TechWire

2018 දී ඔබ වෙත එන web trends

Web technologies ඉතා ඉක්මණට වෙනස් වෙන මාතෘකාවක්. හැබැයි පොදුවේ ගත්තම 2018 trending වේවි කියල අනුමාන කරන මාතෘකා කීපයක් ගැන තමයි මේ article එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Javascript

Javascript කියන්නේ කවුරුත් දන්න web programming language එකක්. JS ආශ්‍රිත කරගෙන ගොඩක් libraries සහ frameworks ලියල තියෙනව. ඒක නිසා තමයි හැම අවුරුද්දෙම trend වෙන්න හේතුව. Stack Overflow මගින් එළිදක්වපු report එකක සඳහන් වෙනව අවුරුදු 5ක විතර ඉදන් ලෝකේ ජනප්‍රියම programming language එක Javascript කියල.

2017 අවුරුද්දෙ JS ලොකුවටම කතා කරන්න හේතු වුනේ Javascript වලින් ලියපු Angular හා React framework දෙක. මේ දෙක අතරේ සීතල යුද්ධයක් තමයි 2017 අවුරුද්ද පුරාවටම තිබ්බෙ. Javascript වලින් හදපු libraries හා framework ගොඩක් poewrful වගේම flexible වීම තමයි Javascript ජනප්‍රිය වෙන්න හේතුවත්. ඒ වගේම 2018 අවුරුද්දෙත් Javascript ලොකු පෙරළියක් කරයි කියල තමයි බලාපොරත්තු වෙන්නෙ. Angular හා React framework දෙක ගැන වැඩි විස්තර මේ link එකෙන් බලන්න පුළුවන්.

Single Page Application

මේ කියන මාතෘකාවත් ගොඩක්ම බද්ධ වෙලා තියෙන්නේ Javascript frameworks එක්කමයි. SPA එහෙම නැත්තම් Single Page Application කියන එකේ තේරුම තමයි, එක webpage එකක මුළු web application එකම හෝ website එකම අන්තර්ගත වෙන එක. ගොඩක් ලොකු website වලට මේ ක්‍රමය නොගැලපුනත්, සාමාන්‍ය website එකකට SPA ක්‍රමයට develop කරන එක තමයි දැන් trend එක. එකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ  developing time එක අඩුවීම සහ දැනට ඇති ඕනෑම device එකක high performance තිබීමයි. විශේෂයෙන්ම Angular සහ React නිසා SAP කියන එක ගොඩක් trending වෙලා තියෙනවා. ඒ වගේම 2018 දීත් ඒක තවදුරටත් වර්ධනය වෙයි.

Progressive Web Apps

Progressive Web Apps එහෙම නැතිනම් PWA කෙටි නාමෙන් හඳුන්වන්නෙ 2015 Google විසින් හඳුන්වාදීපු concept එකක්. Browser එකක වැඩ කරන mobile application එකක් කියල තමයි සරළවම කියන්න පුළුවන්. මේකෙන් ගොඩක් වාසි තියෙනව. Ionic කියන්නෙ මේ වගේ application හදන්න පුළුවන් ජනප්‍රිය framework එකක්. PWA ගැන වැඩි විස්තර මේ link එකෙන් බලන්න පුළුවන්.

E-Commerce

E-Commerce කියන්නේ ගොඩක් පරණ මාතෘකාවක්. නමුත් දැන් ගොඩක් අලුත් දේවල් e-Commerce industry එකට එකතු වෙනවා. ඉතා විශාල e-Commerce products වලට Magento වගේම පොඩි projects වලට Shopify වගේ e-Commerce platforms තමයි ජනප්‍රිය. කලින් කිව්ව අලුත් features තමයි personalization කියන එක ගොඩක් improve වෙන එක. විශේෂයෙන්ම machine learning එහෙම භාවිතයෙන් user ගෙ රුචි අරුචිකම් අනුව වෙනස් වෙන e-commerce websites තමයි දැන් trendy. දැනටමත් latest search items අනුව feed එක හැදුනට user ගේ රුචි අරුචිකම් අනුව වෙනස් වෙන එක තවම ප්‍රචලිත නැහැ.

ඒ වගේම Open API කියන concept එකත් මේකත් එක්කම බද්ධ වෙන දෙයක්. ඒ කියන්නෙ අපේ දත්ත යම් ආකාරයකට වෙනත් පාර්ශවලට විවෘත වෙනවා. උදාහරණයක් විදියට බැංකුවක customer කෙනෙක් කරන ගනුදෙනු ගැන යම් පරාසයක දත්ත බැංකුව විසින් වෙනත් පාර්ශවලට මුදා හරිනවා. ඒ අනුව ඒ පාර්ශවලට ඒ customer කොයි ප්‍රමාණයක ගනුදෙනු කරන කෙනෙක්ද, මොන වගේ සමාගම්, ව්‍යාපාර එක්කද ගනුදෙනු කරන්නෙ කියන දේවල් එහෙම දැනගන්න පුළුවන්. e-commerce websites වලට මේ දත්ත ඉතා වැදගත් වෙනවා කලින් කිව්වා user experience එක ලබාදෙන්න. නමුත් මෙය customer කෙනෙක්ගෙ privacy එක ගැන ප්‍රශ්නයක්ද කියන මත භේදයේ තමයි තවම තියෙනෙ.

Bots

2017 දී ගොඩක් කතාබහට ලක්වුණ දෙයක් තමයි chatbots. Artificial intelligence හා neural networks එකතු කරල තමයි මේ chatbots වැඩකරන්නෙ. 2018 දී වඩා සංකීර්ණ දේවල් එක්ක bots කියන දෙය web development වලදී යොදා ගනී කියල තමයි අනාවැකි පළවෙන්නෙ. Facebook Messenger එකේ ගොඩක් හොඳට මේ chatbot කියන එක දැක ගන්න ඔබට පුළුවන්. මිට අමතරව user experince එක වැඩි කරන මෙවළමක් විදියට chatbot කියන දෙය 2018 දී මීට වඩා වැඩිදියුණු වෙවී.

Blockchain

මේකත් 2017 දී කරළියට ගොඩක් ලොකුවට ආවේ cryptocurrency වල නොසිතු පරිදි වුන trend එකත් එක්ක. Blockchain කියන්නෙ සරළව කිව්වොත් data structure එකක්. Collectively data store කරන්න පුළුවන් security අතින් ගොඩක් ඉහළ ක්‍රමවේදයක්.

මේක ලෝකේ පුර තියෙන පරිගණක ජාලයක සිදුවෙන විශේෂ algorithms මගින් ක්‍රියාත්මක වෙන තරමක් සංකීර්ණ කතාවක්. මේක 2018දී ලෝකේ ගොඩක් ලොකු පෙරළියක් කරයි කියල දැනටමත් අනාවැකි පළවෙලා තියෙනවා. Dubai රජය මගින් 2020දී blockchain powered government එකක් බවට පත්වීමේ target එකක් එළිදක්වලා තියෙනවා.

            

About author View all posts Author website

Pramodya Abeysinghe

3 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.