TechWire

දිනුවොත් පරදින BLUEWHALE ක්‍රීඩාව

image

Bluewhale යනු සමාජ ජාල අඩවි ඔස්සේ වේගයෙන් පැතිර ගිය , පැතිර යන මාරක ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව ආරම්භ කර ඇත්තේ 2013 වසරේ Vkontakte නමැති රුසියානු සමාජ ජාල අඩවියක් ඔස්සේ පවත්වා ගෙන ආ “F57” නොහොත් “Death Group” නමැති රහස් කණ්ඩායම විසිනි.මෙය නිර්මාණය කර ඇත්තේ Philip Budeikin නමැති විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද මනෝ විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු විසිනි. මොහු පවසන ආකාරයට මෙය ඔහු නිර්මාණය කර ඇත්තේ සමාජයේ ජීවත් වන තමාගේ ජීවිතයේ වටිනාකම නොදන්නා ජීවිතයේ හරයක් නොදන්නා සමාජයට අවශ්‍ය නැති පුද්ගලයන් තුරන් කර යහපත් සමාජයක් ගොඩනැගීමට බවයි. කෙසේ වුවද දැනට මෙම ක්‍රීඩාව මරණ 150 කට අධික ප්‍රමාණයකට දායක වී ඇති අතර මෙනිසා මොහුට 2016 වසරේ සිරගත වීමටද සිදුව ඇත.

image of the creater of the gane

Bluewhale නිර්මාතෘ Philipp Budeikin

Bluewhale ක්‍රීඩාව ක්‍රියාත්මක වන අයුරු

මෙම ක්‍රීඩාව ක්‍රියාත්මක වන්නේ අභියෝග ආකාරයෙනි. එනම් මෙයට ඉලක්ක වන්නේ බොහෝ විට මානසික ව්‍යකුලතාවයෙන් පෙලෙන පුද්ගලයන්ය. එම ඉලක්කගත පුද්ගලයින් හා සම්බන්ධ වන මෙම ක්‍රීඩාවට අදාල නිරීක්ෂකයින් එම තරඟකරුවාට විවිධ අභියෝග ලබා දෙයි. දිනකට එක බැගින් දින 50 කට අභියෝග 50 ක් සම්පූර්ණ කිරීමට ඇති අතර මෙම අභියෝග ක්‍රමක් ක්‍රමයෙන් අමානුෂික ආකාරයක් ගනියි. එක් එක් තරඟකරුවට වෙන් වූ නිරීක්ෂකයෙක් සිටින අතර ඔවුන් අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගනියි. එමෙන්ම අභියෝගය සාර්ථක ලෙස කල බවට සනාථ කිරීම සඳහා එහි ඡායාරුපයක් අදාළ නිරීක්ෂකයා වෙත යැවිය යුතුය.

Bluewhale ක්‍රීඩාවේ නිරතවන්නන් හට ලැබෙන අභියෝග

මෙම අභියෝග මුලින් ත්‍රාසජනක චිත්‍රපටයක් නැරඹීම , කුඩා උසවලින් පැනීම , වැනි සුළු අභියෝග වලින් පටන් ගෙන තමන්ගේ ලේ සොලවා ගැනීම වැනි අභියෝග ලැබෙන අතර සමහර ක්‍රීඩකයන්ට තියුණු දෙයකින් පච්චයක ආකාරයෙන් නිල් තල්මසෙකුගේ හැඩය ගන්නා රුපයක් අතෙහි ඇඳ ගැනීමට ද නිරීක්ෂකයින් පවසා ඇත. කෙසේ හෝ මෙහි 50 වෙනි අභියෝගය වන්නේ සියදිවි හානි කරගැනීමය. තරමක හාස්‍ය උපදවන දෙයක් වුවද මෙය මේ වන විට ඛේදවාචකයක් වී ඇත. මන්ද , කෙමෙන් කෙමෙන් මුල් අභියෝග මඟින් ක්‍රීඩකයාගේ මනස නිරීක්ෂකයින් විසින් හැඩ ගස්වන අතර මෙම 50 වෙනි අභියෝගය මොවුන්ට මග හැරීමට නොහැකි ලෙස ඔවුන්ගේ මනස අනුගත කරයි.එම නිසා මොවුන් මෙම 50 වෙනි අභියෝගයද නොපැකිලව කිරීමට ඉදිරිපත් වෙන අතර එසේ ජීවිත හානි කරගත් තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මේ වන විට වාර්තා වී ඇත.

image

Bluewhale ක්‍රීඩකයාගේ අවසානය

මෙම ක්‍රීඩාව කර සියදිවි හානි කර ගත් බොහෝ මරණ සංඛ්‍යාවක් ලොව නන් දෙසින් වාර්තා වී ඇති අතර එමගින් උස ස්ථානවලින් පැනීම, ගෙල සිරකරගැනීම, තියුණු ආයුධවලින් හානි කරගැනීම වැනි ක්‍රියාවන් මඟින් තම ජීවිතය හානි කරගත් අවස්ථා වාර්තා වෙයි.
මෙයට දැනට ගොදුරු වී ඇති රටවල් කිහිපයක් නම් රුසියාව, ආර්ජන්ටිනාව , බ්‍රසීලය , ඉන්දියාව , ඇමෙරිකාව වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් තවම කිසිම ආකාරයක මෙම ක්‍රීඩාවේ යෙදී ඇති පුද්ගලයින් සිටින බවට වාර්තා නොමැත. මෙයින් වටහාගත යුත්තේ කිසිම දෙයකට තමන්ව උවමනාවට වඩා පාලනය කිරීමට නොදිය යුතු බවත් අප කරන කියන සෑම දෙයක් පිළිබඳවම සැලකිල්ලෙන් කල යුතු බවත්ය.

About author View all posts

Chamath Rathnayake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *