TechWire

Android හි පියා හඳුන්වාදෙන අලුත්ම Smartphone එක

Andy Rubin කියන්නේ Android මෙහෙයුම් පද්ධතියේ පියා කිව්වොත් තමා නිවැරදි. ඉතින් මොහුගේ දැනුමෙන් නිපදවුණු Smartphone  එක ගැන තමා  අද කියන්න යන්නේ. ඉතින් මේ දුරකථනය කෙතරම් දුරට සාර්ථක වෙයිද කියන එකට හොඳ ඉඟියක් තමයි මේ දුරකථනය නිපදවන්නේ Android හි නිර්මාතෘ වීමත් එහි මුලික සංකල්ප හා අරමුණු වඩාත් හොඳින්ම දන්නා පුද්ගලයා ඔහු වීමත්ය.

මෙම Smartphone එක හඳුන්වන්නේ  Essential Phone යන නාමයෙන් .අපි අද මෙහි මුලික කරුණු පිළිබඳව හැඳින්වීමක් කිරීමටයි මෙම ලිපිය ලියන්නේ.

තිරය

ආසන්න වශයෙන් Smartphone එකේ ඉදිරිපස පුරාවටම විහිදුනු තිරයකින් මෙය සමන්විත වන අතර මෙහි මායිම් කොටස් ඉතා සිහින් කොටසකින් පමණක් යුක්ත වනවා. මෙහි කොන් හතර වක්‍රාකාර ස්වභාවයක් ගන්නා අතර එමගින් එයට අලංකාරයක් එක්ව ඇත.

සාම්ප්‍රදායික නොවන දිග පළල

මෙයට ඇත්තේ අඟල් 5.7 ක් ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු තිරයක්. එය සාමාන්‍යයෙන් අනෙක් smartphone වලට වඩා වෙනස් උසකින් සහ පළලකින් යුක්ත වන අතර මෙහි පළලට උස යන අනුපාතය 19:10 ක් අගයක් ගන්නවා. එම නිසා මෙය අනෙක් සාම්ප්‍රදායික Smartphone වලට වඩා උසකින් යුක්තයි.

සුපැහැදිලි තිරය

මෙහි තිරය Quad HD (720p මෙන් හතර ගුණයක ගුණාත්මක බවක්) තාක්ෂණයෙන් යුතු තිරයක් මෙයට තිබෙනව. එම නිසා අප කවරදාකවත් නොදිටු ලෙස පැහැදිලි දසුන් මෙයින් අපට බලාගන්න පුළුවන් කමක් තිබෙනවා.

මෙහි ඇති චුම්භක සම්බන්ධක දෙක (Magnetic Connectors)

මෙම සම්බන්ධක මඟින් Smartphone එකට අමතර උපාංග සවි කල හැකිය. මෙමගින්   අනාගතයේ මෙයට සරිලන උපාංග බොහොමයක් වෙළඳපොළට පැමිණෙනු ඇති බවට අනාවැකි පල කල හැකිය.දැනට මෙයට රැහැන් රහිත ආරෝපණය කිරීම, 360 camera වැනි උපාංග කිහිපයක් පමණක් දක්නට ඇත.

Smartphone එකේ බලසම්පන්න බව

මෙය බලගැන්විලා  තියෙන්නේ නවීනතම Qualcomm’s Snapdragon 835 processor ය මඟිනි. එමෙන්ම මෙයට 4GB RAM එකක් එක් කරලා තිබෙනවා. මෙමගින් මෙම Smartphone එකට ඉතා බලසම්පන්න බවක් හා වේගයක් ලැබෙනු ඇත.

Camera

13 megapixel පසුපස කැමරාව මඟින් සුපැහැදිලි ඡායාරුප ගත හැකි අතර මෙහි ඇති කැමරා ද්විත්වයම එකවර ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය Smartphone එකකට වඩා 200% සුපැහැදිලි ඡායාරුප මෙයින්  හැකි අතර අඳුරේදී වුවද පැහැදිලි ඡායාරුප  ගත හැකිය .

එමෙන්ම මෙහි 4K වීඩියෝ පටිගත කිරීමේ  හැකියාවක් පවතින අතර 4K – 30fps, 1080p – 60fps, 720p – 120fps යන අගයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා.

මෙහි ඉදිරිපස කැමරාව 8 megapixels වන අතර මෙයට 4K  වීඩියෝ පටිගත කිරීමේ  හැකියාවක්ද පවතිනවා.

මෙම එක කැමරාවක්වත් මෙහි බඳෙන් ඉදිරියට නෙරා විත් නොමැත.

මෙහි ඇති අනෙක් විශේෂාංග නම්,

  • 128 GB මතක ධාරිතාව
  • USB- C  ආකාරයේ charging port එක.

  • 3040 mAh  බැටරිය.
  • මෙහි 3.5 mm headphone jack එකක් නොමැත.
  • Fingerprint scanner එක පසුපස පිහිටා ඇත.

  • වර්ණ 4කින් ලබා ගත හැකි වීම (1. Black Moon  2.Stellar Grey  3.Pure white  4.Ocean depths)

  • මෙහි බඳ කොටස Titanium හා Ceramic වලින් නිර්මාණය කර තිබීම

මෙහි මිල ගණන් නම් $700 ක් පමණ වනු ඇති අතර  මෙය Smartphone ලොවේ පෙරළියක් කරනු ඇත.

 

 

About author View all posts

Chamath Rathnayake

4 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *