TechWire

Author - Chevindu Wickramathilaka

Telnet සබඳතාවකින් Star Wars බලමුද?

මෙය කියවන ඔබ සියල්ලන්ම පාහේ Star Wars චිත්‍රපටි මාලාවෙන් එක් චිත්‍රපටයක් හෝ නරඹා ඇති බවට සැක නැත (නරඹා නැත්තම් ඒ බව අන් අයට නොකිව මනාය). නමුත්, මෑතකදී තිරගත වූ එහි නවතම චිත්‍රපටය ‘Star Wars: The Force Awakens’ සමග චිත්‍රපට මාලාව කලින් නරඹා ඇති/ නැති සියල්ලන්ම නැවතත් මුල සිට Star Wars චිත්‍රපට සියල්ල නැරඹීමට පෙළඹී ඇත; මන්ද චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය නිකුත්වූයේ ද දැනට දශකයකට පෙර බැවිණි! මෑතකදී කොළඹදීද එවන් ‘මැරතන්’ දර්ශනයක් පැවැත්වුණි.

සත්‍ය කතාව නම්, සම්පූර්ණ චිත්‍රපටයක්ම command prompt වින්ඩෝවක් හරහා ප්‍රචාරය කිරීම ප්‍රායෝගික නැත. ඔව්, මේ සම්පූර්ණ චිත්‍රපටයම නොවේ. එහෙත් ඒ නිසාම Star Wars: Episode IV මුල්ම චිත්‍රපටයේ කොටසක් ඔබේ පරිගණකයෙන් දැකගැනීමට ඇති අවස්ථාව මගඅරින්නෙ ඇයි!

Telnet යනු ඉතාමත් ප්‍රාථමික මට්ටමේ ජාලකරණ ප්‍රොටොකෝලයකි (a networking protocol). නමුත් ඒ ගැන කම්මැලි විස්තර කිරීම් වලට නොයා අපි කෙලින්ම වැඩේට බහිමු.

Telnet සබඳතාවක් හරහා command prompt තුළින් Star Wars නරඹන අයුරු:

Windows සඳහා:

නවතම Windows මෙහෙයුම් පද්ධති සතුව ඍජු Telnet පහසුකමක් නොමැති වුවද, ඔබට එය එක් විධානයකින්ම නැවත ලබාගත හැකියි.

  1. ඔබේ පරිගණකයේ command prompt වැඩසටහන විවෘත කර පහත විධානය එහි ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.
    pkgmgr /iu:"TelnetClient"
    පරිගණකය ඔබෙන් පරිපාලක අවසරයක් ඉල්ලුවහොත් මුරපදය ලබාදෙන්න.
  2. Command prompt වසා දමා නැවත විවෘත කර පහත විධානය ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.
    Telnet Towel.blinkenlights.nl

Linux හෝ OS X සඳහා:

Star Wars චිත්‍රපටය ASCII යතුරු හරහා නැරඹීමට සරලවම ඔබේ Terminal අයදුමේ පහත විධානය ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.

telnet towel.blinkenlights.nl

චිත්‍රපටයෙන් ලබාගත් සේයාරූ කිහිපයක්:

මේ සලරුව, command prompt නොමැති ජංගම දුරකථන පරිශීලකයින් වෙනුවෙනි:

ක්වන්ටම් පරිගණනය සහ තාක්‍ෂණයේ අනාගතය

Silicon Valley ප්‍රදේශයේ ඇති NASA ආයතනයට අයත් පර්යේෂණාගාරයක, Google සමාගම ක්වන්ටම් පරිගණකයක් අත්හදාබලමින් සිටී. ක්වන්ටම් පරිගණක යනු ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන විස්මයජනක නියමයන් මත හෙවත් පරමාණු, ඉලෙක්ට්‍රෝන සහ ෆෝටෝන වල භෞතිකත්වය මත පදනම් වූ යන්ත්‍ර වර්යකි. D-Wave ලෙස හඳුන්වන මෙම පරිගණකය මත ඇමරිකානු ඩොලර් මිලියන 10ක මිලක් පවතින අතර, සාම්ප්‍රදායික භෞතික විද්‍යා මූලධර්ම මත ගොඩනැඟුනු පරිගණක වලට වඩා මෙම යන්ත්‍රයට ඇතැම් කාර්යයන් සුපිරි වේගයකින් සිදුකළ හැක.

මෙහිදී මතුවූ ගැටලුව නම්, මෙම D-Wave යන්ත්‍රයට එදිනෙදා ජීවිතයේ හමුවන සත්‍ය ලෙසම ප්‍රයෝජනවත් කෘත්‍යයන් (විද්‍යාගාර පරීක්‍ෂණ නොව) සඳහා මෙම තාක්‍ෂණික පිම්ම පැනීමට හැකිද යන්න ලොව ඉහළතම ක්වන්ටම් පරිගණක පර්යේෂකයින්ට පවා ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි වීමයි. නමුත් සිය D-Wave පරිගණකය මාස කිහිපයක් පරිහරණය කළ Google සමාගමෙහි විශ්වාසය මෙම යන්ත්‍රය ඉතාමත් ප්‍රයෝජනවත් එකක් වියහැකි බවයි.

D-Wave යන්ත්‍රය සමග Google සමාගම සිදුකරන පරීක්‍ෂණ පිළිබඳව සොයා බලන Harmut Neven මහතා පවසන්නේ, අනාගතයේදී, යාන්ත්‍රික ඉගෙනීම සැළකියයුතු ලෙස වර්ධනය වනු ඇති බවයි. (යාන්ත්‍රික ඉගෙනීම යනු ඡායාරූප හඳුනාගැනීම, පවසන වචන හඳුනාගැනීම, ස්වභාවික භාෂාව තේරුම්ගැනීම යනාදිය සඳහා පරිගණක විසින් භාවිතා කෙරෙන ක්‍රමවේදයයි. අනාගතයේ යම් දිනෙක සාමාන්‍ය දැනීම අනුකරණයට පවා අවශ්‍ය විශාල දත්ත ගොනු විශ්ලේෂණයට පරිගණක විසින් භාවිතා කෙරෙනු ඇත්තේ මෙම ක්‍රමයයි.)

සිය සමාගමේ අත්හදාබැලීම් විස්තර කරමින් මෑතකදී Google සමාගම විසින් නිකුත් කළ පර්යේෂණාත්මක පත්‍රිකාව සැකසීමේ දී ද සහය දැක්වූ Neven මහතා, D-Wave යන්ත්‍රය සැසඳුවේ 1903 වසරේ Kitty Hawkහිදී Wright සොයුරන් පියාසර කළ මුල්ම ගුවන් යානය සමගයි. එම යානය පොළොවෙන් ඉහළට එසවුණේ සුළු මොහොතකට පමණක් වුවද, එය විප්ලවයක ඇරඹුමක් විය. “ඔවුන්ගෙ යානය වාතය හරහා ප්‍රක්‍ෂේපණය වුණා,” ඔහු කීය. “ඒකයි මූලිකම දේ!”. ඒ අයුරින්ම, ඔහුට අනුව, සාම්ප්‍රදායික භෞතික විද්‍යා නියමයන් පරයා යමින් යම් යම් ගැටලු විසඳීමට D-Wave හට හැකිවී ඇත.

ඇතුළත කතාව

ක්වන්ටම් පරිගණකය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍ය ජාතික David Deutsch නැමැති භෞතික විද්‍යාඥයා ය. මෙම ලිපිය කියවීමට ඔබ භාවිත කරනා වර්ගයේ සාම්ප්‍රදායික පරිගණකයක දත්ත ගබඩාකිරීම සිදුවන්නේ කුඩා ට්‍රාන්සිස්ටර තුළ ය. ඕනෑම ට්‍රාන්සිස්ටරයක දත්ත ‘බිට්’ (bit) එකක් ගබඩා කළ හැක. ට්‍රාන්සිස්ටරය සක්‍රිය නම් එහි “1” ද, අක්‍රිය නම් එහි “0” ද ගබඩා වී ඇත. නමුත් Deutsch යෝජනා කළ යන්ත්‍රයේ දත්ත ගබඩා වන්නේ ක්වන්ටම් ක්‍රමවේදයකට අනුවය, හෙවත් ‘ක්‍යුබිට්’ (qubit) ලෙසය. ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන අධිස්ථාපන මූලධර්මයට පින් සිදුවන්නට, මෙම ක්‍යුබිට් එකක් තුළ “0”ක් සහ “1”ක් එකවිටම ගබඩා කොට තැබිය හැකිය. ඒ අයුරින් ක්‍යුබිට් දෙකකට අගයන් හතරක් එකවර රඳවාගත හැක (00, 01. 10 සහ 11). තව තවත් ක්‍යුබිට් එක්කිරීම මගින්, සෛද්ධාන්තිකව, ඔබට සාම්ප්‍රදායික පරිගණක වලට වඩා ඝාතීයව බලය වැඩිවන යන්ත්‍ර නිර්මාණය කළ හැකිය.[mks_pullquote align=”right” width=”300″ size=”24″ bg_color=”#323135″ txt_color=”#ffffff”]ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන අධිස්ථාපන මූලධර්මයට පින් සිදුවන්නට, මෙම ක්‍යුබිට් එකක් තුළ “0”ක් සහ “1”ක් එකවිටම ගබඩා කොට තැබිය හැකිය.[/mks_pullquote]

එය එක්වරම සිතාගැනීමට ඔබට අපහසු ද? සත්‍ය ලෙසම ක්‍රියා කරන ක්වන්ටම් පරිගණකයක් තැනීම ඊටත් වඩා අතිශය දුෂ්කර ය. මෙහි ඇති ගැටලුව නම් ඔබ ක්වන්ටම් පද්ධතියක් නිරීක්‍ෂණය කරන විට එය ප්‍රතිසංසක්ත (decohere) වීමයි. එනම් එක් අගයක් පමණක් ගබඩා කළ හැකි සාමාන්‍ය බිට් එකක් බවට හැරීමයි. අගයන් දෙකක් එකවිට ගබඩාකර තබාගතහැකි වුවද, අගයන් දෙකක් එකවර නිරූපණය කළ නොහැකි වීම  ප්‍රතිසංසක්ත වීමට හේතුවයි. එවිට එය තවදුරටත් ක්වන්ටම් පද්ධතියක් ලෙස ක්‍රියා නොකරයි.

2007 වර්ෂයේදී, කොලොම්බියානු සමාගමක් වන D-Wave සමාගම, බිට්-16 ක්වන්ටම් පරිගණකයකැයි හැඳින්වූ යන්ත්‍රයක් වෙළඳපොළට හඳුන්වා දුනි. එදා සිට අද දක්වා මෙම යන්ත්‍රය ක්‍යුබිට් 1000කටත් වඩා ඇති තත්ත්වයකට සංවර්ධනය වී ඇතැයි පැවසේ. නමුත් මෙම ප්‍රකාශ විවාදාත්මකය. D-Wave යනු “විශ්වීය ක්වන්ටම් පරිගණකයක්” නොවේ; එනම් සියළුම ආකාරයේ ගණනය කිරීම් සඳහා එය ගැලපෙන්නේ නැත. එය නිර්මාණය කර ඇත්තේ “සංයුක්තක ප්‍රශස්තීකරණ ගැටලු (combinatorial optimization problems)”—විකල්ප සිය දහස් ගණනක් ඇති විට ඒ සියල්ල අතරින් හොඳම විකල්පය තේරීමේ ගැටලු—මෙහෙයවීමටයි. එවන් ගැටලු විසඳීම මිනිස් ජාන විශ්ලේෂණයේ සිට යාන්ත්‍රික ඉගෙනීම දක්වාම ඇති සියලුම ක්‍ෂේත්‍ර වල කොටසකි. නමුදු තවමත් මෙම යන්ත්‍රයට එම ගැටලු සාම්ප්‍රදායික පරිගණක වලට වඩා හොඳින් විසඳිය හැකි බවට සාක්‍ෂියක් නොමැත.

d-wave_exterior

නවතම D-Wave නිමැවුම, D-Wave 2X, සතුව සුපිරි සන්නායක පරිපථ 1000ක් පමණ ඇත. යන්ත්‍රය තුළදී මෙම පරිපථ නිරපේක්‍ෂ ශුන්‍යයට ඉතා ආසන්න උෂ්ණත්වයක් දක්වා සිසිල් කෙරේ. එම උෂ්ණත්වයේදී, පරිපථ ක්වන්ටම් අවස්ථාවකට පත්වන අතර එවිට පරිපථ හරහා දක්‍ෂිණාවර්තව සහ වාමාවර්තව එකම අවස්ථාවක විදුලිය ගමන් කරයි. එවිට යන්ත්‍රය මෙම ක්‍යුබිට මගින් යම් යම් ගණනය කිරීම් සිදුකිරීමට විවිධාකාර ඇල්ගොරිතම භාවිතා කරයි. මූලිකවම, මෙම ඇල්ගොරිතම අදාළ ගණනය කිරීම් සම්පූර්ණ කරන්නේ, පද්ධතිය එහි පරිපථ වල උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ නංවද්දී කිසියම් අවස්ථාවකදී යම් පරිපථ ප්‍රමාණයක් එක් අගයක් ලබාගැනීමේ සම්භාවිතාව තීරණය කිරීමෙනි.[mks_pullquote align=”left” width=”300″ size=”24″ bg_color=”#323135″ txt_color=”#ffffff”]යන්ත්‍රය තුළදී මෙම පරිපථ නිරපේක්‍ෂ ශුන්‍යයට ඉතා ආසන්න උෂ්ණත්වයක් දක්වා සිසිල් කෙරේ. එම උෂ්ණත්වයේදී, පරිපථ ක්වන්ටම් අවස්ථාවකට පත්වන අතර එවිට පරිපථ හරහා දක්‍ෂිණාවර්තව සහ වාමාවර්තව එකම අවස්ථාවක විදුලිය ගමන් කරයි.[/mks_pullquote]

මෙහි අරමුණ ක්වන්ටම් මෘදුකරණය (quantum annealing) නම් තත්ත්වය උදාකර ගැනීමයි. මෙය සාම්ප්‍රදායික මවාපෑම් මෘදුකරණය (simulated annealing) නම් සාමාන්‍ය අවස්ථාව අභිබවා ගිය තත්ත්වයකි. මවාපෑම් මෘදුකරණය (simulated annealing) යනු ගණිතමය විසඳුමක් සෙවීමේ එක්තරා ක්‍රමයකි. එය කඳු පන්ති වලින් සමන්විත වූ විශාල ප්‍රදේශයක පහතම ලක්‍ෂ්‍යය සෙවීම වැනි කාර්යයකි. එය සිදුකිරීමට ඔබට ගැඹුරුම නිම්නය හමුවන තුරු, කඳු නගිමින් බහිමින් ගමන්කිරීමට සිදුවේ. නමුත් ක්වන්ටම් මෘදුකරණය (quantum annealing) සමගින්, ඔබට කඳු හරහා ගමන්කරමින් එම නිම්නය සොයාගත හැක—සෛද්ධාන්තිකව.

“සාම්ප්‍රදායික පද්ධති වල ඔයාට ලැබෙන්නෙ එක් පිටවීමේ මාර්ගයක් විතරයි. ඔයා ඊළඟ කන්දත් නැගලා ඒක බැස්සම තමයි දැන් ඉන්න තැනින් පිටවෙන්න පුළුවන්,” Neven කියයි, “ඒත් ක්වන්ටම් යාන්ත්‍රණයට පුළුවන් ඔයාට තව පිටවීමේ මාර්ගයක් හදලා දෙන්න. ඒ තමයි කඳු ගැටය හරහා—බාධකය හරහා ගමන් කිරීම.”

කාලයක් යනතුරු පර්යේෂකයින්ට තිබූ ගැටලුවක් වූයේ D-Wave හට සත්‍ය ලෙසම ක්වන්ටම් මෘදුකරණය සිදුකළ හැකිද යන්නයි. නමුත් දැන් Google හට ඒ ගැන සැකයක් නොමැත; අන් අයද එය ස්ථිර කරයි. “ක්වන්ටම් මෘදුකරණය කියන ක්‍රියාවලිය සිදුවෙන බවට අපිට හොඳ—ශක්තිමත්—සාක්‍ෂි ලැබිලා තියෙනවා,” Lidar කියයි. “ඇත්තටම ක්වන්ටම් ශක්තීන් වැඩකරන බවට සහ ඒවා අර්ථාන්විත පරිගණන කාර්යයක් ඉටුකරන බවට අපට දැන් තියෙන සැකය ඉතාමත් අල්පයි.” ඇතැම් අවස්ථා වලදී, Google පවසන පරිදි, මෙම ක්වන්ටම් මෘදුකරණයට සාම්ප්‍රදායික තනි-හර ප්‍රොසෙසරයක (single-core processor)  මවාපෑම් මෘදුකරණය අභිබවනය කළහැකි අතර, 108 ගුණයක වැඩි වේගයකින් ගණනය කිරීම් සිදුකළ හැක. නමුත් ඔබ හමුවේ ඇත්තේ පොඩි කඳුගැට ගණනක් නම්, ක්වන්ටම් සහ මවාපෑම් මෘදුකරණ දෙකෙහි විශාල වෙනසක් ඔබට නොපෙනෙනු ඇත.

ක්වන්ටම් නියුරෝනමය දැල්

නියුරෝනමය ජාල ලෙස මෙහි හැඳින්වෙන්නේ මිනිස් මොළයේ ඇති නියුරෝන ජාලය අනුකරණය කරමින් ක්‍රියා කරන අතිවිශාල පරිගණක ජාල යි. බල්ලෙකුගේ ප්‍රමාණවත් ඡායාරූප ගණනක් ලබාදුනහොත්, ඉන්පසුව එම බල්ලාව හඳුනාගැනීමට මෙම නියුරෝනමය  දැල් වලට ඉගෙනගත හැක. ප්‍රමාණවත් දෙබස් ගණනක් ලබාදුනහොත්, කතාබහක් දිගටම පවත්වාගෙන යාමට මේවාට ඉගෙනගත හැක. මේවා හුදෙක් සංකල්ප පමණක් නොවේ. Google searching, Siri, Facebook photo tagging වැනි සේවා පරිහරණය කර ඇති ඔබට එය යම් දුරකට වැටහෙනු ඇත. එවන් ඉහළ දැනුම් මට්ටමකට ළඟාවීමට අවශ්‍ය ශක්තිය D-Wave සතුවන බව Neven ගේ විශ්වාසයයි. ක්වන්ටම් මෘදුකරණය සමගින් නියුරෝනමය ජාල වලට දැනට වඩා අතිශය විශාල දත්ත ප්‍රමාණයක් ඉතා කුඩා කාලයකදී විශ්ලේෂණය කළ හැකිවනු ඇත.

එවන් පද්ධතියක් නිමවීමට දිගු කලක් ගතවේවි. එය ගැටලුවක් වියයුතු නැත. සාර්ථක ජෙට්ලයිනර් යානයක් ගොඩනැඟුනෙ Kitty Hawk හිදී වූ පළමු ගුවන් ගමනින් කොපමණ පසුවද!

මූලාශ්‍ර: WIRED

iHelmet වෙනුවෙන් ගනිඳු හට ඇමරිකානු ඩොලර් 500,000ක ජයක්!

ගනිඳු නානායක්කාර යනු නව නිර්මාණ ශිල්පියෙකු සහ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. SLIIT ආයතනයේ ඉගෙනුම ලබා ඇති මහු ආදි ආනන්දීයයෙකු ද වේ. මෙම වසරේ Verizon ආයතනය මගින් පැවැත්වූ Powerful Answers තරඟයේ ප්‍රවාහන අංශයේ දෙවන ස්ථානය ලබාගැනීමට ගනිඳුගේ iHelmet නිර්මාණයට හැකිවූ අතර, ඔහුට හිමිවූ ජයග්‍රාහී ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 500,000ක් විය.

Powerful Answers යනු Verizon ආයතනය විසින් සංවිධානය කරනු ලබන තරඟාවලියකි. මෙය ප්‍රධාන අංශ තුනක් (Transportation, Emergency Response සහ Internet of Things) යටතේ පැවැත්වෙන අතර එක් අංශයකින් ජයග්‍රාහකයින් 4 දෙනෙක් තෝරාගනු ලැබේ. ප්‍රථමයාට ඇමරිකානු ඩොලර් 1,000,000ක් ද, දෙවැනියාට ඇමරිකානු ඩොලර් 500,000ක් ද, ඉතිරි දෙදෙනාට ඇමරිකානු ඩොලර් 250,000 බැගින් ද ත්‍යාග මුදල් හිමිවේ. මෙවර මෙම තරඟය සඳහා 1,400කට අධික තරඟකරුවන් සහභාගී වූ අතර අවසන් සම්මාන ප්‍රදානය පසුගිය දෙසැම්බර් 9 වන දා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වුණි.

iHelmet (intelligentHelmet) සතුව විශේෂාංග ගණනාවක් ඇත. මෙම විශේෂිත හිස්වැස්ම පාලනය කිරීමට ගනිඳු ඉදිරිපත් කරන්නේ Android අයදුමකි. හිස්වැස්මේ ඇති උපාංගය නිරතුරුව සංවේදනය කරගන්නා දත්ත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය වන්නේ බ්ලූටූත් සංඥා ඇසුරෙනි. ඊට අමතරව හුරුබුහුටි දුරස්ථ-පාලකයක් ද මේ සමග ලැබෙන අතර ස්මාට්ෆෝන් භාවිතය නුපුරුදු අයට එය පහසුවක් වනු ඇත. iPhone පරිශීලකයින් හට ද iHelmet භාවිත කිරීමේ පහසුකම නුදුරු දිනෙකම හඳුන්වාදෙනු ඇතැයි අපි උදක්ම අපේක්‍ෂා කරමු.

iHelmet

සේයාරුව: http://recode.net

[mks_pullquote align=”right” width=”300″ size=”20″ bg_color=”#000000″ txt_color=”#ffffff”]මේ උපකරණය හා Android අයදුම සමඟ හිස්වැස්මක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Android අයදුම පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.[/mks_pullquote]යතුරුපැදි අනතුරු වලින් නිමක් නැති රටක් වන අපට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් උපාංගයක් වනු ඇත. මෙවන් නව නිර්මාණ ශ්‍රී ලංකාව කොතෙකුත් බිහිවුවද අපගේ අවාසනාවට මෙන් එයින් වෙළඳපලට එක්වන්නේ ඉතාම අතළොස්සකි. මෙයට විවිධ හේතු තිබුණද, රජය සහ මහජනයා මෙම නිමැවුම් වෙත යොමන අඩු අවධානය එයට ප්‍රධාන හේතුවකි. TechWire අපගේ පැතුම කිසියම් අනුග්‍රාහක භවතෙකුගේ මැදිහත්වීමකින් මෙම ප්‍රයෝජනවත් හිස්වැස්ම, සාමාන්‍ය ජනයාට ආර්ථිකමයව පහසුදායක අයුරකින්, වෙළඳ භාණ්ඩයක් ලෙස ඉක්මණින්ම අප අතරට පැමිණේවා කියා ය.

Powerful Answers Awards 2015 තරඟයේ ජයග්‍රාහකයන් පහත පරිදිය.

[mks_tabs nav=”horizontal”]
[mks_tab_item title=”ආපදා කළමණාකරණය”]

$1,000,000 – Bounce Imaging

$500,000 – EmergenSee®

$250,000 – Disaster Mesh, Lifeguard Drone
[/mks_tab_item]
[mks_tab_item title=”අන්තර්ජාල සේවා”]

$1,000,000 – Zizmos Technology

$500,000 – CityTaps

$250,000 – Owlet, Smart Barn
[/mks_tab_item]
[mks_tab_item title=”ප්‍රවාහන”]

$1,000,000 – Pogo

$500,000 – iHelmet

$250,000 – i4drive, Swiftmile
[/mks_tab_item]
[/mks_tabs]

Wi-Fi ට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi තාක්‍ෂණය

අපගේ මේ සූදානම Li-Fi හට සත්‍ය ලෙසම අපගේ අන්තර්ජාල වේගය අධිබලගැන්වීමට අවශ්‍ය කරුණු කාරණා තිබේදැයි සොයා බැලීමටයි. ඊට ප්‍රථමයෙන් Li-Fi පිළිබඳ නොදන්නා අය සඳහා ඒ ගැන සුළු හැඳින්වීමක් කරමු.

Li-Fi යනු Light Fidelity යන පෙළ සඳහා වන කෙටි යෙදුමකි. Wi-Fi (Wireless Fidelity) තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගයට ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර යන තරංග වර්ග දෙක අතර සංඛ්‍යාතයක් ඇත. එසේ භාවිතයට හේතුව ද ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර තරංග වලින් සිදුවිය හැකි බලපෑමයි. කෙසේ වුවද මෙම Li-Fi තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගය නම් සරලවම දෘෂ්‍ය ආලෝකයයි. දෘෂ්‍ය තරංග පරාසය තෝරාගැනීමට, ගුවන්විදුලි තරංග පරාසයේ ඇති තදබදය ද හේතුවක් වූවා විය හැක. එහෙත් Li-Fi තාක්‍ෂණයේ ප්‍රබලම වාසිය එහි සුපිරි වේගයයි. නවතම සොයාගැනීම් වලට අනුව පෙනීගොස් ඇත්තේ මෙම Li-Fi හට Wi-Fi ව ද ප්‍රතිස්ථාපනයට තරම් බලයක් ඇති බවයි. මේ සියල්ල ඇරමුනේ Vemenni නම් සමාගමක් Li-Fi තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ විදුලි බල්බයක් නිර්මාණය කිරීමත් සමගයි. Read More

‘හෑෂ්ටැග’ සහ ‘සඳහන් කිරීම්’

දිගු නිහැඬියාවකින් පසු මේ උත්සාහය අපගේ සුපුරුදු ප්‍රාදේශීයරණ ලිපි පෙළින් මඳක් බැහැර වී, වෙනස් නමුත් කාලීන මාතෘකාවක් වෙත අවධානය යොමු කිරීමටයි. අද අපගේ බලාපොරොත්තුව අන්තර්ජාලය පරිහරණය කරන ඔබ අප සැවොම නිසැකයෙන්ම දැක ඇති ‘හෑෂ්ටැග’ සහ ‘සඳහන් (mention) කිරීම්’ ගැන කෙටි නමුත් පැහැදිලි විස්තර කිරීමක් ඉදිරිපත් කිරීමටයි. මෙම පහසුකම් දෙකම හඳුන්වාදුන් ප්‍රථම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන්නේ twitter අවකාශයයි. ඉතාමත් සරල මාතෘකාවක් ලෙස බැලු බැල්මට පෙණුනද, තවමත් මෙම විශේෂාංග දෙකෙහි නිවැරදි භාවිතය නොදන්නා ශ්‍රී ලාංකික පරිශීලකයින් අප්‍රමාණව අප දැක ඇත. මේ ලිපිය ඔවුන් වෙනුවෙනි. Read More

යුනිකෝඩ් සහ සිංහල යතුරුලියනය

මෙම ලිපියෙන් මාගේ බලාපොරොත්තුව ප්‍රාදේශීයකරණය හෙවත් සිංහලට පරිවර්තනය සඳහා අවශ්‍ය වන තාක්‍ෂණික පසුබිම ගැන මූලික සටහනක් තැබීමටයි.

Official Unicode Consortium code chart

නිළ යුනිකෝඩ් කේත වගුව – සිංහල කොටස (මූලාශ්‍රය: විකිපීඩියා)

අන්තර්ජාලය තුළ සිංහල අකුරු සුලබව භාවිතාවනු දක්නට ලැබුණේ ‘යුනිකෝඩ්’ නම් කේතන ක්‍රමයේ ආගමනයෙන් පසුවයි. යුනිකෝඩ් ක්‍රමය යටතේ සෑම අක්‍ෂරයකටම, සෑම ඉලක්කමකටම සහ සෑම සංකේතයකටම අදාළ වන සම්මත ආවේණික ඉලක්කමක් ඇත. ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතිය මත හෝ, ක්‍රියාත්මක පරිගණක වැඩසටහන මත හෝ පවතින භාෂාව මත හෝ මෙම ඉලක්කම රඳා නොපවතී. ඔබ මෙම ලිපිය විවිධ මෙහෙයුම් පද්ධති හරහා කියවුවහොත් විවිධ අකුරු හැඩ යටතේ දර්ශනය වුවද, අක්‍ෂරයන් වෙනස් නොවේ. යුනිකෝඩ් ක්‍රමයේ විස්මය එයයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු යුනිකෝඩ් වෙබ්අඩවියෙන් දැනගත හැක. Read More

ජාත්‍යන්තරකරණය සහ ප්‍රාදේශීයකරණය

පරිගණක තාක්‍ෂණය ආශ්‍රයේදී අපට හමුවන වදනකි ‘ජාත්‍යන්තරකරණය’. මෙයින් සරලවම හැඳින්වෙන්නේ යම්කිසි මෘදුකාංගයක් (software) හෝ අන්තර්ජාල අයදුමක් (internet application) ලෝකයේ විවිධ භාෂාවන් සහ විවිධ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි නිර්මාණය කිරීමයි. මෙය ඉංග්‍රීසි බසින් internationalization ලෙස හඳුන්වන අතර එයම කෙටි කර i18n ලෙසද හඳුන්වයි. මෙය Apple, Google, Microsoft, WordPress, Linux, Wikipedia වැනි ලොව සුපතළ මෘදුකාංග ආයතන/ වෙබ්අඩවි සියල්ලම පාහේ ලබාදෙන පහසුකමකි.

WordPress screen

WordPress මෘදුකාංගයේ ප්‍රාදේශීයකරණ අතුරුමුහුණත

ප්‍රාදේශීයකරණය යනු ඒහා ම ඈඳුනු තවත් යෙදුමකි. ඉංග්‍රීසි බසින් එය localization හෙවත් l10n වේ. එහි අරුත නම් දැනටමත් ජාත්‍යන්තරකරණය වී ඇති මෘදුකාංගයක් හෝ අයදුමක් (app), යම්කිසි ප්‍රදේශයකට (හෝ රටකට) උචිත වන පරිදි එහි භාෂාව පරිවර්තනය කිරීම සහ එයට විවිධ අංගෝපාංග එක්කිරීමයි. එම ක්‍රියාවලිය ඇතැම් විට සමාගම් විසින්ම සිදුකර පාරිභෝගිකයාට ලබාදෙන අතර, බොහෝ නිදහස් සහ විවෘත-ප්‍රභව මෘදුකාංග (free and open-source software) වල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය සිදුවන්නේ එම මෘදුකාංග භාවිතා කරන ඔබ මම වැනි අයවලුන් විසිනි. මෙය වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැනෙන්නේ, යම් භාෂාවකට හෝ සංස්කෘතියකට අදාළ වන කරුණු හොඳින්ම දන්නේ එම මෘදුකාංගය අදාළ භාෂාවෙන් භාවිතා කරන අයම වීමයි. මෙහි සාර්ථකත්වයට සාක්‍ෂි ලෙස Wikipedia, WordPress, Mozilla Firefox, Google Translate, Ubuntu යනාදී අන්තර්ජාල ව්‍යාපෘතීන් දැක්විය හැක.

Google screen

Googleහි සිංහල මුල් පිටුව

මෙම ලිපි මාලාවෙන් මා අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නේ මෙම අන්තර්ජාල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය, එයට දායක විය හැකි ආකාරය සහ එලෙස දායකවීමේ වැදගත්කම වෙතයි.

මෙම ප්‍රාදේශීයකරණයට හේතු වන මූලික කරුණ නම් අනන්‍යතා තරඟයයි. එනම් ඔබ Wikipedia පිටුවකට පිවිසුණු පසු, අදාල පිටුව සිංහල බසිනුත් පළවී ඇති බව දැකීමට ඇති කැමැත්තයි. මෙය සාමාන්‍ය සහ සාධාරණ තත්ත්වයකි. සමානාත්මතාවය උපරිම ලෙස ක්‍රියාත්මක වන අන්තර්ජාලය තුළ කිසිවෙකුත් මඟහැරී යායුතු නොවේ. බොහෝ පිරිස් ප්‍රාදේශීයකරණය වටා රොක්වන්නේ මෙම හේතුව මුල් කරගෙනය.

එසේ ඇරඹෙන මෙම ක්‍රියාවලිය අන් අයට කිසිදු ප්‍රයෝජනයක් නැති නම් එය ද නිෂ්ඵල කාර්යයකි. උදාහරණයක් ලෙස ඔබ Mozilla Firefoxහි සිංහල අනුවාදය බාගත (download) කළේ යැයි සිතන්න. එවිට ඔබ ඉදිරිපස දිගහැරෙන අතුරුමුහුණත (interface) සිංහලෙන් තිබුණද, එහි කිසිදු යෙදුමක් ඔබට තේරුම්ගත නොහැකි නම් එය ප්‍රාදේශීයකරණ ක්‍රියාවලියේ දුබලතාවයකි. මෙය බොහෝ පරිශීලකයින් (users) අත්දැක ඇති සිදුවීමක් වන අතර බොහෝ දෙනා සිංහලට පරිවර්තනය කරන ලද මෘදුකාංග භාවිතයට මැලි වීමටද මෙය හේතුවක් වී ඇත. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. එබැවින් ඔබ යම්කිසි ප්‍රාදේශීයකරණ ව්‍යාපෘතියකට දායක වන්නේ නම්, (විශේෂ අවස්ථාවලදී හැර) හැකිතරම් පොදු ව්‍යවහාරය භාවිත කිරීමට පෙළඹෙන්න. වචනයෙන් – වචනය පරිවර්තනය කිරීම වෙනුවට යම් වැකියක ඇති සමස්ත අරුතම පරිවර්තනයට උත්සාහ කරන්න. පරිශීලකයින් හට මෘදුකාංගය භාවිතා කිරීම වඩා පහසු අත්දැකීමක් බවට පත්කරන්න. නැතහොත් ඔබේ මහන්සිය ගඟට ඉනි කැපීම මෙන් නිෂ්ඵල කාර්යයක් වනු ඇත.

අන්තර්ජාල ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය ගැන දළ අවබෝධයක් ඔබ හට ලැබුණේ යැයි මම සිතමි. මීළඟ ලිපි වලින් එවන් ව්‍යාපෘතියකට දායක වියහැකි ආකාරය සහ එයට අදාළ තාක්‍ෂණික පසුබිම ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්න. පහතින් ඇති ප්‍රතිචාර දැක්වීමේ පෝරමය ඔබේ සියළු අදහස්/ ගැටලු සඳහා විවෘතයි.