TechWire

Category - CLoud

Microsoft Project xCloud

Microsoft  සමාගමේ නිර්මාණයක් ගැන තමා අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ තමා මේ අවුරුද්දේදී නිකුත් වීමට නියමිත ඔවුන්ගේ ක්‍රීඩා ප්‍රවාහ සේවාව වන xCloud සේවාව පිළිබදව.Microsoft  විසින් ලබන වසරේදී Xbox Game Pass සමඟ  xCloud ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු මේ වනවිට අන්තර්ජාලයේ සදහන් වෙනවා. එමගින් ක්‍රීඩකයන්ට සෘජුවම cloud තාක්ෂණය හරහා ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබනවා. එමගින් වඩාත් සුපැහැදිලි ආකාරයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා. ලබන වසර වනවිට පැමිණෙන windows 10 පරිගණක සදහාද මෙම සේවාව ලබාදීම සදහා අවශ්‍ය ආකාරයෙන් කටයුතු සිදුකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට android  දුරකථන හා ටැබ්ලට් පරිඝණක සදහා මෙම සේවාව ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ඔබට මෙම project xCloudහි පෙරදසුන් ලබාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙම ලින්ක් එක හරහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස ඒ සදහා ලියාපදිංචි වීම සිදු කල හැකියි. කෙසේ නමුත් iOS දුරකථනසදහා මෙම සේවාව තවමත් ලබාගත නොහැකියි.

xCloud භාවිතා කරන ආකාරය

මෙම සේවාව සමගින් එක්වීමට ඔබට පහත සදහන් මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදුවනවා.

  1. මෙහෙයුම් පද්ධතිය Android 6.0+ සහ Bluetooth version 4.0+ සහිත දුරකථනයක්.
  2. Bluetooth සමඟ අනුකූල Xbox රැහැන් රහිත පාලකයක්.
  3. 5GHz Wi-Fi හෝ ජංගම දත්ත සම්බන්ධතාවය බාගත කිරීමේ වේගය 10Mbps සහිතව.
  4. Xbox Game Streaming යෙදුම. (preview)

මෙම දේවල් සපුරා ගැනීමෙන් පසු ඔබට සිදුවනවා මේ සදහා ලියාපදිංචි වීමට, ඒ සදහා Microsoft ගිනුමක් ඔබ සතු විය යුතුයි. එලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන් ඊලග පියවරයන්ට අදාල විස්තර සහිත විද්‍යුත් තැපෑලක් ඔබ වෙත යොමු කරනු ලබනවා. ඉන් අනතුරුව ඔබට කිරීමට තියෙන්නේ ඔබගේ දුරකථනය Xbox පාලකය සමග සම්බන්ධ කොට ක්‍රීඩා කිරීම පමණයි. ඉහත සදහන් කර ඇති ලින්ක් එක මගින් තවදුරටත් ඔබට විස්තර ලබාගැනීමක් අවශ්‍යනම් එය සිදුකරගත හැකියි.

මේ වන විට පෙරදසුන් සදහා 50කට අධික ක්‍රීඩා ප්‍රමාණයක් ඔවුන් ලබාදී තිබෙනවා. ලබන අවුරුද්දේ සිට මෙම දුරකථන සදහා ලබාදුන් සේවාව පරිගණක සදහාද ඔවුන් ලබාදෙනු ඇති. නමුත් මේ වනවිට අප රටටනම් මෙම සේවාව ඔවුන් ලබාදීලා නැහැ. Canada, India, Japan සහ දකුණුදිග යුරෝපියානු රටවල් සදහා පෙරදසුන් ලබාදෙන බවට තමා තොරතුරු සදහන් වෙන්නේ.

මොවුන්ට දැනට පවතින විශාලතම අභියෝගය වන්නේ ඊලග සතිය තුල නිකුත් වීමට නියමිත Googleහි Stadia නමින් හැදින්වෙන මෙයට සමානකම් දක්වන සේවාවයි. නමුත් ක්‍රීඩකයින්ට තමන්ට කැමති සේවාවක් සදහා යොමුවිය හැකියි.

WhatsApp Backup එක PC එකට Download කරන්නේ මෙහෙමයි

whatsapp

කවුරුත් නොදන්න දෙයක් තමයි මේ දේ, Google drive එකේ Save වෙලා තියෙන WhatsApp Backup එක සාමාන්‍ය ක්‍රමයට Download කරන්න නොහැකි වුනත්, Download කරන්න ක්‍රමයක් තියෙනවා. මේ මගින් ඔයාගේ WhatsApp Images, Documents හා සියළුම දේ ඔයාගේ PC එකට Download කරගන්න පුළුවන්.

Read More

Google Drive සහ Google Photos හි නොදුටු පැතිකඩ හා අවධානම

google_drive

තාක්ෂණයේ දියුණු වීමත් සමග අප දත්ත ගබඩා කිරීමට Floppy Drive තුලින් පටන් ගෙන Cloud Computing  දක්වා පැමිණ ඇත.

 

 

 

 

 

මේ සමගින් මෑත කාලයේ අප Google Drive සහ Google Photos බහුලව භාවිතා කිරීමට පෙළඹී ඇත. Google Drive අප හට බොහෝ ප්‍රයෝජනවත් වන අතර මෙහි නොදුටු පැතිකඩක් පවතී, ඒ ඔබේ දත්ත වෙනත් අයෙකුට පත් වුවහොත්!

Read More

Privacy in the Cloud

Cloud service එකක් කියන්නේ කුමක්ද?

cloud-computingInternet හරහා අපිට ලබා ගන්න පුළුවන් ඕනෑම සම්පතක් හෝ සේවාවක් cloud service එකක් විදියට හඳුන්වන්න පුළුවන්. Email, maps, cloud storage වගේම ගොඩක් ප්‍රසිද්ධ social media sites වගේම තව බොහෝ දේ වෙන්නේ Internet එකෙන්. මේ හැම දෙයක්ම cloud එකෙන් handle වෙන දේවල්. අපි පොඩි කාලෙ Internet කියල ඉගෙන ගනිද්දි ඉගෙන ගත්ත වලාකුළ මතක් කරගන්න, cloud කියන්නේ මොකද්ද කියන එකට උදාහරණයක් විදියට.

Read More

අන්තර්ජාලයේ නවතම ගොනු හුවමාරු තාක්‍ෂණය – WebTorrent

BitTorrent යනු peer-to-peer ප්‍රොටොකෝලය යටතේ ලොව පුරා ඉතා පුළුල්ව භාවිතා වන සන්නිවේදන ක්‍රමවේදයකි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන තරුණ ප්‍රජාවට නම් මෙය කිසිසේත් ආගන්තුක තාක්‍ෂණයක් නොවේ. මෙය කෙතරම් ජනප්‍රිය ක්‍රමයක් ද කිවහොත්, අන්තර්ජාලය තුළ මෙමගින් හුවමාරු වන දත්ත ප්‍රමාණය මැනීමට සිදුවී ඇත්තේ පෙටාබයිට් වලිනි. කෙසේවෙතත්, Netflix, Hulu වැනි ස්ට්‍රීමිං සේවාවන්ගේ ආගමනයත් සමග BitTorrent හි බලපරාක්‍රමය බිඳවැටීමට පටන්ගෙන ඇත.

WebTorrent යන නවතම තාක්‍ෂණය ඔබ වෙත පැමිණ ඇත්තේ මෙම සේවාවන් දෙක එකට සංයුක්ත කර, BitTorrent ජාලය හරහා ස්ට්‍රීමිං වීඩියෝ ස්ට්‍රීමිං පහසුකම ඔබ වෙත ලබා දීමටයි. ඔව්, WebTorrent යනු ඔබේ වෙබ් බ්‍රව්සරය වෙත ලැබෙන ලොව ප්‍රථම ස්ට්‍රීමිං ටොරන්ට් සේවාදායකය යි. එය ලියැවී ඇත්තේ අන්තර්ජාල භාෂාවෙන්, හෙවත් JavaScript වලිනි. මෙම ප්ලගිනය P2P සන්නිවේදනය සඳහා භාවිතා කරන්නේ ජනප්‍රිය TCP/uTP ප්‍රොටොකෝලය නොව WebRTC නම් වූ නවමු මෙවලමකි.

BitTorrent-WebTorrent

WebTorrent හි තාක්‍ෂණික පැතිකඩ

2002දී ආරම්භ වූ දා සිට, අන්තර්ජාලය හරහා විශාල ප්‍රමාණයේ ගොනු සංසරණය කරවීමේ ගැටලුවට සරල විසඳුමක් සැපයූවේ BitTorrent තාක්‍ෂණයයි. WebTorrent විසින් සිදුකෙරෙනුයේ මෙම BitTorrentහි මධ්‍ය හරයේ ඇති තාක්‍ෂණය, ස්ට්‍රීමිං තාක්‍ෂණය සමග ඒකාබද්ධ කරමින් ඔබ වෙත මෙම තාක්‍ෂණ මෙවලම් දෙකෙහිම වාසිය උදාකරලීමයි.

ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරී, Feross Aboukhadijeh විසින් මෙම ව්‍යාපෘතිය හඳුන්වාදුන්නේ සිය ගණනක් වූ තවත් විවෘත-ප්‍රභව දායකයින්ගේ සහාය ද ඇතිව ය. වර්තමානයේ අප භාවිත කරන අන්තර්ජාලයේ විප්ලවයක් සිදුකිරීමට මෙම තාක්‍ෂණයට හැකිවනු ඇති බව ඔහු තරයේ විශ්වාස කරයි.

TorrentFreak අඩවියට අදහස් කළ දැක්වීමක දී ඔහු පැවසුවේ:

මට දැනිච්ච විදිහට ‘පරිශීලකයින්ගෙන් බලගැන්වූ වෙබ්අඩවි’—ඒ කියන්නෙ යම් අඩවියක් භාවිත කරන අය විසින්ම බර දරාගෙන සිටිනු ලබන අඩවි කියන සංකල්පය මාර විප්ලවකාරී එකක්. ඒක මේ කර්තෘ හිමිකම් අලවගෙන, හිරකරගෙන තියන්න ඕන මෘදුකාංගයක් නෙවෙයි! ඒ නිසයි මට මේ අදහස තව ටිකක් දියුණු කරන්න ඕන කියලා හිතුණෙ.

ඔහුට අවශ්‍ය වූයේ, P2P ප්‍රොටොකෝලය හරහා පරිශීලකයින් විසින් බලගැන්වූ YouTube වැනි සලරූ වෙබ්අඩවියක් නිර්මාණයට බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. එවිට භාවිතකරන පරිශීලකයන් ගණන වැඩිවන තරමට අඩවිය වඩාත් ස්ථාවර සහ වේගවත් වනු ඇති. සරලව කිවහොත්—WebTorrent යනු අන්තර්ජාලය සඳහා වන BitTorrent සේවාදායකයකි. කිසිදු ස්ථාපනයක්, දිගුවක් හෝ බ්‍රව්සර් ප්ලගිනයක් මෙයට අනවශ්‍ය ය.

Browser-Support

ව්‍යාපෘතිය ගැන වැඩි විස්තර දැනගැනීමට, ආරම්භ කිරීමට හෝ WebTorrent ක්‍රියා කරන ආකාරය පිළිබඳව දැනගැනීමට WebTorrent.io අඩවියට පිවිසෙන්න.