TechWire

Author - Pramodya Abeysinghe

අලුත් වූ Gmail

Gmail කියන්නෙ Google නම කියවුනාම මුලින්ම මතකයට නැගෙන දෙයක්. මුලින්ම Google කියන නම ප්‍රචලිත වෙන්න හේතු වුනෙත් Gmail සේවාවම තමයි. එකල Yahoo mail භාවිත කරපු අය පවා ඉතා ඉක්මනින්ම Gmail වලට මාරු වුණා. ඒ එහි සරළ බව සහ වැඩි ධාරිතාවකින් යුත් ඊමේල් පණිවිඩ යැවීමේ හැකියාව නිසා. කෙසේ හෝ අද වන විට බිලියන 1.2ක් පමණ ජනගහනයක් Gmail භාවිත කරනවා. Google විසින් මේ Gmail හි සේවාව දිනෙන් දින ගුණාත්මකබව වැඩි කරන්න නොයෙකුත් අත්හදා බැලීම් වගේම ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමත් සිදුකරනවා. මේ වසරේ අප්‍රේල් මාසයේ සිට Gmail web application එක නව සංස්කරණයකට ලක්වුණා. මේ ලිපියේ අරමුණ එම නව අගයන් ගැන විස්තරයක් කිරීමයි.

Read More

2018 දී ඔබ වෙත එන web trends

Web technologies ඉතා ඉක්මණට වෙනස් වෙන මාතෘකාවක්. හැබැයි පොදුවේ ගත්තම 2018 trending වේවි කියල අනුමාන කරන මාතෘකා කීපයක් ගැන තමයි මේ article එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Read More

UI Design Do’s and Don’ts

UI කියන්නේ industry එකේ කතා වෙන්න පටන් අරන් තියෙන trending මාතෘකාවක්. අපිට අලුත් වගේ වුණාට UI එහෙම නැත්තම් User Interface designing කියන්නේ ගොඩක් කලක් තිස්සේ පැවත එන දියුණුවෙමින් එන ලොකු විෂයක්. UI එක්ක බැඳුණු තවත් වචනයක් තමයි UX කියන්නේ. ඒ User Experience කියන තවත් වැදගත් දෙයක්. මේ article එකෙන් බලාපොරොත්තුවෙන්නේ mobile apps හදද්දි හිතන්න ඕන UI facts කීපයක්.

මේ කතා කරන්න හදන facts category 4ක් ඔස්සේ කතා කරන්න පුළුවන්.

  • Interactivity
  • Readability
  • Graphics
  • Clarity කියන මේ category ඔස්සේ UI facts කීපයක් ගැන කතා කරමු.

මෙහිදී ඉදිරිපත් කරන images වල වම් පස නිවැරදි ක්‍රමයත් දකුණු පස නොකළ යුතු විදියත් ප්‍රකාශ වෙනවා.

Read More

Android පවුලේ නවතම සාමාජිකයා – Android Oreo

එළිදැක්වීම

කාලයක් තිස්සේ ඇසුණු දෙයක් තමයි අලුතින් එන Android OS එක. ඔන්න සුවිශේෂී දවසක සුවිශේෂී වෙලාවක තමයි අලුත් OS එක officially release වුණේ. මෙය Android හි 8 වන සංස්කරණය ලෙස හදුන්වන්න පුළුවන්. ඒ තමයි අගෝස්තු මාසේ 21 වෙනිදා New York නුවරදී තමයි මේක release කරේ. සිදුවුණ සුවිශේෂී දෙය තමයි සුර්ය ග්‍රහණයක් සිදුවීම.

කලින් ලැබුණු නිල නොවන ආරංචි සනාථ කරමින් මේ අලුත් OS එක Oreo කියල තමයි නම් කරලා තිබ්බේ. නමුත් ප්‍රථම අදියරයේ Oreo release වුනේ Google එක සම්බන්ධ smartphonesවලට විතරයි. ඒ කියන්නේ Google Pixel හා Google Nexus කියන smartphones වලට විතරයි. එයත් manual installation එකක් තමයි ලබාදුන්නේ. මිට අමතරව Oreo එන්න තියෙන phones ගැන අන්තර්ජාලයේ කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව Huawei Mate 9, OnePlus 3, 3T හා 5, Nokia 3,5 හා 6 සඳහාත් Asus Zenfone 3 හා 4, Samsung Galaxy S8, Note 8, S7 සඳහාත් Motorolla, LG, Acer, Lenovo, Sony හා HTC ඇතුළු මෑතක නිපදවූ smartphone සඳහාත් Oreo release වෙන බව තමයි සඳහන් වෙන්නෙ.

Android O මගින් ලැබෙන අලුත් හා සුවිශේෂ features ගැන හොයල බලමු.

Read More

ඔබටත් පරිගණක ඉංජිනේරුවෙක් වීමට අවශ්‍යද?

හැම අධුනිකයෙකුටම තියෙන ප්‍රශ්නය තමයි මම කොතනින්ද පටන්ගන්නේ කියල. කොහොමද Programmer කෙනෙක්, Software engineer කෙනෙක් වෙන්නෙ කියන එක. මේක අපි කොටස් පහකින් හොයල බලමු.

  • Programming field එකක් තෝර ගැනීම
  • Programming language එකක් තෝර ගැනීම
  • ඉගෙන ගැනීමේ මාධ්‍යයක් තෝර ගැනීම
  • Platform එකක් තෝර ගැනීම
  • IDE එකක් තෝර ගැනීම

මේ වචන ගැන දන්නෙ නැත්තම් කලබල වෙන්න එපා. ඉස්සරහට තේරුම් ගන්න පුළුවන් ඒවා ගැන.

Read More

අලුතින් එන OnePlus 5

OnePlus

OnePlus කියනනේ දැන් ලෝකයේ කියවෙන අලුත් phone brand එකක්. එම brand එක ලෝකෙට ඇවිල්ල තාම වැඩි කාලයක් ගත වුණේ නෑ. මේ mobile phone company එක පටන් ගත්තෙ 2013 අවුරුද්දේ අන්තිම කාලෙ. මෙහි parent company එක වෙන්නෙ OPPO company එක. නමුත් ඇත්තටම බැලුවම OPPO කියන්නෙත් තව company එකක subsidiary එකක්. මේ සේරගේම parent company එක වෙන්නෙ BBK Electronic Corporation කියන චීන company එක. Made in China phone වලට මිනිස්සු අතරෙ තියෙන දුර් මතය ඉවත් කරන්න පුළුවන් වුණ company එකක් තමයි OnePlus කියන mobile phone brand එක. අද කියන්න යන්නෙ OnePlus 5 කියන අලුත්ම phone එක ගැන.

OnePlus 5

OnePlus 5 phone එක ගැන මුලින්ම කියවුනේ පසුගිය 20 තිබ්බ keynote එකකදි. ඇමරිකාව, කැනඩාව ඇතුළු රටවල් කිපයක වෙළදපොලට නිකුත් වුන එදිනම. චීනය හා ඉන්දියාව තුල මෙය වෙළඳපොළට නිකුත් වෙන්නෙ අද. නමුත් ජුනි 27 ඉදන් තමයි අනිත් රටවල මෙය නිකුත් වෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවේ අපිට 27 වෙනකන් ඉන්න වෙනවා මේ phone එක මිලදී ගන්න. $479ක මුදලකට තමයි මෙය මිල නියම වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ රුපියල් 75,000කට අසන්න මුදලක්. නමුත් බදු එකතු වුනාම එහි වටිනාකම තව වැඩි වෙන්න පුළුවන්.

OnePlus 5 එන්න කලින් release වුනේ OnePlus 3T කියන model එක. 3Tට පස්සෙ 4 අවේ නැත්තේ ඇයි කියල ඔබට ප්‍රශ්නයක් ඇති. එකට හේතුව වෙලා තියෙන්නෙ චීන මිනිස්සු අතරේ ඇදහීමක් තියෙනවා 4 කියන්නෙ අසුබ ඉලක්කමක් කියල. එක නිසා තමා අලුත් model එක OnePlus 5 කියල නම් කරලා තියෙන්නෙ.

Read More

අයියෝ.. ආවේ නැද්ද? – Google IO Extended 2017 Sri Lanka

Google සමාගම විසින් වාර්ෂිකව පවත්වන Google IO සමුළුවේ  keynote speech එක ගැන මිට පෙර ලිපියක් පළවුණා. ඊට සමගාමීව ලංකාවෙත් සමුළු දෙකක් පැවැත්වුණා. මේ event එක නම් කරල තිබුණේ  Google IO Extended 2017 කියල. මේ වගේ extended events ගොඩක් තියෙනවා ලෝකේ පුරා. එත් ලංකාවේ තියෙන event වැඩි සහභාගිත්වයක් තියෙනවා. මෙවර Dialog සහ GDG Sri Lanka එකතුවෙලා කරපු event එක ගැන තමයි මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Read More

Google I/O 2017 Keynote

io17-social

keynote

Google IO Keynote එක කියන්නෙ වාර්ෂිකව Google විසින් පවත්වන conference එකක්. ඒකෙදි තමයි ඉදිරි දේවල් ගැන ලෝකයට එළිදක්වන්නේ. Google එකේ CEO සුන්දර් පිචායි ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මෙහි අදහස් දැක්වීම හා අලුත් දේවල් ගැන කියන්නෙ. මෙහි දී Google ගැන අලුත් දේවල් රැසක් එළි වුණා වගේම අලුත් තොරතුරු කියවුණා.

Google Drive සඳහා මිලියන 800ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Photo සඳහා මිලියන 500ක් මාසික පරිශීලක ප්‍රමාණයක්, Google Assistant සඳහා මිලියන 100ක පරිශීලක ප්‍රමාණයක් ඇති බව හෙළි වුණා. ඊට අමතරව දිනකට බිලියන 1.2ක් ඡායාරුප upload වන අතර Google Maps මගින් දිනකට සැතපුම් බිලිනයක් පමණ navigation කරන බවත් දිනකට YouTube මගින් පැය බිලියනයක video බැලීමක් සිදුවෙනවා.
දැන් අපි බලමු google විසින් මෙවර හඳුන්වාදෙන අලුත් දේවල්.

Read More

Google maps අලුත් කරන්න Deep Learning සහ Street View භාවිතය

Google maps කියන්නේ එදිනෙදා ජීවිතය smart වෙන්න යොදා ගන්න පුළුවන් Google විසින් නොමිලේ ලබාදෙන සේවාවක්. යන එන මග හොයාගන්න, traffic කොයිවගේද බලන්න වගේම අපිට වැදගත් වෙන ස්ථාන බලන්නත් Google maps යොදා ගන්න පුළුවන්. මේ වැඩිවෙන ඉල්ලුමත් එක්ක හොඳ සේවාවක් ලබාදෙන්න Google සමාගම විසින් විවිධ පර්යේෂණ වගේම අත්හදාබැලීම් කරනවා. Street View කියන සේවාව integrate කරල Google Maps update වෙනවා හැමදාම වගේ. Street View කාර් රථ මගින් බිලියන ගණන් ඡායාරුප රැස් කරනව. මේ images manually විශ්ලේෂණය කරන එක ප්‍රයෝගික වෙන්නේ නෑ. මේ සඳහා automated system එකක් හදන එක තමා Google’s Ground Truth කියන කණ්ඩායමට පැවරිලා තියෙන්නෙ.

Read More

Google Auto Draw – ඔබත් දැන් චිත්‍ර ශිල්පියෙක්

මොකද්ද මේ Google Auto Draw

අපිට චිත්‍රයක් අතින් ඇඳගන්න ගියොත් ගොඩක් වෙලාවට අපිට ඕන දේ ඇඳගන්න ටිකක් අමාරුයි. එහෙම පුළුවන් වෙන්නෙ හොඳ චිත්‍ර හැකියාවක් තිබ්බොත් තමයි. මේක නිසා හදිසියකට චිත්‍රයක් ඇඳගන්න යාළුවන්ට  කියන්න වෙනව. එහෙමත් නැත්තම් කියක් හරි වියදම් කරලා චිත්‍ර අඳින කෙනෙක්ට කියල අන්දවගන්න ඕන. මේ  ප්‍රයෝගික නැති අවස්ථා අපිට ඕනෑම තරම් වෙලා ඇති. මේ වගේ තනියම චිත්‍ර ඇඳගන්න බැරි අයට හොඳ tool එකක් Google සමාගමෙන් ලඟදි අන්තර්ජාලයට මුදාහැරියා. ඒ තමයි Google Auto Draw කියන්නෙ.

Auto Draw Logo

Read More

Useful JS and CSS libraries

Javascript හා CSS යොදාගෙන මේ වෙනකොට ලෝකයේ ගොඩක් libraries හදල තියෙනවා. මේ libraries නිර්මාණය කරලා තියෙන්නෙ web developersලගේ හා designersලගේ පහසුවට. මේවා භාවිත කරලා ගොඩක් ලේසියෙන් හා ඉක්මණින් අපිට අවශ්‍ය webpage එකක් dynamic හා interactive විදියට නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ දේවල් කරන්න අවශ්‍යවෙයි කියල හිතෙන libraries ගැන පොඩි විස්තරයක් තමයි මේ article එකෙන් දෙන්නෙ.

Read More

2016 වසරේ විස්මිත විස්කම්

තාක්ෂණය දිනෙන් දින දියුණුවන ලෝකයේ  2016 අවුරුද්දෙ ලෝකෙට ලැබුණු අලුත් සොයාගැනීම් මොන වගේද කියල බලමු.

1.Flyte

මෙය විදුලි බුබුලක්. නමුත් මෙහි විශේෂත්වය තමයි මේ බල්බය පත්තුවෙන්නේ විද්‍යුත් චුම්බකත්වය උපයෝගී කරගෙන. අඩු වොටියතාවකින් දල්වන්න පුළුවන් LED බල්බයක් මෙය. මෙහි ආයු කාලය ඉතා වැඩි. දිනකට පැය 11ක් බැගින් වසර 11ක් පමණ භාවිත කරන්න පුළුවන් කියල තමයි සදහන් වෙන්නෙ. විද්‍යුත් දුම්රිවල භාවිතාවන විද්‍යුත් චුම්බකත්ව ආචරණය තමයි මෙහිත් සිද්ධාන්තය වෙලා තියෙන්නෙ. මෙහි බල්බය හා විද්‍යුත් චුම්බකය සහිත පෙට්ටිය වෙන වෙනම තමයි තියෙන්නෙ. බල්බය දැල්වී තියෙන අවස්ථාවෙදි චුම්බකය මත බල්බය පාවෙමින් තමයි තිබෙන්නෙ. එය විද්‍යත්මිකව හදුන්වන්නෙ levitation ලෙස. මෙය amazon හරහා මිලදී ගන්නවනම් රු50,000 පමණ වෙන්ව.

2. Solar roof

වහලක් උඩ සුර්ය පැනල තියෙන එක අද වෙනකොට ලංකාවෙත් සාමාන්‍යකරණය වෙලා. නමුත් මුළු වහලම සුර්ය පැනලයක් විදියට කටයුතු කරන එක නුහුරු ඇති. ඒ තාක්ෂණය ලොවට ආවේ 2016 අවුරුද්දේ. Tesla හා Solarcity සමාගම් එකතු වෙලා තමයි Solar roof කියන දෙය ලොවට ගෙනාවේ. මේකෙදි වෙන්නේ වෙන වෙනම සුර්ය පැනල සවි කරන්නැතුව වහලට දාන උළු කැට වෙනුවට සුර්ය පැනල උළු කැට හදුන්වා දීම. එකෙන් මුළු වහලේම වර්ගපලය විදුලිය නිපදවන්න ගන්න පුළුවන්. එය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහල ක්‍රියාවලියක්. වහලට යන පිරිවැයත් ඉතිරි කරගන්න පුළුවන්. මෙය තමන්ට කැමති මෝස්තරයකින් කරගන්න පුළුවන්. මේකෙන් වහල මත සුර්ය පැනල තිබෙන බවක් කිසිවිටෙකත් හැගෙන්නෙ නෑ.

3. Nike Hyperadapt

සපත්තු දාද්දි අපිට කම්මැලි වැඩක් තමයි පහත වෙලා ලේස් දෙක දාන එක. ඒකට විසදුමක් දීල තියෙනව Nike සමගම විසින්. සපත්තුව දාල button එකක් එබුවම තමන්ගේ වරළුකරට හරියන විදියට ලේස් දෙක තද වෙන එක තමයි මේකෙ තිබෙන විශේෂත්වය. මේක වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ ආබාධිත පුද්ගලයන්ට තමයි. මෙය සැකසීමට ඔවුන් ඩිජිටල්, විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඔස්සේ පර්යේෂණ කරලා තිබෙනවා.

4. Hello Sense

ඔබේ නින්ද ගැන ඔබ අවධානයෙන්ද? ඇත්තටම අපිට නිදා ගන්න ඕන පැය ගානවත් නිදා ගන්නවද කියල අපි දන්නේ නෑ. අපි නිදා ගන්න වෙලාව, හොද නින්දක් ගන්නවද නැද්ද කියල හොයන පොඩි gadget එකක් තමයි hello sense කියන්නෙ. මේකෙදි sleep pill කියන කොටස තමන් නිදා ගන්න කොට්ටයේ අලවල තියෙනවා. අනිත් ප්‍රධාන අංගය කාමරයේ වෙන තැනක තියන්න පුළුවන්. මෙය ක්‍රියාත්මකව තිබෙන විට වාතයේ තත්ත්වය, CO2, උෂ්ණත්වය, ආර්ධතාවය, ආලෝකය, UV එළිය හා ශබ්ද ආදී ගොඩක් නිර්නායක මේ gadget එකෙන් හොයනවා. ඒ වගේම pill එක මගින් තමන්ගේ නින්ද ගැන විස්තර වාර්තා කරනවා. අපිට හැම දවසෙම කොච්චර නින්දක් ගත්තද, නින්දේදි ඇහැරුනාද නැද්ද වගේ නින්ද ගැන report එකක් ගන්න පුළුවන්. ඒ වගේම කාලයක් දත්ත එකතු කිරීම මගින් හොද නින්දකට අවශ්‍ය suggestions දෙනවා. මේක $150කට පමණ මිලදී ගන්න පුළුවන් ඔබට.

5. Dji Mavic Pro

Drones කියන්නෙ අද ලොකු දෙයක් නෙමෙයි. තාක්ෂණයත් එක්ක ඉන්න අයට ගොඩක් සමීප දෙයක් තමයි drones කියන්නෙ. මෙහි කැමරා 5ක්, ultrasonic range finders 2ක් වගේම computing cores 24ක් තිබෙනවා. මෙහි කැමරාවල 12MP වගේම 4k තාක්ෂණය තිබෙනවා. මෙහි වේගය පැ.කි. 65 පමණ වේගයෙන් පැය භාගයක් පමණ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මෙහි තවත් විශේෂයක් තමයි 7km පමණ දුරක් දක්වා විහිදුවන්න පුළුවන්. බාධක මැඩගෙන යන්න පුළුවන් drone එකක් වගේම යම් නිශ්චිත දුරක් පොළව එකක් තියාගෙන මෙය ධාවනය කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් තාක්ෂනය දියුණු කරපු drone එකක් තමයි Mavic pro කියන්නෙ.

6. Apple Airpods

ඇපල් සමගම විසින් 2016 වසරම අාමන්දානන්දයට පත් කරමින් හදුන්වාදීපු දෙයක් තමයි Apple Airpods කියන්නෙ. අලුතෙන් හදුන්වාදීපු iPhone 7 හි 3.5mm headphone jack එක ඔවුන් විසින් ඉවත් කරනවා. මේ වෙනුවට ශබ්දය එලියට දෙන ක්‍රමය සදහා ඔවුන් දීපු විසඳුම තමයි මේක. මෙය Bluetooth හරහා තමයි ක්‍රියා කරන්නේ.

7. Google Home

IoT කියන දෙයත් එක්ක තමයි Google Home කියන දෙය අාවේ. ගෙදරක සිදු වෙන ගොඩක් දේවල් automate කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ. උදේ නින්දෙන් නැගිට්ට වෙලාවෙ ඉදන් රෑ නිදාගන්නකම් හුගක් දේවල් කට වචනයෙන් කරගන්න පුළුවන් මේක නිසා. Artificial intelligence තමයි මෙහි ගැබ් වෙලා තියෙන්නේ. AIවල ගොඩක් ලොකු පිම්මක් තමයි Google Home වලින් එළි දුටුවෙ.

මේවා තමයි 2016 වසරේ හඳුන්වා දුන් නව සොයා ගැනීම් විදියට අපි දකින්නේ. අපිට මොනවා හරි මග හැරුණා නම්, පහලින් comment එකක් දාලා හැමෝම එක්ක ඒ දැනුම බෙදා ගනිමු.