TechWire

Category - Books

සුපිරි වීරයෙක්ගේ නික්ම යාම: Stan Lee

stan-lee

“With great power, there must also come … great responsibility!”. ඔබ Spider-Man රසිකයෙක් නම් ඉහතින් දැක්වුණු පාඨය ඔබට නුහුරු වෙන්න බැහැ. Spider-Man සහ තවත් සුපිරි වීරයන් රැසකගේ නිර්මාණයන්ට උරදුන් “Marvel” විශ්වයේ පුරෝගාමියෙක් වූ Stan Lee පසුගිය නොවැම්බර් මස 12 වෙනිදා ලොව හැරගියා. අද ලිපිය වෙන් වන්නේ ඔහුට සහ ඔහුගේ නිර්මාණයන්ට.

ආරම්භය

Stan Lee ගේ උපතේදී නම වෙන්නේ Stanley Martin Lieber. 1922දී උපත ලද ඔහුගේ  දෙමව්පියන් රොමේනියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ දෙපලක්. කුඩා කල සිටම ලිවීමට ඔහු ලැදියාවක් දැක්වුණු අතර කවදා හෝ ඇමරිකාවේ විශිෂ්ටතම නවකථාව ලිවීමට සිහිනයක් ඔහුට තිබූ බව පසු කලක පැවසුවා. නව කථා ලිවීමට සිහින දැකපු Stanley Martin Lieberගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වන්නේ ඔහුට 1939දී Pulp සඟරාවේ Timely Comics අංශයේ රැකියාවක් හිමිවීමයි. වසර දෙකකට පසු ඔහු තමන්ගේ ප්‍රථම comic සඟරාව, “Captain America Foils the Traitor’s Revenge”,  Stan Lee නම් ආරුඪ නමින් එළිදැක්වූවා. මෙම ආරුඪ නම වසර කීපයකින් පසුව ඔහුගේ නීත්‍යානුකූල නම ලෙසට පත්වුනා.

Stan Lee

Marvel

1950 වනවිට Atlas Comic සමාගමට (Timely Comics අංශයේ නම පසුව Atlas ලෙස වෙනස්කරන ලදී ) ප්‍රතිවාදියෙක් වූ  DC Comic සමාගම හොඳ තරඟයක් දෙමින් තිබුනා. ඔවුන් තමන්ගේ සුපිරි වීරයෙක් වූ Flash චරිතය සාර්ථකව අළුත් මානයකට ගෙන ගිය අතර Justice League of America නමින් සුපිරි කණ්ඩායමක් ද නිර්මාණය කෙරුනා. මේ අනුව Atlas Comicහි ප්‍රධානියා වූ Martin Goodman නව අභියෝගයක් Stan Leeට පැවරුවා. Stan Leeට ලැබුණු අභියෝගය වුනේ DC Comic සමාගමට තරගයක් දිය හැකි සුපිරි වීරයන් පිරිසක් නිර්මාණය කිරීමයි.

මෙම අභියෝගය ජයගැනීමට Stan Leeගේ බිරිඳගෙන් වටිනා ඔවදනක් ඔහුට ලැබුනා. ඇය, ඔහු  කැමති චින්තනයන් අත්හදා බලන්න ලෙස Stan Leeට යෝජනා කළා. මේ වනවිට comic විශ්වයේ සිටි සියලු සුපිරි වීරයන් පරිපූර්ණ පුද්ගලයන් වුනා. ඔවුන්ට කිසිදු වු දුබලතාවයක් නොතිබුනා. නමුත්

Stan Lee නිර්මාණය කල සුපිරි වීරයන්ගේ යම්කිසි දුබලතාවයක් තිබුනා. යමෙක් ඉක්මනට තරහා ගන්නෙක් වුනා, තවකෙක් යටිහිතෙන් දුකෙන් පෙලෙන්නෙක් වුනා. සෑම සුපිරි වීරයෙක්ම යම්කිසි අඩුපාඩුවක් සමග නිර්මාණය කිරීමට Stan Lee කටයුතු කළා. මෙම ප්‍රයත්නයේ ප්‍රතිපලය ලෙස නවමු මානයක සුපිරි වීරයන් පිරිසක් උපත ලැබුවා.

ප්‍රථමයෙන් Stan Lee, Jack Kirby සමග එකතුව  Fantastic Four නිර්මාණය කළා. Fantastic Four වෙත පාඨකයින්ගෙන් පැසසුම් ප්‍රතිචාර ලැබුනා. මෙසේ ලබාගත් ආරම්භය සමගම Stan Lee Hulk, Thor,  Iron Man, X-Men, Daredevil, Doctor Strange සහ Marvel (1961 දී Atlas Comic, Marvel ලෙස නම්කෙරුවා ) විශ්වයේ සාර්ථකම චරිතය වූ Spider-Man නිර්මාණය කළා. පසුව මෙම සුපිරි වීරයන් සහ පෙර සිටි Captain America වැනි චරිතද එකතුකර  The Avengers ලෙස කණ්ඩායමක් ද නිර්මාණය කළා. මෙම සියළු චරිතයන්ගේ විශේෂත්වය වුයේ ඔවුන් shared universe එකක නිර්මාණය වීමයි. මේ අනුව එක සුපිරි වීරයෙකුගේ කතාවකට අනෙත් සුපිරි වීරයන්ගේ ආගමනය දකින්න ලැබුනා.

The Fantastic Fourහි ප්‍රථම මුද්‍රණය

රංගනය

Stan Lee සැමවිටම විනෝදකාරී පුද්ගලයෙක් වුනා. වෘත්තියෙන් රචකයෙන් වුවත් ඔහු Marvel සිනමාපට රැසකට කෙටි රංගනයන් මගින් දායක වුනා. ප්‍රේක්ෂකයන්ද Stan Leeගේ කෙටි රංගනයන් වලට මහත් ප්‍රියයක් දැක්වුවා. මෙසේ Stan Lee ප්‍රථමයෙන් තම රංගනය ලබාදුන්නේ 1989දී විකාශනය වූ The Trial of the Incredible Hulk නම් රුපවාහිනී චිත්‍රපටයකට. ඉදිරියට නිකුත්වීමට යෙදී ඇති Avengers 4 චිත්‍රපටියේද Stan Lee මෙසේ කෙටි රංගන දායකත්වයක් ලබාදී ඇති බව දැනට වාර්තා වෙනවා.

Stan Leeගේ කෙටි රංගන කිහිපයක්

සම්මාන

Stan Lee කලාවට කල මොහෙවර පැසසුමට 2002දී ඔහුට ඇමරිකාවේ  Academy of Science Fiction, Fantasy and Horror Films වෙතින් ප්‍රදානය කරන Saturn සම්මානය ලබාදුන්නා. 2008දී ඔහු ඇමරිකාවේ National Medal of Arts මගින් පිදුම් ලැබුවා. 2011 දී Stan Lee ගේ නමින් තරුවක් හොලිවුඩ් Hollywood Walk of Fameහි ස්ථාපනය කෙරුනා.

Stan Leeගේ නික්මයෑමෙන් කම්පාවන රසිකයෙක්


PureLankan – Sri Lankan eBook Store

Are you a bookworm? Do you travel so often?? Love to read Sri Lankan authors’ books but don’t like to carry them all wherever you go??? Well, guess what! Purelankan is the ultimate solution just for you.

Purelankan is an app that you can find eBooks by Sri Lankan authors for those who live far away from Sri Lanka or for those who like to keep the weight light when travel. Now you can quit searching for Sri Lankan books in physical stores abroad. Just download the ‘purelankan’ app to your iPad and start reading. Isn’t that smart and simple?

Purelankan was founded by Lahiru Wickramasinghe and his life partner Chathurani Abeyratne in 2014. Lahiru was an Anandian and did his higher studies in Electrical Engineering from the University of Hertfordshire and is currently working in Singapore. Chathurani Abeyratne completed her Masters from the University of Melbourne and Bachelors from the National University of Singapore.

Go and check out the website for more info: www.purelankan.com

ලාංකික චිත්‍රකතාවේ සිංහ උදානය – Lionborn

Sachi Ediriweera

සචී එදිරිවීර

අප සැවොම දන්නා සිංහබාහු පුරාවෘත්තය යළිත් අප අතර කතාබහට ලක්කරවමින්, ඉතිහාසගත කතාන්දරයක් මත පදනම් වූ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍ර කතාව ලෙස Lionborn එළි දැක්වෙන්නේ සචී එදිරිවීර නම් වූ තරුණ කලාකරුවාගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිණි. Filmbox ආයතනයේ ආරම්භකයා වන සචී එදිරිවීර කෙටි සිනමා අධ්‍යක්ෂකවරයෙකු ද වන අතර මෙය ඔහුගේ ප්‍රථම චිත්‍රකතා සංග්‍රහයයි. මොහු විශිෂ්ට නිර්මාණකරුවෙකු වන අතර, එම සිතුවම් වලින් ඔහුගේ Instagram ගිණුම විචිත්‍රවත් වී ඇත.

Lionborn හි කතා රචනය සහ සිතුවම් නිර්මාණය සචී එදිරිවීර විසින් වන අතර සිතුවම් වර්ණ ගැන්වීම සිදුවී ඇත්තේ ඇමරිකානු ජාතික ක්‍රිස් ලිස්මාන් විසිනි. මෙම මස 20 සහ 21 දෙදින තුළ පැවැත්වීමට නියමිත ලංකා කොමික් කොන් 2016 උළෙලේදී මෙම චිත්‍ර කතා සංග්‍රහය එළි දැක්වීමට නියමිතය. Read More

ජාවා මෘදුකාංග නිර්මාණය ගැන පොතක් ප්‍රථම වරට සිංහලෙන්

කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා විසින් රචිත “මූලික පරිගණක ක්‍රමලේඛනය (ජාවා භාවිතයෙන්)” පොත භාෂා දැනුම් පරතරය නිසා මෘදුකාංග නිර්මාණය වෙතින් දුරස්වු යව්වනයන් මෙන්ම වැඩිමහල්ලන්හටද වටිනා අත්වැලකි. සිංහල පාඨකයා වෙත මේ පොත ගෙන එන ආචාර්ය කසුන් ද සොයිසා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලබා ස්වීඩනයේ ස්ටොක් හෝම් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරයි.

java_sinhala_book

මුද්‍රිත පොතක් දැන් රුපියල් 450/= කට දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාසලෙහි පශ්චාත් උපාදි අංශයෙන් දැන් ලබා ගත හැකිය.

ඒ සඳහා ෆරීනා හෝ නිශාන්ත අමතන්න 011-2589123, 011-2581245

පොතෙහි සඳහන්වන ජාවා ක්‍රමලේඛන බාගත කර ගනීම මෙතනින්.

පුද්ගලික භාවිතය සඳහා Slides  සහ Tutorials  බාගත කර ගනීම මෙතනින්.