TechWire

Author - Dhanushka Sanjaya

ශ්‍රී ලාංකික PC Gamers වෙනුවෙන් නොමිලේම ලබා දෙන “කූඹියෝ – The Game” එළිදකියි

ශ්‍රී ලාංක‌ේය ටෙලි නාට්‍ය සම්ප්‍රදාය උඩු යටිකුරු කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ කූඹියෝ කථා මාලාව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ටෙලිනාට්‍ය නිර්මාණය වූ වෙනස්ම ශෛලිය නිසා තරුණ පරපුරේ බොහෝ රසික පිරිසකගේ ගෞරවාදරයටද නිතැතින්ම පත් වුණා. මේ කාරණා කෙසේ වෙතත් ඒ ටෙලිනාට්‍ය අවසන් වුණ‌ේ කුඹියෝ දෙවන කථා මාලාවක් පිළිබද ලොකු අවිනිශ්චිත බවක් එක්කයි. රසික පිරිස කෙතරම් කුඹියෝ දෙකක් වෙනුවෙන් ඇගිලි ගැන්නත් “ඕනෑම දෙයක් ඕනෑවටත් වඩා ඕනෑම නැත” කියා හිතමින් දෝ අදටත් අධ්‍යක්ෂකවරයා ගෙන් නම් ඒ ගැන හාන්කවිසියක්වත් පිටවී නැත.

එය එසේ තිබියදී කුඹියෝ ටෙලි කතා මාලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තිබියදී කුඹි ගුල (කුඹියෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට පට බැදි අනුවර්ථ නාමය) ඇවිස්සෙන ප්‍රවෘත්තියක් නම් ආරංචි වුණා. ඒ තමයි කුඹියෝ ටෙලි නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වුණු පරිගණක ක්‍රීඩාවක් නිකුත් කිරීමට නියමිත බව. ඒ ගැන ලොකු නිහැඩියාවකට පස්සෙ ඔන්න “කූඹියෝ – The Game” පරිගණක ක්‍රිඩාව පසුගිය 19 වනදා ලාංක‌ේය Gamers ලා වෙනුවෙන් නිකුත් කරනු ලැබුවා. මෙය 100% ක්ම නොමිලේ නිකුත්වීම වගේම මෙම පරිගණක ක්‍රීඩාව ලාංක‌ේය නිර්මාණකරුවන් අතින් නිර්මාණය වී තිබීම ඉතාම සුවිශේෂී කාරණාවක් වුණා. එපමණක්ම නොවෙයි, ශ්‍රී ලාංකික ටෙලි නාට්‍යයක් මුල් කර ගනිමින් මෙලෙස පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය වූවේද පළමු වතාවටයි.

‌”කූඹියෝ – The Game” එළි දැක්වීම.

මෙම පරිගණක ක්‍රීඩාව එළි දැක්වීම සිදුකෙරුණේ ඉකුත් 19 වනදා කොළඹ පිහිටි Dialog ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාව සදහා පරිගණක ක්‍රීඩාව නිර්මාණය කළ Kodex ආයතනයේ ශිල්පීන්ට අමතරව කුඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු සිදුකළ ලක්මාල් ධර්මරත්න, ‌ජෙහාන්ගේ චරිතයට පණ පොවන තුමිදු දොඩන්තැන්න ඇතුළු නාට්‍යයේ රංගන ශිල්පීන් පිරිසක්ද සහභාගි වුණා.

තවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍ය තුළ නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන් රැසක්ද මෙම අවස්ථාව සදහා සම්බන්ධ වුණා. පරිගණක තාක්ෂණ ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපන කටයුතු හදාරන තරුණයන් පිරිසකගේ එකමුතුවෙන් Kodex ආයතනය නිර්මාණය වී ඇති අතර එ මගින් විවිධ ව්‍යාපාර සදහා තාක්ෂණික සේවා සැපයීමක් මූලික වශයෙන් සිදු කෙරෙනවා. ඒ අතරින් වෙබ් අඩවි නිර්මාණය, AR, VR ආශ්‍රිත සේවාවන්, IOT Solutions සහ ජංගම දුරකථන ක්‍රීඩා නිර්මාණය සුවිශේෂියි. මීට මාස කිහිපයකට ඉහතදී කූඹියෝ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර අවසන් වූවත් එය එළි දැක්වීම සිදුකිරීමට අවස්ථාවක් ලැබී නැහැ.

කුඹියෝ පරිගණක ක්‍රිඩාව එළි දැක්වීමට අමතරව Kodex ආයතනය මගින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත සහ මෑතකදී එළි දැක්වූ පරිගණක ක්‍රීඩා පිළිබදවද මෙහිදී දැනුවත් කිරීම් සිදු කෙරුණා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන Racing Game ගණයට අයත් වන ඔවුන්ගේ මීළග පරිගණක ක්‍රීඩාව ලෙස Dilango Speedup හදුන්වා දීම සහ එහි පූර්ව ප්‍රචාරක පටයද ඉදිරිපත් කෙරුණා.

Kodex ආයතනයේ තවත් සංකල්පයකට අනූව ක්‍රීඩකයන්ට මුදල් දිනාගත හැකි නව පරිගණක ක්‍රීඩාවක් ලෙස “පන්දම” පරිගණක ක්‍රීඩාවද නිකුත් කිරීමට නියමිත බව මෙහිදී සදහන් කෙරුණා. Dialog ආයතනය හා එක්ව ඉදිරිපත් කිරීමට නියමිත එම පරිගණක ක්‍රීඩාව හරහා සතියකට රුපියල් 10,000 බැගින් මසකට රුපියල් 40,000ක මුදලක් ජයග්‍රාහකයන්ට ලබා දීමට නියමිත බවයි ඔවුන් සදහන් කලේ . Kodex ආයතනයෙන් මෑතකදී නිකුත් කෙරුනු තවත් ජංගම දුරකථන ක්‍රිඩාවක් වන්නේ Knight Rider : The KITT ක්‍රීඩාවයි. එය මේ වනවිටත් Google play store හරහා නොමිලේ Download කරගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කොහොම නමුත් කුඹියෝ පරිගණක ක්‍රිඩාවේ ඇති ඉතාමත් සුවිශේෂීතම කාරණාව වන්නේ එය Windows, Linux, සහ Mac Os යන ඕනෑම පරිගණක පද්ධතියක් මත ක්‍රියා කළ හැකි වීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ නිර්මාණය වන බොහෝ පරිගණක ක්‍රීඩාවල පවතින ගැටළුවක් වන ඉහළ පරිගණක ධාරිතාවක් (system requirements) අපේක්ෂා කිරීම මෙහිදී බොහෝ දුරට සාර්ථකව විසදා ඇති අතර සාමාන්‍ය ධාරිතාවයකින් යුතු පරිගණකය වූවත් කූඹියෝ පරිගණක ක්‍රිඩාව ක්‍රියාකරවිය හැකි බව නිර්මාණකරුවන් සදහන් කරනවා.

‌කූඹියෝ – The Game ගැන යමක්…

‌මෙම පරිගණක ක්‍රීඩාව ලංකාවේ නිර්මාණය කෙරුණු පළමු Open-World පරිගණක ක්‍රීඩාවයි. එනම් අප කවුරුත් ආසාවෙන් ක්‍රීඩාකළ GTA (Grand Theft Auto) පරිගණක ක්‍රීඩාවේ ශෛල්‍යයට නිර්මාණය වී තිබෙනවා. කුඹියෝ ටෙලි කතා මාලාවේ සිදුවන ඇතැම් සිදුවීම් මෙම පරිගණක ක්‍රීඩාව සදහාද ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම මෙම පරිගණක ක්‍රීඩාවේ තවත් Update එකක් ඉතාම නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බවද සදහන් වුණා. ඒ හරහා මෙහි ඇති Graphics ] තවත් වැඩිදියුණු කෙ‌රෙන බව Kodex ආයතනය සදහන් කළා. මෙහි 3D modeling සිදුකිරීම සදහා බොහෝ දුරට Adobe මෘදුකාංග යොද‌ාගෙන තිබෙනවා. ඒ Maya මෘදුකාංග සදහා ඉහළ ධාරිතාවයෙන් යුතු පරිගණක ලබා ගැනීමට තිබූ ගැටළු අවම කිරීමේ අරමුණින්.

කෙසේ නමුත් මෙම පරිගණක ක්‍රීඩාවේදී විවිධ චරිත සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. මෙම පරිගණක ක්‍රීඩාව ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩකයින් වෙනුවෙන් නොමිලේ කිසිදු ලාභ ඉපයීමේ පදනමකින් තොරව නිකුත් කර ඇති අතර එය www.koombiyogame.com වෙතින් නොමිලේම බාගත කරගැනීමේ හැකියාව පවතිනවා.

ඉතිං හැමදාමත් වෙනත් රටවල පරිගණක ක්‍රීඩා මිලදීගෙන ඒ වායේ ගුණ වරුණ කිය කිය ඉන්නවාටත් වඩා අපේ රටේ නිර්මාණය වුණු ටෙලිකතා මාලාවක, අපේ රටේ ක‌ොල්‌ලෝ ටිකක් මහන්සිවෙලා හදපු පරිගණක ක්‍රීඩා නිර්මාණයක අත්දැකීම විදගන්න ගමන් ඒ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගෙන නිර්මාණකරුවන් වෙනුවෙන් කුමක්‌ හෝ දායකත්වයක් අද දවසේ ලබා දුන්න‌ොත් හෙට දවසේදී ජාත්‍යන්තරයට අභියෝගයක් විය හැකි සුපිරි පරිගණක ක්‍රීඩා ලංකාවෙන්ම බිහිවන දවස වැඩි ඈතක නොවනු ඇති.

ලොව සුපතල Tesla මෝටර් රථ සමාගමට නඩු වැටෙයි…

                             Tesla සමාගම කියන්නෙ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක්. වඩා සුඛෝපභෝගී සහ උසස් තත්ත්වයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීමෙහිලා Tesla ආයතනය ලොව පුරා නම් දරා සිටිනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් තම පාරිභෝගිකයන්ට ඉහල පහසුකම් වලින් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීම පිළිබඳව Tesla ආයතනයට ලැබී ඇත්තේ සුවිශේෂී පිළිගැනීම්ක්. ඔවුන් නිරතුරුවම විවිධ නව නිර්මාණ සහ පහසුකම්වලින් යුතු මෝටර් රථ මාදිලි වෙළෙඳපොළ වෙනුවෙන් හඳුන්වාදෙනවා. ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉහළ නම් දරා සිටින BMW, Mercedes සහ Volvo වැනි සමාගම් අතරට තම සම සමාගම ගෙන ඒමට Tesla ආයතනයට හැකියාව ලැබුණා. Read More

ලොවක් බලා සිටි දැවැන්තයින්ගේ පුනරුත්පත්තිය

අද අපි කියන්න යන්නේ ඔබ කවුරුත් පුදුම කරවන කතාවක්. මීට වසර මිලියන ගණනක්ට ඉහතදී මිහිපිටින් වඳ වී ගිය සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඩයිනෝසිරස් දැවැන්තයින් යළි උපත ලබා ඇති බව පැවසුවහොත් ඔබ කාටත් අදහාග ගන්නට බැරි වේවි. නමුත් මෙය යම්කිසි විදිහක අද්භූත කතාවක් හෝ ඇස්බැන්දුම් විජ්ජාවක් පිළිබඳව නොවේ. මේ දිනවල ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Jurassic World චිත්‍රපට මාලාවේ ‌‌දෙ‌වන චිත්‍රපටය හා සම්බන්ධ පුවතක්. මේ චිත්‍රපටය නිෂ්පාදනයත් සමග ඩයිනෝසර දැවැන්තයින් නැවත නිර්මාණය කිරීමක් සිදුකර තිබෙනවා. මේ කතාව ඒ පිළිබඳවයි.

චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදනය

අධ්‍යක්ෂක J. A. Bayona සහ ප්‍රධාන නළු Chris Pratt

Jurassic World: Fallen Kingdom යනු Jurassic Park චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ Jurassic World පළමු චිත්‍රපටයේ කතාව හා සම්බන්ධව ගලායන පරිදි නිර්මාණය කරන ලද ලද්දක්. නමුත් විශේෂත්වය නම් මේ සඳහා වෙනස් අධ්‍යක්ෂකවරයෙකු තෝරාගැනීමයි. Jurassic World චිත්‍රපට මාලාවක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කරන ලද්දේ එහි පළමු චිත්‍රපටය නිර්මාණය කිරීම්ටද පෙරාතුවයි. ‌ෙක‌ෙ‌සේ නමුත් පළමු චිත්‍රපටයට අධ්‍යක්ෂණ දායකත්වය ලබාදුන් Colin Trevorrow, එම නිර්මාණය සිදුකිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ මීළඟ චිත්‍රපට සඳහා වෙනස් වූ අධ්‍යක්ෂකවරුන් යොදා ගත යුතු බවයි. එමගින් කතාමාලාවට විවිධ වූ රස එක්කළ හැකි බව ඔහු අදහස් කොට තිබුණා. ඒ අනුව මෙම නව චිත්‍රපටය සඳහා ස්පාඤ්ඤය ජාතික දක්ෂ හොල්මන් (Horror) චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස නමක් දිනා සිටි J.A.Bayona අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරාගනු ලැබුවා. Jurassic World පළමු චිත්‍රපටියේදී මෙන් Colin Trevorrow සහ ඔහුගේ තිර පිටපත් සහයක Derek Connolly හා එක්ව ෙමම නව චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනු ලැබුවා. මෙම චිත්‍රපටයේ නම වශයෙන් පළමුව යොදාගනු ලැබුවේ Jurassic World: Ancient of Future යන නමයි. පසුව එය Fallen Kingdom ලෙස වෙනස් කර ඇත. චිත්‍රපටය බොහෝ වංශයෙන් රූගතකොට ඇත්තේ හවායි දූපත්වල සහ එංගලන්තයේ චිත්‍රාගාරවලයි.

Dinosaurs පුනරුප්පත්තිය

animatronics තාක්ෂණයෙන් නිර්මාණයය කරන ලද සත්වයෙක්

මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂීම වැදගත්කම් මේ සඳහා යොදා ගනු ලැබූ තාක්ෂණයයි. ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රපටය අනාගත සිනමාවේ හැරවුම් ලක්ෂයක්යක් බවයි. මෙම චිත්‍රපටය සඳහා විශාල යාන්ත්‍රික Dinosaurs සත්වයින් නිර්මාණය කර දර්ශන සඳහා යොදාගෙන තිබෙනවා. පෙර චිත්‍රපටය සඳහා එලෙස නිර්මාණයය කරනු ලැබුවේ එක් සත්වයෙකුගේ හිස් පෙදෙස පමණක් වන අතර මෙම චිත්‍රපටයේ දී විශාල යාන්ත්‍රික Dinosaurs සත්වයින් පස්දෙනෙකු නිර්මාණය කර ඇත. එමෙන්ම එලෙස නිර්මාණයය වූ සත්වයින්ගේ චලන ඉරියව් සහ ඔවුන් නිර්මාණය කිරීම්ට යොදාගත් තාක්ෂණයද පෙරට වඩා උසස්ය. Animatronics තාක්ෂණයෙන් නිර්මාණයය කරන ලද මෙම සත්වයින් අනතුරුව පරිගණක ආධාරයෙන් CGI තාක්ෂණය යොදාගෙන ප්‍රති නිර්මාණය කර තිබෙනවා. Fallen Kingdom චිත්‍රපටයේ දී පෙර කිසිදු ජුරාසික් පාර්ක් චිත්‍රපටයක නොදුටු තරම් විවිධ වූ Dinosaur සත්ව විශේෂයන් දැකගත හැකියි.

චිත්‍රපටය සදහා නිර්මාණය කෙරුණු සත්ව විශේෂ කිහිපයක්

Neal Scanlan යාන්ත්‍රික සතෙකුගේ සමීප දර්ශණයක් ලබා ගනිමින්…

චිත්‍රපටයේ මෙම සත්වයින් නිර්මාණය කිරීමේ කර්තව්‍ය භාරවී තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික විශේශේෂ ප්‍රයෝග කලාකරුවෙකු වන Neal Scanlan හටයි. අනතුරුව එම සත්වයින් CGI තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරී‌‌‌‌මේ කටයුත්ත ජනප්‍රිය චලන රූප දෘශ්‍ය ප්‍රයෝග (motion picture visual effects) නිෂ්පාදන ආයතනයක් වන Industrial Light and Magic වෙත භාර කෙරුණා.

කෙසේ වෙතත් මෙම යාන්ත්‍රික ඩයිනෝසර් සත්වයින් නිර්මාණය කිරීමට පෙර Neal Scanlan අලියන්ගේ සහ Rhinoceros සත්වයින්ගේ චලන සහ ඉරියව් පිළිබඳව දැඩිලෙස විශ්ලේෂණය කිරීම්ට සිදුවුණා. අනතුරුව යාන්ත්‍රිකව joystick මගින් චලනය කර හැකියි මෙම දැවැන්ත සත්වයින් නිර්මාණය කරනු ලැබුවා. විශේෂත්වය නම් මෙම සත්වයින්ගේ හුස්ම ගැනීම් සහ ඇහි පිල්ලම් ගැසීම ආදි සියුම් චලනයන් පවා ඉතා තාත්විකව දිස් වන අන්දමින් යාන්ත්‍රික සත්වයන් නිර්මාණය කර තිබීමයි. කවුරුත් නොසිතූ අන්දමින් මෙලෙස රයිනෝසරස් සත්වයින් තාත්වික නිර්මාණය කිරීම තුළ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් ද පුදුමයට පත්වී තිබෙනවා.

Neal Scanlan සහ විශාලතම යාන්ත්‍රික T-Rex සත්වයා

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ මෙලෙස animatronic සත්වයින් යොදාගනිමින් දර්ශන රූගත කිරීමේදී වියදම, කාලය සහ මහන්සිය අතින්ද අවාසිදායක වූ නමුත් උසස් හා තාත්වික දර්ශන ලබාදීමේ හැකියාව නිසා චිත්‍රපටයට එකතුවන අගය ගණනය කළ නොහැකි බවයි. රංගන ශිල්පීන්ද කිසිවක් නොමැති හිස් අවකාශයක් දෙස බලා මනඃකල්පිත චරිත සමඟ රංගනය සිදු කිරීමට වඩා ඉහල තාත්වික බවක් රංගනයට එක් කිරීමට මෙම යාන්ත්‍රික සත්වයින්ට හැකියාව ලැබීම ද විශේෂත්වයක්. චිත්‍රපටයේ ප්‍රධාන Dinosaurs සත්වයා ගේ චරිතය නිරූපණය කරන T-Rex නම් සත්වයා සැබෑ භෞතික විශාලත්වයෙන් යුතුව යාන්ත්‍රික සත්වයෙකු ලෙස නිර්මාණය කර තිබීම ඇදහිය නොහැකිය.

 

animatronic සත්වයෙකුගේ සම නිර්මාණය කරමින්

 

ප්‍රදර්ශනය ආරම්භය

විශාල පරිශ්‍රමයකින් අනතුරුව චිත්‍රපටය ඉකුත් මැයි 21 වනදා ස්පාඤ්ඤයේ දී මංගල දර්ශනය ප්‍රදර්ශනය කෙරුණි. අනතුරුව ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරමින් ජුුනි මස 6 වැනිදා සිට රටවල් ගණනාවක්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණි. නමුත් චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ඉකුත් 22 දිනයි. ජුලි මස 6 වනදා සිට 8 වනදා දක්වා ආරම්භ වූ ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් ආරම්භක සතිය තුලදී ඩොලර් මිලියන 130 -145 ක ආදායම්ක් ලබා ලබා ගැනීමට හැකි විය.

ප්‍රදර්ශන ආරම්භක දිනයේ දකුණු කොරියාවේදී වැඩිම ප්‍රවේශපත් අලෙවිය සහ ආදායම ලැබූ අතර එය මේ වසරේ තිරගත වූ Avenges Infinity War පළමු දින ආදායම් වාර්තාව ද බිඳ හෙලීය. තවද Jurassic Park කතාමාලාවේ තෙවන කතාවේ මේ දක්වා ලබා ඇති සියලු ආදායම් පසුකර යන්නට මෙම මේ නව චිත්‍රපටයට ගතවූයේ සති දෙකක් පමණි. ඩොලර් මිලියන් 170 ත් 180ත් අතර පිරිවැයක් දරා නිර්මාණය වූ ‌මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය එහි boxoffice වාර්තාව ඩොලර් මිලියන 450.1 බවට පත්වීම තුළින් කදිමට පැහැදිලි වේ.

 

කූඹියෝ ගැන බොහෝ අය නොදන්න කථාව – දෙවන කොටස

Kuumbiyoo

‌අපි කලින් article එකෙන් කතා කළේ කූඹියෝ ටෙලි නාට්‍යය  ලාංකීය ප්‍ර‌ේක්ෂකයා අතර වඩාත් ජනප්‍රිය වෙන්න බලපෑ කාරණාවන් කිහිපයක් ගැන. මේ ලිපියෙන් අපි කියන්න යන්න‌ේ කුඹි‌යෝ නාට්‍යයට යොදා ගත් තවත් කැමරා උපායන් කිහිපයක් සහ ආලෝකකරණ ක්‍රම කිහිපයක්  ගැනයි.

Read More

කූඹියෝ ගැන බොහෝ අය නොදන්න කථාව – පළමු කොටස

                                         ඕනෑම නිර්මාණකරණයකදී නිර්මාණකරුවෙකුට තම නිර්මාණය ගැන යම් යම් තීන්දු තීරණගන්න වෙනවා. යම් නිර්මාණයක් ඒහා බැඳුණු සාමාන්‍ය සාම්ප‍්‍රදාය වෙනස් කරන්නට යන  ඕනෑම විටක නිර්මාණකරුවන් විශාල අවදානමකට පත්වෙනවා. මොකද කියනවා නම් ඒ නිර්මාණය අතිශයින්ම අසාර්ථක නිර්මාණයක් වෙනවා එහෙමත් නැත්නම් අතිශය සාර්ථකත්වයට පත්වෙනවා. ඒක හරියට ඉතුරුවෙලා තියන අන්තිම ගානත් ලොකු ඔට්ටුවකට දානවා වගේ වැඩක්. කොහොම වුණත් ලෝකයේ මේ විිිදිහේ නිර්මාණ, සංකල්පවලට යන්න ගිහින් නැතිබංගස්ථාන වුණු නිර්මාණකරුවන් සහ නිර්මාණ වගේම හිතාගන්නවත් බැරි අවදානමක් අරගෙන කරපු, අවසානයේ ලෝකයේ විශාල පෙරළියක් ඇති කරන්නට හැකි වූ නිර්මාණත් අපට හමුවෙනවා.

අද අපි කියන්න යන කූඹියෝ නාට්‍යත් ලාංකීය ටෙලිකතා ඇතුලේ එවන්ම වූ පෙරළියක් ඇතිකරන්නට සමත් වුණු නිර්මාණයක් කියන කාරණය රහසක් නෙවෙයි. හැමෝම මේ නාට්‍යයේ කතාවේ තිබූ වෙනස් රස හින්දා එහෙමත් නැතිනම් තෝරාගත් නළු නිළියන්ගේ දක්ෂතා නිසාම මේ තත්වයට පත් වුණා කියලයි. හැබැයි කැමරාවෙන් පිටුපස ගැන අවබෝධයක් සහිතව මෙම නිර්මාණය දිහා බැලූවොත් අපිට පේන කාරණාවක් තමයි ඒ කතාවේ රසය සහ හැගීම් ඉස්මතු කිරීමට අපි කලින් කියපු සම්ප‍්‍රදාය ඉක්මවපු ශිල්පීය ක‍්‍රම රැසක් මේ සඳහා යොදා ගෙන ඇති බව. මේ ලිපියෙන් අපි කියන්න යන්නේ කූඹියෝ හිට් වෙන්න බලපෑ එවැනි උපායන් කිහිපයක් ගැන.

 

රංගනයක් නොවූ රඟපෑමක්

 

                        කූඹියෝ තුළ බොහෝ දෙනා අති විශිෂ්ට නිර්මාණයක් ලෙස දකින ප‍්‍රධානතම කාරණය වූයේ එහි නළු නිළියන්ගේ තාත්වික රංගනයයි. නමුත් මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න මේ සඳහාට වෙනස්ම රංගන මුහුණුවරක් ගෙන ආ යුතු බවට මුල සිටම අදහස් කොට ඇත. කැමරාව ඉදිරියේ රංගන ශිල්පීන්ට රඟපෑම වාරණය කිරිමද ඔහුගේ සැලැස්මකි. චරිත සඳහා නළු නිළියන් තොරා ගැනීමේදී ද වඩා සාධාරණයක් ඉටුකළ හැකි, චරිතය පිළිබඳ අවබෝධක් ඇති රංගනයට බොහෝ ආධුනිකයන් යොදා ගැනීම මෙහි එක් ප‍්‍රතිඵලයකි. ඒ සඳහා ඔහු ඇතැම් රංගන ශිල්පීන් පිටපත ප‍්‍රතික්ෂේප කරන විට පවා ඔවුන් පසුපස ගොස් මේ නාට්‍යයට කැමති කරවා ගත් බව බොහෝ අවස්ථාවලදී ලක්මාල්ම පවසා ඇත.

                                             සරල උදාහරණයක් ලෙස මෙහි මල්දෙණිය නැමැති චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේද ප‍්‍රවීණයෙකු වන පිටර් ද අල්මේදා විසිනි. එ නිසාවෙන්ම ඔහුට එම දේශපාලනික චරිතය අවබෝධයක් ලබාගැනීම සහ එයට තාත්වික රංගනයක් එක් කිරීමටද හැකි විය. ඒ හැරුණු විට මෙම නාට්‍යයේ වාමාංශික පක්ෂ නායකයගේ චරිතයට පණ පොවන පරාක‍්‍රම ජයසිංහ රංගනයට ආධුනිකයෙකු වූවද ඔහු ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙකි. නමුත් නාට්‍යයේ ඔහුට ලබා දී ඇත්තේ ප‍්‍රධානතම චරිත කිහිපයකින් එකකි. මෙලෙස ආධුනිකයන් වැඩි වශයෙන් යොදා ගැනීමට හේතුව වශයෙන් ලක්මාල් පෙන්වා දෙනුයේ නාට්‍යය සඳහා බලපෑ මූල්‍ය අඩු පාඩු බවයි.

නමුත් මෙවැනි දැවැන්ත වියදමක් දරා නිෂ්පාදනය කළ නාට්‍යයට ආධුනිකයන් යොදා ගත්තේ වෙනත් යටි අරමුණක්ද සහිතව බැව් හොඳින් බැලූවොත් පෙනී යන කාරණයකි. බොහො ජනප‍්‍රිය විවිධ නිර්මාණවල විවිධ චරිත ඔස්සේ අපට හමුවන නළු නිළියන් වෙනුවට පේ‍්‍රක්ෂකයාට නැවුම් පිරිසක් මෙම නාට්‍යයට යොදා ගැනීම තුළ ඔහුගේ මෙම නිර්මාණයේ නැවුම් බව ඉස්මතු කිරීමට සමත් වුණි. ඇතැම් විට මෙම පිරිස අප වෙනත් නිර්මාණ ඔස්සේ ඉදිරියේදි දුටුවහොත් නිතැතින්ම අප මනසට නැගෙනුයේ මෙම නාට්‍යය තුළ ඔවුන් කළ භූමිකාව බව පැහැදිලිය.

කූඹියෝ image කූඹියෝ image

 

දර්ශන රාමු නිර්ණය ක‍්‍රමවේදය

 

කූඹියෝ image

දර්ශන රාමු නිර්ණය කිරීම ඉතා ගැඹුරු විෂයක් වූවත් ලංකාවේ වාණිජමය පදනම් තුළ නිර්මාණය කෙරෙන මෙගා ටෙලිවලින් අපට එතරම් දෙයක් දැකිය නොහැකිය. සතියේ දවස් පහේ දුවන නාට්‍යයට පිටපත් රචකයා ලියා දෙන ලියා දෙන කොටස කැමරාවට ගෙන හැකි ඉක්මනින් සංස්කරණය කර සම්පුර්ණ කිරීමට  අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය දඟලනුයේ හරියට රත් වූ හැලියේ සිටින කකුළුවන් මෙනි. නමුත් අපි ජාත්‍යන්තර ටෙලි කතා මාලාවක් හෝ චිත‍්‍රපටයක් දෙස බැලූවොත් ඒවා නිර්මාණය වන්නේ බොහෝ කල් ගතවීමෙන් අනතුරුවයි. ඒ ඔවුන් මේ දර්ශන රාමු සැකසීම වැනි සියුම් කාරණා ගැන පවා සංවේදීව බලන නිසාවෙනි. බොහෝ දෙනා ඒ තරම් මේ පිළිබඳ තැකීමක් නොකළත් සැබැවින්ම හැගීම් සහ සංවේදනාවන් රූප තිරයක් ඔස්සේ පේ‍්‍රක්ෂකයාට ලබා දීමට මේ කාරණා සුවිශේෂි දායකත්වයක් ලබා දේ.

මෑත කාලීනව ලාංකේය සිනමා නිර්මාණයක මෙවැනි දක්ෂ රාමු නිර්ණයක් සිදුකළේ නම් ඒ ආලෝකෝ උදපාදි චිත‍්‍රපටයයි. නමුත් ටෙලි කතා මාලාවක් තුළ ලාංකේය පේ‍්‍රක්ෂකයා මෙම අත්දැකීම ලබන්නේ පළමු වරට කුඹියෝ ඔස්සේයි. ඇතැම් විට ඒ ආලෝකෝ උදපාදී අධ්‍යක්ෂණය කළ චත‍්‍ර වීරමන් සහ මෙහි සංස්කරණය සහ අධ්‍යක්ෂණයට සහය වූ දමිත චන්ද්‍රසිරි සිනමාකරණය පිළිබඳව ජාත්‍යන්තරව හදාරා තිබීමත් සහ අත්දැකීම් තිබීම නිසාත් වන්නට පුළුවන. කෙසේ වෙතත් මෙහි පිටපත අනූව ක‍්‍රියාදාම ටෙලි නාට්‍යක් ලෙස සාර්ථක කරවීමට, ඉතා සාර්ථක වූ ජාත්‍යන්තර ටෙලි කතා මාලා වන Breaking Bad, Sherlock, Black Mirror  වැනි නිර්මාණ තුළ තිබූ ගුණාංග එකතුකර ගැනීමට අධ්‍යක්ෂවරයා විශාල උත්සහයක් ගෙන ඇති බැව් පෙනෙන්නට තිබේ.

Rack Focus Technique

මෙය ප්‍රෙක්ෂකයාගේ අවධානය යොමු කර විය යුතු වස්තු හෝ පුද්ගලයන් ගේ දර්ශන සඳහා යොදාගන්නා රාමු සැකැස්මකි. ජාත්‍යන්තර සිනමාවවේ නිතර හමු වූවත් ලාංකේය ටෙලි කථා මාලා තුළ මෙවැනි දර්ශන දැකිය හැක්කේ අල්ප වශයෙනි. මෙහිදි පසුතලය අපැහැදිලි වන ලෙස කැමරාව අදාළ වස්තුවට හෝ පුද්ගලයාට පමණක් කැමරාව නාභිගත කරයි.

කූඹියෝ image කූඹියෝ image

Low Angle Shots

මෙහිදී දර්ශනය ගන්නා විට කැමරාව රංගන ශිල්පියාගේ ඇස්මට්ටමට වඩා පහළ ස්ථානයක තබයි. මෙවැනි දර්ශන යොදාගනු ලබන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තිමත් බව බලවත් බව හෝ පෞරුෂය විදහා පෑමටයි. මෙයද දර්ශන රාමු තුළින් හැ`ගීම් ඉස්මතු කිරීමේ සියුම් ශිල්පීය ක‍්‍රමයකි.

කූඹියෝ image කූඹියෝ image

High Angle Shots

මෙහිදී සිදුකෙරෙන්නේ අප Low Angle Shots වලදී භාවිත කළ ක‍්‍රමවේදයේ පරස් පර ක‍්‍රමවේදයයි. මෙය යම් චරිතයක ඇති දුර්වල බව, බියගුලූ බව දැක්වීම සඳහා ලෝක සිනමාවේ භාවිත කෙරෙයි. ඔබ කවුරුත් දන්නා lord of the rings කතා මාලාව වැනි සුවිශේෂී නිර්මාණ බිහිකළ පීටර් ජැක්සන් නැමැති අධ්‍යක්ෂකවරයා මෙම රාමු නිර්ණය පිළිබඳව බොහෝ සෙයින්ම සංවේදී වූ පුද්ගලයෙකි. කුඹියෝ නාට්‍යයේ වූවද මේ පිළිබඳ වඩා උනන්දුවක් දැක්වා ඇති බව පෙනෙන්නට තිබේ.

කූඹියෝ image

Freeze-Frame Shots

මෙය තවත් සුවිශේෂී දර්ශන ක‍්‍රමවේදයක්. මෙහිදී පසුබිමෙහි ඇති සෑම දෙයක්ම නිශ්චලව තබා දර්ශනයේ ප‍්‍රධාන චරිතයට පමණක් චලනය වීමට ඉඩ සලසයි. නමුත් මෙම කර්තව්‍ය තනි කැමරාකරුට කළ හැක්කක් නොවෙයි. මෙය සංකීර්ණ දර්ශන ක‍්‍රමවේදයක් මේ සඳහා දක්ෂ සංස්කරණ ශිල්පියෙක් සහ ආලෝකකරණ ශිල්පියෙකුත් සිටිය යුතුයි. මෙවැනි දර්ශන මගින් ප්‍රෙක්ෂකයාට වෙනස්ම වූ අත්දැකීමක් සහ ඔවුන් දර්ශනය තුළට මොහොතකට ගෙන යෑමට උපකාරි වෙයි. බොහො ජනප‍්‍රිය Matrix චිත‍්‍රපටවල සහ Sherlock කතා මාලාවේත් මෙවැනි දර්ශන නිතර හමුවේ.

කුඹියෝ ටෙලි නාට්‍යය තුළත් එක් තැනක මෙවැනි දර්ශනයක් ඇතුලත් කිරීමට තරම් නිර්භීත වී තිබුණා. නමුත් මේ සඳහා යොදා ගත් ක‍්‍රමවේදය නම් සම්පූර්ණ වෙනස්. සාමාන්‍යයෙන් මෙවැනි දර්ශන ගැනීමේදි එකම ස්ථානයේ විවිධ වූ ආකාරයට ලබාගන්නා දර්ශන සංස්කරණයේදී එකට එළීමෙන් තනි දර්ශනයක් බවට පත් කරනවා. අවශ්‍ය නම් ත‍්‍රිමාණ සජීවිකරණයකුත් යොදාගන්නවා. නමුත් කුඹියෝ තුළ නම් ඇත්තේ තනි කැමරා දර්ශනයක් පමණයි. එහිදි අන් අය නොසෙල්වා තබා ගනිමින් Freeze-Frame Shot එකක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ කර තිබෙනවා. කොහොම වුණත් සිනමාකරණය ගැන අධ්‍යනය නොකළ පේ‍්‍රක්ෂකයෙකුට නම් මෙම දර්ශන දෙක පිළිබඳ ලොකු වෙනසක් දකින්නේ නැහැ.

කූඹියෝ image    කූඹියෝ image

Freeze-Frame shots    “ Kumbiyo”  Vs     “Sherlock”

*******************************************************

කූඹියෝ තුළ අඩංගු වූ තවත් මෙවැනි ශිල්පීය ක‍්‍රමය ගණනාවක් තියනවා. අපි ඉදිරි දවසක මීළඟ ලිපිය ඔස්සේ කූඹියෝ හැඩගැන්වූ තවත් කැමරාකරණ ශිල්පීය ක‍්‍රම, ආලෝකකරණය, දෘෂ්‍ය ප‍්‍රයෝග(VFX)  ගැන කියන්න සුදානම් 

-written by Dhanushka Sanjaya-

හැමෝටම උඩින් ගිහින් මැච් එක බලන අමුත්තා ගැන නොදන්න දේ

 

ක‍්‍රීඩා විකාශන නිෂ්පාදනය කියන්නේ අද කාලයේ ඇති වඩාත් විහිදී ගිය තාක්ෂණික ක‍්‍රම ශිල්ප භාවිත වන විෂය පථයක්. නූතනය වන විට බිහිවී ඇති තරඟකාරී පරිසරයත් එක්ක ක‍්‍රීඩා විකාශන නිෂ්පාදන ආයතන (Sports Broadcasting Production Companies) දවසින් දවස නව සංකල්ප හා නිපැයුම් පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වනවා. එ් මොකද කියනවා නම් පේ‍්‍රක්ෂක ඉල්ලුම වැඩි කරගන්න නම් මොනයම් හෝ අලුත් අත්දැකීමක් ලබා දෙන්නට එ් එ් ආයතනවලට ඉතා වැදගත් වන නිසායි. ඒ විදිහට ක‍්‍රීඩා විචාරකයන්ටත් පේ‍්‍රක්ෂකයාටත් නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් තමයි SPIDERCAM නැමැති උඩුගුවනේ ගමන් කරමින් රූපරාමු ලබා දෙන කැමරාව නිර්මාණය කර තිබෙන්නේ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ මේ කියන කැමරාව සඳහා යොදා ගන්නා තාක්ෂණික උපායන් ගැන.

SPIDERCAM හී නිපැයුම් පසුබිම

SPIDERCAM කියන්නේ ඇත්ත වශයෙන්ම වෙළඳ නාමයක්. මෙවැනි උඩු ගුවනේ සිට කැමරාකරණය කළ හැකි උපාංගයක් පළමුවෙන්ම අත්හදා බැලුනේ ඇමරිකාවේ 1984 දී SKYCAM නැමැති උපාංගයක් මගින්. එ් වුණත් අද වන විට ලෝකයේ බහුලවම භාවිත වන SPIDERCAM උපාංගය නිර්මාණය කරනු ලැබුවේ පරිගණක සහ ප්ලාස්ටික් පිළිබඳ විශේෂ හැකියාවක් ඇති ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන Jens Peters විසින්. ඔහු විසින් 2000 වසරේ ආරම්භ කරන ලද ඔස්ටේ‍්‍රලියානු ආයතනයක් හරහා මෙම උපාංගයේ වැඩිදියුණු කිරීම් සිදුකරනු ලැබුවා. 2003 වසරේදී සම්පූර්ණ ලෙස අත්හදා බැලීම් සිදුකළ මෙම උපාංගය 2004 වසරේ සිට වාණිජ මට්ටමින් යොදා විකාශන කටයුතු සඳහා යොදා ගැනුණා. ක‍්‍රිකට් කී‍්‍රඩාව සඳහා මෙය පළමුවරට 2010 වසරේ ඉන්දියාවේදී විකාශන කටයුතු සඳහා යොදා ගනු ලැබුවා.

 

SPIDERCAM හී සැකැස්ම

මෙය විශේෂ තන්තු (cables) 4ක් යොදා ගනිමින් ති‍්‍රමාණ තලයක් ඔස්සේ චලනය කරවිය හැකි කැමරාවක්. Cables සියල්ල සම්බන්ධ වෙන්නේ කැමරාව රැගෙන යන ආධාරකය (Dolly) ටයි. එය මත අචලව ස්ථානගත කොට ඇති කැමරාව මගින් සාමාන්‍ය කැමරාවක සිදුකෙරෙන කාර්යයන්  (Focusing, Panning, Tilting, Zooming) සියල්ල සිදුකෙරෙනවා. කැමරාව දුරස්ථපාලක මගින් හැසිරවිය හැකි අතර හසුරවන්නන් දෙදෙනෙකු එකවර යොදා ගැනෙනවා. එක් අයෙකු කැමරාවේ චලන සිදුකරන අතර අනෙක් තැනැත්තා විසින් එහි කැමරාකරණ මෙහෙයුම් (Camera Operations) සිදුකෙරෙනවා. දුරස්ථපාලක වලින් ලබාදෙන signals වලට අනුරූපව කැමරාව ස්ථානගත කිරීම සඳහා cables වල අනෙක් කෙලවර මෝටර් හතරකට (motorized winches) සම්බන්ධ කර තිබෙනවා. එක් එක් මෝටර් මගින් cables හැකිලීම හෝ දිගහැරීම හරහා එ්වායේ දිග වෙනස් කර කැමරාව චලනය කෙරෙනවා. cables මගින් කැමරාව දරා සිටීමට අමතරව signal transfer කිරීම සඳහා Fiber Optics cables ඇතුලත් කර තිබෙනවා. එම Fiber Optics cables මගින් කැමරාවේ දර්ශන යැවීම සහ කැමරාවේ හැසිරවීම් සඳහා අවශ්‍ය උපදෙස් යැවීම සිදු කෙරෙනවා. මීට අමතරව කැමරාව සෑම විටම සමබරව තබා ගැනීමට හැකිවන පරිදි සංවේදකයක් (gyro sensor) කැමරාව රැගෙනයන dolly එකට සවිකර තිබෙනවා. ක‍්‍රීඩා පිටියේ කෙලවරක මෙය හසුරවන නියමුවන් දෙදෙනා සහිත පාලන කුටිය පිහිටුවන අතර එය සම්ප්‍රේෂණාගාරයට සෘජුවම සම්බන්ධකර සාමාන්‍ය කැමරාවකින් දර්ශන ලබාදෙන පරිදිම දර්ශන යැවීම සිදු කෙරෙනවා.

 

 

අභියෝග

සමාන්‍ය කැමරාවකට ලබාදිය නොහැකි අපුර්ව දර්ශන රාමු ගෙනදෙන්නට මෙම උපාංගයට හැකි වුණා. සමහර අවස්ථාවල තෙවැනි විනිසුරු ලබා දීමට පවා මෙයින් ලබා ගන්නා පුනරූපන යොදා ගත්තා. බොහෝ විට පරිගණක ක‍්‍රීඩාවලදී අපි විඳින රසවින්දනයට ආසන්න රසවින්දනයක් ලබා දෙමින් නරඹන්නන් ක‍්‍රීඩා පිටිය තුළ සිට ක‍්‍රීඩකයන් සමග තරගයේ සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්න SPIDERCAM ට හැකියාව ලැබුණා. රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් නම් මෙය බෙහෙවින් අගය කළත් ක‍්‍රීඩකයන් සහ කි‍්‍රඩා පිටියේ සිට තරගය නරඹන්නන් නම් මේ සඳහා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැමදෙනෙක්ම එසේ අප‍්‍රසාදය පළ නොකළත් ඇතැමුන් නම් මෙය තරගයට බාධාකරන කරදරකාරී දෙයක් හැටියට දෝෂ දර්ශනයට ලක් කරනවා. තරගවලදී ඇත්තෙන්ම මෙම උපාංගය නිසා බාධා වුණු අවස්ථාද නැතුවම නෙවෙයි. ක‍්‍රිකට් තරගවලදී මෙහි පන්දු ගැටීම නිසා බධා වුණු අවස්ථා ගණනාවක්ම තිබෙනවා. කොහොම නමුත් මේ සියලූ ගැටලූ පිළිබඳව සලකා බැලෙන නිසා නිෂ්පාදකයින් තවදුරටත් මෙය වැඩිදියුණු කර වඩා යහපත් සේවයක් ලබා දීමට මතු දිනෙක හැකිවනු ඇත.

කෝටි ගණන් දීලා ලැම්බෝගිනි ගන්නේ මොකටද? මෙන්න ලංකාවෙම හදන සුපිරි කාර් එකක්!

supercars

supercars

Supercars කියන කොටම කාට වුණත් මතක් වෙන්නේ Bugatti, Ferrari, Porsche, Lamborghini වගේ කාර් තමයි. ඒවායේ තියන සුවිශේෂී වේගය, පෙනුම වගේ කාරණා නිසා  ඕනම කොල්ලෙක් කෙල්ලෙක් මේ වාහන ගැන ලොකු උනන්දුවක් දක්වනවා. පුංචි කාලේ ඒ වගේ වාහනයක කවදාහරි නැගලා යන්න කොච්චර නම් හීන දකිනවාද…? හැබැයි ඉතිං දැනුම් තේරුම් තියන වයසට එනකොට තේරෙනවා ඇයි එහෙම කරන්න බැරි කියලා. ඔය විදිහේ වාහනයක් ගන්න නම් කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා විතරක් නෙවෙයි වාහනේ ගමන් බිමන් යන්නත් නඩත්තුවටත් යන වියදම ගැන හිතනකොට එ්ක හීනයක්ම තමයි. ඒ හීනේ තාම හිතේ තියන නිසා පරිගණක ක්‍රීඩාවක් තුළ හරි මේ වාහන පැදලා සතුටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැනේ. හැබැයි මේ කථාව ගැන ඇහුවොත් පුදුම වෙයි. අපේ රටේදීම නිෂ්පාදනය කරන්න යන සුපිරි මොටර් රථයක් වන VEGA ගැන තමයි අද අපි කියන්නේ.

Read More

සිනමාවේ පෙරලියක් ඇති කල Lord of the Rings හි සැඟවුණු කතාව…

බටහිර සිනමාව ගැන කතාකරන විට Lord of the Rings චිත්‍රපට  ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. එ් තරමට මෙම චිත්‍රපට මාලාව ලොකු කුඩා කවුරුත් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. එ් කොහොම වුණත් සිනමා නිර්මාණකරුවන් නම් අදටත් මේ නිර්මාණය අගය කොට සලකන්නේ එහි තිබූ කතාවස්තුවට හෝ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අගය කරන චිත්‍රපට රසයට පමණක්ම නෙවෙයි. මෙම සිනමා නිර්මාණය අනාගත බටහිර සිනමාව ලියා තැබූ නිර්මාණයක් බවට පත් වුණා. චිත්‍රපටය සඳහා යොදාගත් එවකට පැවති නවීනතම තාක්ෂණය හා නව තාක්ෂණික සොයා ගැනීම් නිසා සිනමා ඉතිහාසයේ පවා හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. ඉතිං අද අපි කියන්න යන්නේ ඔබ බොහෝ දෙනෙක් නොදන්නා මෙම උසස් තාක්ෂණික යොදා ගැනීම් පිළිබඳවයි.

Read More

වතුර යට සෙල්ෆි ගැහුවට කවදාවත් මේ දේවල් ගැන හිතුවද ?

කට්ටියත් එක්ක කොහේ හරි නාන්න ගියාම වතුර යට සෙල්ෆියක් ගැහුවේ නැත්තම් හරියට නෑවේ නෑ වගේ නේද? ඔව්, GoPro කැමරා ලෝකේ වටේම තොග පිටින් විකිණෙන්න ගත්තේ මේ සෙල්ලම හින්දම තමයි. මේ විදිහට වතුර යට සෙල්ෆි ගහලා social media වල upload කරන එක සෙල්ලමක් වුණා. ඇයි මේ වැඩේ මෙච්චර ජනප‍්‍රිය වුණේ? ඇත්තෙන්ම ගත්තොත් අපි මේ වතුර යට සෙල්ෆි ගහන්න මෙච්චර ආස එ් දර්ශන අපිට දකින්න අමාරු නිසයි. හරියටම කියනවා නම් දකින්න අමාරුයි නෙවෙයි දකින්න බැහැ. එ් ඇයි කියනවා නම් අපිට වතුර යටදි පැහැදිලිව රූප පේන්නේ නැහැ. බොහෝ දෙනෙක් එ්ක දන්නෙත් නැහැ. සමහර අය හිතං ඉන්නේ වතුර යටදී හොඳට පේනවා කියලයි. හැබැයි ඇත්ත කතාව ඊට වඩා වෙනස්. එහෙනම් අපි බලමු වතුර යට පෙනීම ගැන ඔබ කවදාවත් නොහිතපු එ් දේවල් මොනවද කියලා.

Read More