TechWire

Author - Pramodya Abeysinghe

සියළුම දුරස්ථ පාලක වෙනුවට Broadlink RM Mini 3

rm mini 3

එදිනෙදා කටයුතු උදෙසා ඔබ දුරස්ථ පාලක එහෙම නැත්තම් remote controller බොහෝ සෙයින් භාවිත කරනවා ඇති. මෙහි පහසුවක් තිබුණද විවිධ උපාංග සඳහා විවිධ දුරස්ථ පාලක භාවිත කිරීමට ඔබට සිදු වෙනවා. ඒවගේම නිතරම බැටරි මාරු කිරීමටත්, දුරස්ථ පාලක කිහිපයක් තැබීමට යම් ඉඩකඩකුත් වෙන් කරන්න සිදු වෙනවා. නමුත් ඒ කරදරකාරී බව අවම කරගෙන ඔබේ smart දුරකතනයෙන් දුරස්ථ පාලක කටයුතු කරන උපාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. 

Broadlink RM Mini 3

සියලුම දුරස්ථ පාලක භාවිත කරන්නෙ IR එහෙම නැත්තම් Infrared කිරණ. මෙම කිරණ නිකුත් කිරීම මගින් අවශ්‍ය signal එක යොමු කිරීම තමයි දුරස්ථ පාලකයකින් සිදු කරන්නෙ. මෙම ක්‍රියාවලිය IR නොමැතිව කළ හැකි උපාංගයක් තමයි මේ Broadlink RM Mini 3 ලෙස හැඳින්වෙන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ මෙම උපාංගය wifi හෝ එවැනි අන්තර්ජාල පහසුකමක් ඔස්සේ ලබාගන්නා signal, IR කිරණයක් විදියට අවශ්‍ය විද්‍යුත් උපකරණය වෙත යොමු කිරීමයි. මේ සඳහා මෙම උපාංගය අත්‍යවශ්‍යයෙන්ම wifi router හා සම්බන්ධ කර තිබිය යුතුයි. Smart ජංගම දුරකථන සඳහා ලැබෙන යෙදුමක් ඔස්සේ ඔබට සියලුම දුරස්ථ පාලක වර්ග පෙර පුහුණු කරන්න පුළුවන්.

කොහෙන්ද මිලදී ගන්නේ?

මෙය දැනට ශ්‍රී ලංකාවේ වෙළඳ පොළක තිබෙන බවට සොයා ගත නොහැකි වුණත් online storeවල සොයා ගන්න පුළුවන්. ඒ වගේම amazon වගේ online shop එකකින් වුනත් ඇනවුම් කරන්න පුළුවන්. මෙය රු. 3000 සිට විවිධ මිළ ගණන්වලින් මිලදී ගන්න පුළුවන්. (මිල සැපයුම්කරු අනුව වෙනස් වේ). 

භාවිත කරන්නෙ කොහොමද?

මෙය setup කරගැනීම ඉතා පහසුයි. සරළ පියවර කිහිපයකින් මෙය භාවිත කරන්න පුළුවන්. උපාංගයට විදුලි බලය ලබාදීමෙන් පසු, smartphone එකේ ස්ථාපිත කරගත් IHC app එකෙහි අදාල උපාංගය තෝරාගෙන තිරයේ පරිදි උපදෙස් අනුගමනය කරන්න තිබෙන්නෙ. ඉන් පසු දුරස්ථ පාලක මෙම app එකට පුරුදු කිරීම කළ යුතුයි. නමුත් වෙළඳ පොළේ තිබෙන බොහෝ විද්‍යුත් උපකරණවල දුරස්ථ පාලක මෙම app එකෙහි ගබඩා කරලා තිබෙන නිසා අලුතෙන් එය කිරීම අත්‍යවශ්‍ය වන්නෙ නැහැ. නමුත් පළමු වර භාවිතයේදී, එම button නිවැරදිදැයි ඔබට බලන්න පුළුවන්. මෙසේ ඔබ ළඟ තිබෙන ඕනෑම දුරස්ථ පාලක මගින් පාලනය වන විද්‍යුත් උපකරණයක් මෙයට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මෙය IR කිරණ භාවිත කරන නිසා, බිත්ති අතර කිරණ සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය එක් කාමරයක සිට තවත් කාමරයක පාලනය සිදු කරන්න බැහැ.

උදාහරණයක් ලෙස වායුසමීකරණ යන්ත්‍රයක් ගතහොත්, එහි ඇති බොහෝ කටයුතු මේ උපාංගය හා app එක හරහා කරන්න පුළුවන්. On/Off, timers, fan speed වගේ බොහෝ දේ පාලනය කිරීම කල හැක. පෙර සකසා  නැති, උපාංගයක් නම් user defined appliance මෙනුව ඔස්සේ නව උපාංගයක් එකතු කළහැක. 

මිට අමතරව Scene එකතු කිරීමත් කල හැක. ඉන් අදහස් වෙන්නෙ, යම් අවස්ථාවකදී උපාංග කිහිපයක් එක වර ක්‍රියා කරවන ලෙස උපදෙස් දීමයි. උදාහරණයක් විදියට එම අවස්ථාවේ වායුසමීකරණය 20°C  හා රුපවාහිනී යන්ත්‍රය on වීම සිදු වීම එක කාර්යයක් විදියට දක්වන්න පුළුවන්. 

Scene එකක් ක්‍රියාත්මක කිරීම

ඒ වගේම timers මගින් උපාංග ක්‍රියාත්මක කරන්න පුලවන්. එනම්, යම් කාලයක් සඳහා උපාංගයක් ක්‍රියාත්මක වීමත් එම කාලයට පසු ඉබේ උපාංගය ක්‍රියා විරහිත වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම IFTTT සේවාව () ඔස්සේ, යම් දෙයක් සිදුවුවිට යම් කාර්යයයක් සිදු කිරීමට අපිට පුළුවන්. උදාහරණයක් විදියට උෂ්ණත්වය 25°C ට වඩා වැඩි වනවිට වායුසමීකරණය යම් උෂ්ණත්වයකට පත්වන තෙක් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ වගේ එදිනෙදා කාර්යයන් ඉතා පහසු කරන්න මෙම කුඩා උපාංගයට පුළුවන්. 

Voice command මගින් පාලනය

අද වනවිට ජංගම දුරකථන අතින් හසුරුවන්නේ නැතිව, voice command එකකින් හසුරුවන්න පුළුවන් තරමටම තාක්ෂණය අලුත් වෙලා. Google Home හෝ Alexa වැනි voice assistant කෙනෙකු හරහාද අපිට මෙම උපාංග හසුරුවන්න පුළුවන්. ඒ සඳහා IHC හි ගිණුමක් සාදාගත යුතු වෙනවා. එය Google Home app එකට සම්බන්ධ කිරීම මගින් ඔබටත් කටහඩ මගින් ඔබේ නිවසේ දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන ඕනෑම උපකරණයක් මෙහෙයවන්න පුළුවන්. 

අවාසි

මෙහි අවාසි කිහිපයක් තිබෙනවා. මුලින් සඳහන් කරා වගේ, IR කිරණ භාවිතය නිසා ඔබේ නිවසේ එක් එක් කාමර සඳහා වෙන වෙනම උපාංගයක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. ඒ වගේම නිතරම router එක ක්‍රියාත්මකව තිබිය යුතුයි. මොකද ඔබේ mobile phone එකෙන් ලබාදෙන signal මෙම උපාංගයට ලැබෙන්නෙ router එක හරහා. ඒවගේම IR පමණක් compatible නිසා RF (radio frequency) මගින් පාලනය වන උපකරණ භාවිත කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා Broadlink RM Pro ලෙස IR හා RF දෙකම භාවිත කල හැකි උපාංගයක් තිබෙනවා. 

ඔබේ smartphone එකේ GPS වැඩ කරන හැටි දන්නවාද?

gps

GPS කියන්නේ smartphone භාවිතා කරන හැම කෙනෙක්ම දන්නා දෙයක්. අද කියන්න හදන්නේ කොහොමද මේ GPS ඔබේ smartphone එකේ වැඩ කරන්නෙ කියල. Smartphone එකක GPS වලින් කරන්නෙ තමන් ඉන්න තැන එහෙම නැත්තම් phone එක තියන තැන පිහිටීම පෙන්වන එක. Smartphoneවල වගේම නවීන මෝටර් රථවල වගේ තවත් උපාංග බොහොමයක මේ GPS තාක්ෂණය යොදා ගැනෙනවා. මෙය තමන් භාවිත කරන්නෙ කුමන phone එකක් වුණත් එකම විදියට භාවිත වෙන තාක්ෂණික යෙදුමක්.

GPS හි අයිතිකරු කවුද?

GPS කියන වචනය කෙටියෙදුමක් විදියට තමා භාවිත වෙන්නෙ. Global Positioning System කියන එක තමා GPS කියන එකෙන් කියවෙන්නෙ. මෙම තාක්ෂණය ලෝකය පුරා හැමතැනම භාවිත වනවා. මෙම තාක්ෂණයේ නියම හිමිකරුවා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔව් පුදුම හිතෙන කරුණක් වුණත් එහි අයිතිය පවතින්නේ ඇමරිකානු රජයට තමයි. නමුත් මෙහි මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කරන්නෙ ඇමරිකානු ගුවන් හමුදාව විසින්. නමුත් මෙහි විශේෂත්වය තමයි මෙය ඕනෑම කෙනෙක්ට නොමිලයේ භාවිත කිරීමේ හැකියාව. මුලින්ම GPS තාක්ෂණය භාවිතය ආරම්භ වුණේ 1978 වසරේ පෙබරවාරි මාසයේදීය.

GPS වැඩ කරන්නෙ කොහොමද?

GPS කියන්නේ radio navigation ක්‍රමයක්. සරලවම කියනවා නම් GPS වැඩ කරන්නෙ satellite හා receiver එකක් අතර රේඩියෝ තරංග හුවමාරුවෙන්. Smartphone එකක් නම්, එහි GPS receiver එක මගින්, smartphone එකේ අදාල software එකට ඉන්න තැන දත්ත සහ වෙලාව පිළිබද දත්ත ලබාදෙනවා. එහෙම දත්ත ලබාගත්ත කියල පෙරලා ඔබ විසින් කිසිවක් යැවීමක් මෙහිදී සිදුවන්නෙ නෑ. ඔබේ smartphone එකෙන් අදාල දත්ත ග්‍රහණය කරගැනීමට හැකිවීම පමණයි අවශ්‍ය වන්නෙ. මේ සඳහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් (නමුත් 4ක් ලෙස සලකනවා. එයට හේතුව ඉදිරියට දැනගන්න පුළුවන්) සමග smartphone එක සම්බන්ධ විය යුතුයි. මේ කාර්යය සඳහා අභ්‍යවකාශයේ චන්ද්‍රිකා 33ක් පමණ භ්‍රමණය වෙමින් පවතිනවා. මේ වනවිට චන්ද්‍රිකා 31ක් කක්ෂගත කරලා තිබෙනවා. මෙම චන්ද්‍රිකා 20,180km පමණ ඉහලින් තමා කක්ෂගත කරලා තිබෙන්නෙ.

GPS මගින් location එකකට අදාල දත්ත ලබාගැනීම නිරවද්‍යතාව අතින් ඉතා ඉහළයි. එහි නිරවද්‍යතාව 500-30cm ලෙස සැළකෙනවා. නමුත් මේ ක්‍රමයෙන් location එකක් සොයා ගැනීම අධික ශක්තියක් වැයවෙන ක්‍රමයක්. මේ සෑම චන්ද්‍රිකාවකම atomic clock එකක් තිබෙනවා. මෙහිදී අදාල smartphone එකට යවන තරංගයේ time-coded තරංගයක් යම් සංඛ්‍යාතයකින් යැවීම සිදු කරනවා. Smartphone එක විසින් දත්ත ලබාගැනීමට හොදින් ග්‍රහණය කරගන්න පුළුවන් චන්ද්‍රිකාවන් සොයාගැනීම සිදු කරනවා. මේ සඳහා බාධාවන් පවතින චන්ද්‍රිකාවන් යොදා ගන්නේ නැහැ. මෙහි බාධාවන් ලෙස හැඳින්වුයේ තරංග ලබාගැනීමට වන බාධාවන්. මෙම GPS දත්ත ඉතා සෙමින් තමයි ලබාගන්නෙ. මෙම චන්ද්‍රිකා rechargeable battery මගින් තමයි අවශ්‍ය බලශක්ති ලබාගන්නෙ. ඉතා විශාල දුරකට තරංග යවන්න විශාල ශක්ති ප්‍රමාණයක් වගේම සැලකියයුතු කාලයක් ගත වෙනවා. එම නිසා location එකක් පිළිබඳ දත්ත ඔබේ smartphone එකට එන්න විනාඩියක් පමණ ගත වෙන්න පුළුවන්.

Smartphone එකේ GPS ග්‍රහකය චන්ද්‍රිකා තුනක දත්ත මගින් ඔබේ location එක සොයා ගන්නවා. මෙයට තාක්ෂණිකව කියන්නෙ location එක triangulate කරනවා කියල. ඉහත සඳහන් කරා වගේ 4වන චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත වලින් කරන්නෙ altitude එක (උන්නතාංශය) ලබාගන්න එක. කලින් සඳහන් කරා වගේ බාධක තිබෙනවා නම් මෙම ක්‍රියාවලිය කරගන්න GPS තාක්ෂණයට හැකියාවක් නැහැ. දැන් ඔබ සිතනවා ඇති මෙතරම් කාලයක් සහ ශක්තියක් ගන්නවා නම් සහ බාධක ඇතුවත් තමන්ගේ smartphone එක කොහොමද හරියටම location එක ගන්නෙ කියල. මේ සඳහා තමයි AGPS කියන තාක්ෂණය තිබෙන්නෙ.

මොකද්ද මේ APGS?

AGPS කියන එකේ තේරුම තමයි Assisted Global Positioning System. GPSවල තිබෙන ප්‍රශ්න මගහරවමින් තමයි මෙම ක්‍රමය භාවිත වෙන්නෙ. විශේෂයෙන්ම නිතරම location එක update කරන වැඩකට නම් AGPS තමයි අවශ්‍ය වෙන්නෙ. උදාහරණයක් විදියට Google Maps ආධාරයෙන් navigation කිරීම කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නෙ cellular location එකත් යොදාගැනීමයි. ඔබේ දුරකථන සම්පාදක (carrier) නිතරම අසල කුළුණ සමග සම්බන්ධ වන නිසා (ping) ඔබේ smartphone එකට ඔබේ location එක ගැන අදහසක් ලබාගත හැකි. ඔබ කුළුණු 3කට මැදිව ඉන්න අවස්ථාවක ඔබේ දුරකථන සම්පාදකට පුළුවන ඔබේ location එක traingulate කරන්න. මෙම ක්‍රමයේදීත් signal වල strength එක වගේම කුළුණු වලට ඇති දුර බලපානවා. නමුත් පවතින කුළුණු ප්‍රමාණයත් එක්ක මෙම ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. මෙහිදී cellular location විතරක් නෙමේ භාවිත වෙන්නෙ. ඉතා නිවැරදි location එකක් ලබාගැනීමට ඔබේ GPS ග්‍රාහක චිපය GPS data සහ cellular location එක අතර switch වෙමින් තමයි මේ කටයුත්ත කරන්නෙ. GPS වල සිදු නොවුනත් AGPS වලදී ඔබේ phone එකෙන් යම් දත්ත කුළුණ වෙත යැවීම සිදුකරනවා. මේ සඳහා වලංගු mobile connection එකක් අවශ්‍ය වනවා. ඒ වගේම mobile data on කර තිබීමත් අවශ්‍ යවනවා.

මොකද්ද වැඩියෙන් හොඳ?

අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ඉතා ඉක්මනින් හා real time update වෙන අවස්ථාවකට නම් AGPS තමයි ඉතා සුදසු වන්නේ. නමුත් ඒ සඳහා mobile data අවශ්‍ය වීම යම් අවාසියක්. හේතුව mobile data connection එකක් නැති තැනකට එම ක්‍රමය යොදාගත නොහැකි වනවා. ඒවගේම GPS තරම් එහි නිරවද්‍යතාව නැහැ. ඔබ අත්දැකීමෙන් දන්නව ඇති, ඉතා දුෂ්කර පැත්තක Google Maps දැම්මම ඔබේ location එක dot එකකින් පෙන්වනවා. ඒ GPS භාවිතයෙන් තමයි සිදු වෙන්නෙ. නමුත් එවැනි වෙලාවක mobile connection දුර්වල නිසා navigation කිරීම සිදු කරන්න අමාරුයි. ඒ, GPS realtime වැඩ නොකරන නිසා. මේ ලිපියෙන් GPS හා AGPS වෙනස්කම හා ඔබේ smartphone එක location එක detect කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියල හිතනවා.

අන්තර්ජාලයේදී ආරක්‍ෂිත වීමට නම්

පසුගිය 5 වන දින ලෝක අන්තර්ජාල ආරක්‍ෂිත දිනය ලෙස තමයි හැඳින්වෙන්නෙ. ඊට සමගාමිව ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන්නෙ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම් අන්තර්ජාලය ඔස්සේම විවිධ ආයතන මගින් සිදුවුණා. තමන්ගේ අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් ආරක්‍ෂිත කරගන්න පහසු පියවර 5ක් ගැන තමයි  ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Recovery (ප්‍රකෘතිමත් කිරීමට) ක්‍රමයක් තබා ගැනීම

මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිත වෙනවා. ඒ ජංගම දුරකථන අංකය ආධාරයෙන් සහ ඊමේල් ලිපිනයක් ආධාරයෙන්. මෙය ගිණුම හදද්දිම ලබාදිය යුතු වෙනවා. එසේ නැත්තම් පසු කාලයකදී වුනත් කරගන්න පුළුවන්. මෙමගින් ඔබේ ප්‍රධාන ගිණුම අන්සතු වුවහොත් හෝ ප්‍රධාන ගිණුමෙ password (මුරපදය) අමතක වුණොත් හෝ එය recover කිරීමට පහසු වෙනවා. එහිදී ඔබේ අනන්‍යතාව වෙනත් ක්‍රමයකින් සොයා ගත හැකියි. ඒ අනුව password reset link එකක් වෙත ඔබව යොමු කිරීමට ඔවුනට පුළුවන්.

Unique passwords

මෙය ඉතාම ප්‍රශ්නකාරී කරුණක්. ඔබ අන්තර්ජාලයේ විවිධ ගිණුම් සැදීම සිදු කරනවා. එම විවිධ ගිණුම්වලට විවිධ මුරපද යොදා ඒවා මතක තබා ගැනීම ඇත්තටම ප්‍රයෝගික නැහැ. ඒ නිසා බොහෝ අය එකම මුරපදය හැම ගිණුමටම යොදන්න පෙළඹෙනවා. නමුත් එයින් සිදු වන්නේ එක ගිණුමක හෝ මුරපදය අන්සතු වුණොත් අනිත් හැම ගිණුමක්ම අන්සතු වීමේ risk එක වැඩි වීමයි. මේ සඳහා ඔබට Password Manager Application එකක් හෝ extension එකක් යොදා ගත හැකි. Google Chromeවල එය built-in option එකක් විදියට ලැබෙනවා. ඒ වගේම Apple devices වලත් keychain පහසුකම ලබාදෙනවා. මේ අනුව ඔබේ password එක තැනකින් manage කිරීමට ඔබට පුළුවන්. ඒ වගේම Password  Biometrics Option එක ලබා දෙනවා නම් එය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම password එකක අවම දිග කේත 8ක් දක්වාත් විවිධ සංකේත සමග සංයෝජනය කිරීම මගිනුත් password එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම guess කරන්න පුළුවන් වචන භාවිත නොකිරීමත් සුදුසු වෙනවා. Password generate කරන සේවාවක් වුණත් භාවිත කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා.

Software යාවත්කාලීන කිරීම

ඔබ භාවිත කරන softwares වගේම මෙහෙයුම් පද්ධතියත් නිතරම up-to-date තබා ගැනීම වැදගත් වෙනවා. එයට හේතුව ඒ හැම patch එකකම හෝ release එකක අලුත්ම vulnerabilities වලට විසදුම් අඩංගු කරල තමයි ඔවුන් update එකක් release කරන්නේ. ඒක නිසා නිතරම update කිරීම වැදගත් වෙනවා threats වලින් ආරක්ෂා වීමට. Google Chrome වැනි සමහර applications ඉබේම යාවත්කාලින වීමට තමයි ඔවුන් කටයුතු කරලා තිබෙන්නෙ.

පහත links වලින් විවිධ OSවල update කරන steps ගැන දැනුවත් වෙන්න පුළුවන්.

2-Factor Authentication

2-Factor Authentication එහෙමත් නැත්තම් 2-Step Verification කියන ක්‍රමය අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් අන්සතු නොවීමට ඉතා මහගු කාර්යක් කරනවා. Google, Facebook වැනි සමාගම් තම පාරිභෝගිකයින්ට මෙම පහසුකම නොමිලේ ලබාදී තිබෙනවා. මෙහිදී ගිණුමට අවතීර්ණ වීමට නම් ඔබ යොදන මුරපදයට අමතරව login වෙන වෙලාවේදී ඔබේ ජංගම දුරකථනය ලැබෙන කෙටි අංකයක් හෝ app එක විසින් ඒ වෙලාවේදී generate කරන code එක වැනි ක්‍රම යොදාගන්නවා. මෙය One Time Password (OTP)ලෙසද හැදින්වෙනවා. Online banking වලදී මෙම ක්‍රමය බහුලව භාවිත වෙනවා. Google ගිණුමේ 2-Factor Authentication ක්‍රියාත්මක කිරීමට මෙමගින් පුළුවන්.

Security Checkup

ඔබ භාවිත කරන ගිණුම අනුව මෙම පහසුකම වෙනම ලබාදීම කරනවා එම ආයතන විසින්. උදාහරණයක් ලෙස Google විසින් ලබාදෙන Security Checkup මගින් ඔබේ ගිණුමේ security එක ගැන බලාගන්න පුළුවන්. Security ප්‍රශ්නයක් තිබෙනවා නම් එතන එය පෙන්වනවා. ඒ අනුව ඔබට අවශ්‍ය වෙනස්කම් කිරීමට අවශ්‍ය කරුණු එහිදී බලාගන්න පුළුවන්. මේ වගේම Facebook මගිනුත් ඔබේ ගිණුමේ ආරක්‍ෂිතබාවය මෙමගින් බලාගන්නත් අවශ්‍ය වෙනස්කම් කිරීමටත් අවස්ථාව තිබෙනවා.

Acer Predator League LK 2019

Asia Pacific Predator League Logo

පරිගණක ක්‍රීඩා කියන්නෙ අද වන විට වයස් බේදයකින් තොරව ජනප්‍රිය වෙලා තිබෙන දෙයක්. ඔබ තරුණයකු නම් පාසල් අවධියේ සිටම පරිගණක ක්‍රීඩා කියන දෙය ඔබට එතරම් අළුත් දෙයක් නෙමෙයි. තාක්ෂණය දියුණු වීමත් සමග පරිගණක තාක්ෂණය ඉතා සීග්‍රයෙන් වැඩි දියුණු වෙලා තිබෙනවා. ඒ නිසාම Gaming PC සහ Gaming Laptop කියන දෙයත් දැන් වෙළදපොලේ ප්‍රධාන අළෙවි භාණ්ඩයක් වෙලා තිබෙනවා. ඒ, gaming ඒ තරම්ම රටේ ලෝකෙ ජනප්‍රිය වෙලා තිබෙන නිසා. මේ ජනප්‍රියත්වය නිසා අද වන විට Gaming සඳහා තරග පවා සංවිධානය වෙනවා.

Asia Pacific Predator League 2019

“ආසියා පැසිෆික් ප්‍රිඩේට’ ලීගය” (Asia Pacific Predator League) කියන්නෙ ලෝකයේ ප්‍රධාන පෙළේ Gaming තරගාවලියක්. එය දෙවන වරට පවත්වන්නේ මේ වසරේ පෙබරවාරි මස 15-17 තෙදිනයේය. Predator කියන්නෙ ලෝ සුපතල Acer සමාගම විසින් Gaming සඳහාම වන නිපදවන PC හා Laptop සන්නාමයක්. මෙහි සත්කාරකත්වය දරන්නේ මෙම Predator හා Acer සමාගමයි. Asia Pacific Predator League 2019 තරගය මෙවර පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර National Stadium complex හි Nimibutr Stadium හිදීය. මේ සඳහා තායිවානය, කොරියාව, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, සිංගප්පුරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, මැකව්, හොං කොං, මියන්මාරය හා ශ්‍රී ලංකාව යන රටවල් තරග වදිනවා. මෙවර මුළු ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් ලක්ෂ 4ක් පමණ වෙනවා. එය ලංකාවේ මුදලින් කෝටි 7කටත් අධිකයි.

ගියවර රටවල් 8කින් තමයි මෙය ආරම්භ කර තිබෙන්නේ. නමුත් මෙවර එය 16ක් දක්වා දෙගුණ කර තිබෙනවා. එහිදී DOTA2 තමයි ප්‍රධාන පරිගණක ක්‍රීඩාව වන්නෙ. ඊට අමතරව මේ දිනවල ඉතා ජනප්‍රිය වී තිබෙන PUBG එහෙම නැත්තම් Playerunknown’s Battlegrounds ක්‍රීඩාවත් regional tournament එකක් විදියට පවත් වන බවයි සඳහන් වන්නෙ. ගියවර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රහණය කළේ මැලේසියානු කණ්ඩායමයි. මුලික වටයේ කණ්ඩායම් 1197කින් තොර ගැනුණු රටවල 8ක කණ්ඩායම් 8ක් තමයි තරගයට අවතීර්ණ වුණේ.

Asia Pacific Predator League 2018 Winners
ගියවර ශුරයින් වන මැලේසියවේ Geek Fam

Acer Predator League LK

Acer Predator League LK

Asia Pacific Predator League 2019 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරාගැනීම සඳහා තමයි Acer Predator League LK කියන තරගාවලිය පැවැත්වුයේ. මෙහි තරගකරුවන්ට තරග කරන්න වුණේ කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ DOTA2 එහෙමත් නැත්තම් Defense of the Ancients 2 පරිගණක ක්‍රීඩාවයි. Online ක්‍රමයට දෙසැම්බර් මස 15-30 දක්වා තිබු තරග වටවලින් අවසාන වටයට කණ්ඩායම් 4ක් තෝරාගනු ලැබුවා. ඒ අනුව අවසාන මහා තරගය පැවැත්වුණේ 2019 ජනවාරි 13 වන දින Hilton Colombo Residencies හිදිය.

Acer Predator League LK Winner's Shield
ජයග්‍රාහකයින්ට පිරිනැමුණ පළිහ

මෙහිදී අවසාන මහා තරගයට එක්වුණ කණ්ඩායම් වුණේ x3 (Victorious Secret), PnX (Indomitus.MSI), DeS (Death Sentence), and nA (Bedtime Samurais) කණ්ඩායම් 4යි. Acer Predator League LK ජයග්‍රහණය කර ලබන මස පැවැත්වෙන Asia Pacific Predator League 2019 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදා කරගත්තේ x3 (Victorious Secret) කණ්ඩායමයි. දෙවන ස්ථානය DeS (Death Sentence) කණ්ඩායමටත් තෙවන ස්ථානය nA (Bedtime Samurais) කණ්ඩායමටත් හිමි වුණා. ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් 320,000ක මුදලක් පිරිනැමුණා. මෙහි පිරිනැමුණු මුළු මුදල් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වන අතර ඊට අමතර වෙනත් ත්‍යාගද පිරිනැමුණා. මෙහි විශේෂයක් වුණේ ජයග්‍රාහී කණ්ඩායමට ජයග්‍රාහී පළිහක්ද පිරිනැමුණා. ඊට අමතරව ජයග්‍රහකයින්ට පදක්කම් හා සහතික ද පිරිනැමුණා.

Acer Predator League LK Winners
මෙවර ජයග්‍රාහකයින්
Acer Predator League LK Runners Up
මෙවර අනු ශුරයින්
Acer Predator League LK 2nd Runner Up
මෙවර තෙවන ස්ථානය ලැබුවන්

පික්සල් බිලියන 24.9 යුත් ඡායාරූපයේ ඇත්ත කතාව

පසුගිය දිනවල සමාජ ජාලවල බොහෝ සෙයින් හුවමාරු වුණ ඡායාරූපයක් තමයි චීනය විසින් යවන ළද චන්ද්‍රිකාවකින් ගත් ඡායාරූපයක් යැයි කියන පික්සල් බිලියන 24.9යේ ඡායාරූපය. නමුත් මෙය බොරු ප්‍රචාරයක් බව දැන් නැවතත් ප්‍රකාශ වෙමින් පවතිනවා. ඒ හේතුව නිසා මේ ඡායාරූපය පිටුපස තිබෙන ඇත්ත කතාව ගැන තමයි මේ ලිපිය මගින් කියන්න සුදානම් වෙන්නෙ.

Read More

අළුතෙන් ආපු Apple iPad Pro, Mac Mini හා MacBook Air

පසුගිය ඔක්තෝබර් 30වන දින Apple සමාගමේ තවත් product release එකක් සිදුවුණා. එහිදී Apple iPad Pro, MacBook Air සහ Apple Mac Mini කියන productsහි නවතම සංස්කරණ එළිදැක්වූවා. මෙහිදී ප්‍රධාන ලෙසම කතාවුණ product එකක් වුණේ MacBook Air.

Read More

වැඩ පහසු කරන Virtual Assistants

Assistant කිව්ව ගමන් ඔබට මතක් වෙන්නෙ කෙනෙක්ගෙ වැඩක් කරල දෙන්න ඉන්න කෙනෙක් විදියටයි. ඇත්තටම ඒ වගේ දෙයක් ගැන තමයි අද මේ කියන්න හදන්නෙ. Google assistant, Siri වගේ නම් ඇහුණ ගමන් ඔබට මතක් වෙන්නෙ කටහඬ මගින් මොනව හරි දෙයක් search කරල දෙන tool එකක් විදියට. මෙහි  නිවැරදි technical term එක වෙන්නෙ Virtual assistant කියන එක. Virtual assistant කෙනෙක් කියන්නේ විවිධ tasks හෝ services කරන්න පුළුවන් software agent කෙනෙක්.

  Read More

අළුතෙන් ආපු iOS 12

iOS 12 OS update එක ඇවිත් දැන් දවස් කීපයක් වෙනවා. බොහෝ අය දන්නවා මෙවර update එකෙන් ලොකු features ප්‍රමාණයක් ඇවිත් නැති බව. විශේෂයෙන්ම මේ update එක focus කරලා තියෙන්නෙ iPhone X එක කියල තමා පෙනෙන්නෙ available features එක්ක බැලුවම. මේ update එක iPhone සහ iPad දෙවර්ගයටම අදාලව තමයි release වෙලා තියෙන්නෙ. ඒ වගේම iPod touch 6th generation එකටත් ලබා දීලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ update එක 1.5GB පමණ වෙනවා. Read More

MacOS Mojave

Apple iOS 12 ළඟදි release වුණ බව ඔබ දැනුවත් ඇති. Apple සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන අනිත් OS update එක තමයි ඔවුන්ට සුවිශේෂී වූ Mac OS එක. Apple භාණ්ඩ ඉතා මිල අධික වුවද ඔවුන්ගේ OS ලබාදෙන්නේ නොමිළයේ. නමුත් එම නොමිළයේ ලබාදෙන OS එක භාවිත කිරීමට Apple laptop එකක් හෝ phone එකක් ඔබ සතු වියයුතුයි. මෙම ලිපියෙන් ඔබට කියන්නෙ පසුගිය 24වන දින release වුන අලුත්ම Apple Mac OS එක පිළිබදවයි. Read More

Android පවුලේ නවතම සාමාජිකයා – Android Pie

Android OS පවුලේ අලුත්ම සාමාජිකයා මේ වෙනකොට release වෙලා කියල ඔබ දන්නවා ඇති. ඒ තමයි Android Pie එහෙම නැත්තම් Android 9. හැමදාම වගේ මෙවරත් අතුරුපසක නමක් තමයි යොදල තියෙන්නෙ. අළුත් version එක ගැන කතා කරන්න කලින් පරණ Android versionවල නම් මොනවද කියල මතක් කරගමු ඉස්සෙල්ලාම. Read More

මතක අලුත් කරන Google Photos

අද මට සිදුවුණ දෙයක් නිසා තමයි මේ article එක ලියන්න හිතුවේ. අද මගේ යාලුවෙක්ගෙ birthday එක. පරණ photo කීපයක් අරන් collage එකක් හදල යාලුවට යවන්න මට ඕන වුණා. සාමාන්‍ය විදියට කරානම් පරණ photo හොයන්න පැයක් විතර යනවා. අනික කොයි කලේ ගත්ත photo ද කොහෙද save කරල තියෙන්නෙ මොකුත් මතක නැතිවෙන්නත් පුලුවන්. කොහොම හරි වැඩ වැඩි වෙලාවක යාලුවා surprise කරන්න ගිහින් මගේ පැයක් දෙකක් තුනක් නාස්ති වෙන්නත් තිබ්බා. හැබැයි Google Photos app එක නිසා මට පරණ photo හොයල collage එකක් හදාගන්න විනාඩියක් වගේ තමා ගත වුණේ.

මේ වගේ පැය ගණන් ඉතුරු කරල දෙන්න පුලුවන් සේවාවන් ගොඩක් Google සමාගම විසින් අපි ඕන කෙනෙක්ට භාවිත කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉන් බොහොම වැදගත් කරුණ වෙන්නෙ එම සේවාවන් බොහොමයක් free ඒවා වීම. මෙහෙම ලබාදෙන ඉතා වටිනා සේවාවක් තමයි Google Photos කියන්නෙ. අපි අද බලමු Google Photos වලින් මොනවද අපිට කරන්න පුලුවන් කියල.

Read More

ජනප්‍රියම PHP Frameworks

Backend development කිව්වම ගොඩක් අයට මුලින්ම මතකයට නැගෙන්නේ PHP language එක. Java, .Net, Ruby වගේ ගොඩක් languages අතරින් ඉගෙන ගන්න වගේම භාවිතය පහසු නිසා PHP ගොඩක් ජනප්‍රියයි. නමුත් Node.js හි ආගමනය එක්ක PHP වලට තිබුණ තැන යන්තම් අඩුවෙලා වගෙත් පේන්න තිබෙනවා. නමුත් PHP development කරන developers ලා තාමත් ඕන තරම් ඉන්නවා.

Read More