Apple සමාගම මගින් අලුතින්ම එළිදැක්වීමට නියමිත උපාංගයක් වන ස්ථාන ලුහුබැඳීමේ ටැගය පිළිබදව. දීර්ඝ කාලයක් තිස්සේ කථාබහට ලක් වෙලා තිබුනු නමුත් එළිනොදැක්වුනු මෙම නවතම උපාංගය මේ වසරේ අවසාන කාර්තුවේදී පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් සැලසුම් සකස් කර තිබෙනවා. ultra-wideband tracker කාණ්ඩයට අයත් වන මෙම උපාංගය AirTags හෝ AppleTags ලෙස නම් කෙරෙනු ඇතැයි කියා අන්තර්ජාලයේ සදහන් වන්නේ.

මෙම tags පාවිච්චි කරන පරිශීලකයින්ට ඔවුන්ගේ යතුරු, ගමන් මලු, මෝටර් බයිසිකල් කියන ඕනෑම දෙයක් සදහා මෙම tag භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් පහසුවෙන්ම එය තිබෙන ස්ථානය පිළිබදව තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයෙන් බලාගැනීමේ හැකියාව ලැබෙනවා. සොර සතුරන්ගෙන් වන හානි අවම කිරීමට හා අමතකවීම් නිසා සිදුවන අස්ථානගතවීම් වැළැක්වීම සහ ඒවාට පිළියමක් ලබාදීම තමා මෙහි මූලික අරමුණ.

නවතම Apple  දුරකථන වන iPhone 11 මාදිලියේ දුරකථනයන්හි සමන්විත වන ලුහුබැදීමේ තාක්ෂණය මේ සදහා භාවිතා විය හැකියි. එමගින් FindMy යෙදුම හරහා තොරතුරු ලබාදෙන බව තමා දැනට අනාවරණය වන තොරතුරු පවසන්නේ.

Apple’s location tracking තාක්ෂණය

අන්තර්ජාලයේ දැනට සදහන් වන තොරතුරු වලට අනුව මෙම උපාංගය රවුම් තැටි වලට සමාන ආකාරයක් ගත හැකියි. එමෙන්ම මෙම උපාංගයට නවතම Apple U1 Locator චිපය ඇතුලත් වනවා, iPhone 11 දුරකථන සදහාද භාවිතා වන්නේ මෙම වර්ගයේම චිපයන්. Ultra-wide band තාක්ෂණයෙන් සමන්විත වන මෙම චිපයන් මගින් පරිශීලකයන්ට නැතිවූ ටැගයේ නිවැරදිම ස්ථානය සොයාගැනීම පහසුවෙන්ම කල හැකියි. ත්‍රිමාණ බැලූන් මඟින් නැතිවූ අයිතමවල පිහිටීම හඳුනා ගැනීමට දෘශ්‍ය සහය ලබා දෙනු ලබනවා.

එමෙන්ම AirPods මෙන්, Apple Tags ද යථා තත්ත්වයට පත් කිරීම සඳහා චයිම් එකක් විමෝචනය කිරීමට බල කිරීමේ හැකියාවක්ද පවතිනවා. එපමණක් නොව AirPods මෙන් iPhone එකකට ආසන්නව ටැග්ස් පරිශීලකයාගේ iCloud ගිණුමට යුගලනය කිරීමේ හැකියාවෙන්ද මෙය සමන්විත වෙනවා.

මෙම උපාංගය මගින් ටැග් කරන ලද වස්තුවකින් එය බොහෝ දුරක් ගියහොත් එය අමතක වීම වළක්වා ගැනීම සඳහා අයිතිකරුවන්ට අනතුරු ඇඟවිය හැකියි. නිවස හෝ කාර්යාලය වැනි “ආරක්ෂිත” ස්ථානවල මෙම අංගය අභිබවා යා හැකිය. යම්කිසි ආකාරයකට මෙය අස්ථානගත උවහොත් එම ටැගයේ හිමිකරු විසින් එම ටැගය නැතිවී ඇති බව සදහන් කර ඇත්නම්, ටැග් කළ අයිතමය සන්තකයේ ඇති බව පෙනෙන ඕනෑම iPhone පරිශීලකයෙකුට එය නියම හිමිකරු වෙත ආපසු ලබා දෙන ලෙස දැනුම් දීමක් ලැබෙන ආකාරයේ  විශේෂාංගයක්ද මෙය සතුව පවතිනවා.

කෙසේවෙතත් මෙම නවතම උපාංගය ඉදිරිපත් වන නියමිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ, නමුත් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත iPhone උළෙලේදී මෙය බොහෝදුරට එළිදැක්වේවි.

Samsung Galaxy Z Flip

Galaxy Z Flip featured image

Samsung ආයතනය Samsung Galaxy Fold smart ජංගම දුරකථනය ඔවුන්ගේ ප්‍රථම නැමිය හැකි තිරයක් සහිත උපාංගයක් ලෙස හඳුන්වා දෙන ලදි. මෙය බොහෝ දෙනාගේ කථාබහට ලක් වුයේ තරමක් අසාර්ථක නිෂ්පාදනයක් ලෙසය. මෙයට හේතුව, එහි නැවිය හැකි තිරය මෙන්ම මෙම ජංගම දුරකථනය ඉතා පහසුවෙන් හානියට පත්වන බැවිනි. කෙසේ නමුත් Samsung සමාගම පසුගිය දිනක තවත් නැමිය හැකි තිරයක් සහිත smart ජංගම දුරකතනයක් එළිදක්වන ලදී. එනම් Samsung Galaxy Z Flip. විශේෂත්වය වන්නේ,  මෙය සිරස් අතට නැමිය හැකි වීමයි.

Galaxy Z Flip

Samsung Galaxy Z Flip smart ජංගම දුරකථනය හැකිලූ පසු ඉතා කුඩා වන අතර, පහසුවෙන් සාක්කුවේ දමාගැනීමට හැකිවේ. Samsung Galaxy Fold උපාංගයට වඩා ශක්තිමත් බවෙන් වැඩි අතර රළු භාවිතයන්ට ඔරොත්තු දෙන බව නිෂ්පාදකයන් පවසයි. මෙය නැමිය හැකි දුරකථනයක් බැවින් නැමෙන ස්ථානයෙන් පහසුවෙන්ම දුහුවිලි ජංගම දුරකථනය තුලට යාමට හැකියාවක් තිබෙන බැවින්, එය වැලක්වීමට සියුම් කෙඳි යොදාගනිමින් නමෙන් ස්ථාන ආවරණය කර ඇත. එමෙන්ම තිරය එකින් ස්පර්ශ වීම වලක්වෙන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත.

Galaxy Z Flip

Galaxy Z Flip විශේෂාංග

Samsung Galaxy Z Flip smart ජංගම දුරකථනය Mirror Purple, Mirror Black, Mirror Gold වර්ණ තුනකින් මිලදීගත හැක. අඟල් 6.7 ක පුර්ණ තිරයක් ඇති අතර, පළල මිලිමීටර 73.6 ක් වේ. උස මිලිමීටර 167.3 වන අතර ජංගම දුරකථනය හැකිලූ පසු උස මිලිමීටර 87.4 ක් වේ. බර ග්‍රෑම් 183ක් වේ.

Galaxy Z Flip front view

Samsung Galaxy Z Flip හි නැමිය හැකි ප්‍රධාන තිරය FHD+ Dynamic AMOLED පුර්ණ තිරයක් වන අතර ඉදිරිපස කුඩා තිරය අඟල් 1.1 ක Super AMOLED තිරයක් වේ. මෙහි ප්‍රධාන තිරය ඉතා තුනී වීදුරු වලට ඉතා සමාන ද්‍රව්‍යකින් (flexible glass) නිර්මාණය කර ඇත.

Galaxy Z Flip image 4

ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 10ක් වන අතර පිටුපස ද්විත්ව කැමරා මෙගා පික්සල් 12 ක wide-angle සහ මෙගා පික්සල් 12 ක ultra wide කැමරා වලින් සමන්විත වේ. තවද Optical Image Stabilization, Scene Optimizer, Shot suggestions, Flaw Detection වැනි විශේෂාංග මෙහි කැමරාවෙහි අඩංගු වේ. එමෙන්ම 4K 60fps video recording, 1080p 240fps Slow motion, 720p 960fps Super Slow-mo, සහ 1080p Hyperlapse video recording හැකියාවන් මෙම ජංගම දුරකථනය සතුවේ.

3300mAh ද්විත්ව බැටරි දිනක් පුරාවට ක්‍රියා කිරීමට මෙන්ම, Fast charging හැකියාවද මෙම Samsung Galaxy Z Flip සතුව ඇත. 8 GB RAM සහ 256 GB ප්‍රධාන මතක ධාරිතාවකින් සමන්විත වේ.

මෙහි ඇති දුර්වලතා

බැලූ බැල්මට ඉතාමත් දැකුම් කළු නිමාවකින් යුත් Samsung Galaxy Z Flip හි දුර්වලතා කිහිපයක් පවතින බව විචාරකයන් පවසයි. පළමු දුර්වලතාව මෙහි නැමිය හැකි තිරයි. සැම්සන්ග් සමාගම, මෙම තිරය වීදුරු යැයි පැවසුවා ද, මෙය සත්‍ය වශයෙන්ම වීදුරු වලට බොහෝ සමාන ප්ලාස්ටික් වර්ගයකින් නිර්මාණය කර ඇත. මේ නිසා ඉතා පහසුවෙන් සිරීම් වලට ලක් වේ. තවද නැමෙන ස්ථානයේ සියුම් ගැටිති ස්වභාවයක් ඇති නිසා නිරන්තරයෙන් තිරය ස්පර්ශ කරන විට, භාවිත කරන්නාට යම් අපසුතාවක් ඇති වේ. එමෙන්ම නැමීමේදී තිරය හානි වූ අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇත.

Galaxy Z Flip

තවත් දුර්වලතාවක් නම්, මෙහි නැමෙන ස්ථානයෙන් ජංගම දුරකථනය තුලට දුහුවිලි අංශු සහ වැලි ඇතුළුවන බවයි. සැම්සන්ග් සමාගම විසින් මේ සඳහා සියුම් කෙඳි යොදාගනිමින් දුහුවිලි ඇතුලු වීම වැලක් වීමට උපක්‍රමයක් යොදා ඇත. කෙසේ වුවද Galaxy Z Flip හි නැමෙන ස්ථානයෙන් දුහුවිලි අංශු ඇතුලු වන බව විචාරකයන් පවසයි. මෙනිසා නැමීමේදී හා දිග හැරීමේදී ඇතුලාන්තයේ හානි සිදුවන බව විශ්වාස කරයි.

කෙසේ නමුත් Samsung Galaxy Fold smart ජංගම දුරකථනයට වඩා Galaxy Z Flip ඉදිරියෙන් සිටින බව නොඅනුමානයි. මෙය ඇ. ඩො. 1380 සිට මිලදී ගැනීමට හැක.