TechWire

Author - Lihini Senanayake

බ්‍රවුසර ලෝකයේ නවතම පෙරළිය – Spartan වෙබ් බ්‍රවුසරයබ්‍රවුසර ලෝකයේ නවතම පෙරළිය – Spartan වෙබ් බ්‍රවුසරය

එදා මෙදා තුර ලොව වැඩියෙන්ම විවේචනයට ලක් වූ වෙබ් බ්‍රවුසරය ලෙස Internet Explorer හැඳින්විය හැකිය. එම යුගයට තිත තබමින් නවතම වෙබ් බ්‍රවුසරයක් හඳුන්වා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම දැන් සූදානම්ව සිටී. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ කලඑලි බැසීමට නියමිත මෙම වෙබ් බ්‍රවුසරය Spartan යන සංකේත නාමයෙන් හැඳින්වේ. පසුගිය ජනවාරි 21 වන දින පැවැත්වූ වින්ඩෝස් 10 මූලික කරගත් හඳුන්වා දීමේ වැඩසටහනක දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම වෙබ් බ්‍රවුසරයෙහි ආදර්ශනයක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව නිල වශයෙන් අනාවරණය කරන ලදී.

Cortana in action ([4])

Cortana in action ([4])

පරිශීලක අතුරු මුහුණත (User Interface) අතින් ගත් කල Internet Explorer වෙබ් බ්‍රවුසරයට වඩා Spartan වෙබ් බ්‍රවුසරයෙහි සැලකිය යුතු වෙනසක් ඇති බව පෙනේ. එය Chrome හා Firefox වෙබ් බ්‍රවුසරවල අතුරු මුහුණතට සමාන කමක් දක්වයි.

කෙසේ නමුත් Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ Internet Explorer 11 වෙබ් බ්‍රවුසරයත් ඇතුළත්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පවසා ඇත. ඒ Internet Explorer වල භාවිතා වුන සමහර තාක්ෂණ Spartan වෙබ් බ්‍රවුසරය විසින් අතහැර දමා ඇති බැවිනි. ActiveX හා Browser Helper Objects යොදා ගෙන Internet Explorer වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විවිධ ව්‍යාපාර වෙබ් අඩවි (enterprise websites) අපහසුවකින් තොර ව පවත්වා ගෙන යාම සඳහා වෙබ් බ්‍රවුසර දෙකම Windows 10 මෙහෙයුම් පද්ධතියට ඇතුලත් කිරීමට පියවර ගනු ඇත.

microsoft-windows-10-live-verge-_0857.0

Spartan Reading Mode ([4])

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Spartan වෙබ් බ්‍රවුසරය සංවර්ධනය කෙරෙනුයේ අන්‍යෝන්‍ය කාර්යකාරිතාව (interoperability) හා Internet Explorer සමඟ ගැළපුම (compatibility) සිත් හි තබා ගෙනයි. Spartan වෙබ් බ්‍රවුසරය Windows 10 මෙහෙයුම් පද්ධතියෙහි පරිගණක හා ජංගම යන අනුවාද (PC and mobile versions) ද්විත්වය තුලම පෙරනිමි (default) බ්‍රවුසරය වනු ඇත. ඒ අනුව පරිශීලකයාට පරිගණකය වේවා තම Windows phone එක ‍වේවා සෑම උපකරණයක්හරහාම එකම වෙබ් බ්‍රවුසරයක කටයුතු කර ගැනීමට අවස්ථාව සැලසේ.

Internet Explorer හි වෙබ් පිටු render කරනුයේ Trident layout engine එක භාවිතා කර ගනිමිනි. Spartan වෙබ් බ්‍රවුසරය සඳහා නවීන වෙබ් තාක්ෂණයට අනුගත වන පරිදි Trident layout engine එක පාදක කොට ගත් නව layout engine එකක් භාවිතා කර ඇත. එය Edge නමින් හැඳින්වේ. නවීන තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද වෙබ් පිටු මෙම Edge layout engine එක භාවිතා කරගනිමින් Spartan වෙබ් බ්‍රවුසරය විසින් render කරනු ලබන අතර අවශ්‍ය පරිදි කලින් සඳහන් කල කලක පටන් පැවත එන (legacy) ව්‍යාපාර වෙබ් අඩවි Internet Explorer හි භාවිතා කරන Trident layout engine එක භාවිතා කරමින් render කිරීමටද හැකියාව ඇත. JavaScript කේත ක්‍රියාත්මක කිරීම සඳහා පෙර භාවිතා කල Chakra JavaScript Engine එක භාවිතා වනු ඇත. Chakra දැනට පවතින JS Engine අතර මන්දගාමී JS Engine එකක් ලෙස සැලකෙන බැවින් එය නව වෙබ් බ්‍රවුසරයට පසුබෑමක්ද විය හැකිය.

Spartan වෙබ් බ්‍රවුසරයෙහි එක් සුවිශේෂී අංගයක් වනුයේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලබා දෙන විවිධ අන්තර්ජාල සේවා හා එකතු වී ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. Cortana digital assistant එවැනි එක් සේවාවකි. එමගින් පරිශීලකයාට voice commands යොදා ගනිමින් වෙබ් බ්‍රවුසරය හැසිරවීමට හැකියාව ඇත. මීට අමතරව පරිශීලකයාට වඩාත් අදාළ සෙවුම් ප්‍රතිඵල ලබා දීමද එමගින් සිදු කරයි. පරිශීලකයා යම් අවන්හලක වෙබ් පිටුවට ගිය විට Cortana විසින් එම අවන්හලට මාර්ගය, විවෘත කර ඇති වෙලාවන් හා දුරකථන අංක වැනි විස්තර, කැමති නම් එම අවන්හලේ reservation එකක් කර ගැනීමට යනාදී සේවාවන් ලබා දීමට ඉදිරිපත් වේ. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Cortana සඳහා සහය Windows 10 මෙහෙයුම් පද්ධතිය තුලම ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙය පරිශීලකයාට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.Chakra දැනට පවතින JS Engine අතර මන්දගාමී JS Engine එකක් ලෙස සැලකෙන බැවින් එය නව වෙබ් බ්‍රවුසරයට පසුබෑමක්ද විය හැකිය.

Spartan Note Mode ([4])

Spartan Note Mode ([4])

වෙබ් පිටු මත සටහන් තැබීමටද Spartan වෙබ් බ්‍රවුසරය හරහා හැකියාව ලැබෙනු ඇත. Microsoft Office ගොනු වල කල හැකි පරිදි වෙබ් පිටුවේ තම අදහස් හා සටහන් ලිවීමටත් ඒවා OneDrive හරහා තම සගයන් හා බෙදා හදා ගැනීමටත් පරිශිලකයාට මේ හරහා අවස්ථාව උදා වේ. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ආදර්ශනයේ වැඩියෙන්ම පෙන්වූ අංගය මෙය වන බවද සටහන් වේ.

Safari වෙබ් බ්‍රවුසරයෙහි දක්නට ඇති Reading List හා Reading Mode අංග නව Spartan වෙබ් බ්‍රවුසරයටද ඇතුලත් කර ඇත. Reading List හරහා පරිශීලකයාට අවශ්‍ය ලිපි අන් අය සමඟ බෙදා ගැනීමට, පසුව කියවීම ස‍ඳහා තබා ගැනීමට හා වෙනත් Spartan වෙබ් බ්‍රවුසරයක් හරහා බැලීමටද හැකියාව ලැබේ. Reading Mode මගින් වෙබ් පිටුවක ඇති අනවශ්‍ය කොටස් ඉවත් කොට කියවීමට පහසු ආකාරයෙන් එය සකසා දෙයි.

‍Spartan වෙබ් බ්‍රවුසරයට plug-in මගින් විවිධ functionality එකතු කර ගැනීමට හැකියාව ලබා දෙන බවට මයික්‍රොසොෆ්ට්  සමාගම පවසා ඇත. එනමුදු මෙම plug-ins Spartan වෙබ් බ්‍රවුසරයටම විශේෂිත ඒවා විය යුතුද නැත්නම් Chrome හා Firefox වැනි වෙබ් බ්‍රවුසර සමගත් ක්‍රියා කල හැකි පන්නයේ ඒවාද යන්න ඔවුන් මෙතෙක් පවසා නොමැත.

නව වෙබ් බ්‍රවුසරයේ ප්‍රකාශිත විවිධාංග අතරින් තවත් එකක් වනුයේ පරිශීලකයාට රිසි පරිදි tabs කිහිපයක් එකට group කිරීමට ඇති හැකියාවයි. විවිධ සෙවුම්වලට අදාල tab groups වශයෙන් සංවිධානය කරගත් කල එක වර වැඩ කිහිපයක් කරන පරිශීලකයාට එය කාර්යක්ෂමව කර ගැනීමට හැකි වනවා නොඅනුමානය.

Internet Explorer දැනට පරිශීලකයාට ලැබෙන්නේ මෙහෙයුම් පද්ධතිය තුල ස්ථාපනය කොටය. එය යාවත්කාල කිරීම කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීම හරහායි. මෙම නිසා නිතර යාවත්කාල නොකරන පරිශීලකයාට ඒවා මග හැරී යයි. මෙයට විසඳුමක් ලෙස Spartan වෙබ් බ්‍රවුසරය Windows store app එකක් ලෙස ඉදිරිපත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ අවධානය යොමු වී තිබේ. මෙමගින් එය නිතර යාවත්කාල කිරීම මයික්‍රොසොෆ්ට් සමාගමට පහසු වනවා සේම පරිශීලකයාටද වෙබ් බ්‍රවුසරය යාවත්කාලීනව තබා ගැනීම පහසු වනවා ඇත.

නව Spartan වෙබ් බ්‍රවුසරය ලඟදීම මෘදුකාංග පරීක්ෂකයන් සඳහා නිකුත් වීමට නියමිත බව මයික්‍රොසොෆ්ට් සමාගම එය හඳුන්වා දීමේ වැඩසටහනේදී පවසා ඇත. එනමුදු එය මෙම පෙබරවාරි මාසයේ පැවැත්වෙන Windows phone හා කුඩා tablet සඳහා වන Windows 10 මෙහෙයුම් පද්ධතිය ප්‍රදර්ශනයේදී එයට Spartan වෙබ් බ්‍රවුසරය ඇතුලත් නොවන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධාරීන් තහවුරු කර ඇත.

යොමුව

  1. http://www.zdnet.com/article/microsoft-is-building-a-new-browser-as-part-of-its-windows-10-push/
  2. http://www.zdnet.com/article/microsofts-spartan-browser-whats-under-the-hood/
  3. http://blogs.msdn.com/b/ie/archive/2015/01/22/project-spartan-and-the-windows-10-january-preview-build.aspx
  4. http://www.theverge.com/2015/1/21/7863331/microsoft-project-spartan-new-web-browser
  5. http://thefusejoplin.com/2015/02/windows-10-consumer-version-debut-spartan-web-browser-goodbye-internet-explorer/
  6. http://www.cnet.com/news/microsoft-officially-introduces-its-spartan-browser/
  7. http://www.cnet.com/news/more-details-leak-about-microsofts-spartan-browser/
  8. http://www.pcworld.com/article/2876356/confirmed-microsoft-spartan-browser-will-have-extensions-unlike-internet-explorer.html

2014 Tech Trends2014 තාක්ෂණික ප්‍රවණතා

තාක්ෂණය, මෙවලම් හා සමාජ මාධ්‍ය

කාලය මෙන් නොනැවතී ඉදිරියටම ඇදෙන තාක්ෂණය සැමදා විවිධ අංශයන්ගෙන් ලෝකයාගේ ජීවන රටාව වැඩි දියුණු කිරීමෙහිලා පිටුවහල් වේ.2013 වසර එලෙසින් තාක්ෂණික ප්‍රගමනය මනා ලෙස දිස්වූ වසරකි. මෙයට හොඳම උදාහරණය ටැබ්ලට් පරිගණක අත්කර ගත් ජනප්‍රිය භාවයයි.2014 වසරේදීත් මෙලෙසින් ලෝකය හමුවේ නැගී එන නව තාක්ෂණය හා නව මෙවලම් විප්ලවීය වෙනසක් ඇති කරනු නියතය.මීට අමතරව සමාජ මාධ්‍ය ගත් කල එය පහුගිය වසර කිහිපය ඇතුලතම ශ්‍රී ලංකාව තුල නැගී එන ප්‍රවණතාවයක් දැක්වූ මාතෘකාවක් වූයේය. එසේනම් මෙම වසරේ උණුසුම් මාතෘකා වන තාක්ෂණික ප්‍රවණතා හා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යප්‍රවණතාමොනවාදැයි මෙම ලිපියෙන් වැඩි දුරටත් විමසා බලමු.

තාක්ෂණික ප්‍රවණතා

ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණය පිලිබඳ පර්යේෂණ ආයතනයක් වන ගාට්නර් ආයතනය විසින් Gartner Symposium/ITxpo 2013 සම්මන්ත්‍රණයේදී ප්‍රකාශයට පත් කල හොඳම තාක්ෂණික ප්‍රවණතා 10 අතරින් සිත් ඇදගන්නා සුළු සමහරක් මෙසේයි.

Personal Cloud

තමාගේ පෞද්ගලික පරිහරණය උදෙසා Cloud සේවාව මහජනයා අතර ජනප්‍රිය වීම[LP1] .  දැනටමත් බොහෝ දෙනා භාවිතා කරන social media (උදා: Facebook, Twitter,  Instagram), email සේවාවන්ට අමතරව අන්තර්ජාලයේ ගොනු රඳවා තබාගන්නා සේවාවන් (උදා: Dropbox, Google Drive, SkyDrive), Online office applications (උදා: Google Docs, Microsoft Office Web Apps), Online photo sharing services (උදා: Flickr, Google Picasa) මෙලෙසින් මහජන අවධානය වැඩියෙන් දිනා ගනීවියැයි බලාපොරොත්තු වේ.

Personal Cloud

 

Mobile apps and HTML5 applications

එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ආධාරයක් ලෙස මහජනයා වැඩි වැඩියෙන් mobile apps වැළඳගැනීමට ඇති ප්‍රවණතාවය වැඩිය.HTML 5 තුලින් Javascript වල ක්‍රියාකාරීත්වයවැඩිදියුණු වීම නිසා apps නිර්මාණය කිරීම තවත් පහසු වී ඇත. Android, iPhone වශයෙන් වෙන් වෙන්ව නොව පොදුවේ එක් app එකක් නිර්මාණය කිරීමේ හැකියාව නිසා HTML 5 බොහෝ සෙයින් ජනප්‍රිය වේ යැයි අපේක්ෂා කෙරේ.

HTML5

Internet of things

නිවසේ ඇති විද්‍යුත් උපරකරණ ජාලගත කිරීමේ කාර්යයට දැනටමත් Nest හා Philips යන ආයතන අත ගසා ඇත. 2014දී මෙලෙසින් ජාලගත කල හැකි නව උපකරණ වෙළෙඳ පොලට එනු ඇත.

3D printing

3D printing

3D Printers යොදා ගෙන ප්ලාස්ටික් අනුරූ සැකසීම දැන් වඩාත් පහසු හා ලාභදායී ක්‍රමයක් බවට පත්ව ඇත. කෙටි කාලීන නිෂ්පාදනයන්හා පවා මෙම ක්‍රමය යොදා ගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙම වසරේදී 3D printer වෙළඳාම 75% වැඩිවේවියැයි අපේක්ෂා කෙරේ.

Wearable computers

Google Glass මේ වසරේදී $1500 වැනි මුදලකට වෙළෙඳ පොලට නිකුත් කිරීමට Google සමාගම බලාපොරොත්තු වේ.මීට අමතරව සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නිපැයූ දුවන විට හදවතේ ස්පන්දනය මනින, පුද්ගලයෙකුගේ නිදාගන්නා ප්‍රමාණය වැනි දෑ මනින පළඳනා වල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් 2013 වසරේදී අඩු වීම නිසා ඒ පිලිබඳ මහජන ආකර්ෂනය මේ වසරේදී වැඩි වේයැයි අපේක්ෂා කෙරේ. Apple, Samsung සහ Sony යන සමාගම් තුනෙන්ම මෙම වසරේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන smart watch ඔබගේ smartphone එකත් සමඟ සමකාලිකව (synchronized) ක්‍රියා කරන ඔරලෝසුවකි.

Wearable Media

Smart machines

IBM සමාගම පහුගිය වසරේ තමන්ගේ Watson යන සුපිරි පරිගණකය මහජනයාගේ භාවිතය උදෙසා අන්තර්ජාලය සමඟසම්බන්ධ කලේය. මෙය යොදාගෙන නිර්මාණය කරන AskWatson apps ඉදිරියේදී iPhone  Siriහා Google Voice සමඟ කරටකර තරඟයක යෙදේ යැයි අපේක්ෂා කෙරේ. කෙසේ නමුත් AskWatson apps මුලින්ම නිර්මාණය වනුයේ විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව උදෙසා බව ප්‍රකාශ වී ඇත.

මීට අමතරව අන්තර්ජාලයේ කරන ලද සොයා බැලීමේදී හමුවූ ඉදිරියට ඒවියැයි අපේක්ෂා කරන තාක්ෂණ කිහිපයක් මෙසේයි.

Ultra HD 4K

HD – 720p හා Full HD – 1080p ට පසු මීලඟට අප හමුවට එන්නේ Ultra HD – 2160p වේ.

Ultra HD

Biometrics

ඇඟිලි සලකුණු, ඇස වැනි දෑ යොදා ගනිමින් ඩිජිටල් දත්ත සුරැකීම කලක සිටන් පැවත එන තාක්ෂණයක් වුවත් මහජනයාගේ භාවිතය සඳහා මෙම ක්‍රමය යොදා ගත්තේ අඩුවෙනි. එනමුත් ගිය වසරේ එලි දැක්වූ iPhone 5S සමඟ ආ ඇඟිලි සලකුණ යොදා ගෙන දුරකථනය unlock කිරීමේ පහසුකම එය වඩාත් මහජනයා අතර ජනප්‍රිය කිරීමට සමත් වුනි. මෙනිසා ඉදිරියේදී මෙම තාක්ෂණය මහජනයාට සමීප කරවන උපාංග බොහෝ සෙයින් නිර්මාණය වේයැයි බලාපොරොත්තු වේ.

biometrics

නව උපාංග

නව තාක්ෂණයේ නව උපාංග අත්දැකීමට කැමති ඔබගේ විනෝදාස්වාදය උදෙසාම සිත් ඇදගන්නා සුළු පෙනුමෙන් හා ගුණාංග වලින් සපිරුනු උපාංග බොහෝමයක් 2014 වර්ෂයේදී වෙළෙඳ පොලට හඳුන්වාදීමට නියමිතය.

http://www.youtube.com/watch?v=7wnJpoAhOmg>

පාරිභෝගික ප්‍රවණතා

Ericsson ConsumerLab විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ කරුණු අනුව 2014 වර්ෂයේදී හා ඉන් ඉදිරියට තාක්ෂණය හා බැඳුනු පාරිභෝගකයාගේ නැඹුරුතා 10ක් හඳුනාගෙන තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා එම ආයතනය විසින් ඒ පිලිබඳව දැනුවත් කිරීම උදෙසා නිර්මාණය කෙරුනු වීඩියෝවයි. එයින් දක්වන ප්‍රවණතා මෙසේයි.

  • – එදිනෙදා දිවියේ හැකි සෑම කටයුත්තක් උදෙසාම Mobile apps භාවිතයේ වැඩි නැඹුරුවට අනුකූලව සමාජයේ වෙනස්වීම.
  • – ශරීරාංග මුරයෙදුම් ලෙස භාවිතා කිරීම
  • – Smartphone එක එදිනෙදා personal tracking device එකක් ලෙස භාවිතා කිරීම (උදා: නිදාගන්නා පැය ගණන මැනීමට, දිනකට ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය මැනීමට)
  • – වැඩිවන අන්තර්ජාල පරිභෝජනයත් සමඟ ඕනෑම තැනක සිට පහසුවෙන් අන්තර්ජාල පහසුකම ලබාගැනීමට ඇති අවශ්‍යතාවය.
  • – අන්තර්ජාලය පෞද්ගලිකත්වයට තර්ජනයක් වුවත් එයින් අත්වන ප්‍රයෝජන පිලිබඳ ඊට වඩා උනන්දු වීම.
  • – නරඹන වීඩියෝ වලින් බොහොමයක් යහළුවන් විසින් නිර්දේශ කරනු ලැබූ ඒවා වීම.
  • – අන්තර්ජාලයේ පරිභෝජනය කරන දත්ත ප්‍රමාණය පිලිබඳ සැලකිලිමත් වීම.
  • – සෑම දෙයක්ම සංවේදක මඟින් තමාගේ චලනයන් සඳහා ප්‍රතිචාර දැක්වීම.
  • – ගමනේ යෙදෙන ගමන් video streaming කිරීම.

සමාජ මාධ්‍ය ප්‍රවණතා

මෙම ලිපියේ අවසාන කොටසෙන් ශ්‍රී ලංකාවේ පහුගිය වසර ඇතුලත සමාජ මාධ්‍ය භාවිතය පිලිබඳ සලකා බලමු. Loops Solutions විසින් ගෙන එන පහත වීඩියෝවෙන් ලංකාවේ ජනයා සමාජ මාධ්‍ය භාවිතය හා එහි හැසිරීම පිලිබඳ ගෙන එන සංඛ්‍යානමය දත්ත කාගෙත් අවධානය දිනාගන්නා සුලුයි. ඔබ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් නම් තවමත් ඔබ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයේ නොයෙදේනම් මේ එයට හොඳම කාලය බව මෙම වීඩියෝව මොනවට පසක් කර දෙයි.

Image credits: digitaltrends.com, businessinsider.com. broadbandnews.com, gsmarena.com, techradar.com, makerbot.com, zdnet.com, tabtimes.com

2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර… – දෙවන කොටස

පළමුවන කොටස

භාවිතය අනුව ලැප්ටොප් පරිගණක NetBook, UltraBook, Mainstream, Business, Gaming, Entertainment හා Desktop Replacement වර්ග කල හැකියි.

ශ්‍රී ලංකාවේ NetBook එතරම් ජනප්‍රිය නොවුනත් අනෙකුත් ඕනෑම වර්ගයක ලැප්ටොප් පරිගණකයක් ලංකාවේ වෙළඳ පොලේ පහසුවෙන් සොයා ගත හැකියි. යට කියන ලද කාණ්ඩ අනුව වර්ග කල වෙළඳ පොලේ බහුලව දක්නට ඇති පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. මෙම පරිගණක මාදිලි හා සඳහන් කොට ඇති මිල ගණන් මෙම ලිපිය ලියැවුනු කාලයේ වෙළඳ පොලේ දක්නට ලැබුණු මාදිලි හා මිල ගණන් බව සලකන්න. මේවා කාලයත් සමඟ වෙනස් වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම ඇපල් මැක්බුක් වර්ගයේ පරිගණකවල මිල විචල්‍යතාවය රු. 10,000 සිට 25,000 දක්වා අගයක් ගැනීමට ඉඩ ඇත. සියළු මිල ගණන් දක්වා ඇත්තේ රුපියල් වලිනි.

NetBook

netbook

  • ප්‍රමාණය – අඟල් 7 සිට 10 දක්වා
  • භාවිතය – ප්‍රධාන වශයෙන් අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා. කුඩා ප්‍රමාණය හා බරින් අඩු බව නිසා පහසුවෙන් නිතර නිතර එහා මෙහා ගෙනයන්නට පුලුවන්.

UltraBook

mac book air

  • – භාවිතය – ලැප්ටොප් පරිඝණකය නිතර එහා මෙහා ගෙන ගොස් වැඩ කිරීමට අවශ්‍ය අයගේ භාවිතය උදෙසා නිර්මාණය වී තිබෙනවා.
  • – ගති ලක්ෂණ – බර අඩු බව, දිගු බැටරි කාලය (5-6 hours), සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයට වඩා තුනී බව
    • – MacBook Air
      • – 11” (147,000 පමණ)
      • – 13” (161,000 පමණ)
  • – MacBook Pro
    • – 13” (172,000 පමණ)
  • – MacBook Pro Retina
    • – 13” (288,000 පමණ)
  • – HP SleekBook
    • – Core i3 (64,000 පමණ)
    • – Core i5 (81,500 පමණ)
  • – HP Envy Ultrabook
    • – Core i5 (100,000 – 130,000)
  • – Toshiba Satellite U series
    • – Core i3 (86,000 පමණ)
    • – Core i5 (114,000-119,000)
    • – Core i7 (183,000 පමණ)
  • – Dell Latitude

Mainstream

  • – ප්‍රමාණය – අඟල් 14 සිට 15.6 දක්වා
  • – භාවිතය – බහුලව භාවිතා වන්නේ මේ වර්ගයේ ලැප්ටොප් පරිඝණක වේ. එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතු සඳහා මෙන්ම මෘදුකාංග ක්‍රමලේඛනය උදෙසාත් මෙම පරිඝණක භාවිතා වෙනවා. ලැප්ටොප් පරිඝණකය නිතරම එහා මෙහා ගෙන ගොස් වැඩ කිරීමට අවශ්‍ය නැති අයගේ භාවිතය උදෙසා නිර්මාණය වී තිබෙනවා.
  • – ගති ලක්ෂණ – UltraBook වලට වඩා බර වැඩි වේ, බැටරි කාලය අඩු වේ (පැය 3-4)
  • – පහත සඳහන් ලැප්ටොප් වර්ග ලංකාවේ වෙළඳ පොලේ බහුලව දැක ගත හැකියි
    • – Dell Inspiron
      • – Core i3 (60,000 – 75,000)
      • – Core i5 (73,000 – 86,000)
      • – Core i7 (97,000 – 110,000)
  • – HP Pavilion
    • – Core i3 (62,000 – 67,000)
    • – Core i5 (78,000 – 90,000)
    • – Core i7 (94,000 – 103,000)
  • – Toshiba Satellite
    • – C Series
      • – Dual Core (46,000 – 51,000)
      • – Core i3 (57,000 – 70,000)
      • – Core i5 (78,000 – 90,000)
      • – Core i7 (110,000)
    • – L Series
      • – Core i3 (71,000)
      • – Core i5 (74,000 – 90,000)
    • – R Series
      • – Core i5 (100,000 පමණ)
  • – Lenovo
    • – G Series
      • – Dual Core (50,000 පමණ)
      • – Core i3 (54,000 – 63,000)
      • – Core i5 (75,000 පමණ)
    • – Z Series
      • – Core i3 (80,000 පමණ)
  • – Asus
    • – K Series
    • – X Series
      • – Core i3 (55,000 – 65,000)

Business

dell vostro

  • Laptops for small business යනු ව්‍යාපාරික ලිපිගොනු ගබඩා කර ගැනීමට, ඒවා නිතරම එහා මෙහා රැගෙන යාමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් උදෙසාම නිර්මාණය වූ ලැප්ටොප් පරිගණක වර්ගයකි. කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් ඉලක්ක කොට නිෂ්පාදනය වූ පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. දත්ත ගුප්තකේතනය (data encryption) කිරීමේ පහසුකමත් මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක සමඟ ලැබේ.
    • – Dell Vostro (66,000 පමණ)
    • – HP ProBook
      • – Core i3 (61,000 – 75,000)
      • – Core i5 (82,000 – 87,000)
      • – Core i7 (125,000 පමණ)
  • – Toshiba L Series
    • – Core i3 (71,000)
    • – Core i5 (74,000 – 90,000)
  • – මීට අමතරව වැඩිපුර ආරක්ෂක ඇති පරිගණක Business Laptops යනුවෙන් හැඳින්වෙනවා. මෙවැනි මාදිලියේ පරිගණකවල තිබිය යුතුම ගුණාංග වන කල් පවතින බව හා වේගය මෙම ලැප්ටොප් පරිගණක වල දක්නට ලැබෙනවා. මේවායේ ඇති ආරක්ෂක අංග සඳහා උදාහරණ ලෙස TPM hardware encryption හා LoJack දැක්විය හැකිය. පාරිභෝගිකයන්ගේ සංවේදී දත්ත සමඟ වැඩ කටයුතු කරන අයට මෙම පරිගණක වඩාත් වැදගත් වන බව සඳහන් කිරීමට හැකිය. මෙම වර්ගයට අයත් ලැප්ටොප් පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. පරිගණකයකත් සමඟ ලැබෙන ආරක්ෂක අංග මාදිලියෙන් මාදිලියට වෙනස් වන බව සලකන්න.
    • – Dell Latitude (165,000 පමණ)
    • – HP EliteBook (100,000 – 160,000)
    • – Lenovo ThinkPad

Gaming

Alei

මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක් ගතහොත් ඹ්නෑම කෙනෙකු ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ එහි graphics වෙතටයි. ඉන්පසු CPU එක හා පරිගණකයේ තිර ප්‍රමාණය සලකා බැලේ. එයට හේතුව මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක නිර්මාණය වී තිබෙන්නේ පරිගණක ක්‍රීඩකයන්ට වඩාත් සිත් ඇදගන්නා සුළු ක්‍රීඩා අත්දැකීමක් ලබා දීම උදෙසායි. සාමාන්‍යයෙන් මෙම පරිගණක බරින් වැඩි වේ. වෙළඳ පොලේ දක්නට ලැබෙන Gaming Laptop මාදිලි කිහිපයක් මෙසේයි.

  • – Dell Alienware (280,000 පමණ)
  • – Toshiba Qosmio (180,000 පමණ)
  • – Toshiba Satellite P Series
  • – Toshiba Satellite S Series
  • – Asus ROG G750 (360,000 පමණ)
  • – Asus G Series (250,000 පමණ)

Entertainment

Dell xps

විනෝදාස්වාදය උදෙසාම නිර්මාණය වූ පරිගණකවල ගති ලක්ෂණ ලෙස වැඩි විභේදනයකින් යුතු 1080p තිරය, යතුරු පුවරුවේ ඇති ගීත හෝ වීඩියෝ ධාවනය හා ශබ්දය පාලනය කල හැකි කෙටි යෙදුම් යතුරු, ප්‍රමාණයෙන් විශාල දෘඩ තැටිය, වැඩි ගුණාත්මක භාවයකින් යුතු ශබ්දය දක්වන්නට හැකිය. පහත දැක්වෙන්නේ එවැනි මාදිලි කිහිපයකි. මාදිලියෙන් මාදිලියට ඉහත ගුණාංග වෙනස් වන බව සලකන්න.

  • – Dell XPS (200, 000 පමණ)
  • – Dell Inspiron SE
  • – HP Envy 15, 17 (120,000 – 180,000)
  • – Toshiba Satellite P Series
  • – Toshiba Satellite S Series (132,00 – 150,000)
  • – Asus N Series

Desktop Replacement

මෙම නම කියවූ විටදීම ඔබ මෙම වර්ගයේ පරිගණක වල භාවිතය නිගමනය කරන්නට ඇති. Desktop පරිගණකයක කාර්යක්ෂමතාවයද තැනින් තැනට මාරු කිරීමේ හැකියාවද අවශ්‍ය පරිශීලකයන් උදෙසා මෙම වර්ගයේ පරිගණක නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා කරන්නන් හා වෘත්තිකයන් (video editor, photographer, engineer වැනි) මෙම පරිගණක බොහෝ ප්‍රයෝජනවත් වේ. තිර ප්‍රමාණය 16” වැඩි මෙම පරිගණක බරින් ඉතා අධික වේ. එමෙන්ම බැටරි ආයු කාලයත් කුඩා වේ. එම නිසා Mainstream වර්ගයේ පරිගණක මෙන් භාවිතයට මේවා සුදුසු නැත. බලසම්පන්න CPU එක හා විශාල RAM හා දෘඩ තැටි ධාරිතාව මෙම පරිගණකවල අමතර ගතිලක්ෂණ වේ.

  • – Dell Inspiron 15, 17
  • – HP EliteBook (99,000 – 156,000)
  • – HP Envy 17 (180,000 පමණ)
  • – HP Spectre 13 (162,000 පමණ)
  • – Toshiba Qosmio (180,000 පමණ)

අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ ඔබ කුමන ආකාරයේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත්තත් එය මිලදී ගන්නට පෙර අදාල මාදිලිය ගැන අන්තර්ජාලයේ වැඩිදුර තොරතුරු සොයා බලන ලෙසයි. මෙයට හේතුව පරිගණක නිශ්පාදකයන් අවුරුදු පතා විවිධ මාදිලියේ පරිගණක වෙළඳ පොලට නිකුත් කලත් සමහර ඒවා විවිධ හේතු මත අසාර්ථක නිෂ්පාදන වීමයි (උදා: ලැප්ටොප් පරිගණකය අධික ලෙස රත් වීම, නිෂ්පාදකයා සඳහන් කරනවාට වඩා ඉතා අඩු බැටරි ආයු කාලය). පරිගණකය විකුණන පුද්ගලයා කුමක් කියුවත් අදාල පරිගණක මාදිලියේ පරිශීලක විචාර (user reviews) සොයා බැලූ කල ඔබ මිලදී ගන්නා යන පරිගණකය ඔබ ගෙවන මුදලට සරිලන වටිනා කමක් ඔබට ලබා දෙනවද නැද්ද යන වග පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ.

2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර… – පළමුවන කොටස

පරිගණක වෙළඳ පොල ඉතා විශාල වශයෙන් විවිධත්වයෙන් යුතුවෙනවා. තෝරා ගැනීමට විවිධ වෙළඳ ලකුණෙන් විවිධ මාදිලියේ විවිධ ප්‍රභේදයන් ගෙන් යුත් පරිගණක බොහෝමයක් අද දකින්නට පුලුවන්. මේ අතරින් ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට සරිලන පරිගණයක් තෝරා ගැනීම නිසියාකාර දැනුමකින් තොරව නම් ඉතා අසීරු කාර්යයක් වන බවට විවාදයක් නැත. සමහරවිට ඔබ දැනටමත් එම අත්දැකීමට මුහුණ දී ඇති. බොහෝ දෙනා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය මූලික කොට ගෙන පරිගණකයක් මිලදී ගන්නට සිතත් සමහරවිට එය ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නොගැලපිය හැකියි. මෙම වෑයම ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් සෑහීමට පත්වෙන ලෙස ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම උදෙසා ඔබට අත්වැලක් සැපයීමටයි.

laptop

ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට ලැප්ටොප් පරිගණකයක් වෙත බොහෝ දෙනා යොමු වන්නේ එය එහා මෙහා ගෙන යා හැකි නිසයි. නමුත් ලැප්ටොප් පරිගණකවල ජනප්‍රිය භාවය නිසාම අද ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට භාවිතා කල හැකි ඒ හා සමාන කාර්යක්ෂමතාවයකින් යුත් ලැප්ටොප් පරිගණක පවා දක්නට ලැබෙනවා. කෙසේ වුවත් කලින් සඳහන් කල පරිදි ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ. ඒ සමඟම සිතා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. පරිගණකයක් මිලදී ගැනීමට පෙර

  • – වියදම් කල හැකි මුදල් ප්‍රමාණය,
  • – පරිඝණකය භාවිතා කරන්නේ කුමන අවශ්‍යතා සඳහාද,
  • – නිතරම පරිඝණකය එහා මෙහා ගෙනයනවද නැද්ද යන වග,
  • – විදුලියට සම්බන්ධ නොකර භාවිතා කිරීමට අවශ්‍ය වන අවම කාලය,
  • – ඔබට පහසු තිර ප්‍රමාණය,
  • – තොරතුරු රැඳවීමට කෙතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද යන වග,
  • – අවශ්‍ය කවුළු (ports) හා ඉදිරියට තවත් අංග එක් කිරීමට අවශ්‍යද යන වග,
  • – පරිගණකයෙහි තිබිය යුතු ආරක්ෂාව,
  • – Warranty

යන කරුණු පිලිබඳ අවධානයක් දැක්වීම වැදගත් වේ. මෙම ප්‍රශ්න වලට ඔබට පිලිතුරු සොයා ගැනීමට හැකි වුවහොත් පරිගණකයක් තෝරා ගැනීමේ කාර්යය පහසු කර ගත හැකියි. සමහර ප්‍රශ්න යමෙකුට වැදගත් විය හැකි අතර තව අයෙකුට නොවැදගත් විය හැකියි. එවිය එය නොවැදගත් වන පුද්ගලයාට එම ප්‍රශ්නය නොසලකා හරින්නට පුලුවන්. මෙහි අරමුණ වන්නේ ඔබගේ අවශ්‍යතා මොනවාද යන්න පැහැදිලි කරගැනීමයි.

New laptop processors

ලැප්ටොප් පරිගණක වල භාවිතා වන processor අතරින් ලංකාවේ වැඩිපුර භාවිතා වෙන්නේත් වෙළඳ පොලේ බහුලව දක්නට ලැබෙන්නේත් Intel processors වේ. AMD processors සුළු වශයෙන් හමුවේ. Intel processors අතරින් දැනට වෙළඳ පොලේ මිලදී ගැනීමට බහුලව ඇත්තේ Core මාදිලියේ processor වේ. Core මාදිලියට කලින් පැමිණි Pentium dual core හා Pentium quad core ප්‍රොසෙසර තවමත් වෙළඳ පොලේ යම් තාක් දුරකට දක්නට ලැබුනත් නිතරම වෙනස් වන අලුත් වන පරිගණක ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් හැකි තාක් දුරට නව මෙවලම් භාවිතයට ගැනීම අත්‍යාවශ්‍ය වේ. කාලයත් සමඟ පරණ මාදිලියන්ට එම නිෂ්පාදිත ආයතනයන් විසින් සපයන සේවාවන් හා අමතර කොටස් නිෂ්පාදනය නැවැත්වීමත් මීට එක් හේතුවක් ලෙස දක්වන්නට පුලුවන්. අන්තර්ජාලයේ සැරිසැරීම, MS Office පැකේජය භාවිතා කිරීම, චිත්‍රපටයක් නැරඹීම, ගීතයකට සවන් දීම වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු කරගැනීමට Core i3 processor එක හොඳටම ප්‍රමාණවත් වනවා. Core i5 processor එකේ ඇති Turbo Boost තාක්ෂණය මඟින් එහි ස්පන්දක වේගය (clock speed) ස්වයංක්‍රීයව අඩු වැඩි කර ගන්නා බැවින් මෘදුකාංග ඉංජිනේරුවන්ට, Computer simulations කරන අයට එය වඩාත් වැදගත් වනවා. ඒ Virtual machine හා Emulator භාවිතයෙන් වැඩ කිරීම Core i5 තවත් පහසු කරන නිසයි. High-end gaming, video rendering, high-end graphic designing සඳහා වඩාත් වේගවත් processor එකක් වන Core i7 භාවිතා කිරීම සුදුසු වනවා.

Laptop graphics

මහා පරිමාණයේ පරිගණක ක්‍රීඩා, වීඩියෝ සංස්කරණය හා චිත්‍රක සැලසුම්කරණය (Graphic designers) වැනි තීව්‍ර ලෙස graphics භාවිතා වන අංශයන්හි යෙදෙන්නන් බාහිර graphics card එකක් සහිත පරිගණකයක් භාවිතා කිරීම වඩාත් උචිත වේ. මෙය 1 GB, 2 GB වශයෙන් Nvidea හා AMD Radeon යන වෙළෙඳ ලකුණු යටතේ දැනට වෙළෙඳ පොලේ දක්නට ඇත. ‍මේ හැර අනෙකුත් අය සඳහා පරිගණකත් සමඟම එන අභ්‍යන්තර graphics card එක පමණක් ප්‍රමාණවත් වේ. දැනට ලැප්ටොප් පරිගණකත් සමඟ බහුලව එන 1 GB internal graphics හරහා 1080p HD වීඩියෝ පටයක් වුවත් පහසුවෙන් නැරඹිය හැකි වේ. Intergrated graphics යනු පරිගණකයේ RAM මතකයෙන් කොටසක් තිරයේ රූප පෙන්වීමට භාවිතා කිරීම සඳහා වෙන් කර ගැනීමයි. එවිට එම වෙන්වූ මතකය RAM එකෙහි සාමාන්‍ය භාවිතය උදෙසා යොදා ගැනීමට නොහැක. උදාහරණයක් ලෙස 4 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති පරිගණකයක video memory සඳහා 1 GB භාවිතා කරන්නේ නම් පරිශීලකයාට දිස්වන්නේ තම පරිගණකයේ 3 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති ලෙසයි. මෙවිට video memory සඳහා වැයවන විදුලිය ඉතා කුඩා වන අතර එම නිසා ජනනය වන තාපය කුඩා වන අතර සමස්ත වශයෙන් බැටරියේ ආයු කාලය දිගු වේ. එමෙන්ම මෙම ක්‍රමය ඉතා ලාභදායී වේ. නමුත් ප්‍රථමයෙන් සඳහන් කල පරිශීලකයන්හට එය සුදුසු නොවන්නේ එවැනි graphics තීව්‍ර ක්‍රියා වලදී එය ඉක්මනින් රත් වෙන බැවිනි. එම නිසා RAM මතකයෙන් බාහිරව ඒ සඳහාම වෙන්වූ මතකයක් භාවිතා කරන external graphics card එම පරිශීලකයන්ට වඩාත් සුදුසු වේ. මේවා මිල අධික වන අතර වෙළෙඳ පොලට පැමිණෙන්නේ ඒවාටම වෙන්වූ සිසිලන පංකා සමඟයි. එනමුත් මෙවැනි පරිගණකයක් මිලදී ගැනීමට පෙර එය graphics card එකට වෙන්වූ සිසිලන පංකාවක් සහ පරිගණකයෙන් තාපය පිටවීමට සඳහා වා කවුළු ගොඩක් සහිත බවට තහවුරු කර ගැනීම නුවණට හුරු වේ. නැතිනම් graphics card එකෙන් ජනනය වන තාපය හේතු කොට ගෙන බැටරියේ ආයු කාලය ශීඝ්‍ර ලෙස අඩුවීමට ඉඩ ඇත. මීට අමතරව external graphics card එකක් භාවිතා කිරීමේ තවත් වාසියක් වනුයේ අවශ්‍ය විටක එය වැඩිදියුණු (upgrade) කිරීමේ හැකියාවයි. මෙහිදීත් තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නන් හැර අන් පරිශීලකයන් මේ පිලිබඳ සැලකිය යුතු නොවේ. ඔබ ඉදිරියේ graphics card එක upgrade කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අලුත් තත්වයේ graphics card එකක් සහිත පරිගණකයක් මිලදී ගැනීම නුවණට හුරු වේ. Graphics යනු ශීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බැවින් නුදුරු අනාගතයේ ඔබට නැවතත් එය upgrade කිරීමට මෙවිට සිදු නොවේ.

laptop graphics

RAM මතකය ගත් කල වෙළඳ පොලේ බහුලව දක්නට ඇත්තේ 4 GB මතක ප්‍රමාණයෙන් යුත් පරිගණකයි. මීට අමතරව 2 GB, 6 GB හා 8 GB යන ප්‍රමාණ වලින්ද දැකගත හැක. සාමාන්‍ය පරිශීලකයෙකුට නම් 4 GB හොඳටම ප්‍රමාණවත් වේ. Graphic designing software, emulators, simulators හා virtual machine වැනි මෘදුකාංග පහසුවෙන් ධාවනය කිරීමට නම් මීට වඩා වැඩි RAM මතකයක් අවශ්‍ය වේ. ඔබට කෙදිනක හෝ RAM upgrade කිරීමක් අවශ්‍ය වුවහොත් දැනට පරිගණකයේ ඇති RAM මතකයේ දත්ත වේගය සමඟ සැස‍‍‍‍දෙන RAM මතකයක් භාවිතා කිරීමට මතක තබා ගන්න (උදා: දැනට පරිගණකයේ ඇත්තේ DDR3 1333 / PC3-10600 වර්ගයේ මතකයක් නම් ඉන්පසු භාවිතා කල යුත්තේද ඒ වර්ගයේම මතකයකි). මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණක් නම් පරිගණක upgrade කිරීමෙදී ඇති සීමායි. ඔබගේ මෙහෙයුම් පද්ධතිය 32 bit වේ නම් එයට භාවිතා කල හැකි උපරිම මතකය 3 GB හෝ 3.5 GB වේ. මීට වඩා මතකයක් අවශ්‍ය වූ කල්හි 64 bit මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම අවශ්‍ය වේ (මේ සඳහා processor එකද 64 bit වීම අත්‍යාවශ්‍ය වේ).  RAM මතකය දත්ත හුවමාරු කරන වේගය ගැන ඔබ වඩාත් උනන්දු නම් පරිගණකය මිලදී ගැනීමට ප්‍රථම අන්තර්ජාලයේ ඒ පිලිබඳ සොයා බැලිය හැකිය.

වෙළඳ පොලේ 11.6”, 12.1”, 13.3”, 14”, 15.6”, 17.3” හා 18.4” වශයෙන් සෑම තිර ප්‍රමාණයකම පරිගණක දැක ගත හැක. පරිශීලකයාට පහසු තිර ප්‍රමාණය වෙලඳ පොලට ගොස් පරිගණක දැකබලා ගෙන ඔහුගේ අභිමතය පරිදි තෝරා ගත හැක. සාමාන්‍යයෙන් තිර ප්‍රමාණයේ විශාලත්වයත් සමඟ ලැප්ටොප් පරිගණකයේ බරද වැඩිවේ. තවත් සැලකිය යුතු වැදගත් කරුණක් වනුයේ පරිගණකයේ විභේදනයයි (resolution). ලොකු විභේදනයක් ඇත්නම් වඩාත් පැහැදිලි රූප ලැබේ. චිත්‍රපට නැරඹීම සඳහා නිතරම පරිගණකය භාවිතා කරන්නෙකුට හෝ කලින් සඳහන් කල පරිදි තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නෙකුට මෙය වැදගත් විය හැකියි.

දෘඩ තැටි ප්‍රමාණ ගත් කල වෙළඳ පොලේ මේවා 160 GB, 250 GB, 320 GB, 500 GB, 640 GB, 750 GB, 1 TB යන ප්‍රමාණවලින් දැක ගත හැක. බහුල වශයෙන් දක්නට ඇත්තේ 500 GB ප්‍රමාණයේ දෘඩ තැටිය. මූලික මෘදුකාංග ස්ථාපනය කොට ගෙන පොඩි පොඩි වැඩ කරගැනීමට ලැප්ටොප් පරිගණකය භාවිතා කරන පුද්ගලයෙකුට 160 GB හොඳටම සෑහේ. අනෙකුත් පරිශීලකයන්හට තමන්ගේ භාවිතයට සුදුසු පරිදි අවශ්‍ය ප්‍රමාණය මින් තෝරා ගත හැක. විශේෂයෙන්ම වීඩියෝ සංස්කරණයේ නියැලෙන්නන්ට හා පරිගණක ක්‍රීඩා ගබඩා කිරීමට විශාල මතකයක් අවශ්‍ය බැවින් ඔවුන් වැඩි ධාරිතාවකින් යුතු දෘඩ තැටියක් භාවිතා කිරීම යෝග්‍ය වේ.

Laptop ports

වර්තමානයේ සාමාන්‍යයෙන් සෑම ලැප්ටොප් පරිගණකයක්ම වෙළඳ පොලට එන්නේ Wifi (වයිෆයි ජාලයකට සම්බන්ධ වී අන්තර්ජාලය පරිශීලනය කිරීමට), Bluetooth (බ්ලූටූත් හරහා ගොනු හුවමාරු කිරීමට), Card Reader (SD card කියවීමට) යන පහසුකම් සමඟයි. එමෙන්ම Ethernet port එකක් (ජාලයකට සම්බන්ධ වීමට), USB port කිහිපයක් (ගොනු හුවමාරු කිරීමට), HDMI port එකක් (බාහිර මොනිටරයකට සම්බන්ධ කිරීමට) සෑම ලැප්ටොප් පරිගණකයම වාගේ ඇත. නිතරම බාහිර උපාංග (උදා: දෘඩතැටියක්, මවුසයක්, pen drive) සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුට USB port වැඩි ප්‍රමාණයක් තිබෙන පරිගණයක් මිලදී ගත හැකියි. නැතිනම් ඒ වෙනුවට USB hub එකක් මිලදී ගත හැකියි. අලුත්ම USB මාදිලිය වන්නේ USB 3.0 යි. මෙම මාදිලියට පරණ USB 2.0 වඩා ඉතා වැඩි වේගයකින් ගොනු මාරුව (file transferring) සිදු කල හැකියි. සෑම පරිගණකයම වාගේ වෙබ් කැමරාවක්ද දක්නට ලැබේ.

පරිගණකයෙහි හා එහි ඇති දත්ත වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වන්නෙකුට Kensington Lock, Finger Print Recognition (ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට ඇතුල් වීමට)  හා Face Recognition (මුහුණ හඳුනාගැනීම මඟින් පරිගණකයට ඇතුල් වීමට) යන සේවාවන් ලැප්ටොප් පරිගණකවලින් ලබා දී ඇත. Kensington Lock සෑම පරිගණකයකම වාගේ දක්නට ඇත. මෙය හරහා ඔබට ඔබේ පරිගණකය යම් දෙයකට අල්ලා යතුරු ලෑමට හැකිය. ලැප්ටොප් පරිගණක විකිනීමට ඇති තැන්වල මේ ක්‍රමය හරහා පරිගණක සොරුන් ගෙන් ආරක්ෂා කර තිබෙනවා ඔබ දැක ඇති. ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට පුරන් වීමේ (login) සේවාව Toshiba Tecra, HP ProBook හා HP Envy ලැප්ටොප් පරිගණක මඟින් ලබා දෙයි. වෙබ් කැමරාව හරහා මුහුණ හඳුනාගැනීමේ සේවාව Asus වෙළඳ ලකුණෙන් එන ලැප්ටොප් පරිගණකවල බොහෝ විට දැකිය හැකිය.

laptop warranty services

Warranty ගත් කල Parts warranty හා Service warranty යනුවෙන් වර්ග දෙකකි. බහුලව දක්නට ලැබෙන සංකලනය වනුයේ Parts warranty අවුරුද්දක් බැගින් සහ Service warranty අවුරුදු 2ක් බැගිනි. ඔබ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර මිලදී ගන්නා ආයතනය විසින් warranty ලබා දෙනබව තහවුරු කර ගැනීම වැදගත් වේ. Parts warranty කාලය ඇතුලත පරිගණකයේ යම් ‍කොටසකට හානියක් සිදුවුවහොත් නොමිලයේ එම කොටස ආදේශ කල හැකි වේ. ඒ සඳහා එම ආයතනය විසින් ගාස්තු අය කිරීමක්ද සිදු නොකරයි. Service warranty කාලය ඇතුලත එයම සිදුවුවහොත් ඔබට අදාල කොටසට පමණක් ගෙවීමට සිදු වේ. සේවාව නොමිලේ ලැබෙයි. මෙම කාලයන් ඇතුලත ‍ඔබට අවශ්‍ය වූ විටෙක මෙහෙයුම් පද්ධතිය නොමිලේ ප්‍රතිස්ථාපනය කරගැනීමට පවා හැකි වේ. නමුත් මෙම warranty කාලයන් දෙකම අවසන් වූ විට ඔබ ඒ සඳහා ගෙවීමක් කිරීමට අවශ්‍ය වේ. මෙම warranty කාලයන් බලපවත්වන්නේ ප්‍රථමයෙන් Parts warranty කාලය හා ඉන්පසු Service warranty කාලය වශයෙනි.

Image credits : 2013laptop.com, wallpink.com, crucial.com